The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
Opinion

නූතනවාදී ව්‍යාපෘතියක් තුල සංස්කෘතිය අධිනිශ්චය වෙන්නේ ඇයි ?

T

The Leader Desk

June 18, 2023 • 9:37 AM

නූතනවාදී ව්‍යාපෘතියක් තුල සංස්කෘතිය අධිනිශ්චය වෙන්නේ ඇයි ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාවේ මුල්බැස තිබෙන අදහසකට අනුව රනිල් වික්‍රමසිංහ හෝ එ.ජා.ප.ය බලයට පැමිනි විට බටහිර ගැති, සිංහල බෞද්ධ විරෝධී,
  • උදාහරනයකට 1981 දී ගෙනෙන්නට උත්සාහ කරන ලද “අධ්‍යාපන ධවල පත්‍රිකාව” අරඹයා ඇතිවූ ජ.වි.පෙ.
  • මේ එජාප යට වැදුණු මුද්‍රාව අවලංගු කරගැනීමේ දේශපාලනික උවමනාව සජිත් ප්‍රේමදාසට තිබූ මුත් එය මතුවූයේ රනිල් ට එරෙහි කැරැල්ලක් ලෙසිනි.
  • සහ ආර්.ප්‍රේමදාස අතර තිබූ ප්‍රතිවිරෝධතා අතර ප්‍රේමදාස ඉදිරියට එන්නේ 87/89 භීෂණය මැද ඉහල මැද පංතිය විසින් සිය අත් සෝදාගැනීම සදහා ප්‍රේමදාස යොදාගැනීමට තීරණය කිරීමෙනි.
අකුරු ප්‍රමාණය (Font Size):

රාජ්‍ය දේපල විකුනන, විජාතික රාජ්‍ය පාලනයක් පිළිබඳ අදහසක් ජනිත වේ. මෙහි නිමැයුම්කරුවන් ජ.වි.පෙ. වන විට ඉන් ප්‍රයෝජන ගත්තවුන් තවත් සිටී. උදාහරනයකට 1981 දී ගෙනෙන්නට උත්සාහ කරන ලද “අධ්‍යාපන ධවල පත්‍රිකාව” අරඹයා ඇතිවූ ජ.වි.පෙ. ශිෂ්‍ය සටන් නිසා එය හකුලා ගැනීමට සිදුවූ අතර, අධ්‍යාපනය “විකිනීම”යන සටන් පාඨය මතුවුනේ එතැනිනි.

education demo FUTA

එතැන් සිට “සයිටම් වෛද්‍ය විද්‍යාලය” දක්වා වන සටන් සදහා යොදාගැනුනු මේ චක්‍රය පොහොට්ටු දේශපාලනය තුල දී ජනයා පාලනය කිරීමේදී හා එජාප යේ බල ව්‍යුහය ජනතාවගෙන් ඈත්කර තැබීමේ උපක්‍රමික සිද්ධාන්තය වශයෙන් භාවිතා විය. මේ එජාප යට වැදුණු මුද්‍රාව අවලංගු කරගැනීමේ දේශපාලනික උවමනාව සජිත් ප්‍රේමදාසට තිබූ මුත් එය මතුවූයේ රනිල් ට එරෙහි කැරැල්ලක් ලෙසිනි.

ජේ.ආර්. සහ ආර්.ප්‍රේමදාස අතර තිබූ ප්‍රතිවිරෝධතා අතර ප්‍රේමදාස ඉදිරියට එන්නේ 87/89 භීෂණය මැද ඉහල මැද පංතිය විසින් සිය අත් සෝදාගැනීම සදහා ප්‍රේමදාස යොදාගැනීමට තීරණය කිරීමෙනි. විජේවීරගේ හිංසනයට ප්‍රතිවිරුද්ධ හිංසනය කෙසෙල්වත්තෙන් පැන නැගීම තර්කානුකූල අන්තයක් කරා ගමන්කර බොරැල්ල කනත්තෙන් අවසන් වන්නේ එතැනිනි.

sjs

රනිල්-සජිත් අතර ඇති ප්‍රතිවිරෝධය සමනය විය හැක්කේ සජිත් රනිල් ළඟ දනගැසීමෙන් මෙපිට නොවේ. පවතින්නේ ආර්ථික අර්බුදයක් බැවින් මේ මොහොතේදී බල හුවමාරුව තුල පංතිමය වශයෙන් සජිත්ට වඩා රනිල් වැදගත් ය. භූ-දේශපාලනික තේරීමද රනිල් වන්නේ එම නිසාය. මේ 87-89 නොවන බව සජිත් නොදන්නවා වීම පුදුම සහගත නොවූවත් එරාන්, හර්ෂ වැනි පුද්ගලයන් සජිත් ළඟ සිටීම පුදුම සහගතය. ඊටද පිලිතුරු ලැබෙනු ඇත්තේ ලිපියේ මාතෘකාවෙනි.

1948 නිදහසෙන් පසු මුලු යුගයම ලාංකිකයන් වශයෙන් අපි ගෙවා දමා ඇත්තේ සංස්කෘතික දේශපාලනය තුල ඔංචිල්ලා පැදීමෙනි. ජාතිය හා ආගම අධිනිශ්චය වෙන දේශපාලන භූමියක ඒ තුල රැදී සිටීම නොදැනුම පිළිබඳව වන කාරනාවක් පමනක් නොවේ. ඒ තුල ආත්මීය (subjectivity) කාරනාවක්ද ගැබ්ව තිබේ. නූතනවාදී ව්‍යාපෘතියක් තුල යෝජනා කෙරෙන්නේ මේ සංස්කෘතික දේශපාලනය තුල ගල්වී ඇති මිනිස් විෂය ඉන් බිහිවී ඇති අගතීන් වලින් ඛන්ඩනය කිරීමයි. ආර්ථික තලයේනම් ශ්‍රමය ශික්ෂණය කිරීම හා නිදහස් කිරීමයි.

රනිල්ගේ කයිය ගැන මගේ කයිය... - (කේ. සංජීව)

රනිල්ගේ ව්‍යාපෘතිය තුල ශ්‍රමය පිළිබඳව වන ආර්ථික අදහස ගැන බරක් තබා ඇති බව පෙනෙතත්, එහි ආත්මීය මානය පිළිබඳව සංවේදී නොවී ඇති බව නිරීක්ෂණය වේ. ආගම පිළිබඳව හා පුරාවිද්‍යාව පිළිබඳව ඇති අදහස් සමාජය පුරා ගමන් කිරීමේ දිශාවට විරුද්ධ අදහසක් ආන්ඩුව තුලින් මතුවෙනවා පෙනෙන්නට නැත. මෙයින් වෙන්නේ බොහෝ දෙනෙකු (සජිත්,අනුර,චම්පික,ඩලස්,මෛත්‍රි,නාමල්) සෙල්ලම් කිරීමට කැමති පිටියක් නිර්මාණය වීම හරහා රාජ්‍ය නැවත සංස්කෘතික දේශපාලනය මත පරායත්ත වීමයි.

මේ මූලික බෙදීම නිසි පරිදි කලමනාකරනය කරගැනීමට අසමත් වන්නේ නම් එහි මතවාදී බලය නැවතත් උතුර-දකුන ලෙස බෙදෙනු ඇති අතර එහි බලපෑම පිළිබඳව ඉන්දියාව නිහඩව නොසිටිනු ඇත. නැතිවන්නට කිසිවක් නොමැති වුවද යමක් තිබේයැයි උපකල්පනය කිරීම අදාල වන්නේ ආත්මීය සංගතබාවයට අදාලව විනා වාස්තවික යථාර්තයට අදාලව නොවේ. ධනවාදය ලාභය ඉලක්ක කරන විට ඊට ජාතිය හෝ ආගම අදාල නැත.

නූතනවාදී ව්‍යාපෘතියක් ලංකාවේ පැලවීමටනම් මේ මතවාදී තලයේ අධිනිශ්චය වී ඇති සංස්කෘතික දේශපාලනය පිළිබඳ තියුණු විවේචනයක් සමග පැමිනිය යුතු වුවත් එවැන්නක් පිළිබඳව බලාපොරොත්තු තැබීමට හැකි විභවතාවයක් රනිල්ගේ ව්‍යාපෘතිය තුල නැත. අනිත් සියලුම විපක්ෂයේ කණ්ඩායම් රනිල් සමග මේ ක්‍රීඩා කරන්නේ මෙම හිඩැසේ ය. නැවතත් “රාජ්‍ය” සිංහල බෞද්ධ වන්නේ නම් සියලුම අසාර්ථක වීම් වලට අදාල බාහිර සතුරෙකු සොයාගැනීමට සිංහල බෞද්ධ රාජ්‍යයෙන් පිටමං කරනා “අනෙකා”හරහා හැකි වුවද, එය කෙලවර විය හැක්කේ විනාශයකින් පමනි.

නූතනවාදී ව්‍යාපෘතියක් ආර්ථික තලය තුල සංචරනය ආරම්භ කලද ඊට හිමි මතවාදී එලැඹුම නොලැබී සංස්කෘතිය තුල හිරවේනම් එහි අවසානය එහිම ලියවී තිබේ. සටන් කල යුත්තේ “අදහස්” අතර විනා වෙනත් තැනක නොවේ. එහිදී රනිල් ද ඒවටා සිටින්නන් ද සිටින්නේ ගව් ගණනක් දුරිනි.


(carbonnews.lk)


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නූතනවාදී ව්‍යාපෘතියක් තුල සංස්කෘතිය අධිනිශ්චය වෙන්නේ ඇයි ? | The Leader