The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
Opinion

මන්ත්‍රී ඉන්ධන දීමනාව සිසු සැරියට පුදමු

T

The Leader Desk

June 3, 2023 • 4:11 PM

මන්ත්‍රී ඉන්ධන දීමනාව  සිසු සැරියට පුදමු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දින දෙකකට කලින් කැබිනට් තීන්දු දැනුම් දෙන ගමන් බන්දුල ගුණවර්ධන ඇමතිවරයා මාධ්‍යයට කිව්වා මේ ආර්ථික අර්බුදය අස්සේ පාසල් දරුවන් සඳහාවන සිසු සැරිය
  • ඒ නිසා සියයට 30 ක් දෙමාපියන්ගෙන් අය කර ගන්න ඇමතිවරුන් තීන්දු කෙරුව කියලා.
  • සිසු සැරියේ පහළොස් වසරක සේවය 2020 දි ඇගයීමට ලක් කළ වාර්තාවකට අනුව 2018 දී ආණ්ඩුව ඒ වෙනුවෙන් රුපියල් මිලියන 552 ක් වැය කර තියෙනවා.
  • සිසු සැරිය ගැන කතා කළ යුත්තේ පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමත් සමගයි.
අකුරු ප්‍රමාණය (Font Size):

බස් සේවයේ මුළු වියදම ආණ්ඩුවට දරන්න අමාරුයි කියලා. ඒ නිසා සියයට 30 ක් දෙමාපියන්ගෙන් අය කර ගන්න ඇමතිවරුන් තීන්දු කෙරුව කියලා. දිළිඳු සහන ලබන පවුල්වල ළමුන්ට විතරක් නොමිලේ යන්න දෙනවා කියලත් කිව්වා. නමුත් ඒ වෙනුවෙන් ආණ්ඩුව අවුරුද්දකට දැරිය යුතු සහනාධාර මුදල කොපමණද කියලා කිව්වෙ නැහැ. සිසු සැරියේ පහළොස් වසරක සේවය 2020 දි ඇගයීමට ලක් කළ වාර්තාවකට අනුව 2018 දී ආණ්ඩුව ඒ වෙනුවෙන් රුපියල් මිලියන 552 ක් වැය කර තියෙනවා.



සිසු සැරිය ගැන කතා කළ යුත්තේ පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමත් සමගයි. ළමුන් ඇතුළත් කිරීමේදී නිවසේ සිට පාසලට තිබිය යුතු උපරිම දුර සැතපුම් 02 ට සීමා කෙරුවේ 1962 දී. මීට අවුරුදු 45 ට විතර කලින් ලංකාව මෙට්රික් ක්‍රමයට හැරුණම, ඒක කිලෝ මීටර දෙකක් වුනා. නමුත් ගාල්ල, රත්නපුර, කැගල්ල, කුරුණෑගල වගේ දිස්ත්‍රික්කවල ඉඳලා කොළඹ නගරයට එන පාසල් සේවා වාහන සංඛ්‍යාව සිය ගාණක්.

ඒ සමග අන්තර් පළාත් බස් සේවයද ඇතුළත් සිසු සැරිය බස් සේවයත් ව්‍යාප්ත වෙලා. කිලෝ මීටර දෙකේ නීතිය තියෙද්දි කොහොමද එහෙම වෙන්නේ කියලා, පාර්ලිමේන්තුවේ ඉන්න සජබ, ජජබ කවුරුවත් අහන්නේ නැහැ. එහෙම වෙන්නේ, හැම අවුරුද්දෙම කිසිවෙක් ප්‍රශ්න නොකරන, ජනප්‍රිය පාසල්වලට තම දරුවන් ඇතුළත් කිරීමට නාගරික හා අර්ධ නාගරික තරුණ දෙමාපියන් ලජ්ජා නැතිව හවුල් වන මේ රටේ දැවැන්තම දූෂණ ක්‍රියාවලිය නිසයි.



ඒ නිසා ආණ්ඩුව 2018 දී වැය කළ මිලියන 552 ක දැන් මිලියන හය සීයකට වඩා වැඩි වෙන්න පුළුවන්. ඒ වියදමෙන් දෙමාපියන්ගෙන් සියයට තිහක් අයකර ගන්නවා කියන්නේ රුපියල් මිලියන එකසිය අසූවක් දෛනික බස් ගාස්තු හැටියට අය කර ගන්නවා කියන එකයි. විශේෂයෙන් අර්ධ නාගරික සමාජයේ ජීවත් වෙන්න පොර බදන දෙමාපියන්ට මේක ලොකු මුදලක්. ඒ නිසා තවත් දරුවන් දහස් ගණනක් පාසල් වලින් දොට්ට වැටෙන්න ඉඩ තියෙනවා. දැන් අපේ ප්‍රශ්නය මේ වියදම කාටවත් බරක් නැතිව කොහොමද පියව ගන්නේ කියන එකයි.                

අපි නිකමට මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව ගැන හිතමු. මන්ත්‍රී තේරී පත්වුන දිස්ත්‍රික්කය අනුව තමයි ඉන්ධන දීමනාව ගෙවන්නේ. සාමාන්‍ය ගණන් හැදීමකදී කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව දැන් අවුරුද්දකට රුපියල් මිලියන 26 ට වැඩියි. ගම්පහ මන්ත්‍රීවරුන් සඳහා ඉන්ධන වියදම රුපියල් මිලියන 29 ක් 30 ක් විතර වෙයි. කළුතරට මිලියන 17 ට වැඩියි. බස්නාහිර පළාත ගත්තම, එතනම මිලියන 70 ට වැඩියි. මහනුවර, කුරුණෑගල, කෑගල්ල, රත්නපුර සහ ගාල්ල මන්ත්‍රීවරුන්ට ඉන්ධන දීමනා එකතුව රුපියල් මිලියන 90 ට වැඩි විය යුතුයි. ඉතිරි දිස්ත්‍රික්ක 16 ටත් ගණන් හැදුවොත් මුළු එකතුව මිලියන 410 ක් වත් තියෙන්න ඕනෙ. ඒ නිසා මුදල් නැතැයි කියන්න අවශ්‍ය නැහැ.



අපි කියන්නේ බස්නාහිර පළාතේ මන්ත්‍රීවරුන්ට ඉන්ධන දීමනාවම සම්පූර්ණයෙන් සිසු සැරියට පරිත්‍යාග කරන්න කියලයි. දුර බැහැර මන්ත්‍රීවරුන්ට අපි එහෙම කියන්නේ නැහැ. නමුත් දිස්ත්‍රික්කයේ වැඩට දීමනාවෙන් භාගයක් තියාගෙන ඉතිරි භාගේ දුප්පත් අහිංසක දරුවන් වෙනුවෙන් සිසු සැරියට පරිත්‍යාග කරන්න බැරි නැහැනෙ? ඒ වෙනුවෙන් මේ මන්ත්‍රීවරුන්ට කොළඹ එන්න යන්න නොමිලේ දුම්රිය බලපත්‍ර නිකුත් කරන්න පුළුවන්. ඒකට අලුතෙන් ප්‍රවේශ පත්‍ර අවශ්‍ය නැහැ. මන්ත්‍රී හැඳුනුම්පත ප්‍රමාණවත්.



මේ වැඩේ පහසුවෙන්ම කරන්න පුළුවන් බන්දුල ඇමති “පාසල් ළමුන් වෙනුවෙන් සිසු සැරිය වියදම් සඳහා මන්ත්‍රී ඉන්ධන දීමනා පරිත්‍යාග කිරීමේ පනත” නමින් පාර්ලිමේන්තුවට වහා පනතක් ඉදිරිපත් කිරීමෙන්. නමුත් ස්ථාවර විසඳුමක් සඳහා විශේෂයෙන් නාගරික තරුණ දෙමාපියන්ගේ මේ යෝධ දූෂණ හවුලට පිළිතුරු වශයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමග කිලෝ මීටර දෙකේ දුර හරියට ක්‍රියාත්මක කළ යුතුයි. ඒක කොළඹ සහ ප්‍රධාන නගරවල වාහන තද බදයටත් විසඳුමක් වේවි.

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...