The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
Opinion

නලින් හේවගේ නලුවෙක් වීම ; පොහොට්ටුවේ සුවඳට ඉව ඇල්ලීමක්ද ?

T

The Leader Desk

June 22, 2023 • 3:36 PM

නලින් හේවගේ නලුවෙක් වීම ; පොහොට්ටුවේ සුවඳට ඉව ඇල්ලීමක්ද ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජ.වි.පෙ. ක්‍රියාකාරිකයෙකු සහ එහි හිටපු පලාත් සභා මන්ත්‍රිවරයෙකු වන නලින් හේවගේ
  • ජ.වි.පෙ.විසින් පෝෂණය කරන විපක්ෂ මතවාදය හරහා මේ පොහොට්ටු දේශපාලනය ඛන්ඩනය වනවා නොව එය තවදුරටත් තහවුරු කරනවා හැරෙන්නට වෙනත් යමක් නෑ.
  • වාමවාදී සංස්කෘතිය තුල නූතනත්වය පිලිගන්නේ පූර්ව අගතිවලින් මිදීමේ මාවත වැටී ඇත්තේ ඒ හරහා නිසයි.
  • කර අරින්නේ මහින්ද “හොරෙක්” බවට භෞතීස්ම කිරීමෙන් පමණයි.
අකුරු ප්‍රමාණය (Font Size):

දැන් එහි වේදිකාව මත ජනප්‍රිය කථිකයෙකු වී තිබෙනවා. ඔහුගේ භාෂා විලාශයත් එහිදී මතුකෙරෙන කාරණා පිළිබඳවත් මාධ්‍ය මත වැඩි ඉඩක් වෙන් කෙරෙනවා.

දේශපාලනය කියන්නේ මනුෂ්‍ය සම්බන්ධතා නැවත, නැවත ප්‍රතිව්‍යුහගත කිරීමකට.

සමාජයට වඩා පවුල (කුටුම්භය) අධිනිශ්චය වූ මෙවැනි යුගයක ඒ හා බැදුනු මතවාදී යාන්ත්‍රනය දේශපාලනය විසින් චින්තනමය වශයෙන් වෙනස් කල යුතුයි. එසේ නොකර පවතින සමාජ අගතීන් කෙරෙහි බර තබන දේශපාලන ව්‍යාපාර වලින් ලංකාව වෙනස් වෙන්නේ නෑ.

නලින් හේවගේ විසින් ආමන්ත්‍රණය කරන්නේ මේ සමාජ අගතීන් වලින් පෙලෙන්නා වූ සමාජ ස්ථරයට. ඔවුන් බහුතරය පොහොට්ටු ප්‍රේමීන්.

පොහොට්ටුව ලංකාවට ගෙනාවේ ඉතාම ග්‍රාමීය වූ මුග්ධ ජාතිකවාදි දේශපාලන මතවාදයක්. එය ඩොක්ටර් ෂාෆිගේ සිට ධම්මික පැනිය දක්වා වන පුලුල් පරාසයක පැතිරී තිබෙනවා.

නූතනත්වය පිළිබඳව දේශපාලනික ඛන්ඩාංක වෙනුවට ඉන් තොදොල් වූයේ පූර්ව-නූතන වැඩවසම් චින්තනයක හැඩරුව පමණයි.

මේ චින්තනීය විභවය එතැනම පවතිද්දී එහි පරාජය ලකුනු වෙන්නේ ආර්ථික කාරණා මත.

වෙනත් වචන වලින් කියන්නේ නම් ආර්ථික තලයේ පොහොට්ටුවේ මතවාදය පරාජය වුවත් සංස්කෘතික තලයේ තවමත් එය බලපෑම් සහගත යි.

කූරගල විහාරය වැනි සිද්ධියක් හරහා එලියට එන්නේ ඒක. නලින් හේවගේ ආමන්ත්‍රණය කරන්නේ මෙතැනට.

ජ.වි.පෙ.විසින් පෝෂණය කරන විපක්ෂ මතවාදය හරහා මේ පොහොට්ටු දේශපාලනය ඛන්ඩනය වනවා නොව එය තවදුරටත් තහවුරු කරනවා හැරෙන්නට වෙනත් යමක් නෑ. වාමවාදී සංස්කෘතිය තුල නූතනත්වය පිලිගන්නේ පූර්ව අගතිවලින් මිදීමේ මාවත වැටී ඇත්තේ ඒ හරහා නිසයි.

ජ.වි.පෙ. කරමින් ඉන්නේ මධ්‍යම පංතිය හරිනි අමරසූරිය ලවා මෝහනය කරන ගමන් නලින් හේවගේ යොදවා ගැලරිය වූ පහල පංතීන් පිනවීම. මෙය තක්කඩි දේශපාලන භාවිතාවක් වන විට ඊට මුහුණ දිය හැකි මතවාදී යාන්ත්‍රනයක් ආන්ඩුව තුලත් නෑ. සිදුවන්නේ ග්‍රාමීය ප්‍රජාව තුල ආණ්ඩුවේ වැඩ සටහන් පූර්ව අගතීන් වලින් වැසී යාම පමණයි.

මීට පෙරද විමල් වීරවංශ යොදවා ජ.වි.පෙ.විසින් අත් හදාබලන ලද මේ සූත්‍රය සාර්ථක වන්නේ මැදමූලන මහින්දව රජ කිරීමෙන්. සිදුවූ සෝදාපාලුවෙන් ජ.වි.පෙ. කර අරින්නේ මහින්ද “හොරෙක්” බවට භෞතීස්ම කිරීමෙන් පමණයි.

කිසිදු ඉදිරි වැඩසටහනකින් තොරව ජන්ද වලට ඉව අල්ලමින් මේ කරන සෙල්ලම භයානක වන්නේ මෙහි අන්තය පිළිබඳව කිසිදු විචාර බුද්ධියක් ජ.වි.පෙ.ට නොමැති නිසාම යි.

ආර්ථිකය, සංස්කෘතික කාරනා වලින් පාලනය වන යුගයක, ඊට අදාල අගතීන් වල වාමවාදී දේශපාලනය පැටලීම එහි න්‍යායික පරිචය පිළිබඳව ඛේදාන්තයක්.

නලින් හේවගේ නලුවෙක් බවට රූපාන්තරනය වෙන යුගයක එහි අදුරු කලාපය ග්‍රාමීයව තහවුරු වෙනවා.

ජ.වි.පෙ. මේ සමාජීය මැදිහත් වීම මැදමුලනේ පමනක් නොව කෙසෙල්වත්තේද ප්‍රීතියට හේතුවනවා ඇති. උත්කර්ශයට නංවන ජනතාව ටොකු කන්නට කැමති වන්නේ රන් මුදු පැළඳි අත් වලින් වීම පිළිබඳව ජ.වි.පෙ.ට 2024 න් පසු පශ්චත්තාප විය හැකියි.

කසකරුවාට පෙනෙන්නේ පෙරහැරේ මුල පමනක් වුවත්, පෙරහැර යනු කසකරුවන් පමණක්ම නොවෙයි

(carbonnews.lk)

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...