The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
Opinion

මිනිස්සුන්ට ආගමක් අවශ්‍ය ඇයි ?

T

The Leader Desk

May 28, 2023 • 3:53 PM

මිනිස්සුන්ට ආගමක් අවශ්‍ය ඇයි ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ස්වාමීන් වහන්සේ නමක් දැරියකව ලිංගික අපයෝජනය කිරීම්ත්, ෆාස්ටර් ජෙරොම් ප්‍රනාන්දු සිද්ධියත්
  • ක්‍රිස්තියානි-මුස්ලිම් ආගම් අතර බලය වෙනුවෙන් යුද්ධ පවා ඇතිවෙලා තියෙනවා (කුරුස යුද්ධ) යුරෝපය තුල නූතනත්වය ඉදිරියට එනකොට දාර්ශනිකව සහ විද්‍යාව කියන දෙපාර්ශවයෙන්ම ආගම ප්‍රශ්න කෙරෙනවා.
  • විශේෂයෙන්ම ලෝකයේ බිහිවීම, ජීවීන්ගේ බිහිවීම හා ඒවායේ ස්වභාවය පිළිබඳව යුරෝපීය නව දැනුම් පරාසය ඇතුලෙදි ආගම පරාජය වෙනවා.
  • කොටින්ම කියනවානම් යුරෝපය ඇතුලෙදී ආගම විද්‍යාවෙන් සහ දේශපාලනයෙනුත් වෙන් කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

මෝඩාභිමානයෙ’හි නතාශාගේ කොමඩියත් හරහා ආගම පිළිබඳ කතිකාවක් නිර්මාණය වෙලා.

ආගමක් විවේචනය කිරීමත් ඒකම විහිලුවකට ලක් කිරීමත් කියන්නේ දෙකක්.

යුරෝපීය ඉතිහාසය ගත්තොත් ඒකෙදි ක්‍රිස්තියානි ආගම කියන්නේ පල්ලිය හරහා ජන-සමාජය වෙත හිංසනීය විදිහට සිය බලය පතුරවපු ආගමක්.

ක්‍රිස්තියානි-මුස්ලිම් ආගම් අතර බලය වෙනුවෙන් යුද්ධ පවා ඇතිවෙලා තියෙනවා (කුරුස යුද්ධ)

යුරෝපය තුල නූතනත්වය ඉදිරියට එනකොට දාර්ශනිකව සහ විද්‍යාව කියන දෙපාර්ශවයෙන්ම ආගම ප්‍රශ්න කෙරෙනවා. විශේෂයෙන්ම ලෝකයේ බිහිවීම, ජීවීන්ගේ බිහිවීම හා ඒවායේ ස්වභාවය පිළිබඳව යුරෝපීය නව දැනුම් පරාසය ඇතුලෙදි ආගම පරාජය වෙනවා.

xsdfsw

අනිත් පැත්තෙන් ප්‍රංශ විප්ලවය හරහා රජුගේ වගේම පල්ලියේ ආධිපත්‍යත් බිද වැටනෙවා. කොටින්ම කියනවානම් යුරෝපය ඇතුලෙදී ආගම විද්‍යාවෙන් සහ දේශපාලනයෙනුත් වෙන් කරනවා.

ලංකාවෙදී රජු ඉවත් කරන්නේ සාමාන්‍ය මිනිස්සු විසින් නෙමෙයි. අපේ රාජ්‍යත්වය අහෝසි වෙන්නේ බාහිරින් ආපු බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය නිසා. ඒක හින්දම 2010 දිත් අපි මහින්ද රාජපක්ෂට “අපේ රජ්ජුරුවෝ” කියල කියන ගමන් ප්‍රශස්ති ලියල වැදවැටෙනවා.

මේක ආගම පැත්තෙන් බලනකොට තවත් සංකීර්ණයි.



බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ලංකාවේ බෞද්ධාගමට අත තිබ්බේ නෑ. ඒකට ඉතිහාසය දිගේ ආපු රාජ්‍ය අනුග්‍රහය ලබා දුන්නා විතරක් නෙමෙයි, ඒකට අවශ්‍ය විදිහට වැඩෙන්නත් ඉඩ දුන්නා. ලංකාවේ ජන-සමාජය තුල රාජ්‍යත්වය පිළිබඳ තිබුනු වැඩවසම් චින්තනය වෙනස් වුනේ නැත්තේ හා ආගම සම්බන්ධයෙන් තිබ්බ චින්තනයත් වෙනස් වුනේ නැත්තේ බ්‍රිතාන්‍යයේ අරමුණට ඒවා බාධා නොකල නිසා.



යුරෝපය තුල ආගමට තිබුනු බල ව්‍යුහය වෙනස් වුනේ මිනිසුන්ගේ විප්ලව තුලින්. නූතනත්වය කියන්නේ විශ්වාස, ඇදහීම්, භක්තිය වගේ සංකල්පීය පාලන ආකෘති වෙනුවට තර්ක බුද්ධිය ප්‍රමුඛ වීම.

ඒක නිසාම යුරෝපය තුල ආගම අධ්‍යාත්මික කාරණාවක් හැටියට ඉතුරු වෙනවා. එක් පසෙකින් ආගම දේශපාලනයෙන් විතැන් කරල සමාජයෙන් ඉවත් කරනකොට සිය පුද්ගලික ජීවිතයේ ඒකට තියෙන ස්ථානය සුරැකෙනව.

අදටත් පාප් වහන්සේ යුරොපයේ නගරයකට ආවොත් ලක්ෂ ගණනාවක් මිනිස්සු ආශිර්වාද ගන්න එතැනට පිරෙනවා.


xdft45පාප් වහන්සේ යුරොපයේ නගරයකට ආවොත් ලක්ෂ ගණනාවක් මිනිස්සු ආශිර්වාද ගන්න එතැනට පිරෙනවා.

 

ලංකාවේ දි මේ ආගමෙන් දේශපාලනය බෙදීවෙන් වීමක් ලකුනු වෙන්නේ නැහැ. ආගම දිගටම රාජ්‍යත් එක්ක කරන ගනුදෙනුව පවතිනවා. ලංකාවේ ඕනෑම දේශපාලන පක්ෂයක නායකයෙක් සිය ප්‍රතිපත්ති ප්‍රකාශ අරගෙන අස්ගිරි, මල්වතු විහාර වදින්න යන්නේ ඒකයි.



කිසිම යුරෝපීය දේශපාලන නායකයෙක් සිය ප්‍රතිපත්ති ප්‍රකාශ අරගෙන පාප් වහන්සේ බැහැ දකින්න යන්නේ නැහැ.

යුරෝපය තුල ආගම අධ්‍යාත්මික කාරණාවක් හැටියට තියෙනකොට, ලංකාව ඇතුලේ ආගම අධ්‍යාත්මික තැනින් ඉවත් වෙලා සමාජීය කාරණාවක් හැටියට උඩට එනවා.

ඩෑන් ප්‍රියසාද් වගේ අය පොරවල් වෙන්නේ එතනින්.

අනිත් පැත්තෙන් ලාංකීය ආගමික සංස්ථාවන් ධනවාදය සමග ලාභය උදෙසා බද්ධ වෙන්නේ ලැජ්ජාවකින් තොරව. ආගමික සංස්ථාපිතයන් ව්‍යාපාරික ස්ථාන බවට පත්වෙලා තියෙනකොට මිනිස්සු අර්ථයකට ගේන්න බැරි බුදුන්ගේ පිලිම හන්දියක්, හන්දියක් ගානේ ඉදිකරන එක ස්වාභාවිකයි.

ලංකාව ඇතුලේ බුද්ධාගම හරි වෙනත් ආගමක් හරි නිශ්චිතව ප්‍රශ්න කල චින්තන සම්ප්‍රදායක් ගොඩනැගිල නෑ වගේම, ඒක රාජ්‍යයෙන් ඉවත් කල යුතු දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගිලත් නෑ. එතකොට වෙන්නේ විවේචනයෙන් තොර මෝඩ ජෝක් කරල කෙලවගන්න එක විතරයි.

යුරෝපය තුල ආගම රාජ්‍යයෙන් (දේශපාලනයෙන්) ඉවත් කලේ දාර්ශනික (චින්තනමය) ගොඩනැංවීම් හරහා සහ මිනිස් සාමූහික අරගල තුලින් ආපු ලෞකික රාජ්‍ය නිසා.

ලංකාවේ දී මේ දෙකම නෑ. අපිට අලුත් දැනුම මත ගොඩනැගුණු චින්තන පරාසයක් නෑ වගේම නූතන රාජ්‍ය වෙනුවෙන් කරපු මිනිස් අරගලයකුත් නෑ.

ධනවාදය අපේ මිනිස් ජීවිතය වඩා ආතතියට ලක් කරනකොට, මානුශීය සම්බන්ධතා අර්බුධයට යවනකොට පුද්ගලිකවත්, සමාජීයවත් එල්ලෙන්න තියෙන්නේ ආගම කියන වැල්පටේ තමයි.



ආගම වෙනුවෙන් මරාගෙන මැරෙන එකත්, ආගම ජෝක් කරන එකත් එකම කාසියේ දෙපැත්ත වෙනකොට ධනවාදී ක්‍රමයට අපේ ජීවිත පාලනය කරන එක කොච්චර ලේසිද?



ආගම වෙනුවෙන් මුහුණු පොතේ (facebook) මරාගන්න එකේ ලාභය මාක් සකර්බර්ග් ලස්සනට එකතුකරගෙන ඉන්නකොට අපි ඉන්නේ දූපතක විතරක් නෙමෙයි දූපත් බවට පත්වෙච්ච මිනිස්සු එක්ක කියලත් මතක තියාගන්න ඕන.


(දේශපාලන සටහන -carbonnews.lk)

  

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...