The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
Opinion

සුද්දෝධන රජ්ජුරුවන්ගේ දරුවා කවදාවත් බාධාවක් වෙන එකක් නැහැ - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

June 18, 2023 • 10:16 AM

සුද්දෝධන රජ්ජුරුවන්ගේ දරුවා කවදාවත් බාධාවක් වෙන එකක් නැහැ - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය (ICAO) විසින් Women in Aviation Multimedia Engagement Contest වෙනුවෙන් ලාංකිකයෙක්
  • අනෙක ස්ත්‍රිය සහ ඇගේ අනාගතය සම්බන්දයෙන් ධනාත්මකව සහ වෘත්තීයමය ලෙස බලන්න පුළුවන් පිරිමි නිර්මාණකරුවන් ඉන්නවා කියන එක අනිත් අතින් ඔප්පු වෙනවා.
  • එවන් වීඩියෝවක් තුල කාලය කළමණාකරණය කරමින් තමන්ට ඕනි පණිවිඩය එම කාලය ඇතුලේ දෙන්න එම නිර්මාණකරුට හැකියාව ලැබී තියනවා.
  • ජයග්‍රහණයක් ඒ ඇතුලේ තියනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉදිරිපත්කල තත්පර 45 පමණ වීඩියෝවක් එම තරඟයෙන් ජයග්‍රහණය කර තිබෙනවා. රූප ශාස්ත්‍රයේ තේමා සොයායාම අතින් ශ්‍රී ලාංකික නිර්මාණකරුවන් ලෝකයේ අනෙක් ඕනෑම රටක් එක්ක කරට කර ඉන්නවා කියන්න මේක උදාහරණයක්.

අනෙක ස්ත්‍රිය සහ ඇගේ අනාගතය සම්බන්දයෙන් ධනාත්මකව සහ වෘත්තීයමය ලෙස බලන්න පුළුවන් පිරිමි නිර්මාණකරුවන් ඉන්නවා කියන එක අනිත් අතින් ඔප්පු වෙනවා.

එවන් වීඩියෝවක් තුල කාලය කළමණාකරණය කරමින් තමන්ට ඕනි පණිවිඩය එම කාලය ඇතුලේ දෙන්න එම නිර්මාණකරුට හැකියාව ලැබී තියනවා. ඒකත් ප්ලස්‌ පොයින්ට් එකක්.

avikl

ජිවිතයේ යාත්‍රාව (journey of life) කියන එක කුඩා කාලයේ ඉඳල යම් තරුණ වයසක් දක්වා මේකේ පෙන්නනවා. සිහිනයක් ඒ ඇතුළට ගේනවා. ජයග්‍රහණයක් ඒ ඇතුලේ තියනවා. හැමෝම දොස්තරලා වෙන්න ඕනි නැහැ කියන එක සහ වෘත්තීය අධ්‍යාපනය කියන එක කොච්චර වැදගත් ද කියන එකත් මේ පොඩි කාලය ඇතුලේ පෙන්නනවා.

දොස්තර කෙනෙක් වෙන්න සිහින නොදැක්කත් තමන්ගේ දරුවාගේ ඕනෑම සුබ සිහිනයක් එක්ක හිටගන්න අම්මාවරු සහ පියවරු මේ බිමේ ඉන්නවා කියන එක තවත් පණිවුඩයක්.

අපේ කුඩා කාලේ උනත් අහස දිහා බලමින් ගුවන් යානා ගැන පරිකල්පනය කරපු දේවල් යම් තේමාවක් ඇතුලේ ලෝකයේ නිර්මාණයක් වෙනුවෙන් නැවත ප්‍රතිනිර්මානය මේ නිර්මාණකරු ලස්සනට කරලා තියනවා. මේ ඒ වෙනුවෙන් ක්‍රෙඩිට් එකක්.

avi ow

ඒ පරිකල්පනය ස්ත්‍රියක් පැත්තෙන්, ඇගේ සිහිනය පැත්තෙන්, පිරිමි ඇසක් තුල නැවත ලෝකයට ප්‍රතිනිර්මාණය කරන එක ඇත්තටම සතුටුදායක වැඩක්. අපි ආසියාවේ රටක් හැටියට දියුණු ලෝකයට අපේ හැකියාව පෙන්නන්න මැලි වෙන්නේ නැහැ කියන එක සහ නිර්මාණශීලි ශ්‍රමය යන්න තවත් ස්ත්‍රී පුරුෂ බෙදුමක් නෙවෙයි කියන එකත් වැදගත්.

ඒ ඔක්කොමට වඩා ලෝකය වෙනුවෙන් නිර්මාණ කරන්න, ලෝකය හා එකතු වෙන්න, සහ ලෝකය ජයගන්න සුද්දෝධන රජ්ජුරුවන්ගේ දරුවා කවදාවත් බාධාවක් උනේ නැහැ කියන එකත් මේකේ තියනවා.

ඕනිනම් විශ්වීය ආදරය වෙනුවෙන් බුදුන් පාමුළ මලක් පහනකුත් තියල යන්න ඔයාගේ හිතට තවත් ධෛර්යයක් එයි. තිබ්බේ නැහැ කියල කවදාවත් ඒ කරුණාවේ අඩුවක් වෙන එකකුත් නැහැ.

කොහොම උනත් බුදුන්ට බැන බැන ඉන්නේ නැතුව අපේ වැඩේ අපි කරමු.




හදවත ලොකුනම් ඉන්න නිමේෂයත් ඇති...- (ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


සබැඳි පුවත:
ශ්‍රී ලංකාවේ ගුවන්සේවා වීඩියෝව ලෝකෙන්ම අංක 1කට


JW


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සුද්දෝධන රජ්ජුරුවන්ගේ දරුවා කවදාවත් බාධාවක් වෙන එකක් නැහැ - (ආචාර්ය මහේෂ් හපුගොඩ) | The Leader