The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
Opinion

ආගම ; එහි සාරයෙන් වෙන් කිරීම

T

The Leader Desk

June 27, 2023 • 10:58 AM

ආගම ; එහි සාරයෙන් වෙන් කිරීම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාවේ ප්‍රධාන වශයෙන් ආගම් තුනක් ජනතාව අතර මුල් බැසගෙන තිබෙනවා.
  • මේ ආගම් බිහිවීමේ මූලයන් එකිනෙකට වෙනස්, ඒවා ඉතිහාසය දිගේ ගමන් කර ඇති ආකාරයන් ද වෙනස්.
  • ඒ ඒ ආගම් ආශ්‍රිතව බිහිවී ඇති සදාචාරවාදී මිනුම් අනුව ඒ ඒ ජන කොට්ටාශ හැඩ ගැසී තිබෙනවා.
  • ඒවා විශ්වාසයන්, ඇදහීම් වශයෙන් මනුෂ්‍ය ජීවිතය තුල කිදාබැස ඇති ආත්මීය කාරණා.
අකුරු ප්‍රමාණය (Font Size):

එනම් බුද්ධාගම, ක්‍රිස්තියානිය හා මුස්ලිම් ආගමයි. මේ ආගම් තුනම ලංකාවට එන්නේ බාහිරින්, බුද්ධාගම ඉන්දියාව හරහා එන විට ක්‍රිස්තියානිය එන්නේ යටත් විජිත යුගයේ බටහිර යුරෝපීය අධිරාජ්‍ය හරහා. මුස්ලිම් ආගම අරාබි වෙළෙඳුන් හරහා එනවා. මේ ආගම් බිහිවීමේ මූලයන් එකිනෙකට වෙනස්, ඒවා ඉතිහාසය දිගේ ගමන් කර ඇති ආකාරයන් ද වෙනස්.

නමුත් මේ සියලුම ආගම්වලදී ඒවා මනුෂ්‍යයන්ගේ අධ්‍යාත්මික ජීවිතය කෙරෙහි විශාල බලපෑම් සහගත යි. ඒ ඒ ආගම් ආශ්‍රිතව බිහිවී ඇති සදාචාරවාදී මිනුම් අනුව ඒ ඒ ජන කොට්ටාශ හැඩ ගැසී තිබෙනවා. ඒවා විශ්වාසයන්, ඇදහීම් වශයෙන් මනුෂ්‍ය ජීවිතය තුල කිදාබැස ඇති ආත්මීය කාරණා.

Religious symbols. Christianity, Islam, Judaism, Buddhism and Hinduism. Interfaith dialogue. France. (Photo by: Fred de Noyelle/Godong/Universal Images Group via Getty Images)

එම නිසාම මේ ආගම්වල සත්‍ය, අසත්‍යබාවය සෙවීම නිරර්ථක කාරණාවක්. මගේ යෝජනාවනම් ඒවා එසේම පැවතීමට ඉඩ දිය යුතු බවයි. එසේම මේ ආගම් වල නිර්මාතෘවරුන් වන බුදුරජාණන් වහන්සේ, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ හෝ මොහොමඩ් නබි තුමා ට ඇති ගෞරවයත්, එසේම පැවතිය යුතුයි.

සමකාලීන යුගයේ ධනවාදයේ වර්ධනයත් සමග අපි අලුත් යුගයකට අවතීර්ණ වී තිබෙනවා. තවදුරටත් ධනවාදය අපෙන් බාහිර ස්ථානයක සිට ක්‍රියා නොකරන අතර එය අපේ ආත්මීය කාරණා මත පරායත්ත වීම ඇරඹී තිබෙනවා.

9348 Romantic man waiting the perfect girl with flowers Black car

උදාහරනයකට කිවහොත් පරිභෝජනය (භාණ්ඩ හා සේවා) යනු තවදුරටත් අපේ අවශ්‍යතා මත පදනම් නොවී අපේ මනුෂ්‍ය සම්බන්ධතා ක්ෂ්‍රේත්‍රය වෙත ගමන් කර තිබෙනවා. යම් මනුෂ්‍යයකු තවත් මනුෂ්‍යයෙක් ඇසුරු  කරන්නේ පැරණි අර්ථයෙන් නෙමෙයි. අනෙකා සතු මෝටර් රථය, ජංගම දුරකථනය, නිවස, ඇදුම් පැළඳුම් ආදී වශයෙන් වන ඔහුගේ පරිභෝජන භාණ්ඩ ප්‍රමාණය මේ යුගයේ මනුෂ්‍ය සබදතාවයකදී අධිනිශ්චය වෙනවා.

අනිත් පසින් පරිභෝජනය ආගමක් වශයෙන් විශ්වාසයන් හා ඇදහීම් කලාපය වෙත පැමින තිබෙනවා. තමන්ට සමාජය තුල අනන්‍යතාවයක් සහ පිලිගැනීමක් ලැබෙන්නේ තමන්ගේ තුල ඇති යම් මනුෂ්‍ය ගුණයක් නිසා නොව තමන් පරිහරණය කරන මෝටර් රථය නිසා බව මිනිසුන් දන්නවා.

ඒ නිසාම මනුෂ්‍ය සබඳතා පිළිබඳ වන “ආදර කලාපයෙන්” පරිභෝජන භාණ්ඩ “ඇදහීම් කලාපය” වෙත විතැන් වී තිබෙනවා. කෙටියෙන් කියන්නේනම් සිය හොදම යහලුවෙකුට වඩා තමන්ගේ මෝටර් රථය වටිනා බව මේ යුගයේ සියලුම දෙනා දන්නවා. හැබැයි ගැටලුව එන්නේ මෙතනින්ම යි.

Japanese woman talking on the mobile phone surrounded by commuters walking to work.

මනුෂ්‍ය සබඳතා ක්ෂ්‍රේත්‍රයේ මේ විතැන් වීමත් සමග, මනුෂ්‍යා ; මනුෂ්‍ය සබඳතා නොමැති හුදෙකලා කලාපයක් දෙසට ගමන් කරනවා. තමන්ගේ හුදෙකලාව තුල ජංගම දුරකථනය හොදම මිතුරා වන විට ආදරය ඇතුලු සියලුම මිනිස් හැඟීම් විරහිත කලාපය අපිට හමුවෙනවා, එහි අනිත් පැත්ත වන්නේ ආතතියයි. මනෝ විශ්ලේෂනය පිළිබඳ වැඩපොල අපිට හමුවන්නේ මෙතනදී.

ප්‍රශ්නය ඇත්තේ මේ ආතතිගත මනුෂ්‍ය ප්‍රාණියාට මෙහිදී ආගමෙන් ලැබෙන්නේ කුමන සරනක්ද යන්න යි. පැරණි අර්ථයෙන් ආගම මිනිස් ජීවිතයේ සදාචාරවාදී ප්‍රමිතිය කෙරෙහි කරන ලද බලපෑම මෙහිදී අසාර්ථක වීමට නියමිතයි. ධනවාදය තුල පරිභෝජනවාදී සංස්කෘතිය අධිනිශ්චය වන විට ඊට සදාචාරයක් නැහැ. මුදල් මුල් තැන ගන්නා මෙවැනි යුගයක මිනිසුන් මුදල් සෙවීමට සියලුම සදාචාරවාදී සීමාවන් කැඩීමට සූදානම්.

download 2 1

ආගම අසාර්ථක වන මේ ස්ථානයේදී එහි සංථාපිත ආයතනික රාමුවද අර්බුදයන් කෙරෙහි ගමන් ගන්නවා. මනුෂ්‍ය සබඳතාවන් වලදී පාරිභෝගික භාණ්ඩ වන්දනාමාන කිරීම ප්‍රමුඛ වන විට ආගමික සංස්ථාපිතයන්ද ඒ මත පරායත්ත වෙනවා. තවදුරටත් ස්වාමීන් වහන්සේ කෙනෙකුට බෙන්ස්, ප්‍රාඩෝ, ජගුවර්, බීඑම්ඩබ්ලිව් මෝටර් රථයක් නොමැතිනම් දානයක් සදහාවත්, බණක් සදහාවත් ආරධනා නොලැබෙන්නේ එහි තාර්කික අවසානය සටහන් කරමින්.

එසේ සිය ආගමික පරමාදර්ශයන් වලින් පිට ආගම පවත්වා ගැනීම හෝ පැවති සදාචාරවාදී සීමාවන් උල්ලංඝනය කිරීම හෝ සමාජීය වශයෙන් පිලිගැනීමට ලක්වී ඇති අතර එවැනි ආගමික සංස්ථාපිත ආයතනික ව්‍යුහයන් මිනිසුන්ගේ වඩා ආකර්ශනයටත්, ආධාරවලටත් භාජනය වී තිබෙනවා.

නමුත් මේ සුසමාදර්ශී විතැන් වීම වෙනත් කලාපයන් කෙරෙහි බලපෑම් සහගත වීමද පරීක්ෂාවට ලක් කල යුතුයි. ආගම ධනවාදය තුල තොදොල් වීම හා එහි තාර්කික අන්තයක් කෙරෙහි ගමන් කරතත් එහි “යථමය ස්වභාවය” එනම් අර්ථයකට ගෙන ඒමට නොහැකි කොටස මන්ඩි ලෙස ඉතුරුවෙනවා.

356455112 1052515119241464 2646737950111140182 n

එය නැවත, නැවත ස්ථාපිත කිරීමට ඇති මිනිස් ආශාව විසින් දකින, දකින කදුවල, ගල් වල, හන්දි වල හෝ මහපාරේ චෛත්‍ය, බෝගස් හෝ  බුදු පිලිම ඉදිකරන්නේ ඒ නිසයි.

ආගමික සංථාපිත ආයතන ව්‍යාපාරික ස්ථාන බවට පත්වන විට බුදුරජාණන් වහන්සේ “යථක්” ලෙස මහපාරට, කදුවලට, හන්දි වලට වැඩම කරවීම ඒ අනුව පැහැදිලි විය යුතුයි.

 356231322 1052515219241454 4597743754061567601 n

ආගම පැරණි අර්ථයෙන් එහි සාරයන්ගෙන් වෙන්වීම මනුෂ්‍ය ආත්මයට සිය අධ්‍යාත්මික ජීවිතය අහිමි කරවීමක්. පරිභෝජනය ආගමක් ලෙස වර්ධනය වන යුගයක ආගම නැවත කියවීම හෝ එය පැරණි සාරයන් මත නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීම මේ යුගයේදී විප්ලවීයයි.

මාක්ස් ගේ අදහසින් ආගම දෙස බලන වාමාංශික දෘෂ්ටිවාදී කෝනයෙන් නොව සමකාලීන යුගයේදී ආගම ධනවාදයේ විවේචක අක්ෂයේ ඉන්දවීම වැදගත්. මුස්ලිම් ආගම එහි යම් දුරක් ගමන් කර ඇත්තේ හිංසනීය මාර්ගයක්ද තෝරාගනිමින්.

බුද්ධාගම ධනවාදයේ විවේචන අක්ෂයේ මුල් තැනක් සිය අවිහිංසාවාදී මූලධර්මය කඩ නොකර තබන්නේ නම් එය ඒ වෙනුවෙන් කරන විශාලම විප්ලවීය දෙයද වනවා.

(carbonnews.lk)


JW


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...