The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
Opinion

සිංහල කාන්තාව සහ ජවිපෙ - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

June 6, 2023 • 6:44 AM

සිංහල කාන්තාව සහ ජවිපෙ - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තමා හට ලිංගික හිංසනයක් සිදු කළා යැයි කිසියම් කාන්තාවක් විසින් කිසියම් පිරිමියෙකු අරබයා චෝදනා කරන අවස්ථාවන් හිදී සාමාන්‍යයෙන් සමාජය පෙළඹෙන්නේ එම කාන්තාව කෙරෙහි අනුකම්පා සහගත වීමටයි.
  • එයට හේතුව වන්නේ පිරිමින් අතින් කාන්තාවන් විවිධ හිංසනයන්ට ලක්වන බවට සමාජයේ ඇති පොදු පිළිගැනීමයි.
  • ඔවුන් කීවේ මෙය වඳ කොත්තු වඳ බ්‍රා වැනි තවත් නාඩගමක් පමණක් බවයි.
  • (ඒවා නාඩගම් යැයි මම නොකියමි.) ඔවුන් කීවේ මෙය ජාතිකාගමිකයන් අතර අසමගිය ඇති කිරීමට අටවන දේශපාලන ව්‍යාපෘතියක් පමණක් බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

එම චෝදනාව සත්‍යය දැයි විමසීමට පෙරත් "එම කාන්තාව පවසන්නේ සත්‍යයකි" යන පූර්ව නිගමනය මත සමාජය හැසිරෙන ස්වභාවයක් ඇත. එයට හේතුව වන්නේ පිරිමින් අතින් කාන්තාවන් විවිධ හිංසනයන්ට ලක්වන බවට සමාජයේ ඇති පොදු පිළිගැනීමයි. එහි සත්‍යයක් නැතුවා නොවේ. නමුත් "සිංහල කාන්තාව" අරබයා ජවිපෙ පෙන්වන්නේ එයට පරස්පර හැසිරීමකි.

දොස්තර සාෆි විසින් සිංහල කාන්තාවන් පිරිසකගේ ප්‍රජනක අවයව හානි කිරීම පිළිබඳව ඔවුන් චෝදනා කළ විට ජවිපෙ වහාම ගත්තේ පිරිමියාගේ පැත්ත මිස එම කාන්තාවන්ගේ පැත්ත නොවේ. ජවිපෙ පමණක් නොව, කොළඹ සමාජයේ ඊනියා කාන්තා විමුක්තිකාමීන්, කාන්තා හිංසනයට එරෙහි සුචරිත සූචකයන් සහ සමාජ සාධාරණත්ව සටන්කරුවන් මෙන්ම මානව හිමිකම් ක්‍රියාකරුවන් පවා කීවේ මේ කාන්තාවන් කියන්නේ මුසාවක් කියාය. ඔවුන් කීවේ මෙය වඳ කොත්තු වඳ බ්‍රා වැනි තවත් නාඩගමක් පමණක් බවයි. (ඒවා නාඩගම් යැයි මම නොකියමි.) ඔවුන් කීවේ මෙය ජාතිකාගමිකයන් අතර අසමගිය ඇති කිරීමට අටවන දේශපාලන ව්‍යාපෘතියක් පමණක් බවයි.

මෙය ඉතා වැදගත් නිරීක්ෂණයකි. සාෆි විසින් එවැනි අපරාධයක් කළාද නැද්ද කියා නිසි වෛද්‍ය පර්යේෂණ ඇසුරෙන් සාධාරණ නඩු විභාගයක් පැවැත්වුණා දැයි මම නොදනිමි. සාෆි වරදකරුද නැද්ද කියා මා දන්නේ නැත. නමුත් වරදකරුවෙකු ලෙස උසාවියකින් විනිශ්චය කිරීමට පෙර ඕනෑම වැසියෙකු අහිංසකයෙකු ලෙස සැලකීම ව්‍යවස්ථාපිත ක්‍රමයයි. නමුත් ගැටලුව තිබෙන්නේ වෙනත් අවස්ථාවන් හිදී ඒ ආකාරයෙන් පිරිමියාගේ නිර්දෝෂිභාවය වෙනුවෙන් පෙනී නොසිටින පාර්ශව මේ අවස්ථාවේදී පමණක් පිරිමියා වෙනුවෙන් දැඩිව පෙනී සිටීමයි.

asdasd
"සිංහල දොස්තරයෙකු අතින් දෙමළ කාන්තාවන් පිරිසක් ඒ ආකාරයෙන් ලිංගික හිංසනයට ලක් කළේය" කියා චෝදනාවක් කළොත් ජවිපෙ හැසිරෙනු ඇත්තේ කෙසේද? වසර 2,500 ක ශිෂ්ටාචාරයේ පටන් සිංහල බෞද්ධ සියල්ල වහාම පට්ට ගසනු ඇත. නිර්මාල් දේවසිරි පෝය දිනක මෙන් ට්‍රිගර් වනු ඇත. විදුලි වේගයෙන් කාටූන් ඇඳෙනු ඇත. දෙමළ කාන්තාව වෙනුවෙන් කව් ගී නිසැඳැස් හෑලි ලියවෙනු ඇත. දෙමළ ජන සංහාරයක් ගැන කියමින් ජිනීවාහී පාණ්ඩුකම්බල ශෛලාසන උණු වෙනු ඇත. නමුත් සිංහල කාන්තාවට එම උණු වීම නැත. සිංහල කාන්තාව වෙනුවෙන් #MeToo කියමින් ට්විටර් වීරයන් උද්ඝෝෂණය කරන්නේ නැත. සිස්ටෙමික් ජාතිවාදී ලිංගවාදය යනු මෙයයි.

අනෙක් පැත්තෙන් ජවිපෙ මේ කියන්නේ කාන්තාවක් විසින් පිරිමියෙකුට එරෙහිව චෝදනා කළ පළියට ඒවා සත්‍යය නොවන බවයි. එවැනි බොරු චෝදනා කරන කාන්තාවන්ද සිටී. බටහිර සමාජය තුළ නිර්මාණය වෙමින් තිබෙන ප්‍රති-කාන්තා-විමුක්ති නැගිටීම ජවිපෙ විසින් සාධාරණය කර තිබේ. එපමණක් නොව එවැනි චෝදනාවලට ලක් වූ පිරිමියා වීරයෙකු ලෙස උත්කර්ෂයට නංවා සිංහල කාන්තාව විසින් ඔහුගෙන් සමාව ගත යුතු බවට ඇතැම් පිරිමින් යෝජනා කරයි. මෙහි සියුම් පුරුෂාධිපත්‍යයක් ගැබ්ව තිබේ.

ධර්මය අපට මග වේවා!


මගේ හැඟීම් දැනීම් නැතිවුනේ අවුරුදු 2කේ දී' - සනත් නිශාන්ත(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක

eranda.ginige@gmail.com

2023 ජූනි 5


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...