The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
Opinion

රනිල් සහ ගෝඨාභය - අවස්ථායික දේශපාලනය - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

June 26, 2023 • 11:28 AM

 රනිල් සහ ගෝඨාභය - අවස්ථායික දේශපාලනය - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දේශපාලන අවස්ථාවන් (situations) අනුව බලන කළ ජනපති ගෝඨාභය සහ මේ අවස්ථාවේ රනිල් අතර පැහැදිලි සමානතාවයන් (similarities) තිබේ. ගෝඨාභය ජනපති වුණේ පිටස්තරයෙකු (outsider) විලසිනි.
  • මේ අවස්ථාවන් දෙකෙහි ඇති සමානත්වය ඇසුරෙන් රනිල් විසින් ඉතාම වැදගත් පාඩම් කිහිපයක් නිතර සිහි තබා ගත යුතුය.
  • මාද එම තීරණයට ගරු කළ මුත් එය බොළඳ අදහසක් බව ඉක්මණින්ම මා හට අවබෝධ විය.
  • වියත්මග වැනි සංවිධාන හරහා සහ සාමාන්‍යයෙන් ඔය ඊනියා පාවෙන ඡන්ද දායකයන් සැලකිය යුතු පිරිසක් ගෝඨාභයට සහාය දැක්වූ බව පිළිගත යුතුය.
අකුරු ප්‍රමාණය (Font Size):

පොහොට්ටුව සහ ගෝඨාභය අතර ප්‍රකාශිත සහ අප්‍රකාශිත හිඩැසක් (gap) තිබිණි. (එය වෙනම කතා කළ යුතුය.) පොහොට්ටුව විශ්වාස කරන්නේ ගෝඨාභයව ජනපති කළේ ඔවුන් කියාය. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහි පවත්නා නොනැසෙන ඡන්ද පදනම විසින් කියාය. එය සත්‍යයකි.

Sri Lankan presidential candidate Gotabaya Rajapaksa (wearing a Red shirt) and his brother, former president Mahinda Rajapaksa (L) acknowledge their supporters after submitting nominations for the upcoming presidential election on Monday 7 October 2019.  (Photo by Tharaka Basnayaka/NurPhoto via Getty Images)

 මහින්දයන්ගේ ආශිර්වාදය නොවන්නටත්, රෝහණගේ අසමසම සංවිධාන ශක්තිය නොවන්නටත්, නෙළුම් මාවතේ සිට සෑම ප්‍රාදේශීය සභිකයෙකු දක්වාම පක්ෂ ක්‍රියාකාරීන් විසින් බිම් මට්ටමේ සිදුකළ දැවැන්ත මැතිවරණ ව්‍යාපාරය නොවන්නටත්, රෑ නිදිවරාගෙන අතින් ඩේටා කපාගෙන සමාජ මාධ්‍ය තුළ හටන් කළ ඔරිජිනල් බයියන් නොවන්නටත්, ගෝඨාභයට ජනපති විය නොහැකිය.


සාහසික අරගලය ප්‍රත්‍යය (cause) වුවත් රනිල්ව පාර්ලිමේන්තුවෙන් ජනපති කරන්නේත් පොහොට්ටුවයි. මේ අවස්ථාවන් දෙකෙහි ඇති සමානත්වය ඇසුරෙන් රනිල් විසින් ඉතාම වැදගත් පාඩම් කිහිපයක් නිතර සිහි තබා ගත යුතුය.


1. පොහොට්ටුවට මුල් තැන

ජනපති වීමෙන් පසු ගෝඨාභය වැඩ කළේ රටේ සියලුම ජනතාවගේ ජනපති හැටියටය. මාද එම තීරණයට ගරු කළ මුත් එය බොළඳ අදහසක් බව ඉක්මණින්ම මා හට අවබෝධ විය. ඕනෑම දේශපාලනයක වැදගත් වන්නේ තමන්ගේ මූලික ඡන්ද පදනම (base) ආරක්ෂා කරගැනීමයි. අනෙක් පුද්ගලයන් සහ කණ්ඩායම් එන්නේ දෙවනුවය. උදාහරණයක් හැටියට රාජ්‍ය ආයතන සඳහා පත්කිරීම් කරද්දී ගෝඨාභය බොහෝ දුරට පාක්ෂිකත්වය නොසලකා කටයුතු කළේය. නමුත් එයින් සැබැවින්ම වුණේ පොහොට්ටුවේ ජනතා නියෝජිතයන්ගේ සහාය ගෝඨාභයට ක්‍රමයෙන් අහිමි වීමයි. අරගලය එන විට ගෝඨාභය තනි වී සිටියේය. ඔහුට සිටියේ මාත් තව කිහිපදෙනෙකුත් පමණී. පාක්ෂිකත්වය නොබලා තනතුරු දුන් එක බලු කුක්කෙක් පැත්ත පළාතක සිටියේ නැත.

 මෙයින් පාඩමක් ඉගෙන ගන්නවා නම් රනිල් කිසිම විටෙක පොහොට්ටුව තරහා නොකර ගත යුතුය. දැන් අරගලය ඉවරයි. අරගලකාරයන් මැරිලා. වළලපු තැන්වල ගසුත් පැලවෙලා. දැන් නැවත තිබෙන්නේ පොහොට්ටුව සතු ප්‍රජාතාන්ත්‍රික සර්වනෛතික (legitimate) ජනවරමයි. රනිල් සැබැවින්ම කළ යුත්තේ පොහොට්ටුව තව තවත් ශක්තිමත් කිරීමයි. පොහොට්ටුව ශක්තිමත් කරන තරමට රනිල් ආරක්ෂිතයි.




2. වෘත්තිකයන් අතේ දුරින්

image f89a69ccbf


ගෝඨාභයට ඡන්දය දුන් තවත් පිරිසක් විය. වියත්මග වැනි සංවිධාන හරහා සහ සාමාන්‍යයෙන් ඔය ඊනියා පාවෙන ඡන්ද දායකයන් සැලකිය යුතු පිරිසක් ගෝඨාභයට සහාය දැක්වූ බව පිළිගත යුතුය. මෙතන ඔවුන් හැඳින්වීමට අපි නමට “වෘත්තිකයන්” (professionals) කියමු. නමුත් ඒ වෘත්තිකයන් යනු අර මහින්දගේ ඡන්ද පදනමට සාපේක්ෂව කුඩා පිරිසකි.

ඔවුන්ගෙන් පමණක් ඡන්ද දිනිය නොහැකිය. අරගලකරුවන්ගෙන් පමණක් රනිල්ට දිනිය නොහැකිය. එමෙන්ම එම වෘත්තිකයන් සත පහකට විශ්වාස නොකළ යුතුය. හැමදේම හොඳින් වෙන විට ලඟට එන ඔවුන් අභියෝගය පැමිණි වහාම “ට ටා බ බායි කියා පැත්ත මාරු කරයි. ඔවුන් අරගලයටත් ගියා. දැන් ඉන්නවා ගලේ පැහැරූ බළල්ලු වගේ.

 එබැවින් කිසිම විටෙක රනිල් ඔය වෘත්තිකයන් ඕනෑවට වඩා කරට නොගත යුතුය. ඔවුන් කියන ලොකු ලොකු විසඳුම්වල ඇති බුල් බර ඇර මේකප් සෝදා වේලා ගත යුතුය. කොහොමත් මේ අවස්ථාවේ පොහොට්ටුවේ ජනවරමට පිටින් වෙන පණ්ඩිතකම් කිරීමට යෑම අනිවාරතේ අත පුච්චා ගැනීමකි. රනිල් කළ යුත්තේ හැකිතරම් තමන්ගේ දේශපාලන බලය ආරක්ෂා කරගැනීමයි. ඒ සඳහා කළ යුත්තේ පොහොට්ටුව සමග එකඟතාවය තව තවත් ශක්තිමක් කිරීමයි.


3. ඒකීය රාජ්‍යය රැකීම

EYq2GN1XkAU8Ypl

 ගෝඨාභයට සහාය දුන් සිංහල බෞද්ධ බලවේග ඔහුගෙන් ප්‍රධාන වශයෙන් කැඩුනේ නැගෙනහිර ජැටියේ පලහිලව්ව නිසාය. ඉන්දියාව සහ ලංකාව අතර ඇති ආදර-වෛර (love-hate) සම්බන්ධය හරියට තේරුම් ගත යුතුය. රනිල්ගේ මාමණ්ඩිය ඒ කාලේ ඉන්දිරා ගාන්ධි සමග හදාගත් අනවශ්‍ය කෝන්තරයේ පටන් පළාත් සභා හදන ඉන්දු-ලංකා ගිවිසුම ආදිය දක්වා ඉතිහාසය රනිල්ට අමුතුවෙන් මතක් කළ යුතු නැත.

මෙතන තියෙන්නේ ඒකීය රාජ්‍යය පිළිබඳ දෘෂ්ටිවාදී ගැටලුවකි. ගෝඨාභයට සිංහල බෞද්ධ ජාතිකවාදී කඳවුරේ සහාය හීන වීම ප්‍රබල අවාසියක් වුණා.

එබැවින් ඔය දෙමළ ජාතික සන්ධානයට ඕනෑවට වඩා ආල පාන්නට යෑම අනුවණකමකි. සිංහල බෞද්ධ බලවේගය ගෝඨාභය සමග උරෙන් උර හිටගත්තා නම් නූගත් නිවට අරගලකාරයන් කොච්චිවලින් එන්නේ නැත. ආවත් ජනපති මැදුරේ ස්විමින් පූල් එකේ සබන් ගා නාන්නේ නැත.

එබැවින් කිසිම විටෙක රනිල් මෙරට සිංහල බෞද්ධ බලවේග තරහ නොකර ගත යුතුය. ඒකීය රාජ්‍යය ආරක්ෂා කළ යුතුය. හැටනව ලක්ෂයක් සාතිශය බහුතර සිංහල බෞද්ධ ජනතාවගේ හිත දිනාගන්න බැරි නම් අඩුම ගානේ දැන් ඔවුන්ට රනිල් කෙරෙහි තිබෙන ශාන්තිය (peace) නොබිඳ තබා ගත යුතුය.



4. සන්නිවේදනයේ වැදගත්කම

FB IMG 1686872683718
ගෝඨාභය සිය අතිශය අභියෝගාත්මක සහ කෙටි ධූර කාලය තුළ පවා මහා විශාල වැඩ කන්දරාවක් කර තිබේ. නමුත් ඒවා හරියට ජනතාවට දැනෙන්න සන්නිවේදනය (communicate) කරගැනීමට අපට නොහැකි විය. එය මුල සිටම අවුල් විය. සන්නිවේදනය පිළිබඳව මෙලෝ අවබෝධයක් නැති ඈයෝ මෙන්ම අති පණ්ඩිත නිවේදකයෝ පවා වැඩේ අනාගත්තෝය.

 අභ්‍යන්තර සාකච්ඡා රෙකෝඩ් කිරීම සහ ජනතාවට දිය යුතු කොටස් මොනවාද පිළිබඳව ප්‍රායෝගික සහ සූක්ෂම අවබෝධයක් ඇති විශ්වාසවන්තම දක්ෂයන්ට වැඩේ බාරදීම රනිල්ට හිත සුව පිණිස පවතී. එපමණක් නොව කෙතරම් කාර්යබහුල වුවත් ඒ සන්නිවේදනය පිළිබඳව නිරන්තර සැලකිල්ලෙන් සිටීම ඉතා වැදගත්ය. ගෝඨාභයගේ ප්‍රතිරූපයට ගහන්න පටන් ගත්තේ එම සන්නිවේදන දුර්වලතාවය උපයෝගී කරගෙනය.


මේ මූලික නිරීක්ෂණයන් කිහිපයක් පමණී. මේවා මා කියන්නේ සිදු වූ සියල්ල අත්දුටු සහ ඒවා ගැන සමබරව ප්‍රායෝගිකව සහ තාර්කිකව විමසා බලන අයෙකු හැටියටය. රනිල් සිය පළමු වසර සෑහෙන දුරට සාර්ථකව පැමිණ ඇත. මා ඉහත කියා ඇති දේ ඔහු ඉතා හොඳින් දන්නා බවත් මට විශ්වාසයි. රටක් හැටියට අපට මේ අවස්ථාවේ වැඩිපුරම වැදගත් වන්නේ "දේශපාලන ස්ථාවරත්වයයි" (stability).

ධර්මය අපට මග වේවා!

eranda. ginige
(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක

eranda.ginige@gmail.com

2023 ජූනි 25

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රනිල් සහ ගෝඨාභය - අවස්ථායික දේශපාලනය - (එරන්ද ගිනිගේ) | The Leader