The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
Opinion

ගල්කණු බුදුදහමෙන් නූතන බුදුදහම වෙතට.... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

June 24, 2023 • 3:26 PM

ගල්කණු බුදුදහමෙන් නූතන බුදුදහම වෙතට.... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් ජනපද නාවික හමුදාව සතුව තිබ්බ මුහුද යට සිදුවන ඕනෑම සංවේදී දෙයක් ගැන
  • ඉතිං ගොඩක් අය කිව්වා එයාල භාවනා කරානම් හොඳයි කියල.
  • හොඳ සිහියෙන් නමුත් ශරීර ක්‍රියාකාරී බව අවම කරගන්න ඕනි කියන එක.
  • අවට ලෝකයේ කොච්චර කලබලයක් හෝ ව්‍යසනයක් තිබ්බත් සිත එකඟ කරගන්නේ කොහොමද කියන එක වැදගත් උනේ. දුක සහ සැප, හිමිවීම සහ අහිමිවීම අතරේ ඇති මැදුම් පිළිවෙත නැවත මතක් උනේ.
අකුරු ප්‍රමාණය (Font Size):

තොරතුරු දැනගන්න තාක්ෂණ උපක්‍රම. ඒ නිසා ඕෂන් ගේට් (OceanGate) සමාගමේ දෛවෝපගත ටයිටන් (Titan) අභ්‍යන්තරයට පුපුරා යනකොට ඒ මොහොතේම ඇමෙරිකන් නාවික හමුදාව දැනගත්ත ටයිටන් විනාශ වුණා කියල. හැබැයි ඉතිං තමන්ගේ තොරතුරු මුලාශ්‍ර ඉස්සරහට දාන්න එයාල හදිසි වුණේ නැහැ. මොකද එයාල කොම්පැණියක් නෙවෙයි රාජ්‍යයක්. 

ඉතින් ලෝකයේ අනෙක් අය එක එක උපකල්පන වලට ගියා. අපි එක එක ෆැන්ටසි වල පැටලිලා ඉන්න හැටි එක්සත් ජනපද නාවික හමුදාව ඒ දිහා බලාගෙන හිටිය. එච්චරයි. 

අපි පැටලිලා හිටපු එක ෆැන්ටසි එකක් තමයි මේ පස්දෙනා තවම ජීවත් වෙනවා කියන එක. ඉතින් තවමත් පණ තියන මේ අය ගැන අපි එක එක කතා කිව්වා. ඉන් එක කතාවක් තමයි එයාල සෙවීම් කණ්ඩායම් එයාල වෙත ළඟා වෙනකල් ඔක්සිජන් පරිස්සරම් කරගන්න ඕනි කියල එක.

ඉතිං ගොඩක් අය කිව්වා එයාල භාවනා කරානම් හොඳයි කියල. හොඳ සිහියෙන් නමුත් ශරීර ක්‍රියාකාරී බව අවම කරගන්න ඕනි කියන එක.



මෙතැනදී තමයි ඉතාම පැරණි භාවනා වගේ දෙයක් නැවත සබුද්ධිකකරණය උනේ. සම්මා සතිය වගේ එකක් නැවත ධනාත්මක උනේ. අවට ලෝකයේ කොච්චර කලබලයක් හෝ ව්‍යසනයක් තිබ්බත් සිත එකඟ කරගන්නේ කොහොමද කියන එක වැදගත් උනේ. දුක සහ සැප, හිමිවීම සහ අහිමිවීම අතරේ ඇති මැදුම් පිළිවෙත නැවත මතක් උනේ.

මෙතන තමයි අධිතාක්ෂණ යුගයකත් බුදුදහමේ වටිනාකම් වගේම පෞරාණික භාවනා වගේ දේවල් නැවත පණ ලබන්නේ. අතිශයින්ම විගලිත ලෝකෙක බුදුදහම වගේම පැරණි ආගම් නැවත පුනර්ජීවනය ලබන්නේ. ආපතික ලෝකෙක, ව්‍යසන ලෝකෙක, අවදානම් ලෝකෙක, අනියත ලෝකෙක, පසුනූතන ලෝකෙක බුදුදහම ඉතාම හොඳින් දළුදාන්න පුළුවන්.

බුදුදහම අපේ ගල්කණු වලින් ගලවලා අතිශයින් නවීන ලෝකෙක නැවත පැලකරන්න වටිනව. මින් කියවෙන්නේ නැහැ අපේ උරුමය රැකගන්න ඕනි නැහැ කියල. හැබැයි අපේ බුදු දහමේ ඇත්තම සාරය ඊට වඩා ලෝකෙට අවශ්‍ය වෙලා තියනවා. ඒක තේරුම් ගම්මු.

 

 
Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...