The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
Opinion

නතාෂා යනු මේ රටේ කේන්ද්‍රීය ප්‍රශ්නයයි - (චින්තන ධර්මදාස)

T

The Leader Desk

June 9, 2023 • 6:01 AM

නතාෂා යනු මේ රටේ කේන්ද්‍රීය ප්‍රශ්නයයි - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නතාෂා යනු මේ රටේ කේන්ද්‍රීය ප්‍රශ්නයයි.
  • පිල් බෙදාගෙන තමන්ගේ බලය පිණිස සුහද මාරු ඇති කර ගැනීම විනා එතන නියෝජනය වෙන මතවාදයක්, ප්‍රජාතන්ත්‍රවාදයක් හෝ වෙන යමක් නැත.
  • මේ හරහා ඇති කරන මුග්ධත්වය, අනීතිය තුල තමන්ට උවමනා සියලු බල සහ ධන ගේම් ටික ගහන්න පුළුවන් වෙනවා.
  • ඒක වෙනස් කරන්න මේ රටේ ඇති වුනු විස්මිත අරග‍ලේටවත් පුළුවන් වුනේ නෑ.
අකුරු ප්‍රමාණය (Font Size):

සියලු දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් විසින් (විදර්ශන, තරිඳු ඇතුලු සිවිල් ක්‍රියාකාරීන් කීප දෙනෙකු හැරුනු විට) නතාෂා වෙනුවෙන් ප්‍රබල මැදිහත්වීමක් නොකිරීම මේ රටේ හඳුනාගත යුතු දේශපාලනයයි.

අවසාන අර්ථයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් යනු එකක්මයි. පිල් බෙදාගෙන තමන්ගේ බලය පිණිස සුහද මාරු ඇති කර ගැනීම විනා එතන නියෝජනය වෙන මතවාදයක්, ප්‍රජාතන්ත්‍රවාදයක් හෝ වෙන යමක් නැත. ඒ සියල්ල ඒ අයගේ ප්‍රසාංගික අංගයන්ය. ඒවා තියෙන්නෙ අපිට ආතල් දෙන්නයි.

මේ සිංහල බෞද්ධ උමතුව යනු රාජපක්ෂවාදයේ මූලික සාරයයි. මේ හරහා ඇති කරන මුග්ධත්වය, අනීතිය තුල තමන්ට උවමනා සියලු බල සහ ධන ගේම් ටික ගහන්න පුළුවන් වෙනවා. ඒ ක්‍රමයේ ආරක්ෂකයො වෙන්නෙ භික්ෂූන් ප්‍රධානවම. කාදිනල් සහ අනෙක් ආගමික පාර්ශ්වයනුත් කොටස්කාරයො වෙනවා.

 aswwdfssda

මේකෙන් වාසි ගන්නෙ රාජපක්ෂලා විතරක් නෙමෙයි. දැන් අපිට පේනවා ලිබරල් පරමාදර්ශයක් වගේ පෙනී හිටපු රනිල් වික්‍රමසිංහත් කිසිම හිරිකිතයකින් තොරව ඒ ජාතිවාදී ආගම්වාදී රැල්ලෙන් ගොඩයන්න ට්‍රයි කරන හැටි. ඒ වගේම දරුණු මුනිවත රැකීමක් එක්ක ජවිපෙත් තමන් එක්ක අලුතෙන් එකතු වුනු බයි ප්‍රජාව ආරක්ෂා කරගන්න උත්සාහ කරන හැටි. සජබෙ කිසිම විදිහකින් තමන්ගේ සිංහල බෞද්ධ චන්ද ටික අනතුරේ දාගන්නෙ නෑ. අන්තිමට හැමෝම සෙල්ලං කරන්නෙ රාජපක්ෂලාගේ පිට්ටනියෙ.

මේ සෙල්ලමෙන් අනිවාර්යෙන් දිනන්නෙ රාජපක්ෂලා විතරයි. අනිත් හැමෝම පුකෙන් යන්න පරදිනවා. ඒත් ඒක තමයි ක්‍රමය කියලා ඒ හැමෝටම ඔප්පු කරන්න රාජපක්ෂලා සමත් වෙලා තියෙනවා. ඒක වෙනස් කරන්න මේ රටේ ඇති වුනු විස්මිත අරග‍ලේටවත් පුළුවන් වුනේ නෑ. අරගලේ කියන්නෙ අන්තිමට ගෑස් ටික බෙහෙත් ටික පෙට්‍රල් ටික නැති හින්ද එලියට බැහැපු මිනිස්සුන්ගෙ වැඩක් තරමට ලඝු වෙමින් යනවා. ඒක මුල ඉඳන්ම ජවිපෙ උවමනාව. අනිත් පැත්තෙන් රාජපක්ෂලාගේ උවමනාව. මේ දෙකම එක මත එක පිහිටනවා.

91eb18e6 1483c1da gota go gama 850x460 acf cropped

අරගලේ මට තිබුණු එකම උවමනාව වුනේ ජාති ආගම්වාදය පරාජය කරන්න. ඒත් කස්සපලාත් ඒ අරගලේ හිටියා. අරගලේට මේ පදනම්වල කිසිම වෙනසක් කරන්න බැරි වුනා. තව ටික කාලෙකින් කිසි කෙනෙක් තමන් අරගලේ හිටියා කියලවත් පිලිගන්නෙ නැති වෙයි. ඒ තරමට ප්‍රොපගැන්ඩා එකක් අරගලය පිටිපස්සෙ තිබුණු අදහස් මරන්න පාවිච්චි කරනවා. අරගලේ හිටපු අයටත් ඒ දවස්වල ඉඳන්ම තම තමන්ගේ මතවාද ගැටුම් මිස මේ රටේ ප්‍රධානම ව්‍යාධිය වන මේ ජාති ආගම්වාදය ඇඩ්‍රස් කරන උවමනාවක් තිබුනෙ නෑ.

දැන් ආපහු අපි පස්සට යන්න පටන් අරන් තියෙනවා. රනිල් කිව්වා වගේම ආපහු 2019ට අරන් ගිහින් තියෙනවා. ඒ ජාතිවාදී ආගම්වාදී ලංකාව ආපහු නිර්මාණය කිරීමේ වගකීම මේ පාර කස්සප ප්‍රමුඛව පරණ නඩය විසින් බාරගෙන. අලුත් මූනු ඉස්සරහට දාලා තියෙනවා.

 

නතාෂා කියන්නෙ විහිලුවක් නෙමෙයි. මේ රටේ ආණ්ඩුව විසින් නැවත අවුලන ආගම්වාදී රැල්ලක ආරම්භය සටහන් කරන ගැහැණියක්. මේ පාර පටන් ගන්නෙ කතා කිරීමේ නිදහස තහනම් කරන තැනින්. ප්‍රකාශනයේ නිදහස නැති කිරීමෙන්. විශාල ආගමික තගකට සියල්ලන් බිය වැද්දීමෙන්. ඕනම මොහොතක නැවත ශාෆි වැනි සිදුවීම්, නයි මතුවීම්, ඕනම නම් පාස්කු වැනි මිනිස් ඝාතන පවා සිදුවිය හැකි පරිසරයක් ගොඩනැගීමෙන්. 

සිවිල් පුරවැසියන්ගෙ පැත්තෙන් මේ වෙලාවෙ පවතින නිහැඩියාව කෙලවර තියෙන්නෙ බරපතල අවාසනාවක්. දේශපාලන පක්ෂ හැමදාම වගේ සෙල්ලම් කරන්නෙ ඒ අයගෙ බලය වෙනුවෙන්. ඒත් පුරවැසියා දේශපාලනය කරන්නෙ තමන්ගෙ පුරවැසි නිදහස වෙනුවෙන්.

ඒ නිදහස අහිමි කරන තැනදි නිදහසට කරුණු හොයමින් නිහඩ වෙනවා කියන්නෙ රාජපක්ෂලාට උදව් කරනවා කියන එක. අරගලය පටන් ගන්න ඕන ලයිට් කැපෙන, පෙට්‍රල් නැති වෙන තැනින් නෙමෙයි. නතාෂා වගේ ගැහැණියක් අදහසක් ප්‍රකාශ කිරීම නිසා හිරේ දානවා වගේ තැනකින්. එහෙම හිරේ දාන්න බෞද්ධ චීවරයක් පාවිච්චි වෙනවා වගේ තැනකින්. එතනයි ර‍ාජපක්ෂවාදය ඇඩ්‍රස් කරන නිලය තියෙන්නෙ. ඒක රාජපක්ෂලාගේ ඉඳන් මේ සමාජයේ මුග්ධත්වය සිසාරා පැතිරුනු අශිෂ්ටත්වයේ බලය. බුද්ධාගමත් මේ වෙලාවෙ ඒ අශිෂ්ටත්වයේ අවියක් විතරයි.

නතාෂා කියන්නෙ රාජපක්ෂවාදය දත් විලිස්සන තැන. නතාෂා කියන්නෙ සිංහල බෞද්ධ පිරිමියාගේ ලිංගික අවුලයි. නතාෂා කියන්නෙ ලංකාවෙ ගැහැණියක් නිදහස් වුනොත් ඇයට එල්ල වෙන සංස්කෘතික ප්‍රචන්ඩත්වයයි. නතාෂා කියන්නෙ ලංකාවෙ කේන්ද්‍රීයම ගැටලුව ‍වන ලිංගික අර්බුදය පුපුරන තැනයි.

නතාෂාව පාවිච්චි වෙන්නෙ බුදු දහමේ ගෞරවය වනසන හිංසාවාදී වර්ගවාදී අබසරණ බුදු දහමක් යළි ස්ථාපිත කරන්නයි.

අරගලය තියෙන්නෙ ඇත්තටම නතාෂා ළග. හැමතිස්සෙම ඇත්ත අරගලය තියෙන්නෙ බහුතරය නැති තැන.


රට ඇද වැටෙන්න මූලික හේතුව රාජ්‍ය සේවයයි' -(චින්තන ධර්මදාස)(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

#truepatriotlk

vyadhadeva@gmail.com


(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)


සබැඳි ලිපි :

කලාවේ හා ප්‍රකාශනයේ නිදහසට තබන අත සිඳ දමනු! - කොළඹ ක්‍රියාකාරී කමිටු ප්‍රකාශය

ආර්ටිස්ට් කෙනෙක් කිසි විටෙක ආර්ට් එක වෙනුවෙන් සමාව නොගත යුතුයි - (මිස්ටර් බීන්

පැමිණිල්ලක් වූ පමණින් අත්අඩංගුවට ගැනීමක් සිදු විය යුතු ද? - (ගාමිණී වියන්ගොඩ)

මානව හිමිකම් රකින්නට ගෙනා ICCPR පනත

ජනාධිපති වික්‍රමසිංහගෙන් විශේෂ ප්‍රකාශයක්! (චින්තන ධර්මදාස)

ආගමේ සැරෑටිය වැනිමේ නිදහස

මිනිස්සුන්ට ආගමක් අවශ්‍ය ඇයි ?

නටාෂා, මේ රටේ ඉන්නේ උඹල විතරක් නෙවෙයි - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

අලුත් දෙවියෙක් හොයන ආධ්‍යාත්මික රෝගීන්....(මහේෂ්ගේ වීඩියෝවක්)

නතාෂා අත්අඩංගුවට ගැනීම රුපවාහිනී පුවත් සිරස්තල ඇසින් - (Ethics Eye)

නතාෂාගේ ප්‍රහසනය කලාත්මක ප්‍රකාශනයකි! -((ජීවන්ත ලියනගේ)

කොමඩිය script එකක් ද? - (වරුණ රාජපක්ෂ)

නතාශා දැන් ජාත්‍යන්තර මට්ටමට ගිහින් ඉවරයි #හෑයිය -(Uvindu Kurukulasuriya)

#හෑයිය : නතාෂා කියන කතාව නුතන මව්වරුන් ඇසිය යුතුම කතාවක්

මෙන්න නතාෂාගේ ඔය කියන ආන්දෝලනාත්මක කතාව


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...