The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
Opinion

රංචුවෙන් කැඩෙන්න ධෛර්යය අවශ්‍යයි - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

June 3, 2023 • 5:41 PM

රංචුවෙන් කැඩෙන්න ධෛර්යය අවශ්‍යයි - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පොසොන් අස්සේ අද මම දැක්ක අරගලයට සම්බන්ද දෙන්නෙක් ගැන පණිවිඩ දෙකක්.
  • අරගලය ඇතුලේ ඉඳල යම් යම් සිදුවීම් එක්ක එයා අරගලයෙන් ගියා හෝ එලෙව්වා කියල මතකයි.
  • හැබැයි මම හිතන්නේ ඒ ''අදේශපාලනික බව'' නිසාම වෙන්න ඕනි එයා එක්ක යම් තරුණ පිරිසක් හිටියේ.
  • ඒක සම්ප්‍රදායික අර්ථයෙන් ස්ත්‍රී අභිනයක්.
අකුරු ප්‍රමාණය (Font Size):

පණිවිඩ කියනවටත් වඩා ඒවා ප්‍රවෘත්ති. වෙන විදියකට කිව්වොත් ඒවා එයාලගේ ජීවිතයේ යම් යම් පරිණාමීය අවස්ථා.

මේ දෙක ගැන වෙන් වෙන් වශයෙන් සටහන් දෙකක් ලියන්න තරම් න්‍යායික කරනු තිබ්බත් මේක ගැන එක සටහනක් විතරක් දාන්න හිතුව.

එකක් වඩාත් ආකර්ශනීය එකක්. ඒ මෝටිවේෂන් අප්පච්චි කියන චරිතය. මම එයා ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. අරගලය ඇතුලේ ඉඳල යම් යම් සිදුවීම් එක්ක එයා අරගලයෙන් ගියා හෝ එලෙව්වා කියල මතකයි. නමුත් නිශ්චිත දේශපාලන ව්‍යුහයක් හෝ කතිකාවක් නොතිබ්බ මේ චරිතය එක්ක යම් තරුණ පිරිසක් ගැවසුණා කියන එක සත්‍යයක්. හැබැයි මම හිතන්නේ ඒ ''අදේශපාලනික බව'' නිසාම වෙන්න ඕනි එයා එක්ක යම් තරුණ පිරිසක් හිටියේ. කොහොමත් ඒ ගැන යමක් කියන්න තරම් දැනුමක් ඒ චරිතය ගැන මට නැහැ.

අද මෝටිවේෂන් අප්පච්චි තරුණ කෙල්ලක් එක්ක විවාහ උනා කියල බුකියේ ෆොටෝ යනවා. මේ නිව්ස් එක සත්‍ය නම්, ඒ කියන්නේ නිරූපණයක් නෙවෙයි නම්, ඒ ගැන මම සතුටු වෙනවා. මොකද එයා අරගලයෙන් මිදිලා ජීවිතය ගැන තීරණයක් අරගෙන ජීවිතය පැත්තෙන් ඉස්සරහට අඩියක් තියල තියනවා. මේ යුගයේ විවාහය ගැන ලොකු තක්සේරු තියන්න බැරි උණත් මේක සියදිවි නසා ගන්නවට වැඩිය පැවැත්ම පැත්තෙන් ධනාත්මක දෙයක්. ඒ නිසා ඒ තීරණය ගැන එකඟයි.
අනික අපේ පරම්පරාවේ වගේ අයට එයා පොඩි ''මෝටිවේෂන් එකක්'' දීලත් තියනවා පුළුවන් නම් ජීවිතය වෙනත් ආකාරයකින් වැළඳගන්න කියල. මොන තරම් අඳුරු අතීතයක් තියන කෙනෙක්ට උනත් නිවැරදි වෙන්න වගේම වෙනස් වෙන්නත් ඉඩකඩක් තියෙන්න ඕනි.

mawwwමෝටිවේෂන් අප්පච්චි


දෙක කලණ ගේ සිද්දිය. කලණ ගැන මට මතක මේ වගේ දෙයක්. ''ජෙහාන් එනකල් මඟ බලාගෙන ඉන්න කලණ'' කියල අනන්ත පෝස්ට් බුකියේ ශෙයා උණා. ජෙහාන් කුරුසේ කරේ තියාගෙන හැතැප්ම ගණන් පයින් ගාටලා ගෝල්ෆේස් එනකල් කලණ බලාන උන්න. ඒක සම්ප්‍රදායික අර්ථයෙන් ස්ත්‍රී අභිනයක්. ඒ කියන්නේ පුරුෂ අභිනයක් එක්ක ජෙහාන් ''බර වැඩක්'''(ශිෂ්ටාචාරයේ බර කරේතියාන එන එක වගේ) කරලා එනකල් මඟ බලාගෙන සිටින ගැහැණිය වගේ එකක් තමයි කලණ නිරූපණය කළේ. ඒකත් ඒ වෙලාවේ නැගල ගියා. මමත් ආස උණා.

හැබැයි දැන් අරගලය ඒ පැවති ආකෘතියෙන් අවසන් වෙලා. නැවත ඒ ආකෘතියම ප්‍රතිජීවනය කරන්න බැරි බව අපි කාටත් තේරෙනවා. මිනිස්සු ඒ ගැන දැන් උනන්දුවක් නැහැ.

ඒ නිසා කලණ මම අපේක්ෂා කරන ආකාරයටම, පෙර ස්ත්‍රී අභිනයෙන්ම, වෙනත් දෙයක් ගැන නැත්නම් වෙනත් දේශපාලන අභිප්‍රායක් ගැන කතාකරන්න පටන් අරන් ඉන්නවා. ඒකත් මට අනුව නරක දෙයක් නෙවෙයි. මුල් ආකෘතිය ඇතුලේ එයා දිගටම ඉඳල ඒ ආකෘතිය අවසන් උනාම වෙනත් අභිලාෂයන් ගැන කතාකරන එක පාවාදීමක් නෙවෙයි. ඉනුත් විශේෂයෙන් සියදිවි නසාගන්නවට වඩා වෙනත් ගමනක් ආරම්භකරන එක හොඳ දෙයක්. එයා ඇත්තටම කියන්නේ පුළුවන් නම් ජෙහාන්ට පවා ඇසෙන්න ඕනි දෙයක්.
 

පුද්ගලයින් හැමවිටම අපේක්ෂාකරනවා එක් අවධියකින් තව අවධියකට පරිණාමය වෙන්න. ඒකට අපි උදව් කරන්න ඕනි. පුද්ගලයින් හැමවිටම උත්සාහ කරනවා ජයග්‍රාහකයෙක් වෙන්න. කාට හෝ ප්‍රයෝජනවත් වෙන්න. ඒකට අපි උදව් කරන්න ඕනි. මිනිසුන් පැවැත්ම එක්ක කරන මේ අරගලය ගැන අනුරාගික වෙන්න. දයාබර වෙන්න.

රංචුවෙන් කැඩෙන උන් ගැන වම හැමදාම කළේ පාවාදීමේ ද්‍රෝහී ලේබලය ගහල උන් ඉවර කරපු එක. අපේ පරම්පරාවවත් ඒ කැත, සාන්දෘෂ්ටික නොවන, සම්ප්‍රදාය කඩන්න ඕනි.

වෙනත් තැනකදී වෙනස් මිනිස්සු හැටියට හැකි වුණොත් අපි ආයේ හමුවෙමු. දැන් අපි අර රංචුවෙන් කැඩෙමු.

'රංචුවෙන් කැඩෙන්න ධෛර්යය අවශ්‍යයි'.

Jordan Petersonජෝඩන් පීටර්සන් - @Jordan Peterson




Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...