The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
Opinion

ආගමේ සැරෑටිය වැනිමේ නිදහස

T

The Leader Desk

June 3, 2023 • 6:18 PM

ආගමේ සැරෑටිය වැනිමේ නිදහස

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔබ අත ඇති සැරෑටිය වැනිය හැක්කේ අනෙකාගේ නාසයේ කෙළවර දක්වා පමණක් බව පුද්ගල නිදහස
  • නතාෂා විසින් ආගමක් සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශ හේතුවෙන් ඇයව අත්තඩංගුවට ගෙන ඇත.
  • ඇතැමුන් නිරාගමික් වීමේ නිදහස සහ භාෂණයේ නිදහස ඉල්ලා සිටින අතර තවත් පිරිසක් ආගම් විහිළුවට ලක් කිරීම පිළිබඳව කිපී සිටිති.
  • ඕනෑම අයෙකුට තමන් කැමති දෙයක් කිවීමට හා කිරීමට නිදහස ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

පිළිබඳව සාකච්ඡා කරන විට නිතැතින්ම කියවෙන්නකි.

එසේනම් අපට හිමිවන නිදහස සීමා වන ආකාරය ඉතා පැහැදිලි ය.

නතාෂා විසින් ආගමක් සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශ හේතුවෙන් ඇයව අත්තඩංගුවට ගෙන ඇත. ඒ සම්බන්ධයෙන් විවිධ වාද විවාද මුහුණු පොතේ බොහෝය. ඇතැමුන් නිරාගමික් වීමේ නිදහස සහ භාෂණයේ නිදහස ඉල්ලා සිටින අතර තවත් පිරිසක් ආගම් විහිළුවට ලක් කිරීම පිළිබඳව කිපී සිටිති.

නිරාගමික වීම හෝ භාෂාණය යනු පුද්ගලයෙකුගේ ආත්මීය නිදහසට සම්බන්ධ දෙයක් වේ.

එය තම කැමැත්ත අනුව තීරණය කල යුත්තක් වන අතර ඊට පවතින සමාජය තහංචි පනවන්නේ ද නැත. ඕනෑම අයෙකුට තමන් කැමති දෙයක් කිවීමට හා කිරීමට නිදහස ඇත. එහෙත් මේ සියල්ලම තමාගේ සීමාවට පමණක් සීමා වේ.


මෙහිදී මුලින් මතු කල ආප්තයේ ඇති වැදගත් කම වඩාත් හොඳින් කැපී පෙනෙයි. එනම් තමන්ට තම නිදහස භුක්ති විඳිය හැක්කේ අනෙකාගෙ නිදහස අවහිර වන්නේ නැත්නම් පමණකි. ආගම් ඇඳහීම හෝ නොහැඳයීම සිය පෞද්ගලික සීමාවේ කල හැකි වුවත් අනෙක් අයට එය බාධාවක් නොවිය යුතුය. ආගම් විවේචනය ද එසේමය.


එසේම ඉල්ලන නිදහස තුළ ඇත්තේ මෙවන් කරුණකි.

එනම් තමන්ට බාහිරින් තමන් ව පාලනය කරලීම නවත්වන්න යන්නයි.

එහිදී ප්‍රකාශ වන අර්ථය වන්නේ මට මගේ නීතීන් වලට අනුව පාලනය වන්නට ඉඩ දෙන්න කියා ය. බාහිර නීතීන් වලින් නොව අභ්‍යන්තරික නීතීන් (අවිඥානය) ඔස්සේ පාලනය වන්නට ඉඩ දෙන්න කියාය. එය මෙම නිදහස ඉල්ලන සියලු දෙනාගේම ප්‍රකාශිතය බවට පත් වී ඇත.

එහෙත් තමාව පාලනය කරන කේන්ද්‍රය ඇත්තේ තමන් තුළ නොව තමාගෙන් පිටත අනෙකා තුළ ය.

එහෙත් මෙම කේන්ද්‍රය තමන් විසින් ම ගොඩ නගාගත්, තමා විසින් බාහිර ප්‍රක්ෂේපණය කල කේන්ද්‍රයකි. තමා ට සම්බන්ධ දෙයක් බාහිර ලෝකයේ අනෙකා තුළ නැත.  අනෙකා මිය ගිය සමාජයක අප සියලු දෙනා නිදහස් නැතැයි අප කියන්නේ මේ නිසා ය.

(>carbonnews.lk)

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...