The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
Opinion

ශාෆි එලියට නතාෂා ඇතුලට - (චින්තන ධර්මදාස)

T

The Leader Desk

June 2, 2023 • 6:16 PM

ශාෆි එලියට නතාෂා ඇතුලට - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගෝටාගේ ආණ්ඩුව කඩාගෙන වැටෙන බව කල් තියා දකින්න තිබුන.
  • බුදුන්ගේ දහමේ ආරක්ෂා කරන්න ඇති දෙයක් නෑ.
  • අද අපි විශ්වාස කරන ආගම් කියන්නෙත් කලින් ආගම් මියැදීමෙන් පස්සෙ ඇතිවුනු නව ආගම්.
  • ශාසනය කියන්නෙ ඇත්තටම රටේ ආණ්ඩු හදන ප්‍රධාන බලය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒත් ඒ කවද්ද කියන එක විතරයි අවිනිශ්චිතව තිබුනෙ. ඒක කඩාගෙන වැටුනෙ ආර්තිකය හින්ද. ජාතිවාදය, වර්ගවාදය මතින් රැස් කළ මුග්ධ බලයකට ආර්තිකයක් හැසිරවීමේ දැනුමක් නොතිබුන හින්ද.



ජාතිවාදය හෝ වර්ගවාදය කියන්නෙ ස්වභාවික තත්වයක් නෙමෙයි. ඒක කවුරුන් හෝ විසින් සැලසුම්ගතව නිර්මාණය කරන තත්වයක්. සමාජ මානසික ව්‍යාධියක්. බිඳුනු පෞර්ෂ හිමි ජාතියක බහුතරයක් වර්ගවාදී, ආගම්වාදී ප්‍රවණතා එක්ක බැ‍දෙනවා. ආගම්වාදය, ජාතිවාදය තුල අවසාන වශයෙන් පවතින්නේ පහත් ආශාවන්. මිනිසුන් ඝාතනය කිරීමේ, සොරාකෑමේ, දූෂණය කිරීමේ ආශාවන් තමයි ජාතිය ආගම ආරක්ෂා කිරීමේ නාමයෙන් ඉස්සරහට එන්නෙ.



බුදුන්ගේ දහමේ ආරක්ෂා කරන්න ඇති දෙයක් නෑ. අනිත් සියලු දහම් වගේම බුදුන්ගේ දහමත් අනිත්‍යයි. ඉතිහාසයේ සියලු දෙවියන් මියැදුනා හා සමානවම අපි අද විශ්වාස කරන බුදු දහමත් දවසක මිය යනවා. ඒක කිතුණු, ඉස්ලාම් ආදී සියලු දහම්වලට පොදුයි. අද අපි විශ්වාස කරන ආගම් කියන්නෙත් කලින් ආගම් මියැදීමෙන් පස්සෙ ඇතිවුනු නව ආගම්. කොටින්ම ගෞතම බුදුන් විසින් දේශනා කළ දහම සහ ලංකාවෙ බුදු දහම අතර කිසිම සම්බන්ධයක් නෑ කියන්න පුළුවන්. මෑතකදි නතාෂාගේ ප්‍රශ්නය ගැන කතා කරන භික්ෂුවක් මෙහෙම කියනවා,



‘ඔව් ඔව්.. බුදු හාමුදුරුවන්ට කවුරු හරි මේ කතාව කිව්වා නං ප්‍රශ්නයක් නොවෙන්න තිබුන. ඒත් අපිට ප්‍රශ්නයක්. මේක බුද්ධ ශාසනය’

බුදුන්ට ප්‍රශ්නයක් නොවන දේවල් බුද්ධ ශාසනයට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකද ශාසනය කියන්නෙ දේශපාලනය. ශාසනය කියන්නෙ බලය. ශාසනය කියන්නෙ ඇත්තටම රටේ ආණ්ඩු හදන ප්‍රධාන බලය.



ගෝටාගේ ආණ්ඩුව කඩාගෙන වැටෙන බව දැනගෙන හිටියා. ඉතිං මංගල සමරවීර සහ අපි කරන සාකච්ඡාවලදි මං හරිම උජාරුවෙන් කිව්වා, ඒ තමයි ජාතිවාදයේ අවසානය කියල. අපි ඒ තරම් කාලයක් අරන් ගිය සටනක් ජයග්‍රහණයකින් අවසන් කිරීම ගැන මං ගෝටාට විවිධ වතාවන්වල ස්තුතිවන්ත වුනා.

‘ඒක එහෙම නොවෙන්න පුළුවන්. අපි තිබුණටත් වඩා තදින් ජාතිවාදය ආගම්වාදය පැත්තට ඇදිලා යන්න පුළුවන්. මෙච්චර කල් ඒක පාවිච්චි කලේ මොලයක් නැති මිනිස්සු. මොලේ තියෙන මනුස්සයෙක් අතේ ඒක භයානක ආයුධයක් වෙන්න පුළුවන්’
මංගල එක වෙලාවක එහෙම කිව්වා.



මං හිතුවෙ ජාතිවාදයට, ආගම්වාදයට විරුද්ධ වීම මිනිස්සුන්ගෙ ෆ්‍රීක්වන්සි එකක් නැත්තං තත්වයක් කියල. ජාතිවාදී ආගම්වාදී නොවන කෙනෙක් අනිත් මොනම දේ කළත් ජාතිවාදී ආගම්වාදී වැඩ කරන්නෙ නෑ වගේ දැනීමක් මට තිබුන. මං දන්න කියන මිත්‍රයො කොයිතරම් මතවාදී වෙනස්කම් තිබුනත් උන් පොදුවෙ මේ පහත්, කැත සමාජ රෝගය පාවිච්චි කරන්නෙ නෑ. ඒක පාවිච්චි කරන්න බෑ.



ඒත් ඒක එහෙම නෙමෙයි. රනිල් මොන දේ කළත් ජාතිවාදය හෝ ආගම්වාදය ආරක්ෂා කරන තැනකට යයි කියලා මං විශ්වාස කලේ නෑ. ඒ කුණු ගඳ ගහන රෝගය හිරිකිතයකින් තොරව තමන්ගේ බලය වෙනුවෙන් පාවිච්චි කරයි කියල හිතුවෙ නෑ. රනිල් රටේ සමස්ත සංස්කෘතික පරිසරය නැවත ආගම්වාදී දඩ බල්ලන් ලිහා දැමූ අනාරක්ෂිත තත්වයකට පත් කරලා තියෙනවා.

WhatsApp Image 2023 06 03 at 8.06.40 AM

දොස්තර ශාෆි නිදහස් වුනා. එයා නිවැරදිකාරයෙක් වග ඔප්පු වුනා. රජයක් විදිහට තමන් ආගම්වාදී ජාතිවාදී ස්ථාවරයන් නොඉවසනවා නම් දොස්තර ශාෆි වෙනුවෙන් රජය ප්‍රසිද්ධ සමාව ගැනීමක් කරන්න තිබුන. මෙවන් තත්වයන් ඉදිරියට සිදු නොවන්නට තමන් වග බලා ගන්නවා කියලා කියන්න තිබුන. ඒ මනුස්සයාට ඒ පවුලට සිදු වුනු අගෞරවය වෙනුවට ගෞරවයක් පිරිනැමීමේ හෘදයසාක්ෂියක් හිමි රජයක් බව විදහා පාන්න තිබුන.



ශාෆිගේ සිද්දිය සුළුපටු සිද්ධියක් නෙමෙයි. මහාචාර්ය චන්න ජයසුමන වගේ අය මේ සිද්ධිය පිටිපස්සෙ හිටියා. රතන වගේ හාමුදුරුවරු හිටියා. ඉස්පිරිතාලෙ ප්‍රධානියො හිටියා. කාන්තාවො ශාෆිට විරුද්ධව සාක්කි දුන්නා. මේක දැවැන්ත කුමන්ත්‍රණයක්.

රජය ඒ කුමන්ත්‍රණය ගැන කලේ මොනවද?

ශාෆි වැඩ බාරගත්ත දවසෙම ආපහු චන්න ජයසුමන නතාෂාට විරුද්ධව වොයිස් කට් දෙන්න පටන් ගත්තා. ශාෆි නිදහස් වෙද්දිම නතාෂා හිරේ ගියා. ඒකෙන් කියවෙන එකම කතාව, චරිත මාරු වුනත් රජ කරන්නෙ ජාති ආගම්වාදයම තමයි කියන එක. උඹලට අබසරණයි කියන එක.



ජාතිවාදය ආගම්වාදය පවතින්නෙ දරුණු ලෙස පීඩිත ලිංගිකත්වයක් එක්ක. ඒ හින්දම තමයි මේ දෙකත් එක්කම කාන්තාවන් පහත් කොට සැලකීම, අපචාරය අයිතියක් ලෙස සැලකීම වගේ තත්වයනුත් එන්නෙ. යම් රටක් ජාතිය හෝ ආගමක් ආරක්ෂා කරන්න ප්‍රචන්ඩ උත්සාහයක යෙදෙනවද ඒ රටේ කාන්තාවන් සහ දරුවන් ආරක්ෂිත නැත.



සමහරු කියලා තිබුනා තායිලන්තය වගේ ආගමට හෝ භික්ෂූන්ට හෝ අපහාසයක් කලොත් ජීවිතාන්තය දක්වා සිරදඩුවම් පැනවිය යුතුයි කියල. ඉතා අගනා අදහසක්. මං කියන්නෙ බුදු දහමට හෝ බෞද්ධ භික්ෂුවකට යමෙක් අපහාස කළොත් එල්ලා මැරීම වඩා සුදුසුයි කියල. ඒ මරණ මොහොතේ වටේට එකතු වී පිරිත් සජ්ජායනයෙන් අපිට සමාජයටත් ආගමේ වැදගත්කම පිළිබඳ පණිවුඩය අවධාරණය කරන්න පුළුවන්.

Chinthana D(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

#truepatriotlk

vyadhadeva@gmail.com


(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...