The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
Opinion

කල්ට් අතිරේකය : බය නැතුව විකුණන්න - (චින්තන ධර්මදාස)

T

The Leader Desk

July 7, 2023 • 12:39 PM

කල්ට් අතිරේකය : බය නැතුව විකුණන්න - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විකිණීම යනු ලෝකයේ පහල වුනු උදාරතම සංකල්ප වලින් එකකි.
  • එය ලංකාවේ බොහෝ දෙනාට පාපී සංකල්පයක් ලෙස වැටහීමක් තිබේ.
  • අපි නිරන්තරයෙන් යමක් විකුණමින් සහ යමකට විකිනෙමින් සිටින බව අව‍බෝධ වීම නූතන සමාජයේ පුරවැසියෙකුට අවශ්‍යය.
  • විකිණීමට එරෙහි වෙන කෙනෙක් එතැනදී ද තමන් විකිනෙන බව දන්නේ නැත.
අකුරු ප්‍රමාණය (Font Size):

මිනිසාගේ නිදහස පිණිස වඩාත්ම ඉවහල් වූ ක්‍රමයකි. එය ලංකාවේ බොහෝ දෙනාට පාපී සංකල්පයක් ලෙස වැටහීමක් තිබේ. ඊට හේතුව ඒ බොහෝ දෙනා පූර්ව ධනේශ්වර මානසිකත්වයන්වල වාසය කරන නිසයි.

ලංකාවෙ බොහෝ ප්‍රශ්නවලට මුල මේ පූර්ව ධනේශ්වර චින්තනය යැයි කිව හැකිය. බොහෝ දෙනෙක් විකිණීම යැයි සිතන්නේ යමක් විකුණා මුදල් ලබා ගැනීම ඍජු ක්‍රියාවලියයි. එය විකිණීමේ ප්‍රාථමිකම ක්‍රියාවකි. අපි නිරන්තරයෙන් යමක් විකුණමින් සහ යමකට විකිනෙමින් සිටින බව අව‍බෝධ වීම නූතන සමාජයේ පුරවැසියෙකුට අවශ්‍යය. සවිඥානක ජීවිතයක් වන්නේ එයයි. විකිණීමට එරෙහි වෙන කෙනෙක් එතැනදී ද තමන් විකිනෙන බව දන්නේ නැත. ඒ අය අසරණය.

බුදුන් වීදි සංචාරය කරමින් තමන්ගේ අදහස් විකිනුවා යැයි කිව හැක. එයින් බුදුන් මුදල් ඉපැයූවේ නැත. සංඝ සමාජයක් සහ උපාසක සමාජයක් උපයා ගත්සේක. එයින් ඒ අදහස් buy කරන අයට ද විශාල සහනයක්, සැනසීමක් ලැබුනි. බෞද්ධ සමාජය ඇතිවන්නේ බුදුන්ගේ අදහස් ප්‍රචාරය මගිනුයි. අදහස් ප්‍රචාරය යනු විකිනීමකි. එයට ප්‍රොපගැන්ඩා යනුවෙන් වචනයක් යෙදෙයි.

 125558776 gettyimages 1316424410 170667a
ඕනෑම දෙයක් විකිනීම නරක නැත. මත්ද්‍රව්‍ය පවා විකිනීමට අවසර දිය යුතුය. ඒ අවසරය නොදී පවතින්නේ සෞඛ්‍ය නැමැති සංකල්පය විකිනීම හරහාය. සෞඛ්‍යමය අදහස් වෙළඳපොල අධිකාරියක් විසින් මත්ද්‍රව්‍ය නැමැති නිෂ්පාදනය විකිනීම බාධා කරයි. නමුත් තමන්ට අවශ්‍ය දේ මිළට ගැනීම පාරිභෝගිකයාගේ අයිතියකි. කිසිම අධිකාරියකින් එය බාධා කිරීම වරදකි. මත්ද්‍රව්‍ය විරෝධී සහ මත්ද්‍රව්‍ය පක්ෂපාතී අදහස් නිදහස් අදහස් වෙළඳපොලක තරගවැදිය යුතුය. නොඑසේ නම් lsd, magic mushroom, mdma වැනි අද බොහෝ මානසික ව්‍යාධීන් පිණිස යොදාගන්නා මත්ද්‍රව්‍යයන් අපට අහිමි වනු ඇත.

විකිනීම නරක වන්නේ ඒ විකිනීමෙන් යම් පාර්ශ්වයකට අගතියක් වන්නේ නම් පමණි. දෙපාර්ශ්වයටම ලාභයක් වන විකිණීම උත්තරීතරය. එය සමාජයට යහපතක් කරයි. උදාහරණයක් හැටියට කෙනෙක් නතාෂාගේ සිදුවීම ගතහොත් කස්සප හිමියන් විසින් නතාෂාගේ කලාකාමී ප්‍රහසන නිෂ්පාදනය විකිනීමට බාධා කරයි. නීතියේ අධිකාරීන් භාවිතා කරමින් ඇයව සිරගත කරයි. එය අදහස් ප්‍රකාශනයේ නිදහස උල්ලංඝනය කිරීමේ වරදක් හැටියෙන් ලෝකය පිළිගෙන තිබේ. එමගින් සමාජයට සිදුවන්නේ අවැඩකි.

කස්සප හිමි සිවුරක් හැඳගෙන කරනුයේ ආගමක් විකිනීමකි. එයා ආගමක නියෝජිතයෙකි. එයාගේ ආගම විසින් කලාව විශ්වාස කරන අයගේ ආගම බාධා කර තිබේ. අනතුරුව දෙරණ හිරු වැනි නාලිකා මේ පුවත විකුණන්න පටන් ගනී. එය ජාතිභේද ආගම්භේද ඇති කරන ආකාරයෙන් ප්‍රවර්ධනය කරයි. ඒ විකිණීම සමාජයට අයහපත් විකිනීමක් වෙයි. එමගින් සමාජයේ බෙදීම් සහ ගැටීම් නිර්මාණය කරයි. සියල්ලන්ගේ අදහස් පැවතීමට හැකි සමාජයක් පිළිබඳ සංකල්ප විකිනීමයි සමාජයකට යහපත් වන්නේ.

නතාෂා වෙනුවෙන් පෙනී සිටින අය නතාෂාව විකුණයි, ඇය වීරවරියක් බවට පත්කරයි, යනුවෙන් චෝදනා නැගෙයි. එය යහපත් විකිනීමකි. භාෂාණයේ අයිතිය පිළිබඳ සංකල්පය විකිනීමකි. නිදහස පිළිබඳ සංකල්ප විකිනීමකි. ගැහැණියකගේ ස්වාධීනත්වය පිළිබඳ සංකල්ප විකිනීමකි. ICCPR නැමැති පණත අවභාවිතාවේ යෙදීමට එරෙහි විකිනීමකි. එමගින් සියල්ලන්ට සිදුවන්නේ යහපතකි. එය සමාජයේ සංස්කෘතික දියුණුවට බලපාන විකිනීමකි. අන්තගාමී අගතිගාමී අදහස් සහ අධිකාරීන්ට එරෙහි විකිනීමකි.

විකිනීම නැතහොත් selling යන දියුණු මිනිස් චර්යාවට සහයෝගය දැක්විය යුතුය. විකිනීම බාධා කිරීම යනු වැඩවසම් යුගයක් නිර්මාණය කිරීමයි. අධිපතීන්ගේ අදහස් බලහත්කාරයෙන් පැටවීමේ යුගයක් ඇති කිරීමයි. සියල්ලෝ යහපත් විකුණන්නෝ වෙත්වා.


රට ඇද වැටෙන්න මූලික හේතුව රාජ්‍ය සේවයයි' -(චින්තන ධර්මදාස)(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -අනිද්දා පත්තරේ කල්ට් අතිරේකය)


Anida

Screenshot 2023 07 07 at 12.18.55 PM


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කල්ට් අතිරේකය : බය නැතුව විකුණන්න - (චින්තන ධර්මදාස) | The Leader