The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
Opinion

සම්මා ත්‍රීසම් - (චින්තන ධර්මදාස)

T

The Leader Desk

July 8, 2023 • 5:49 AM

සම්මා ත්‍රීසම් - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මං ලිංගිකත්වයට එරෙහි බෞද්ධයෙක් නෙමෙයි. පියුරිටන්වාදියෙක් නෙමෙයි. ලිංගිකත්වය කියන්නෙත් ආධ්‍යාත්මික මාර්ගයක් කියන එකයි මගේ විශ්වාසය. ඒ නිසා හාමුදුරු කෙනෙක් හෝ පූජකයෙක් හෝ කවර හෝ
  • ඒ හොරෙන් කරන එක ඇතුලෙ තියෙන්නෙ තමන්ගෙ චීවරයේ බලය අවභාවිතා කිරීමක්.
  • එහෙම සම්මුතිය බි‍දෙන තැනදි සිවුරෙන් පහකර හැරීම පිණිස ඉදිරිපත් වෙන්න සිව්පසෙන් උපස්ථාන කරන, වැඳුම් පිදුම් කරන උපාසකයන්ට අයිතියක් තියෙනවා.
  • ගිහියන්ට ඇති ලිංගික අයිතිය භික්ෂුන්ට තමන්ගේ සාසනය තුල හිමිවෙන්නෙ නෑ.
අකුරු ප්‍රමාණය (Font Size):

කෙනෙකුට තමන්ට රිසි ලිංගික චර්යාවක යෙදීමේ නිදහස ‍තියෙන්න ඕන.

නමුත් ඒක විවෘත දෙයක් වෙන්න ඕන. ඒක හොරෙන් කරනවා කියන්නෙ අපචාරයක්. ඒ හොරෙන් කරන එක ඇතුලෙ තියෙන්නෙ තමන්ගෙ චීවරයේ බලය අවභාවිතා කිරීමක්. බුදු හාමුදුරුවන්ට මුවා වෙලා කරන කැත වැඩක්. වැදගත්ම දේ තමන් තමන්ට අවංකවීමයි. එහෙම නැති තැනක වැදුම් පිදුම් කළ යුතු ගුණයක් නැත.


 හාමුදුරුවරුන් විසින් මෙතෙක් කලේ ගිහියන්ගේ ලිංගික අයිතිය පැහැර ගැනීමයි. ලෞකික රාජ්‍යයට අතපෙවීමයි. එය අපචාරයක් වගේම බලහත්කාරයක්. ගිහියන් අඳින පළඳින විදිහ ගැන, ගිහියන්‍ ලිංගිකව හැසිරිය යුතු විදිහ ගැන, ගිහියන් විහිලු කළ යුතු, කලාව කළ යුතු විදිහ ගැන වගේම ගිහියන් දේශපාලනය කළ යුතු විදිහ ගැනත් උගන්නන්න හාමුදුරුවරු ආවා. ඒවා බුද්ධ භාෂිතය විදිහට දේශනා කරන්න ගත්තා. මිනිස්සු හිරේ දාන්න පෙරමුණ ගත්තා. ජාතිවාදයේ ආගම්වාද‍යේ ඉස්සරහින්ම හිටියා. ආධ්‍යාත්මික ජීවිතය කියන එක, බුදුන්ගේ දේශනාව කියන එක සම්පූර්ණයෙන්ම විකෘති කළා. ඒ බලහත්කාරයට පීඩනයට එරෙහිව නැගී සිටින්න ගිහියන්ට අයිතියක් තියෙනවා.

4b
බුද්ධ සාසනය කියන්නෙ භික්ෂු භික්ෂුනී උපාසක උපාසිකා යන සිව්පසෙන් සැදුම් ලද්දක්. භික්ෂුන් සහ උපාසකයන් අතර පවතිනවා සම්මුතියක්. උපාසකයන්ට එක බණක් දෙසමින් භික්ෂුන් වෙන බණක සරනවා නම් එතනදි ඒ සම්මුතිය බිදෙනවා. එහෙම සම්මුතිය බි‍දෙන තැනදි සිවුරෙන් පහකර හැරීම පිණිස ඉදිරිපත් වෙන්න සිව්පසෙන් උපස්ථාන කරන, වැඳුම් පිදුම් කරන උපාසකයන්ට අයිතියක් තියෙනවා.

ගිහියන්ට ඇති ලිංගික අයිතිය භික්ෂුන්ට තමන්ගේ සාසනය තුල හිමිවෙන්නෙ නෑ. නීතියට වඩා ඉහළින් එතනදි ධර්ම විනය සම්මුතිය ක්‍රියාත්මක වෙනවා. නීතියෙන් වරදක් නොවුනත් බුද්ධ සාසනය තුල ඒක වරදක්. ඒ නිසා කුපිත වූ ගිහියන් භික්ෂුවකට පහර දීම මට අලුත් දෙයක් නෙමෙයි. අපි පොඩි කාලෙ ඉඳන්ම පන්සල්වල ඔවැනි ලිංගික හැසිරීම් කළ භික්ෂුන් ගම්වැසියන් එක්ව පහර දී පලවා හැරීම සිදු කරනවා. ලිංගිකව හැසිරීම අලුත් දෙයක් නෙමෙයි වගේම තමයි ඔහොම පහරදීමත් අලුත් දෙයක් නෙමෙයි.


211029191201 monk meditating hands

 සාසනය තුලට ලිංගික නිදහස කැඳවන්නට නම් භික්ෂුන් විවෘතව එය පිලිගන්න ඕන. ඒ විවෘතභාවයෙන් දහම් දේශනා කරන්න ඕන. ගිහියන්ගේ ලිංගික අධ්‍යාපනයට පවා විරුද්ධ වෙන, සමලිංගික අයිතියට පවා විරුද්ධ වෙන භික්ෂුන්ට කොහෙත්ම අයිතියක් නෑ තමන්ට අවැසි රතිසුව සාසනය තුල විඳින්න.

භික්ෂුන් සමග යහන්ගත වෙන කාන්තාවන්ට හිංසා කිරීමත් මේ සිදුවීමේදී පමණක් සිදුවන දෙයක් නෙමෙයි. අතීතයේ පටන්ම ඒ සාසන සම්මුතිය බිඳින කාන්තාවන්ට අපහාස අවමාන කිරීම සිද්ද වුනා. ඒක සාසනයේ භික්ෂුන් සහ උපාසකයන් අතර සම්මුතිගත තත්වයක්. අපේ ලිබරල් අදහස් හෝ නීතිමය අදහස් එතනදි අදාල වෙන්නෙ නෑ. එහෙම අදාල වෙන තත්වයක් භික්ෂුන් විසින් නිර්මාණය කරලත් නෑ.

දේශපාලන බලය පිණිස චීවරය යොදාගත් කිසිම කෙනෙකුගේ ලිංගික අයිතිය වෙනුවෙන් මගේ මැදිහත්වීමක් නෑ. මට අනුව ඔවුන් පිටුදැකිය යුතු අපචාරිකයන් වගේම දූෂකයන් පිරිසක්.

Chinthana D
(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com


(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

 

Screenshot 2023 07 07 at 12.18.55 PM


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සම්මා ත්‍රීසම් - (චින්තන ධර්මදාස) | The Leader