The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
Opinion

අපි දන්නේ නැහැ අපි හිනාවෙනව ද අඬනවා ද කියල චින්තා - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

May 31, 2023 • 7:01 PM

අපි දන්නේ නැහැ අපි හිනාවෙනව ද අඬනවා ද කියල චින්තා - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නටාෂාගේ විහිළු වලට නිදහස් අවස්ථාවක් දීම ගැන කතා නොකිරීම සහ එයට පක්ෂව
  • නටාෂා උදාහරණය කියන්නේ මට අනුව අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ලබා දීමේ කුලකය ඇතුළට ගන්න නම් එයා ප්‍රකාශ කලේ මොනවගේ අදහසක් ද කියන එකත් එක්ක අර්ථකථනය කරගන්න ඕනි.
  •   ඕනෑම අදහසක් කියාපෑම වෙනුවෙන් නිදහසක් දෙන්න ඕනි කියන උත්කර්ෂවත් අදහස වෙනුවෙන් පරමාදර්ශී තැනක ඉඳල කතාකරන්න පුළුවන් උනාට ඇත්ත මහපොළොවේ යථාර්තය විසින් මම අහන්නේ පිරිත් ද රොක් ද කියල තීරණය වෙනවා නම් මම මගේ ආශාව පැත්තෙන් සාවධාන වෙන්න ඕනි.
  • නටාෂා අදහසක් ප්‍රකාශ කිරීම වෙනුවට ටොක්සික් විහිළුවක් (toxic joke) තමයි කරලා තියෙන්නේ.
අකුරු ප්‍රමාණය (Font Size):

මම වගේ පිරිත් වෙනුවට 'බටහිර රොක් අහන එකෙක්' විසින් අදහස් පළ නොකිරීම ගැන චින්තන ධර්මදාස පරල වෙලා. මේ සත දෙක ඒ වෙනුවෙන්.

නටාෂා උදාහරණය කියන්නේ මට අනුව අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ලබා දීමේ කුලකය ඇතුළට ගන්න නම් එයා ප්‍රකාශ කලේ මොනවගේ අදහසක් ද කියන එකත් එක්ක අර්ථකථනය කරගන්න ඕනි. මොකද අපි මේ ඉන්නේ ''කියන දේ එක්ක පත්තු වෙන'' සහ ඒ පත්තු වීම එක්ක විශාල දේශපාලන පරිවර්තන සිද්ද වෙන්න පුළුවන් අතිශය අනතුරුදායක තැනක.  



ඕනෑම අදහසක් කියාපෑම වෙනුවෙන් නිදහසක් දෙන්න ඕනි කියන උත්කර්ෂවත් අදහස වෙනුවෙන් පරමාදර්ශී තැනක ඉඳල කතාකරන්න පුළුවන් උනාට ඇත්ත මහපොළොවේ යථාර්තය විසින් මම අහන්නේ පිරිත් ද රොක් ද කියල තීරණය වෙනවා නම් මම මගේ ආශාව පැත්තෙන් සාවධාන වෙන්න ඕනි. නැත්නම් මේ අහන රොක් ටිකවත් මට අහන්නේ වෙන්නේ නැහැ කියන එක මට ෂුවර් චින්තා....



නටාෂා අදහසක් ප්‍රකාශ කිරීම වෙනුවට ටොක්සික් විහිළුවක් (toxic joke) තමයි කරලා තියෙන්නේ. දැන් චින්තාට කියන්න පුළුවන් ටෝක්සික් විහිලු උනත් කරන්න පුළුවන් කියල. ඔව්...ඉතාම පුළුල් නිදහස් ව්‍යුහයක් ඇතුලේ එහෙම කරන්න පුළුවන් තමයි. හැබැයි නටෂා මේ සියලු ටොක්සික් වැඩ කරන්නේ ලංකාවේ ඉතාම දුක්ඛිත තත්වයන් එක්ක ඉන්න ජනතාවක් එක්ක. ඒත් ඕනිනම් කියන්න පුළුවන් නිරපේක්ෂ නිදහසක් උනත් ඕනි කියල.

විශේෂයෙන් පොතක් පතක් බලනවා කලා කෘතියක් රස විඳිනවා වෙනුවට තුට්ටු දෙකක් හොයාගන්න දහදුක් විඳින මිනිස්සු ඉන්න සන්දර්භයක. කන්න බොන්න තියන වෙලාවේ බත් එක අත උඩ තියාන ටෙලි නාට්‍ය බලන මිනිස්සු ඉන්න වෙලාවක.

නටෂා බුදුන්ව සමච්චල් කරන්නේ හසලක තුෂාර කලිසම ගලවන් හිටියා උනත් මිනිස්සුන්ට හිනා නොයන වෙලාවක. ඒකත් තුට්ටු දෙකක් හොයාගන්න.



ටොක්සික් විහිළු කරලවත් මිනිස්සුන්ට හිනා යන්නේ නැහැ චින්තා. මොකද අපි ඉන්නේ ඒතරම් වේදනාවක (pain). විගලිත බවක. මේ යුගයේ අඩුම තරමින් ටින් හිනාවක්වත් යන්නේ නැහැ. ලකයි සිකයි කියනවා එයාල හිනා උනාද නැද්ද කියල එයාල දන්නෙත් නැහැ කියල. ඔන්න හදාරනවා නම් රෝග ලක්ෂණය. හිනා උනාද කියල කියන්නවත් උන් පැවතිලා නැහැ. මේ මාරාන්තික ජෝක් එක්කම හිනාවත් අප්ලෝඩ් කරන්න වෙලා තියන යුගයක අපි ඔක්කොම ජීවත් වෙන්නේ. ඔයා හිතනවට වඩා මේ යුගය මාරාන්තිකයි චින්තා.



සාජන් නල්ලතම්බි බලල අපි හිනාවුණා බං. කිති කවාගන්න ඕනි උනේ නැහැ. ඒත් සාජන් නල්ලතම්බි මැරුණා. මේක එහෙම රටක්.

නටෂා මේ මාරාන්තික බව නොදන්නවා වෙන්න බැහැ විප්ලව දෙකක්, තිස් අවුරුදු යුද්දයක් සහ අරගලයක් එක්ක ලෙයින් තෙත් වෙච්ච මේ පොළව ගැන නටෂා නොදන්නා බබෙක් වෙන්න බැහැ. හැබැයි අපේ විගලිත බව කොච්චර විශාලද කියනවා මරණය අපිට පෙන්නේ නැහැ කියල ෆ්‍රෙඩ්රික් ජේම්සන් නම් කියනවා.

ආයේ මේ ගැන කියන්නේ නැහැ මචං...අපි අපේ පාරවල් වල යමු. එහෙම යනකොට මොනවා හරි දෙයක් හම්බ වෙන්නේ නැතෑ....


Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)




මහේෂ්ගේ සටහනට පාදකවූ චින්තා ගේ ලිපිය :

බොදුබාන් ඡන්ද අතගෑම - (චින්තන ධර්මදාස)

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අපි දන්නේ නැහැ අපි හිනාවෙනව ද අඬනවා ද කියල චින්තා - (ආචාර්ය මහේෂ් හපුගොඩ) | The Leader