The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
Opinion

ඉතිහාසය කියන්නේ රනිල්ට ෆැන්ටසි එකක්. අපිට නිකම්ම ඉතිහාසයක් - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

June 13, 2023 • 6:40 AM

ඉතිහාසය කියන්නේ රනිල්ට ෆැන්ටසි එකක්. අපිට නිකම්ම ඉතිහාසයක් - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තිරියාය සහ මුලතිව් පුරාවිද්‍යා භූමි ගැන පුරාවිද්‍යා අධ්‍යක්ෂක සහ ජනාධිපතිවරයා අතර කතාබහේ සම්පුර්ණ වාසිය ගන්නේ
  • ඒකෙ යම් ඇත්තක් පවතින්න පුළුවන් උනත් ලංකාවේ විශ්ව විද්‍යාලයක මහාචාර්යවරයෙක් ජනාධිපතිවරයාට මුහුණ දුන්න හැටි ගැන මට මෙහෙම හිතුණා.
  • පොදුවේ කිව්වොත් මොන භාෂාවකින් හරි දක්ෂ ලෙස කරුණු ගලපමින් කරුණු සහ භාෂාව සංස්ලේෂණය (synthesize) කරමින් ප්‍රතිඋත්තර දෙන්න බැරිකම.
  •   තවත් විශේෂ දෙයක් තමයි රනිල් භාෂා දෙක (සිංහල සහ ඉංග්‍රීසි) අතර දක්ෂ ලෙස මාරුවෙමින් (code switching and code mixing) තමන්ගේ සාකච්චාව සිංහල සහ දෙමළ ජනකොට්ටාශ දෙක අතරේ පාලමක් ලෙස භාවිත කිරීම.
අකුරු ප්‍රමාණය (Font Size):

ජනාධිපතිවරයා. ගොඩක් අය හිතනවා ඇති ඒකට හේතුව බලය කියල. බලයත් එක්ක එන සංකේතීය අධිපති අවකාශය කියල. ඒකෙ යම් ඇත්තක් පවතින්න පුළුවන් උනත් ලංකාවේ විශ්ව විද්‍යාලයක මහාචාර්යවරයෙක් ජනාධිපතිවරයාට මුහුණ දුන්න හැටි ගැන මට මෙහෙම හිතුණා.  

කතාබහේ වාසිය ජනාධිපතිවරයා ගැනීමේ ප්‍රධාන හේතුව පුරාවිද්‍යා අධ්‍යක්ෂකගේ කරුණුමය නොසූදානම (factual unpreparedness). ඒ කියන්නේ කරුණු හොඳට හදාරලා නොපැමිණීම. අනික කරුණු එක්කම එන තර්කනයේ නොසූදානම (lack of articulation). පොදුවේ කිව්වොත් මොන භාෂාවකින් හරි දක්ෂ ලෙස කරුණු ගලපමින් කරුණු සහ භාෂාව සංස්ලේෂණය (synthesize) කරමින් ප්‍රතිඋත්තර දෙන්න බැරිකම. ඒ කුසලතා (skills) නැති නිසා හෝ මෙතැනදී ඒවා පාවිච්චි කරන්න බැරිවීම නිසා පුරාවිද්‍යා අධ්‍යක්ෂ තමන්ගේ ඊගෝ (ego) එක රිදවා ගන්නවා.

 

තවත් විශේෂ දෙයක් තමයි රනිල් භාෂා දෙක (සිංහල සහ ඉංග්‍රීසි) අතර දක්ෂ ලෙස මාරුවෙමින් (code switching and code mixing) තමන්ගේ සාකච්චාව සිංහල සහ දෙමළ ජනකොට්ටාශ දෙක අතරේ පාලමක් ලෙස භාවිත කිරීම. මේ දක්ෂතාව සමකාලීන කිසිදු දේශපාලන නායකයෙකුට නැහැ.

අනික තමයි ඔය මානවම්ම කතාවේ ඉඳල මම කියපු එක. ඒ තමයි රනිල් දක්ෂයි ඉතිහාසය එක්ක භාෂා සෙල්ලම් කරන්න. අනික එයා ලංකාවේ ඉතිහාසය කියවන්නේ ඉංග්‍රීසියෙන්. අපිට දැනෙනවට වැඩිය ඒක එයාට දැනෙන්නේ එයා රාජ්‍ය පාලනය ඇතුලේ ඉඳල ආපස්සට ඉතිහාසය කියවන නිසා (retroactive).

දැන් අපිට මානවම්ම රජ්ජුරුවෝ එතරම් දැනෙන්නේ නැති උනාට ඒ දවස්වල රට පට්ට අර්බුදයක තියන වෙලාවේ එයා බලය නැතුව ඉඳගෙන මානවම්ම කියවද්දී දැනෙන විදිය ගැන හිතන්න.

මානවම්මගේ ඉවසීම : (වායාම 35 - සුජිත් අක්කරවත්ත)

මානවම්ම කියන්නේ අරාජක අනුරාධපුරය එක්සේසත් කරලා ආපහු සෞභාග්‍යය ගෙනාපු රජ්ජුරුවෝ කියල තමයි මහාවංසය කියන්නේ. දැන් ඒක අපි වගේ පොරවල්වලට එතරම් දැනෙන්නේ නැති උනාට රටේ රාජ්‍ය පාලනය ඇතුලේ හිටපු, රාජ්‍ය පාලනය වෙනුවෙන් වැඩකරන පවුලක කෙනෙක්ට ඒක දැනෙන්නේ වෙනත් විදියකට. ඔතන තමයි ඔය අතිමූලික වෙනස එන්නේ.

''හරි...මේ අරාජක වෙලාවේ මටත් පුළුවන් නේද මානවම්ම වගේ වෙන්න....'' ඉතින් එහෙම සිතුවිල්ලක් එක්ක ඉතිහාසය කියවන එකෙක් සහ කොහේහරි ගමකින් විශ්ව විද්‍යාලට ඇවිල්ල තවත් ඔය තියන විෂයන් අතරින් පුරාවිද්‍යාව ඉගෙනගෙන ඒකෙන් මහාචාර්යවරයෙක් වෙච්ච එකෙක්ගේ කියවීමයි කියන්නේ පැහැදිළි දෙකක්. පළවෙනි එක තමන්ට සමීප ඓන්ද්‍රීය කියවීමක්. දෙවැන්න ජීවත්වෙන්න ඕනි නිසා වෘත්තියක් ඇතුලේ කියවන කියවීමක්. ඒ අස්සේ දේශපාලන පත්වීම්.

15

ගිරිහඬු සෑය, තිරියාය, තපස්සු භල්ලුක, ලයිට් හවුස්, මානවම්ම, මහා විහාරය, ජේතවනාරාමය, තන්නි මුරිප්පු, හොරොව්පතාන, මන්නාරම ඔය ඔක්කොම රනිල් කියවන්නේ සහ උච්චාරණය කරන්නේ එයාගේ රාජ්‍ය පාලන ෆැන්ටසි එකක් එක්ක. අපි ඒවා කියවන්නේ දුරස්ථ දැනුම් කරුණු විදියට.

ඒක නිසා තමයි රනිල් ඒ කරුණු සිතියම්ගත කරන විදියට (තිරියායේ සිට හොරව්පතාන සහ අනුරාධපුර සහ මල්වතු ඔය සහ එතන ඉඳල අරාබි මුහුදට) අපිට ඒ ගැන කතාකරන්න බැරි. දෙමළ මන්ත්‍රීවරුත් වැඩිය සද්ද නැහැ. සුළුජන චන්දත් ඕනි මේ වෙලාවේ. ඒවා අර ෆැන්ටසි එකේ අමතර කරුණු.  

ඉතිහාසය කියන්නේ රනිල්ට ෆැන්ටසි එකක්. අපිට නිකම්ම ඉතිහාසයක්. ඔච්චරයි වෙනස...

සටහන පොඩ්ඩක් දිග උනාට සොරි. ??

Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


සබැඳි ලිපි :

මානවම්ම දේශපාලනය...- මහේෂ් හපුගොඩ

මානවම්මගේ ඉවසීම : (වායාම 35 - සුජිත් අක්කරවත්ත)

මානවම්ම රජු රෝයල් පොරක් ද? - නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න


සබැඳි පුවත් :

ජනපතිගේ ‘ඉතිහාස පන්තියට’ මුල්තැන දී යටපත් වුනු උතුරු නැගෙනහිර ඉඩම් කොල්ලය

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ඉල්ලා අස්වුනේ ඇයි ?




JW


 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...