The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
Opinion

බුදු පිළිමය මකර තොරණ බවට පෙරලීම - (චින්තන ධර්මදාස)

T

The Leader Desk

June 24, 2023 • 8:32 AM

 බුදු පිළිමය මකර තොරණ බවට පෙරලීම - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මං උපතින්ම බෞද්ධයෙක්. බෞද්ධයෙක් වන්නේ කෙනෙක් ත්‍රිපිටකය කටපාඩමින් දැනීමෙන් නෙමෙයි. ඒ බෞද්ධ සංස්කෘතිය, බෞද්ධ සිතුම් පැතුම්, බෞද්ධ විශ්වාස ඇදහිලි ඇසුරේ ජීවත් වීමෙනුයි.
  • ඒ හාමුදුරුවරු ඇත්තෙන්ම ගිහියන්ට වඩා වෙනස්.
  • බුදු පිළිමයක් දැක්කම ඉස්සර ඇතිවුනු නිවීම වෙනුවට බෞද්ධයෙක් වුනු මටත් දැන් ඇතිවෙන්නෙ බයක්.
  • ඒක අපිට එදිනෙදා මුනගැහෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

පන්සල් දෙකකට මැදිව හැදුන මට නිරන්තර ඇසුරක් වුනේ පන්සලේ හාමුදුරුවරු. ඒ හාමුදුරුවරු සහ අද හාමුදුරුවරු අතර තියෙන්නෙ හඳුනාගන්න බැරි වෙනසක්. ඒ හාමුදුරුවරු ඇත්තෙන්ම ගිහියන්ට වඩා වෙනස්. සිවුරු හැර යාම්, ප්‍රේම සම්බන්ධතා ආදිය නොතිබුනා නෙමෙයි. ඒත් ඒ හාමුදුරුවරුන්ට පුළුවන්කමක් තිබුනා ගිහියන් නොදකින උත්තර පැවැත්මක් පෙන්වා දෙන්න.


 පන්සල මට හැමදාම දැනුනෙ ආරක්ෂිතම ස්ථානයක් විදිහට. ඕනම දෙයක් ගැන කතා කරන්න පුළුවන්, විනිශ්චය කිරීම් රහිත, දඩුවම් දීම් නොකරන,  සියල්ල බාරගන්නාසුලු මිත්‍රශීලී හාමුදුරුවරු මං ඇසුරු කළා. කිසිම දවසක ඒ හාමුදුරු කෙනෙක් මට ජාතිය ආගම ඉස්මුදුනෙ තබාගන්න කියලා දුන්නෙ නෑ.  

Bu
 
ඒත් අද බුද්ධාගම වෙනස්. බුදු පිළිමයක් දැක්කම ඉස්සර ඇතිවුනු නිවීම වෙනුවට බෞද්ධයෙක් වුනු මටත් දැන් ඇතිවෙන්නෙ බයක්. ඒ බුදු පිළිමය කොයි මොහොතක හෝ මගේ ජීවිතය විනාශ කරන අවියක් විදිහට පාවිච්චි වෙන්න පුළුවන්. ඒ පිටිපස්සෙ ජාතිවාදය, ආගම්වාදය නිසැකවම සංවිධානය වෙමින් පවතිනවා. රටේ නීතිය, දේශපාලනය, ව්‍යාපාර සියල්ල පාලනය කරන අශිෂ්ට, අධිකාරී බලයක් ඒ බුදු පිළිමය පිටිපස්සෙ පවතිනවා. ඒක අපිට එදිනෙදා මුනගැහෙනවා.


ඉස්සර බුදු පිළිමයක් ගෙදරක හෝ කාර්යාලයක තියාගෙන ඉන්න කෙනෙක් දැක්කම අපි හිතන්නෙ ඒ තැනැත්තා මේ ලෝකයේ සියලු කාර්යබහුලතාවයන් අතර තමන් තුල නිවීමක්, අව‍බෝධයක් හොයාගෙන යන කෙනෙක් විදිහට. මෛත්‍රිය හෝ කරුණාව පුහුණු කරන්න වෑයම් කරන කෙනෙක් විදිහට. ඒත් අද එහෙම නෙමෙයි. ලොකු  බුදු පිළිමයක් කාර්යාලයක තියාගෙන ඉන්නවා කියන්නෙ ඒක තර්ජනයක්. තමන්ට මේ රටේ ඕනෑම දෙයක් කළ හැකි බලය පිළිබඳ ප්‍රකාශනයක්.

 

buddha statue for sale online 13 inch teal and orange lotus flower base beautiful gift or spiritual decoration 600x450
මෙවන් බුදු පිළිමයක් අන් ආගමිකයෙකුට හෝ අන් ජාතිකයෙකුට මොන තරම් තර්ජනාත්මක ප්‍රකාශනයක් වෙනවා ඇත්ද? එය තව දුරටත් ආධ්‍යාත්මික දියුණුවක් පතන මිනිසුන් හෝ අනෙකා දෙස මෛත්‍රියෙන් බලය මිනිසුන් පිළිබඳ ප්‍රකාශනයක් නෙමෙයි. ජීවිත කාලයක් වුවත් කෙනෙක් වරදක් නොකර වුවද සිරගත කළ හැකි බලයක් පිළිබඳ රුදුරු ප්‍රකාශමාන වීමක්.

බුදු පිළිමයක් සතු ක්ෂාන්තිවාදී ගුණය, ඉවසීම කරුණාව ආදී ගුණයන් නැසී යමින් තර්ජනාත්මක, සියල්ල යටින් දිවෙන අසාධාරණ බලයක ප්‍රකාශනයක් විදිහට බුදුන්ට වැඩසිටීමට සිදුවීම මොන තරම් අභාග්‍යයක්ද? මගේ බුදුන් පරිනිර්වාණය කරවන අන්දම මගේ ජීවිත කාලය තුලම මට දකින්න සිදුවීම මොන තරම් අවාසනාවක්ද?

මේකට විරුද්ධව ඕනෑ තරම් කමෙන්ට් දාන්න පුළුවන්. විවේචන කරන්න පුළුවන්. ඒත් මට බෞද්ධයෙක් හැටියට බුදු පිළිමයක් ගැන ඇතිවුනු සැනසීමේ සිට බිය වැද්දීම දක්වා වෙනස අසත්‍යයක් නෙමෙයි.



Chinthana D
(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක

#truepatriotlk

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...