The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
Opinion

බොදුබාන් ඡන්ද අතගෑම - (චින්තන ධර්මදාස)

T

The Leader Desk

May 31, 2023 • 5:29 AM

බොදුබාන් ඡන්ද අතගෑම - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නතාෂා තාමත් හිරේ. එයා කරපු වරද තමයි විහිලුවක් කරපු එක. ඒ විහිලුව අතර සුද්දෝදනගෙ පොඩි එකා යැයි කියපු එක.
  • මට මෙතෙක් ඉස්ලාම් දහම හෝ වෙනයම් අදහස් මර්දනයට දායක වුනු ඉතිහාසයක් ඇති දහමක් සමග බුදු දහම අතර තිබුණු වෙනස අහෝසි කරලා තියෙනවා.
  • ක්‍රිස්තියානියේ අතීතය අඳුරු වුනත් බුදු දහමේ වර්තමානය අඳුරු බව පැහැදිලියි.
  • සිද්ධාර්ථව, සුද්දෝනගේ කොල්ලා ලෙස හැඳින්වීම.
අකුරු ප්‍රමාණය (Font Size):

නතාෂාව හිරේ දැම්මෙ ලංකාවෙ බුද්ධාගමයි. ඉමෝෂනල් හිමොෆීලියා තත්වයකින් පෙළෙන ලංකාවෙ බෞද්ධයො ඒ විහිලුවෙන් හිත පැලිලා, ලේ ගලලා,  ඒ වේදනාවෙන් නතාෂාව හිරේ දාන්න කියල පැමිනිලි කළා. ලංකාවෙ ජීවත් වෙන දුර්වලම ජාතිය තමයි බොදුබාන්ලා.

ආර්ටිස්ට් කෙනෙක් තමන්ගේ ආර්ට් එක හින්ද හිරේ ඉන්න එක මට දරන්න අමාරු දෙයක්. මං ජීවත් වෙන්නෙ එහෙම රටක කියල විශ්වාස නොකරපු බොළඳකම විසින් මාව අවුලට පත් කරනවා. මං නිදහසේ දහම විදිහට පිළිගන්න බුදු දහම විසින් මං කැමති ආර්ටිස්ට් කෙනෙක්, ආර්ට් එකක් කරපු වරදට හිරේ දාලා තියෙනවා. මට මෙතෙක් ඉස්ලාම් දහම හෝ වෙනයම් අදහස් මර්දනයට දායක වුනු ඉතිහාසයක් ඇති දහමක් සමග බුදු දහම අතර තිබුණු වෙනස අහෝසි කරලා තියෙනවා. ක්‍රිස්තියානියේ අතීතය අඳුරු වුනත් බුදු දහමේ වර්තමානය අඳුරු බව පැහැදිලියි.

nht

චාර්ලි හෙබ්දූ ට වෙඩි තබමුද? - මහේෂ් හපුගොඩමහේෂ් හපුගොඩ‍මහේෂ් හපුගොඩ‍ගෙ සටහනක් දැකලා මාව තැති ගත්තා. මහේෂ්ට අනුව නතාෂාගේ විහිලුව හෙඩනොස්ටික් නිදහසක ඒ කියන්නෙ නිදහසේ පරමත්වය හොයාගෙන යාමේ මනෝ ව්‍යාධියක්. මොකක්ද මේ විහිලුව? සිද්ධාර්ථව, සුද්දෝනගේ කොල්ලා ලෙස හැඳින්වීම. මහේෂ්ට අනුව ඒක නිදහසේ පරමත්වය සොයා යාමේ උමතුවක් වෙලා තියෙනවා.

මහේෂ් කියන්නෙ සෙන්ස් එකක් ඇතුව දේවල් ලියන කෙනෙක්. එයා රාජපක්ෂවාදියෙකුත් නෙමෙයි. වාමාංශික පැත්තට බර, ඉංග්‍රීසි සාහිත්‍යය හදාරපු, රොක් මියුසික් අහන කෙනෙක්. එයාට අනුව නතාෂා අනවශ්‍ය නිදහසක් බුක්ති විඳින්න ගිහින් තියෙනවා.

මහේෂ්ට අනුව සොක්‍රටීස් වුනත් අනවශ්‍ය නිදහසක් බුක්ති විඳින්න ගිහින් වහ බිව්වා කියල තමයි කියන්න වෙන්නෙ. එයාටත් තිබුනු චෝදනාවක් වුනේ ග්‍රීසියේ දෙවියන්ට ගරු නොකිරීම.

මට හිතෙන්නෙ කතා කිරීමේ නිදහස කියන්නෙ සිතීමේ නිදහස කියන එකටමයි. අපි හිතන්නෙ භාෂාවෙන්. ඒ භාෂාවෙන් ඇති කරගන්න සංවාදය තමයි කතා කිරීම කියන්නෙ. අදහස් ප්‍රකාශ කිරීම කියන්නෙ. යමක් අලුතෙන් හිතන ඕන කෙනෙක් අනෙකාගේ විශ්වාසයන් රිදවනසුලුයි. එහෙම නැත්තං හිතන්නෙ නැතුව ඉන්න ඕන. ඕනම අලුත් අදහසක් විසින් පරණ අදහස රිද්දනවා තමයි. හැම පරණ අදහසක්ම ආගමික මුහුණුවරක් ගන්නවා තමයි. ඒත් අපි ජීවත් වෙන්නෙ කතා කිරීමේ නිදහස ඒ තරම් වටින රටක නෙමෙයි. ඒ මදිවට ඊලග අවුරුද්දෙ චන්දෙකුත් එනවා. ඒ චන්දෙදි බුද්ධාගම ආරක්ෂා කිරිම කියන එකට චන්ද වැඩියෙන් වැටෙනවා.

මේ හින්ද නතාෂා විහිලුවක් කිරීමේ වරදට ඇතුලට දැමීම ගැන ජවිපෙට ප්‍රශ්නයක් නෑ. සජබෙට ප්‍රශ්නෙකුත් නෑ. සජබෙ ප්‍රගතිශීලී පිලේ ඉන්න හර්ෂලා, ඉරාන්ලා පවා කතාවක් නෑ. සජිත්ගෙන් අහලා වැඩකුත් නෑ. හැමෝටම මේ මනුස්සයාගේ කතා කිරීමේ නිදහස වෙනුවෙන් පෙනී ඉන්නවට වඩා තමන්ගෙ චන්ද ටික නොබෙදා තියාගැනීම වැදගත්. ‘රනිල්ගෙ ගේමක්’ ඒක තමයි හැමෝම කියන්නෙ.

රනිල්ගේ කයිය ගැන මගේ කයිය... - (කේ. සංජීව)
රනිල් හිතන්නෙත් ජේආර්ගෙ විදිහෙන් මේකෙ වාසිය ගන්න පුළුවන් කියල. 83 ජූලියෙදි වගේ සියලු විනාශයන් සිදුවීමට ඉඩදී නිහඩව ඉන්න. ගැටුම්වල වාසිය ගන්න. ඒත් මං හිතන්නෙ ඒක රනිල්ගෙ ඉතා වැරදි තෝරාගැනීමක්.

මේක ලොකු දේශපාලන සැලසුමක ආරම්භයක් බව පැහැදිලියි. ඒ සැලසුම වෙන කිසි දෙයක් නෙමෙයි ජාති ආගම්වාදය ඉදිරියට ගෙනල්ලා නැවත කරන විනාශකාරී මෙහෙයුමක්. ජාතිවාදී  තත්වයකදි අපි විශ්වාස කරන කවර හෝ ශිෂ්ට දේශපාලනයක් වැඩ කරන්නෙ නෑ. ඒ වගේම මේ පවතින ආර්ථික අඩියත් එක්ක ආපහු කරන්න දේශපාලනයක් ඉතුරු වෙන්නෙත් නෑ. ඒත් බලයේ අවසාන අරමුණ වෙනුවෙන් කිසි කෙනෙක් මේ ප්‍රශ්නයේදී කෙලින් පෙනී ඉන්නෙ නෑ.

එතනදි ජනරජ පක්ෂය ICCPR පනත දේශපාලනිකව අවභාවිතා කිරීමට එරෙහිව පෙනී සිටීම අගය කළ යුතුයි.

නතාෂා රනිල්ගෙ ප්ලෑන් එකක්. නතාෂා මංජුගෙ ඉත්තෙක්. නතාෂා ඇමරිකානු බළල් අතක්. ප්‍රගතිශීලී අයගේ විශ්ලේෂණ මේ වගෙයි. ඒ හින්ද  නතාෂා වෙනුවෙන්  නොමිලේ පෙනී ඉන්න නීතිඥයො පොරකෑවෙ නෑ. නතාෂාගේ ප්‍රකාශන අයිතිය වෙනුවෙන් පෙනී ඉන්න පක්ෂ සංවිධාන ඉස්සරහට ආවෙ  නෑ. ඒ තමයි අපේ ප්‍රගතිශීලී දේශපාලනය පවතින ඇත්ත තැන. 

අපි ආර්ට් වෙනුවෙන් පෙනී ඉන්නෙ නෑ. අපි ආර්ටිස්ට්ලා වෙනුවෙන් පෙනී ඉන්නෙ නෑ. අපි අපේ අදහස් ප්‍රකාශනයේ අයිතිය වෙනුවෙන් පෙනී ඉන්නෙ නෑ. ඊට වඩා අපිට දේශපාලන ගේම් ලොකුයි.

කතා කිරීමේ නිදහසට වඩා සිං- බෞ චන්ද ගොඩ ලොකුයි.

ඒ කියන්නෙ රාජපක්ෂවරයෙක් එනවා සත්තයි.



Chinthana D(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

#truepatriotlk
 #godayamu

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම - Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)



JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...