The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
Opinion

විභාගය ඉවර වී සියල්ල විනාශ කිරීම

T

The Leader Desk

June 9, 2023 • 7:37 PM

විභාගය ඉවර වී සියල්ල විනාශ කිරීම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අවසන් වී සිසු සිසුන් ගේ හැසිරීම සම්බන්ධයෙන් දැක්වෙන
  • බොහෝ දෙනා සිසුන්ට චෝදනා කර තිබූ අතර ඇතැමුන් එය දෙමව්පියන් ගේ ගිණුමට බැරකරන ලදී.
  • එහෙත් මෙම සියලු දෙනා සිසුන් ගේ මෙම හැසිරීම් පිළිබඳව සමාජයක් ලෙස තමන් ද මීට දායක වී ඇතැයි කියන්නේ නැත.
  • සමාජ මාධ්‍ය පුරා පැතිරෙමින් ඇති සියලුම වීඩියෝ සහ ඡායාරූප වල ඇති සියලුම දේ මීට පෙර වර්ෂයන් තුළ ද සිදු විය.
අකුරු ප්‍රමාණය (Font Size):

විඩියෝ සහ ඡායාරූප සමාජ මාධ්‍ය පුරා සංසරණය වෙමින් ඇත.

බොහෝ දෙනා සිසුන්ට චෝදනා කර තිබූ අතර ඇතැමුන් එය දෙමව්පියන් ගේ ගිණුමට බැරකරන ලදී. එහෙත් මෙම සියලු දෙනා සිසුන් ගේ මෙම හැසිරීම් පිළිබඳව සමාජයක් ලෙස තමන් ද මීට දායක වී ඇතැයි කියන්නේ නැත.

සමාජ මාධ්‍ය පුරා පැතිරෙමින් ඇති සියලුම වීඩියෝ සහ ඡායාරූප වල ඇති සියලුම දේ මීට පෙර වර්ෂයන් තුළ ද සිදු විය. මෙම ලිපිය ලියන මා විභාගයට ලියන දින වල දී මෙන්ම ඊට පෙර සිසුන් කලහකාරී ලෙස හැසිරෙන අන්දම ද දැක ඇත. එබැවින් මම ඒ කාලේ මෙහෙම ඒවා වුනේ නෑ කියා කිවීමට උත්සහ නොකරමි. මන්ද ඒකාලෙත් මෙහෙම වුනා දැනුත් මෙහෙම වෙනවා ඉදිරියට ද මෙහෙම වෙනවා කියා පිළිගත යුතු තත්වයකි.

අතීතය සුන්දරයි කියා කියන්නේ වර්තමානයට සාපේක්ෂව මිසක අතීතය තුළ සිට නොවන බැවිනි.

xdsfsde


කෙසේ වුවද වසර ගණනාවක සිට පවතින සම්ප්‍රදායක් වන් වූ විභාගය අවසන් වී පාසල විනාශ කිරීම, නිල් පාට හෝ දිලිසෙන කුඩු වර්ග ඉස ගැනීම, party දැමීම ආදී සියල්ලම අපේ රටට සාමන්‍ය දේවල් විය. එබැවින් අනාගතය ට එම ලෝකය කිසිදු වෙනසක් නොමැතිව සම්ප්‍රේෂණය වීම ද සිදු විය. කිසිවෙකුට ප්‍රශ්න කලේ හෝ නැත.



ලංකාවේ ක්‍රියාත්මක වන අධ්‍යාපන ක්‍රමය යනු මීට වසර ගණනාවකට පෙර නිර්මාණය වූවක් මිස වෙනස් වන ලෝකය සමඟ ඉදිරියට ගමන් කරන්නක් නොවේ. එය එකතැන පල්වන දෙයක් බවට පත්ව ඇත. අධ්‍යාපනය වෙනස් කිරීමට සාර්ථක විසඳුම් සහ යෝජනාවන් ගෙන එන විට ඊට මුලින්ම විරුද්ධ වන්නේ ලංකාවේ සිටින වන ගෝත්‍රික විජේවීරවාදීන් ය. ඔවුන් ට අනුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යනු රටේ තිබෙන නිදහස් අධ්‍යාපනය විනාශ කරන කුමන්ත්‍රණ ය.



මේ නිසා රටේ සිටින මධ්‍යම පංතිය නවීන අධ්‍යාපනය සඳහා පෞද්ගලික අංශයේ අධ්‍යාපනයට යොමු වූ අතර පසුව විදේශීය අධ්‍යාපනය වෙතට ගමන් කලෙ ය.

මේ නිසා රටේ රාජ්‍ය අධ්‍යාපනය සම්පූර්ණයෙන් ම පහළ පංති වලට අයත් විය. එනම් 60% ට අයත් විය. තව දුරටත් මධ්‍යම පංතිය රාජ්‍ය අධ්‍යාපනයේ නැති නිසා අධ්‍යාපනය තුළින් ලැබිය යුතු ශික්ෂණය ලබා දීමට හෝ අධ්‍යාපනය ට අවශ්‍ය නොවේ.

එනම් 60%ක ජනතාව යනු මේ වන විට රාජ්‍යයේ කිසිදු ආරක්ෂාවක් හෝ නොමැති ආන්තීකරණයට ලක් වී පිරිසකි. රජ්‍ය විසින් ඔවුන්ට කියන්නේ පුලුවන් විදිහට ජීවත් වෙන්න කියා ය. මේ නිසා ඔවුන් පවතින නෛතික රාමුවෙන් පිට පැන කෙසේ හෝ ජීවත් වීමට උත්සහ කරයි.

මේ ආකාරයට අධ්‍යාපනය ද මෙම 60% ජනතාවට කියන්නෙ පාසලෙන් පිට වී සමාජයේ කෙසේ හෝ ජීවත් වෙන්න කියා ය. ගුරුවරුන් මෙන්ම සිසුන් ද එකම බෝට්ටුවක පාවෙමින් සිටින නිසා ගුරුවරයා සිය ශික්ෂණය කිරීමේ භූමිකාවෙන් ඉවත් වී දරුවන් සමඟ එකටම සතුටු වෙයි.


xgstetr


සමාජය තුළ ගුරුවරයා ට තව දුරටත් අර්ථයක් නොමැති හෙයින් ඔහු හුදු විනෝදය සපයන්නෙකු බවට පත් වේ. දරුවන් ගුරුවරුන් හරහා සොයන්නේ තමන්ට අර්ථයක් නොව තමන් ගේ විනෝදයට උපකාර කිරීමයි.


එබැවින් ඔවුන් සමාජය තුළ තව දුරටත් ආයතන කඩා වැටී ඇති බැවින් එක් අතකට පාසලත් අනෙක් අතින් පවුලත් සහ සමාජයත් ගැන ඇත්තේ පෞද්ගලික අදහසක් මිස පොදු අදහසක් නොවේ. මේ නිසා සමාජය තුළ මෙන්ම පොදු අවකාශයක් තුළ කටයුතු කල යුතු ආකාරය තීරණය කරන්නේ තමන්ගේ ආත්මීයත්වය විසිනි. එහෙයින් මෙවැනි ක්‍රියාවන් සාමාන්‍යකරණය වී ඇත.

මේ තත්වය සම්බන්ධයෙන් අප සියලු දෙනාම පෞද්ගලික ව වගකීම බාර ගත යුතුය.

මන්ද අඳුරු ලෝකය ඇති වූවේ අපගේ දායකත්වය හරහා වන බැවිනි. නැවත ආලෝකය උදාකර ගැනීමට අප නැවත විනෝයෙන් අර්ථය වෙත යා යුතුය.

නැවත ශිෂ්ඨාචාරය ගොඩ නැගිය යුතුය. ඒ සඳහා සමාජීය වශයෙන් අප ගෙවිය යුතු වන්දියේ තරම ඉතා විශාල විය හැක.

( carbonnews.lk)

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

විභාගය ඉවර වී සියල්ල විනාශ කිරීම | The Leader