The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
Opinion

අධ්‍යාපනයට විතරක් බැහැ මිනිස්සු වෙනස් කරන්න - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

June 11, 2023 • 10:53 AM

 අධ්‍යාපනයට විතරක් බැහැ මිනිස්සු වෙනස් කරන්න - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අර කොහෙද ඉස්කෝලෙක ඕ ලෙවල් ඉවරවෙලා ඉස්කෝලේ 'ළමයි' පිස්සු නටල ඒ ඉස්කෝලේ පන්ති කාමරේ දේපළ කම්බස් කරලා ගිය හැටි ගැන ෆොටෝ කීපයක් බුකියේ සංසරණය වෙනවා.
  •          සහානුකම්පාව සහ සංවේදී බව කියන දෙකම දන්නේ නැහැ හෝ දැනගත්තත් වැඩක් නැහැ කියන එක තමයි මේකෙන් පේන්නේ.
  • තමන් කරන්නේ නරක දෙයක් බව දන්නවා.
  • දන්නවා ඒත් කරනවා (disavowal) කියන එකට අධ්‍යාපනික විනය ඇතුලේ නම් බේත් නැහැ කියල තමයි කියන්න තියෙන්නේ.
අකුරු ප්‍රමාණය (Font Size):

සම්පුර්ණයෙන්ම පංති කාමරේ මස්කරලා දාල තමයි ළමයි ටික ගිහින් තියෙන්නේ.

දැන් කට්ටිය කියනවා ඔන්න කොන්ඩේ පීරන්න, සපත්තු දාන්න, සුදු අඳින්න විතරක් කියල දුන්න පාසැල් අධ්‍යාපනේ ප්‍රථිපල කියල. එක අතකට ඒක ඇත්ත තමයි. පුද්ගල සංවර්ධනය, වගකීම සහ වගවීම වෙනුවට අර විභාග මේ විභාග පස්සේ යන්න සහ කොහොමහරි පාස් වෙලා ලොක්කෙක් වෙන්න උගන්වන අධ්‍යාපනෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ තමයි.

මේ පංතියට බාල තවත් වසරක ළමයින්ට ඉගෙන ගන්න තියන ජාතික දේපළ මේවා. මෙයාල විනාශ කරන්නේ ඒ දේපළ. මෙයාල තමයි කෝච්චියේ බස් එකේ සීට් කපන්නේ. ඒවා මස් කරන්නේ.

දැන් මේ විභාගේ පීඩනය එළියට යවන කැතාස්මික විදියක් ද? ක්‍රම විරෝධයක්ද? මෙයාල ගෙදර තියන දේපළත් මෙහෙම විනාශ කරනවද?

 
 WhatsApp Image 2023 06 09 at 14.49.19
 

 
 සහානුකම්පාව සහ සංවේදී බව කියන දෙකම දන්නේ නැහැ හෝ දැනගත්තත් වැඩක් නැහැ කියන එක තමයි මේකෙන් පේන්නේ. ඒ කියන්නේ නරුම බව. තමන් කරන්නේ නරක දෙයක් බව දන්නවා. ඒත් රංචුවක් හැටියට ඒ දේම කරනවා. දන්නවා ඒත් කරනවා (disavowal) කියන එකට අධ්‍යාපනික විනය ඇතුලේ නම් බේත් නැහැ කියල තමයි කියන්න තියෙන්නේ.
 

මේ රටට හෝ ලෝකයට වැඩදායක ආචාර ධාර්මික පෞරුෂයක් (ethical person) බිහිකරන්නේ කොහොමද කියන කාන්ටියානු අධ්‍යාපනික ප්‍රශ්නේ මොකක් උණත් මෙයාල ලංකාවේ මෙහෙම හැසුරුනාට වෙන රටකට ගියොත් මේ අය පූසෝ වගේ ඉන්නේ කොහොමද? කොරියන් ජපන් යන්න පුහුණුවෙන මෙහෙ අය අපුරුවට එහෙ නීති රීති එක්ක ජීවත් වෙන්න හිත හදාගන්නේ කොහොමද?
 
lamei 2023

මෙහෙ තියන අතිරික්ත ප්‍රමෝදය මුදාහැරීම එහෙදි නැත්තේ ඇයි? කියන විදියටත් වඩා හොඳට කරලා හොඳම හොඳ ළමයි වෙන්නේ කොහොමද මෙහෙන් චුත උනාට පස්සේ? එහෙනම් මේක මේ පොළොවේ ප්‍රශ්නයක් ද?  

මුකුත් ලොකු තර්ක නැහැ. එහෙ වැඩ කරන විදියක් තියනවා. රටක් හැටියට ප්‍රොජෙක්ට් එකක් තියනවා (national project). ඒ ප්‍රොජෙක්ට් එකට අවශ්‍යවන විදියට මානසික සිතියමක් තියනවා (cognitive mapping). හරි හෝ වැරදි ලොක්කගේ ඉඳල පොඩ්ඩ දක්වා මුළු ජන සමාජයම ඒ ප්‍රොජෙක්ට් එක ඇතුලේ ඉන්නවා. තමන් ඉන්න තැන සිතියම්ගත කරනවා. සිතියමෙන් ඔබ්බට ගිහිල්ල ඒ වැඩේ අල කරන එවුන්ගේ ඇට දෙක මුං ඇට කරනවා. මෙයින් කියන්නේ නැහැ වරින් වර විපරීත දේවල් වෙන්නේ නැහැ කියල.

 
 අධ්‍යාපනයට විතරක් බැහැ මිනිස්සු වෙනස් කරන්න. අධ්‍යාපනය ලොකු සමාජ ව්‍යාපෘතියක් (mega social project) ඇතුලේ පිහිටුවන්න ඕනි. සහ ඒ ව්‍යාපෘතිය ප්‍රථිපලදායක වෙන්නත් ඕනි.
 

සියලු පෙරදිග සමාජ ධනවාදී ක්‍රමයට ගැට ගැහුණේ සහ ප්‍රගතියේ අරමුණු සාක්ෂාත් කරගත්තේ එකම විදියකට. ඒ තමයි නීති ව්‍යුහය සහ රාජ්‍යය ශක්තිමත් කිරීමෙන්. ජපානය, තායිවානය, කොරියාව, සිංගප්පුරුව, මැලේසියාව එකම ආකෘතියක්. එයින් හොඳම උදාහරණය චීනය.

චීනයේ පංති කාමරයක මෙහෙම උනානම් බලාගන්න තිබ්බ....



Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
 
 
 
  

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...