The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
Opinion

වහාම අධිකරණ ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි

T

The Leader Desk

July 6, 2023 • 7:19 AM

වහාම අධිකරණ ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාර්ලිමේන්තුව අමතමින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් ඊයේ (05) කරන ලද ප්‍රකාශය වැදගත්‍ ය.
  • කෙසේ වුව ද මෙහිදී පොලීසියට මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවට ද ඇති වගකීම සුළුපටු නොවේ .
  • අධිකරණ පද්ධතිය පැත්තෙන් බැලූ විට ඊට ඇත්තේ දරාගත නොහැකි නඩු තොගයක් බව අවධාරණය කල යුතුය.
  • මේ අධික නඩු ප්‍රමාණය සිය හිස මත පැටවී තිබියදී ඒ සදහා සාධාරණ යුක්තිය ඉටුකරලීම ඉතා අපහසු කටයුත්තක් බවද කිව යුතුය.
අකුරු ප්‍රමාණය (Font Size):

විශේෂයෙන්ම ලංකාවේ අධිකරණ පද්ධතිය භෞතිකවත් ආකල්පමය වශයෙනුත් දශක ගනනාවක් පුරා ප්‍රතිසංස්කරනයන්ට භාජනය වී නැත.

මහේස්ත්‍රාත් අධිකරණවල විභාග වන සුලු අපරාධ නඩු, දිස්ත්‍රික් අධිකරණවල විභාග වන සිවිල් නඩු (ඉඩම්,විවාහ) හා මහාධිකරණවල විභාග වන බරපතල අපරාධ මෙන්ම මත්ද්‍රව්‍ය ආශ්‍රිත නඩු ද, විශාල කාල පරාසයක් තුල ඇදෙමින් පවතී. කෙසේ වුව ද මෙහිදී පොලීසියට මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවට ද ඇති වගකීම සුළුපටු නොවේ.

මහාධිකරනයන්හි අධිචෝදනා බාරදෙනු ලබන නඩු සදහා අදාල විමර්ශන ගොනු පොලීසිය විසින් නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමුකරන අතර ඒවා නීතිපති දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂා කොට බලා සැකකරුවන්, සාක්ෂි ලැයිස්තුව හා චෝදනා කෙටුම්පත් කරනු ලැබේ. මෙහිදී පොලීසිය විසින් මෙම විමර්ශන ගොනු සකස් කිරීමට අදාල විමර්ශනය අවසන් කලයුතු අතර ඒවාහි පවතින්නේ බරපතල ප්‍රමාදයකි. එසේම මෙම ගොනු නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කල පසු එහිද පවතින්නේ ප්‍රමාදයකි.

මෙම විමර්ශන ප්‍රමාදවීම පිළිබඳව සාධාරණ හේතුවකින් තොරව කල්ගැනීම පොලීසිය පැත්තෙන් සමාව දිය හැකි කරුනක් නොවේ. ඒ සදහා නිශ්චිත කාල රාමුවක් සකස් කිරීම කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුය. එසේම නීතිපති දෙපාර්තමේන්තුවට නම් මෙම ගොනු වල අඩුපාඩු නොමැති විටක තමන්ට අවශ්‍ය පරිදි කල්ගැනීම මුලුමනින්ම අහෝසි කල යුතුය. අඩුපාඩු නොමැති ගොනු වර්ගීකරනයකින් පසු ඊට අදාල කාලරාමුවක් සැකසීම බලධාරීන්ගේ වගකීමකි.

Sri Lanka courts.max 1400x700

අධිකරණ පද්ධතිය පැත්තෙන් බැලූ විට ඊට ඇත්තේ දරාගත නොහැකි නඩු තොගයක් බව අවධාරණය කල යුතුය. කැමති කෙනෙකුට ඒ සදහා මාලිගාකන්ද වැනි මහේස්ත්‍රාත් අධිකරණයක් නිරීක්ෂණය කල හැකිය. අනිත් අතින් අලුත්කඩේ අධිකරණ සංකීර්නයද නිරීක්ෂණය කල හැකිය. අධිකරනවල විනිශ්චය ආසන වල සිටින්නේද මනුෂ්‍යයන් ය. මේ අධික නඩු ප්‍රමාණය සිය හිස මත පැටවී තිබියදී ඒ සදහා සාධාරණ යුක්තිය ඉටුකරලීම ඉතා අපහසු කටයුත්තක් බවද කිව යුතුය.

අනිත් අතින් මේවායෙහි ඇති භෞතික සම්පත් යනු වැඩවසම් ආකෘතිය. පැරණි ලී පුටු, බංකු, මේස අයිති වන්නේ 18 වෙනි සියවසටය. ඕනෑම මනුෂ්‍යයෙකුට අධිකරණය තුලදී ලැබිය යුතු අවම මනුෂ්‍ය පහසුකම්වත් මේවා තුල නැත. බොහෝ අධිකරණ වල වායු සමීකරණ නැත. පවතින විදුලි පංකා යල්පැන ගොසිනි. මේවා යාවත්කාලීන කිරීම අනිවාර්‍යතාවයකි.

තවත් විශේෂිතම වූ කාරනාවක්ද තිබේ. ඒනම් මෙහි ඇති වැඩවසම් ආකෘතිය බිදහෙලීමට තරම් නිර්භීත වීමයි. සැකකරුවන් හෝ ඔහුගේ නීතිඥයා සිටින්නේ දෙතැනකය. විත්තිකූඩුව ලෙස නම්කෙරී ඇති කූඩුවක් තුල සැකකරුව ගාල් කරන අතර තමන්ට එරෙහිව ඇති නඩුව මෙහෙයවෙන්නේ කෙසේදැයි ඔහු දන්නේ නැත. නීතිඥවරයාගේ මතය සැකකරුගේ මතය නොවන අවස්ථා කොතරම් තිබුනද, ඒවා අතර නොගැලපීම් අධිකරණය තුලදී විසදාගැනීමේ ක්‍රමයක් නැත. සැකකරුට තමන්ට එරෙහිව ඇති නඩු කටයුත්තකදී ඊට එරෙහි වීමට අවස්ථාවක් (නීතිඥවරයා හරහා හෝ) නොලැබීම කොතරම් නූතන ප්‍රජාතන්ත්‍රවාදය තුල ගැලපේදැයි විමසිය යුතුය.

law

අනිත් පසින් පොලීසිය ද, නීතිඥවරුන් ද, රජයේ නීතිඥයින් ද (නීතිපති දෙපාර්තමේන්තුව) සිය නීතිය පිළිබඳව ඇති දැනුම “බලයක්” ලෙස භාවිතා කරයි. තමන්ගේ නඩුව පිළිබඳව දැන ගැනීමට ඇති අයිතිය පූජනීය රෙදි කඩකින් වසා තිබේ. ඒ පිළිබඳව කෙරෙන විමසීම් දේව කන්නලව් තත්ත්වයට වැටී තිබේ. යුක්තිය ඉටුවීම පමනක් නොව එය ඉටුවන ප්‍රවේශයද නිරීක්ෂණය කිරීමට හැකිවීම වැදගත් ය. නමුත් ලංකාවේ අධිකරණ පද්ධතිය තුල ඇති ඉහත කී වැඩවසම් චින්තන රාමුව ඊට වැට කඩලු බැද තිබේ.

අධිකරණ පද්ධතියේ ඇති භෞතික ප්‍රතිසංස්කරන පිළිබඳව ගැටලුවක් වෙන්නේ ඊට වෙන් කරන මුල්‍යමය ප්‍රතිපාදන පමනක් වුවත් එහි ඇති චින්තන ආකෘතිය වෙනස් කිරීම දේශපාලන මැදිහත් වීමකි. ඒ සදහා නිර්භීත වන දේශපාලන මැදිහත් වීමක් කෙරෙහි වන ලාලසාවක් අපිටද තිබේ. ඊට ආන්ඩුව සූදානම්දැයි අනාගතයේදී බලාගත හැක.

(carbonnews.lk)


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...