The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
Opinion

නටාෂා, මේ රටේ ඉන්නේ උඹල විතරක් නෙවෙයි - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

May 28, 2023 • 4:10 PM

නටාෂා, මේ රටේ ඉන්නේ උඹල විතරක් නෙවෙයි - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සමාජයක ජීවත් වෙනවා කියන්නේ යම් ප්‍රගුණ කලයුතු කුසලතාවක් (skill). සමාජයක තියනවා
  • ඇතැම් දේවල් සම්බන්ද කරන්න පුළුවන් (bridgeable).
  • ඒ වගේම ඒ හර පද්ධතිය වැරදි විදියට යොදාගත්ත තැන් පවා ගොඩක් තියනවා.
  • ඒකට හේතුව තමයි බුදුන් වහන්සේ ඉදිරිපත් කළ අදහස් මාලාවේ තියන නැවුම්බව.
අකුරු ප්‍රමාණය (Font Size):

යම් යම් පිළිගැනීම්, අභිචාර විධි, සමාචාර, නීති රීති, සම්ප්‍රදායන්, වගේම වටිනාකම්. ඒවා අවබෝධ කරගන්න එක සහ ඒවත් එක්ක ජීවත් වෙන එක එක්තරා දක්ෂකමක්.

දැන් මේ ඉහත ලැයිස්තුව කියන්නේ නොවෙනස් වන දේවල් නෙවෙයි. කාලෙන් කාලෙට, සන්දර්භයෙන් සන්දර්භයට, සමාජ අවශ්‍යතා වලට සාපේක්ෂව ඒවා වෙනස් වෙනවා. වෙනස් කර ගන්නවා.

එක යුගයක බණ්ඩාරනායක යුගයේ වේට්ටිය ඇන්ද අපේ අප්පච්චි. නමුත් දශකයකට විතර පස්සේ එයා ඒක ටිකක් වෙනස් කරලා සරම කමිසය ඇන්ද පහසුවටත් එක්ක. නමුත් මගේ යුගයට එනකොට මම ඩෙනිම් වලට ආව. ෆැෂන් කරන්න ආස කළා. අප්පච්චි සරම කමිසයේ නැවතුණා. අප්පච්චි රොක් ඇහුවේ නැහැ. ජාතිකාභිමානී ගීත වලට තමයි ආස කළේ. නමුත් මම ආසවෙන් රොක් අහනවා.

ගිල් ඩෙලස් කියනවා වගේ අපේ පරම්පරා දෙක අතරේ (අප්පච්චි සහ මම) පැල්මක් තියනවා (rupture). ඇතැම් දේවල් සම්බන්ද කරන්න පුළුවන් (bridgeable). හැබැයි සමහර දේවල් එහෙම කරන්න බැහැ.

මෙන්න මේ විභේදනය තේරුම් අරගෙන සමාජයක ජීවත් වෙන එකත් දක්ෂකමක්. කුසලතාවක්. නැත්නම් වෙන්නේ තමන් කියන දෙයින් සමාජය රිදවා ගන්න එක. ඒ ඔස්සේ තමන් කියන්න හදන දෙයට වලංගුතාවක් නැතිවෙන එක විතරක් නෙවෙයි ඒ සමාජයේ පවතින්න පවා බැරිවෙන එක.  



ලාංකික සමාජය කියන්නේ යම් හර පද්ධතියක් තියන රටක්. ඒකට ඉතිහාසයක් තියනවා. ඒ වගේම ඒ හර පද්ධතිය වැරදි විදියට යොදාගත්ත තැන් පවා ගොඩක් තියනවා. ඒ වගේ අපේ සමාජයේ අගතීනුත් ගොඩක් තියනවා. ඒවා වෙනස් කරගන්න පවා යම් සටනක් කරන්න ඕනි.


නමුත් යම් ශිෂ්ට සම්පන්න සන්දර්භයක් යටතේ අපේ සමාජයේ තවදුරටත් විවේචනාත්මක අදහස් දක්වන්න පුළුවන් රටක්. ඒක අපි පිළිගන්න ඕනි.  ඒ වගේම වෙනස් වෙන්න දහසකුත් එකක් දේවල් අපේ සමාජයේ තියනවා.

හැබැයි මට නම් බැහැ බුදුන් වහන්සේට හෝ සිද්ධාර්ථ ගෞතමයින්ට ''සුද්ධෝදනගේ පොඩි එකා'' කියන්න. ඒකට හේතුව තමයි බුදුන් වහන්සේ ඉදිරිපත් කළ අදහස් මාලාවේ තියන නැවුම්බව. විමුක්ති අන්තර්ගතය. අදටත් වලංගු ප්‍රයෝගික බව. දේශනාකළ ධර්මය තුළ තියන ලෝකයටත් වඩා විශාල බව (larger than world). ඒ නිසා මට එතුමන් ගැන ගෞරවයක් තියනවා. නොනැසෙන ගෞරවයක්.



සමකාලීන දාර්ශනික-මනෝ විශ්ලේෂණ ප්‍රවේශය පවා සකස් වෙන්නේ මේ ආගම් අතරේ පවතින සමාන ලක්ෂණ එක්ක පොදු ගුණාකාරයක් හදාගන්නේ කොහොමද කියන එක පාදක කරගෙන.  ආගම කියන ප්‍රපංචය නිසා ඉතාම ප්‍රතිචාරාත්මක, සංවේදී සහ ඒ නිසාම ඓතිහාසිකව අතිශයින් බරපතළ ඛේදවාචක අත්විඳලා තියන අපි වගේ සමාජයක 'ඇස් රතුවෙන විහිළු' කියන්නේ පරිස්සමෙන් කළයුතු දෙයක්.



මොකද මේ රටේ ඇනස්ලිල, බර්ටිල, ෆ්‍රෙඩීල, අවම වශයෙන් ටෙනිය පවා ඇත්තටම මිනිස්සු හිනස්සල තියනවා. උන්ගෙන් ඉගෙන ගනිල්ලා.

ඉනුත් විශේෂයෙන් විකුණන්න විහිළු කරන වෙලාවක මීට වඩා අපේ සමාජය ගැන සංවේදී වෙන්න.

මොකද උඹලා සල්ලි හොයන්න සියල්ල පොළොවේ ගහන යුගයක සමාජය ගැඹුරු අර්ථයෙන් වෙනස් කරන්න හදන ඉතාම කුඩා පිරිසක් තවමත් මේ රටේ ඉන්නවා. උන් මහන්සි වෙනවා. සල්ලි හොයන්න කොච්චර කෙටි මාවත් තිබ්බත් උන් සමාජ පරිකල්පනයක් සහ ෆැන්ටසි එකක් එක්ක ගමන් කරනවා.

නටාෂා, ඇස් රතුවෙන විහිළු පරිස්සමෙන් විකුණන්න. මොකද මේ රටේ ඉන්නේ උඹල විතරක් නෙවෙයි... 

 

Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...