The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
Opinion

රාජ්‍ය : මර්දනීය ආයතනයක් ද ? නිදහසේ කැඩපතක් ද ?

T

The Leader Desk

June 1, 2023 • 7:05 AM

රාජ්‍ය : මර්දනීය ආයතනයක් ද ? නිදහසේ කැඩපතක් ද ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගිය දින කිහිපයේදී රාජ්‍ය විසින් පුරවැසියන්ගේ යම්, යම් අයිතීන් (?) උල්ලංඝනය කරමින් කටයුතු කරන බව පවසමින් සමාජ මාධ්‍යජාලාවල විශාල ඝෝෂාවක් නැගෙමින් පවතිනවා.
  • එසේම සූරියවැවදී ළමා මන්දපෝෂණය පිළිබඳව ප්‍රසිද්ධ ප්‍රකාශයක් කල වෛද්‍යවරයාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දුන් තීන්දුවත් වැදගත්.
  • ලංකාවේදී රාජ්‍ය හා ආන්ඩුව අතර ඇති වෙනස ලකුනු වෙන්නේ නැති තරම්.
  • එම නිසාම ඇතිවූ රාජ්‍යයේ ආයතනික පද්ධතිය පිළිබඳව වන ඓන්ද්‍රීය බැදීමකුත් අපිට නෑ.
අකුරු ප්‍රමාණය (Font Size):



එම ඝෝෂාව තුලම ඉතාමත් අශ්ලීල ආකාරයෙන් මතුවෙන විරෝධයන්ද තිබෙනවා.

මෝඩාභිමානයෙ’හි නතාශා අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමත්, රාජාංගනයේ අසභ්‍ය වචන භාවිතා කරමින් බැන වදින ස්වාමීන් වහන්සේ අත් අඩංගුවට පත්වී රක්ෂිත බන්ධනාගාරගත කිරීමත් මෙයින් ප්‍රධාන යි.

එසේම සූරියවැවදී ළමා මන්දපෝෂණය පිළිබඳව ප්‍රසිද්ධ ප්‍රකාශයක් කල වෛද්‍යවරයාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දුන් තීන්දුවත් වැදගත්.

ලංකාවේදී රාජ්‍ය හා ආන්ඩුව අතර ඇති වෙනස ලකුනු වෙන්නේ නැති තරම්. ලාංකීය රාජ්‍යයේ නිර්මාපකන් වන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය නිසාම, ඒ සදහා වූ ජනතා නැගිටීමක් හෝ සාකච්ජාවක් අතීතයේ පැවතී නෑ. එම නිසාම ඇතිවූ රාජ්‍යයේ ආයතනික පද්ධතිය පිළිබඳව වන ඓන්ද්‍රීය බැදීමකුත් අපිට නෑ. රාජ්‍ය සේවය තුල වැඩවසම් ලක්ෂණයන් බිඳී නැති අතර පුරවැසියන් හා රාජ්‍ය සේවය අතර ඇත්තේ පෑස්සිය නොහැකි ආතතියක්. මේ තත්ත්වය වෙනස් කල හැක්කේ දේශපාලනික ව්‍යාපෘතියකින් විනා ඊට එරෙහිව අශ්ලීලව ගොඩනැගෙන සමාජ මාධ්‍ය තුලින් නෙමෙයි.

උදාහරණයකට; නතාශා පොරක් විය යුත්තේ බුදුන්ගේ ධර්මයේ මූල අත්තිවාරම වන ආර්‍ය අශ්ඨාංගික මාර්ගය පිළිබඳව වන තිසීසය දාර්ශනිකව ප්‍රශ්න කෙරෙනා ප්‍රවේශයකට යාම හරහා මිස ඒ චරිතය ජෝක් කිරීමෙන් නොවෙයි.

ධනවාදයේ සමකාලීන ගොඩනැංවීම් අනුව අර්ථයට හිමි ස්ථානය විනෝදය කෙරෙහි සීරු මාරු කර තිබෙනවා. සමාජමාධ්‍ය ඔස්සේ 'තරු' බවට පත්වන අයගේ මූලික අච්චුවම විනෝදය සැපයීම විනා සමජය අර්ථයක් තුල පිහිටුවීම නොවෙයි.

1 Z9nKHqCSE5eEk hNU0kJBw

සිග්මන් ෆ්‍රොයිඩ්

සිග්මන් ෆ්‍රොයිඩ්,ට අනුව ශිෂ්ඨාචාරය ගොඩනැංවෙන්නේම අපේ අශ්ලීල ආශාවන් මර්ධනය කිරීමෙන්.

ඒ සදහා සම්ප්‍රදායන් හා නීතීන් ගොඩනංවන්නේත් මිනිස් සිතීමේ ප්‍රතිපලයක් විදිහටමයි. රාජ්‍ය ගොඩනැගෙන්නේත් මිනිස්සුන්ගේ ක්‍රියාවලියක දිගුවක් ලෙසම යි. එහි ඇති සාධනීය අංගයන් රැකගනිමින් හා නිශේධනාත්මක අංගයන් හලමින් රාජ්‍ය වර්ධනයක් අත්පත්කර ගත්තා. එහි රූපකාය වෙනස් කම් වලට භාජනය වී ඇත්තේත් එම ක්‍රියාවලියේම දිගුවක් ලෙසමයි.

ලංකාවේ රාජ්‍ය පුරවැසියන් වෙනුවෙන් සංවිධිත ආකාරයෙන් පහළම තලයේදී ක්‍රියාකළ අවස්ථා තිබෙනවා. උදාහරනයකට 2006-2009 සිවිල් යුධ තත්ත්වයේදී රාජ්‍ය සිවිල් ආරක්ෂක කමිටු බලගැන්වීමේදී මේ තත්ත්වය විද්‍යාමාන කරා.

එහිදී රාජ්‍ය බිදවැට්ටවීමේ සතුරා වශයෙන් පෙන්වන ලද එල්.ටී.ටී.ඊ.සංවිධානයේ තර්ජනයට එරෙහිව මේ ආකාරයෙන් රාජ්‍ය සිය ව්‍යුහමය ආකෘතිය පොලොව මට්ටමට ගෙන ආවා.

ජයනි නටාෂා සමාව ඉල්ලයි! - කටුනායක දී පොලීසියෙන් අල්ලයි!

වර්ථමානයේදී භෞතිකව වෙන්කල හැකි සතුරෙකු නොමැති අතර එහි ස්වභාවය වර්චුවල් අවකාශයේ රැදී පවතිනවා. ඊට අදාල රාජ්‍ය මැදිහත් වීම භෞතික තලයට ඌනනය වන විට ඒ වෙනුවෙන් අත් ඔසවන්නට නතාශා සිටීම පුද්ගලික ගැටලුවක්.

රාජ්‍ය ප්‍රතිව්‍යුහගත කිරීම තුල සමහර යල්පැන ගිය නීතිරීති පැවතීමේ ගැටලුවක්ද තිබෙනවා. විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය පාලන යුගයේ ස්ථාපිත ආඥා-පනත් තවම පවත්වාගෙන යාම විහිලු සහගත යි. නමුත් අපි තේරුම් ගත යුත්තේ රාජ්‍ය, පාලනය පිළිබඳව වන අදහසේදී යම් මර්ධනීය අංශයක් පවත්වා ගත යුතුය යන්නයි. වෙනත් වචන වලින් කියන්නේනම් පුද්ගලික අභිලාශයන් හෝ ආශාවන් පොදු අභිලාශයන් හා ආශාවන් අතර ගැටීමේදී රාජ්‍ය “පොදු” කුලකයේ තීරකයා වීම ස්වභාවිකයි.

එසේ නොවී රාජ්‍යයට පවතින්නට බෑ. පොලීසිය, අධිකරණය හා බන්ධනාගාරය වැනි ආයතනික පද්ධතියක් හරහා එන නීතියේ ස්වභාවය මේ පොදුබව ආරක්ෂා කිරීම පිනිස වන පුද්ගලික මර්දනීය අංගයක් තමයි.

අනෙක් පසින් අපේ නිදහස පිළිබඳව වන ස්ථිරබාවය අපි මත පිහිටුවන්නේද රාජ්‍ය විසින්ම යි. අපේම අශ්ලීල ආත්මීය කොටස මර්ධනීය සමස්තයක් තුල කොටු කිරීමෙන් අදාල නිදහස පිළිබඳව වන අදහස නිර්මාණය වෙනවා. උදාහරනයකට ලිංගිකත්වය පිළිබඳව නිදහස අපිට සංකල්පගත කර ගත හැකි වන්නේ “විවාහය” සංස්ථාපිතයක් ලෙස රාජ්‍යයෙන් ආරක්ෂා කරන නිසා.

අනිත් කාරණය ලංකාවේ වාමාංශික දෘෂ්ටිවාදය නිරන්තරයෙන්ම රාජ්‍ය විශාල මර්දනීය ආයතනයක් ලෙස දැකීමේ හාස්‍යයයි.

132699 bjcufspcyo 1576157067
ලෝක ඉතිහාසය තුල රාජ්‍ය පිළිබඳව වන අදහසේ වඩා මර්දනීය රූපක වන්නේ වාමාංශික රාජ්‍යයන්, ස්ටාලින්ගේ රුසියාව හෝ සමකාලීන චීනය, උතුරු කොරියාව, කියුබාව වැනි රටවල් ඊට උදාහරණයක්. ලංකාවේ ජනප්‍රිය නොවන මාක්ස්වාදී මතය වන්නේ ධනවාදයට එහා ගිය මිනිස් සම්බන්ධතා හා ගැටගැසුනු දියුණු අර්ථ ක්‍රමයක් පිළිබඳව වන පුරෝකතනයක් විනා පූර්ව-ධනවාදී මොඩලයක් පිළිබඳව වන අදහසක් නොවෙයි.

ලංකාවේ ජ.වි.පෙ.වැනි වාමාංශික දෘෂ්ටිවාදී අගතීන් යෝජනා කරන්නේ පූර්ව-ධනවාදී මොඩලයන් වන විට ඒවා හිංසනීය මර්ධනකාරී රාජ්‍යයන් පිළිබඳව වන ෆැන්ටසීන් වලින් පිරී පවතිනවා.

අනෙක් පසින් පාර්ලිමේන්තුවාදී බහු-පක්ෂ ක්‍රමයක් තුල රාජ්‍ය ප්‍රතිව්‍යුහගත කිරීම ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතිය තුලමයි පවතින්නේ. ඊට පරිභාගිර ක්‍රමෝපායන් වලට සමකාලීන යුගය තුල ඉඩක් නෑ. න්‍යායික පරිචයකින් තොරව ක්‍රියා කරන රෝස වසන්තය වැනි මොහොතවල් වර්චුවල් අවකාශයන් තුල මතුවී වියැකෙන්නේ රාජ්‍යයන් දියකර දමමින්. ඒ සදහා ලිබියාව දිහා බැලුවත් වටහා ගන්න පුලුවන්.

රාජ්‍ය; වඩා සංවිධිත හා මූලෝපාය අතින් ශක්තිමත් විය යුතුවීම මහජන අභිලාශයන් කෙරෙහි බර තබන්නේනම් ඒ සදහා වන සීමා කිරීම් පැවතීම පිළිබඳව කලබල විය යුතු නෑ. අපේ නිදහස පුරෝකතනය වෙන්නේ රාජ්‍යයේ තහනම හා නීතිය හරහා මිස පුද්ගල කේන්ද්‍රීය විපරීත රංගනයන් හරහා නෙවෙයි.

(දේශපාලන සටහන -carbonnews.lk)




JW


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...