The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
Opinion

ලාභය ද රෝගියාගේ ජීවිතය ද ?

T

The Leader Desk

June 10, 2023 • 10:28 AM

 ලාභය ද රෝගියාගේ ජීවිතය ද ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රජරට වකුගඩු රෝගීන්ට අත්‍යාවශ්‍ය බෙහෙත් හිඟයක් තියෙනවා කියලා ප්‍රවෘත්තියක තිබුණා. මහරගම අපේක්ෂා රෝහලෙත් පිළිකා ප්‍රතිකාරක ඖෂධ හිඟයි කියලා සමහරු කතා කරනවා.
  • ඊළඟට අවුරුදු දෙකකට විතර කලින් ඖෂධ මිල සියයට 90 කින් විතර වැඩි උනා.
  • පසුගිය අමාත්‍ය මණ්ඩල තීන්දු දැනුම් දීමේ මාධ්‍ය හමුවට ආව සෞඛ්‍ය ඇමති රඹුක්වැල්ල කිව්වා ජුනි 15 වෙනිදා ඉඳන් අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 45 ක මිල සියයට 16 කින් අඩු කරනවා කියලා.
  • නමුත් කොළඹ ජාතික රෝහල සාමාන්‍යයෙන් ඖෂධ වර්ග 1,200 ට වැඩි ප්‍රමාණයක් භාවිත කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ වගේම අවුරුදු කීපයක් තිස්සේ රජයේ රෝහල්වල ඖෂධ හිඟයක් ගැන කතා තිබුණා. ඊළඟට අවුරුදු දෙකකට විතර කලින් ඖෂධ මිල සියයට 90 කින් විතර වැඩි උනා. ඒවා ලොකුවට ගත්තේ ඡන්දෙට විතරයි.

ඡන්දෙන් පස්සේ නාගරික මධ්‍යම පංතියට ඊට වඩා ඉන්ධන, ගෑස් සහ විදුලිය කැපීම බරපතල ප්‍රශ්න උනා. දැන් ඒ ප්‍රශ්න විසඳිලා. නමුත් රටේ තොටේ සාමාන්‍ය මිනිසුන්ගේ ඖෂධ ප්‍රශ්නෙ ඉතිරි වෙලා.

පසුගිය අමාත්‍ය මණ්ඩල තීන්දු දැනුම් දීමේ මාධ්‍ය හමුවට ආව සෞඛ්‍ය ඇමති රඹුක්වැල්ල කිව්වා ජුනි 15 වෙනිදා ඉඳන් අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 45 ක මිල සියයට 16 කින් අඩු කරනවා කියලා.

නමුත් කොළඹ ජාතික රෝහල සාමාන්‍යයෙන් ඖෂධ වර්ග 1,200 ට වැඩි ප්‍රමාණයක් භාවිත කරනවා. අත්‍යාවශ්‍ය ඖෂධ ලේඛනය තීන්දු කරන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරයයි. ඒ පනතට අනුව සියලු පාර්ශව සමග සාකච්ඡා කිරීමෙන් පස්සේ අවසන් තීන්දුව ගැනීමේ වගකීම තියෙන්නේ සෞඛ්‍ය ඇමතිට. මේ වික්‍රමසිංහ ආණ්ඩුවේ ඒ අයිතිය තියෙන්නේ රඹුක්වැල්ල ඇමතිට.

ඖෂධ වෙළඳාම මුළු ලෝකයේම වගේ ලංකාවෙත් ලොකු මාෆියාවක්. මේ ලෝකල් මාෆියාව ඖෂධ සඳහා කිසිම අලුත් වටිනාකමක් එකතු කරන්නෙ නැහැ. ඒ අය කරන්නේ ලාභයක් තියා ගෙන ෆාමසි වලට බෙදා හරින එක විතරයි.

එතකොට ඔවුන්ගේ ලාභය කොයි තරම්ද? ඒක ගණන් හැදෙන්නේ කොහොමද? අපේ රටේ රජයේ රෝහල්වල නොමිලේ බෙහෙත් දුන්නට, ආනයනය කරන ඖෂධ වල මුළු වටිනාකමෙන් සියයට 50 ක්ම ගෙවන්නේ සාමාන්‍ය ජනතාව ඔවුන්ගේ අතේ තියෙන සල්ලි වලින්. ෆාමසි වලින් ගන්න ඒ ඖෂධ වලට සාමාන්‍ය පුද්ගලයෙකු සියයට 400 ක විතර වැඩි මිලක් ගෙවනවා. ඒ ගණන් හැදෙන්නේ මෙහෙමයි.

 

 බටහිර ඖෂධ සහ වෛද්‍ය උපකරණ ආදියට බදු අය කිරීම් කිසිවක් නැහැ. ආයුර්වේද ආනයන සඳහා අය කරන වැට් බද්ධ, වරාය හා ගුවන් තොටුපල අය කිරීම හා සෙස් අය කිරීම්ද බටහිර ඖෂධ සහ වෛද්‍ය උපකරණ ආදියට නැහැ. ඒ නිසා ඒවා ලංකාවට ගෙන්වන්නේ ඖෂධ අලෙවි කරන නිෂ්පාදකයාගේ හෝ සැපයුම්කරුගේ මිලට අමතරව ඒ සඳහාවන රක්ෂණ ගාස්තුව හා ප්‍රවාහන කුලිය විතරක් ගෙවලා. ඉංග්‍රීසියෙන් කිව්වොත් සී.අයි.එෆ් කියන කොස්ට්, ඉන්ෂුවරන්ස් සහ ෆ්රේට් කියන ඒ වැය කිරීම්වල එකතුවට.

ලංකාවට විතරක් නෙවෙයි, සවුදි අරාබිය හැර අනෙක් හැම රටකම වගේ ඖෂධ ආනයනකරුවන් රක්ෂණ හා ප්‍රවාහන ගාස්තු සඳහා ඉදිරිපත් කරන වියදම සියයට 300 කින් විතර පුම්බනවා. එතකොට රුපියල් 100 ට මිල කෙරෙන ඖෂධය රේගු බදු කිසිවක් නැතුව කොළඹ වරායෙන් එළියට ගන්නකොට රුපියල් 400 ක් හෝ 450 ක් වගේ මිල වෙනවා.

images 1555650062503 images 1532420298081 medical store

ඔවුන්ගේ ලාභය උපරිම වශයෙන් එතනින්ම උපයගෙන ඉවර උනාට, ඔවුන් වෙන කිසිම ආනයන වෙළඳාමක නැති සියයට 85 ක ලාභයක් වෙළඳපල සිල්ලර මිල සඳහා නියම කරනවා. ඒ නිසා තමයි මේ ඖෂධ ආනයනකරුවන්ට ඔවුන්ගේ සන්නාහ නාමය සමගවන ඖෂධ අලෙවිය ප්‍රවර්ධනය කර ගැනීමට ෆාමසි අයිතිකරුවන්ට සියයට 40 ක 45 ක වට්ටමක් දෙන්න පුළුවන් වෙන්නේ.

මේ පුම්බන සී.අයි.එෆ් ගෙවීමෙන් රටට සිදුවන බරපතල අලාභ දෙකක් තියෙනවා. එකක් ඒ පුම්බාපු ගෙවීම් වෙනුවෙන් වැය කෙරෙන මුදල් වලින් කොටසක් රටින් පිට කාගේ හරි සාක්කුවක තැන්පත් වෙනවා. දෙවන කාරණය, හරියට ගණන් හදනවා නම්, ඒ වැඩිපුර මුදලින් රටට අවශ්‍ය තව ඖෂධ තොගයක් ගේන්න පුළුවන්. ඒ නිසා මේ ආනයනකරුවන් පිල්ලි ගහන ඩොලර් ප්‍රමාණය අනුවත් ඖෂධ හිඟය උග්‍ර වෙනවා.

 මේ ලෝකේ තියෙන ලොකුම මාෆියා අතරින් අවි ආයුද වෙළඳාමට සහ අන්තරායදායක මත්ද්‍රව්‍ය ජාවාරමට පස්සේ ලොකුම මාෆියාව, යෝධ ඖෂධ නිෂ්පාදකයින්ගේ ගෝලීය හවුලයි. අපි දන්නවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ බොහෝ ව්‍යාපෘති සඳහා අරමුදල් සපයන්නෙත් මේ ඖෂධ මාෆියාව කියලා. 

නමුත් අපට තියෙන ප්‍රශ්නය තමයි රටේ සෞඛ්‍ය සේවා වෙනුවෙන්, රෝගීන් වෙනුවෙන් බෙහෙත් හිඟය වෙනුවෙන් කතා කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නායකයින් මේ යෝධ ගසා කෑම ගැන කතා නොකරන්නේ ඇයි? කියන එක.

වෛද්‍යවරුන් දන්නෙ නැද්ද මේ ආනයනකරුවන් ඔවුන්ගේ ලාභය වෙනුවෙන් ඖෂධ මිල සියයට 300 කින් 400 කින් පුම්බලා තියෙන්නේ කියලා? සෞඛ්‍ය ඇමති රඹුක්වැල්ල අත්‍යාවශ්‍ය ඖෂධ 45 ක මිල ලබන ජුනි 15 වෙනිදා සිට සියයට 16 කින් අඩු කරනවා කිව්වම, ඇයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට කියන්න බැරි, සියලු ඖෂධවල මිල අවම වශයෙන් සියයට 50 කින් අඩු කරන්න කියලා?

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ලාභය ද රෝගියාගේ ජීවිතය ද ? | The Leader