The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
Opinion

සිංහල ඩයස්පෝරාව ; සුලු ජාතියකගේ සිට දකින සිහින….

T

The Leader Desk

June 25, 2023 • 2:37 PM

 සිංහල ඩයස්පෝරාව ; සුලු ජාතියකගේ සිට දකින සිහින….

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාවෙන් විගාමික වී විදේශීය රටවල පදිංචිව සිටින ලාංකිකයන් බොහෝ දෙනෙකු වඩාත් ස්ථාවරව ඇත්තේ බටහිර යුරෝපීය රටවල හා ඕස්ට්‍රේලියාවේ වන විට ඊට සමගාමීව ඔවුන්ට ඇති අභිලාශයන්ද එකීයමාන වනවා.
  • නමුත් සෑම විටම මේ විගාමික සිංහල ඩයස්පෝරාව තුල ඇති අභිලාශයන් කුලුගන්වන්නේ සුපිරිසිදු පාලනයක් පිළිබඳව ඇති සිහින වලින්ම පමනක් නොවෙයි.
  • ඊට ජාතිකවාදී භූමිකාවක්ද මුසුවී තිබෙනවා අනුර කුමාර ඇතුලු ජ.වි.පෙ.
  • නායකයන්ගේ මේ යුරෝපීය හා ඕස්ට්‍රේලියානු සංචාර තුල මේ විගාමිකයින් ඊට ඇදී යන යතුර ඇත්තේ එතැනයි.
අකුරු ප්‍රමාණය (Font Size):


2019 දී ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කිරීම පිණිස ඔවුන් ලංකාවට පවා ආවා. ඒක ඔවුන්ගේ අයිතියක්. නමුත් සෑම විටම මේ විගාමික සිංහල ඩයස්පෝරාව තුල ඇති අභිලාශයන් කුලුගන්වන්නේ සුපිරිසිදු පාලනයක් පිළිබඳව ඇති සිහින වලින්ම පමනක් නොවෙයි. ඊට ජාතිකවාදී භූමිකාවක්ද මුසුවී තිබෙනවා

daisa 1
අනුර කුමාර ඇතුලු ජ.වි.පෙ. නායකයන්ගේ මේ යුරෝපීය හා ඕස්ට්‍රේලියානු සංචාර තුල මේ විගාමිකයින් ඊට ඇදී යන යතුර ඇත්තේ එතැනයි.

බටහිර යුරෝපීය රටවල හෝ ඕස්ට්‍රේලියාව වැනි රටවල් වලට ලාංකිකයන් ආශක්ත වීමේදී එම රටවල් වල ඇති රාජ්‍ය විධිමත් ආකාරයකට පැවතීම පිළිබඳ කාරණාව වැදගත්. මෙම රටවල බිහිවී ඇති රාජ්‍ය පුරවැසියාවට වඩා සමාජය ප්‍රමුඛ කර ඇති රටවල්.

සමාජයක් විධිමත් ආකාරයෙන් පැවතීමටනම් පුද්ගලිකව ඊට එරෙහි පැනනගින ක්‍රියාවන් නිසි නියාමනයකට ලක් කිරීම අත්‍යාවශ්‍ය වනවා. සමාජයක් පොදු අදහසක් මත පරායත්ත වන විට නිදහස පිළිබඳව අදහස පුද්ගලික වපසරිය තුල විනය ගත වනවා. මේ තත්ත්වය ලංකාවට ගලපා ගතහොත්, ඇත්තේ මෙහි ප්‍රතිවිරුද්ධ අන්තය යි. සියල්ල නිසි ක්‍රමවේදයක් මත සිදුවන විට ඒ තුල විගාමිකයින්ටද ඇත්තේ පද්ධතිය මත පරායත්ත වීම පමණයි.

356197854 835347454628152 2710815553735571104 n

 මෙතනදී ගැටලුව වන්නේ දේශපාලනය සත්භාවවේදී (පැවැත්ම) ගැටලුවක් වීමයි. තමන්ට අවශ්‍ය ප්‍රමාණයට මෙම රටවල පද්ධතිය ක්‍රමානුකූලව හා නිදහස කියනා කාරණා දෙක අතර පහසුවක් ඇති කලත් සත්භාවේදී ගැටලුව නිසා තමන් එම රටවල දෙවැනි පුරවැසියන් වන බවට වන ආත්මීය හැගීම ඉහලට එනවා. මේ මගහැර යා නොහැකි ගැටලුව තුල විගාමිකයන් බටහිර සංස්කෘතිය තුල දියවී යාමට වෙනස්ව නැවත ලාංකීයත්වය තුලට ගමන් කරනවා. නොයෙක් ලාංකීය සමිති සමාගම් පිහිටුවා ගනිමින් තමන් පිටස්තරයන් බව වඩ,වඩා තහවුරු කරගන්නේ මේ තුල තමන්ගේ පැවැත්ම සුජාත කරන නිසයි. ලංකාවෙන් යන ඕනෑම නලුවෙකු, ගායකයෙකු හෝ ක්‍රීඩකයකු වටා ඔවුන් රොක් වන්නේ මේ ආත්මීය ගැටලුව විසදා ගැනීමේ තෝරාගැනීම නිසයි.

 
මෙහි වඩා වැදගත් කාරණාව එන්නේ මෙතනින්මයි. තමන් එම රටවල විගාමිකයන් වශයෙන් සිටින ගමන් එහිම සුලු ජාතිය වශයෙන් පැවතීම ඊට පිටින් ඇති ලංකාව තුල තමන් ප්‍රබල හා ප්‍රමුඛ ජාතිය වශයෙන් තහවුරු කිරීම ආත්මීය වශයෙන් සහනයක්. දෙමල ඩයස්පෝරාවට වඩා සිංහල ඩයස්පෝරාව වෙනස් වන්නේ මෙතනින්. මෙම සහනය තහවුරු කරන නායකයන් කෙරෙහි ඇති මේ ආශක්ත වීම 2019 දී ගෝඨාභය විසින් හොදින් රගදැක්වූ අතර රැවටීමට ලක්වූයේ කවුරුන්දැයි යන්න පවා ඔවුන්ට අමතක වී තිබෙනවා. ඔවුන් (විගාමිකයන්) ජ.වි.පෙ. වෙත ආකර්ශනය වන්නේ මෙතනින්. එය පිරිසිදු පාලනයක් පිළිබඳව වන ෆැන්ටසියකට වඩා එහාගිය කාරණාවක්.

මේ විගාමිකයින් ලංකාවේ රාජ්‍ය පිළිබඳ අදහස බහුතර ලාංකීය මතයෙන් වෙනස් වන්නේ නෑ .කුමන හෝ ගේම් එකක් ගසමින් සිය පුද්ගලික අභිලාශයන් ඉටු කරගැනීමේ දී සමාජය නැමැති පොදු අදහස වෙනුවට පවුල (කුටුම්භය) ලාංකිකයන්ට වැදගත්. එතනදී සියලුම පොදු නීති, රීතීන් කැඩීමට ඔවුන් සූදානම්.

එය බටහිර යුරෝපීය හෝ ඕස්ට්‍රේලියානු තත්ත්වයේ ප්‍රතිවිරුද්ධ පැත්තයි. මේ සිංහල ඩයස්පෝරාව ඉන් මිදෙන්නේ නෑ. ඔවුන් ලංකාවට පැමිනි වහාම නියම ලාංකිකයන් ලෙස සමාජය ප්‍රතික්ෂේප කර කුටුම්භය අධිනිශ්චය කර ගන්නවා. ලාංකීය ප්‍රධාන ජනවර්ගය ලෙස ඔවුන්ට පැවැත්මේ ගැටලුවෙන් ලංකාවේදී මිදිය හැකියි.

බටහිර යුරොපයේදී හෝ ඕස්ට්‍රේලියාවෙදී තමන්ට අහිමිව යන මේ “පැවැත්ම” එනම් මහ ජාතිය ලෙස රැකෙන සිය සංගතබාවය අහිමි වීමට සහන පෙත්ත ලැබෙන්නේ ජාතිකවාදී දේශපාලනයෙන් වීම පිළිබඳව පුදුම වෙන්නට දෙයක් නෑ. ගෝඨාභය එය සහතික කරන විට ඒ පසුපස ගිය මේ සිංහල ඩයස්පෝරාව දැන් ඒ වෙනුවට ජ.වි.පෙ. තෝරාගැනීම පිළිබඳව මා තුල නම් ඇත්තේ උත්ප්‍රාසයක් පමණයි.

355688653 834669281362636 6074694807791960975 n

 ලංකාවේ ජනතාව සිය ජීවිත වෙනස් කරගැනීමේ දේශපාලනයක් කෙරෙහි නැඹුරුවන්නේ නම් සිය පැවැත්ම පිළිබඳව ඇති ගැටලුව ඇත්තේ තමන් තුලම බව වටහා ගත යුතුයි. ජ.වි.පෙ. විසින් ලබා දෙන සහන පෙත්ත යනු අපේ අසංගතබාවයට හේතුව ප්‍රභාකරන්ගේ සිට රාජපක්ෂවරු දක්වා විතැන් කිරීම වනවිට ඊට වශීවන සිංහල ඩයස්පෝරාව යනු ඉන් සිය පැවැත්ම තහවුරු කරගන්නා දෙබිඩ්ඩන් බව ඔබ වටහා ගත යුතුයි.


( carbonnews.lk- දවසේ දේශපාලන සටහන)

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...