The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
Opinion

පන්සල් ලයිට්හවුස්කරණය කරන රනිල් - (මහේෂ් හපුගොඩ ගේ වීඩියෝවක්)

T

The Leader Desk

June 15, 2023 • 2:36 PM

පන්සල් ලයිට්හවුස්කරණය කරන රනිල්  - (මහේෂ් හපුගොඩ ගේ වීඩියෝවක්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මහපොළොවෙන් වැහිලා තියන ඉතිහාසය නිශ්ශබ්දව, නොවෙනස්ව තිබ්බට මහ පොළොව මතුපිට ලෝකය දවසෙන් දවස වෙනස් වෙනවා.
  • ඒක පුරාවස්තු ගොඩ දමනවට වඩා දේශපාලනික ප්‍රකාශයක්.
  • පන්සලක් ගැන විතරක් හිතාන අපි මැරෙන්න හැදුවට ඒ පන්සල් පාර පෙන්නලා තියනවා ඒ කාලෙ යාත්‍රිකයන්ට.
අකුරු ප්‍රමාණය (Font Size):

 තට්ටු ගණනක් යට ස්ථර හැටියට තිබ්බ නටබුන් එක් එක් ඓතිහාසික කාල පරිච්චේදවල එක් එක් අර්ථ ඒ කාලෙන් කාලෙට අරන් එනවා.

ඒ අනුව පොළොව යටට යන්න යන්න එක් එක් අර්ථයන් සහ නිර්වචන අරන් එන්න පුළුවන් උනත් අපේ සජීවී සමාජය ගැන සවිඥාණික වෙන්නේ නැතුව අපි අර නටබුන් ආවට ගියාට මතුපිටට ගේන්න ඕනි නැහැ.

මේක තමයි ලංකාවේ හිටිය විශිෂ්ඨම පුරාවිද්‍යාඥයෙක් වෙච්ච සිරාන් දැරණියගල මතය උනේ.

ඔහු කිවේ ඔය පොළොව යට තියන දේවල් තව සියවස් ගණනක් ගියත් මොකවත් වෙන්නේ නැහැ. ඒවා ඔහේ තියෙන්න අරින්න කියල. ඒක පුරාවස්තු ගොඩ දමනවට වඩා දේශපාලනික ප්‍රකාශයක්.

ඝනීභවනය වෙච්ච (static) බෞද්ධ ඉතිහාසයක් වෙනුවට රනිල් එදා පුරාවිද්‍යා ලොක්ක එක්ක කරපු කතාබහේදී කරන්නේ චලනය වෙන (dynamic) සහ වෙච්ච ඉතිහාසයක් ගැන වෙනස් ම අර්ථකතනයක් අරන් එන එක.

පන්සලක් ගැන විතරක් හිතාන අපි මැරෙන්න හැදුවට ඒ පන්සල් පාර පෙන්නලා තියනවා ඒ කාලෙ යාත්‍රිකයන්ට. නාවිකයින්ට. වෙළෙන්දන්ට. තපස්සු භල්ලුකලට. ඒවා ඒ ගෝලීය වෙළඳ ලෝකෙට හරියන විදියට ප්‍රයෝගික වෙලා තිබිල තියනවා. භාවනා විතරක් කරලා නැහැ. ලෞකික දේවල් වලට උපකාරී වෙලා තියනවා. ඕක තමයි ඈත පෙරදිග බුද්ධාගම කළේ.

ඉතිං ඕක තමයි රනිල් පෙන්නුව ඉතිහාස විසංයෝජනය.  



 

සබැඳි ලිපි :

රනිල්ගේ ඉතිහාස පංතිය - (චින්තන ධර්මදාස)

ඉතිහාසය කියන්නේ රනිල්ට ෆැන්ටසි එකක්. අපිට නිකම්ම ඉතිහාසයක් - (ආචාර්ය මහේෂ් හපුගොඩ)


සබැඳි පුවත් :

 

පුරාවිද්‍යාව වාර්ගික ප්‍රශ්නවලට ඈද ගන්න එපා ! - එජාප උප නායක

ජනපතිගේ ‘ඉතිහාස පන්තියට’ මුල්තැන දී යටපත් වුනු උතුරු නැගෙනහිර ඉඩම් කොල්ලය

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ඉල්ලා අස්වුනේ ඇයි ?


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...