The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
Opinion

භික්ෂූහු ද මනුෂ්‍යයෝ ය... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

July 8, 2023 • 4:55 PM

භික්ෂූහු ද මනුෂ්‍යයෝ ය... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • .ස්ත්‍රී - පුරුෂ බයිනරියෙන් ඔබ්බෙහි පැවැත්මක් (beyond male and female binary) ලෙස තමන් අර්ථකතනය කරගන්නා භික්ෂූ නිරූපණ ශිල්පී කෝඩෝ නිශිමුරා ටෝකියෝ නිරූපණ දැක්ම අතරතුර (Kodo Nishimura at Tokyo Fashion Show).
  • ඇත්තටම මනුෂ්‍ය සම්බන්දතා කළමණාකරණය කරන සන්දර්භය ඇතුලේ ඒ හාමුදුරුවෝ සෑහෙන පමණ වැඩ්ඩෙක්.
  • ඉතිං ගිහියන්ට ඒ ගැන මරාගෙන මැරෙන පන්නයේ ඉර්ෂ්‍යාවක් ඇතිවෙන එක වළක්වන්න බැහැ.
  • අනිත් එක එහෙම යන්න තරම් ගැහැණියකට ආකර්ෂණයක්, ආරක්ෂාවක්, රහස් රැකීමක් ඒ හාමුදුරුවන් තුල ඇති.
අකුරු ප්‍රමාණය (Font Size):
අර හාමුදුරුවෝ සහ ත්‍රීසම් සිද්ධිය ගැන නම් මෙහෙමයි. ඇත්තටම මනුෂ්‍ය සම්බන්දතා කළමණාකරණය කරන සන්දර්භය ඇතුලේ ඒ හාමුදුරුවෝ සෑහෙන පමණ වැඩ්ඩෙක්. විශේෂයෙන් අපි මේ ගිහියෝ වෙලත් අපිටත් ඔහොම ගැහැණු දෙන්නෙක් එක්ක ඉන්න අවස්ථාව හොයාගන්න බැහැ. හොයා ගත්තත් එහෙම ඉන්න සයිකොලොජි එක හදාගන්න බැහැ. නිකම් බොරු කියන්න ඕනි නැහැනේ. ඒ කළමණාකරණය මරු. ඉතිං ගිහියන්ට ඒ ගැන මරාගෙන මැරෙන පන්නයේ ඉර්ෂ්‍යාවක් ඇතිවෙන එක වළක්වන්න බැහැ.

අනිත් එක එහෙම යන්න තරම් ගැහැණියකට ආකර්ෂණයක්, ආරක්ෂාවක්, රහස් රැකීමක් ඒ හාමුදුරුවන් තුල ඇති. ඒකත් සැළකිය යුතු දෙයක්. අනික අර ගිහියන් දෙන්නට වඩා නම් හාමුදුරුවෝ පෙනුමයි.  

කොයි අර්ථයෙන් ගත්තත් පවත්නා භික්ෂූ විනය ඇතුලේ එහෙම දේවල් කරන්න බැහැ. ඒ නිසා පවත්නා තත්වය ඇතුලේ ඒ හාමුදුරුවෝ වැරදියි. සහ පෙනෙන විදියට විශාල විනය කඩවීමක් තියනවා.


කාර්මික විප්ලවයෙන් පස්සේ ආපු ලෝකය කියන්නේ පැරණි ලෝකය නෙවෙයි. විද්‍යාව සහ තාක්ෂනය එක්ක ලෝකය වෙනස්ම අර්ථකතනයක් බවට පත්උණා. පැරණි ආගමික බයිබල් අර්ථකතනය තවදුරටත් ලෝකය නිර්වචනය කරන්න ප්‍රමාණවත් වුණේ නැහැ.


ගැලිලියෝ, කොපර්නිකස්, නිව්ටන්, ජේම්ස් වොට් සහ තවත් අය එක්ක මිනිසා වෙනස්ම මිනිසෙක් බවට පත්වෙන්න ඕනි අඩුම කුඩුම ලැබුණා. විශාල නිෂ්පාදන චක්‍රයක් එක්ක, පරිභෝජනයක් එක්ක, මිනිස් චලනයක් එක්ක ලෝකය වඩාත් ලෞකික උණා. ආගම සම්පුර්ණයෙන්ම ඉවත් උණේ නැතත් ඒකට තිබ්බ අර්ථකතනමය හැකියාව විශාල ලෙස අඩුවෙන්න ගත්ත.

ඒ මහා මිනිස් චලනය එක්ක නූතන බව ව්‍යාපෘතියක් උණා (modern project). ඒ ව්‍යාපෘතිය ඇතුලේ ලෞකික විප්ලවයක්, ලිංගික නිදහස පිලිබඳ විප්ලවයක්, පුද්ගල නිදහස පිළිබද විප්ලව ගණනාවක්, ආර්ථික විප්ලව ගණනාවක් ලෝකය අත්දැක්ක.

බර්ලින් තාප්පේ බිඳවැටිලා, කොකා කෝලා ඇවිල්ල, රූපවාහිනිය ඇවිල්ල, ඉන්ටනෙට් ඇවිල්ල, මොබයිල් ෆෝන් ඇවිල්ල, දැන් කෘතීම බුද්ධිය ඇවිල්ල, මිනිස් සමාජය බුදුන් හිටිය සමාජයෙන් කොච්චර වෙනස් වෙලා ද?

බුදුන්ගේ කාලයේ සමාජ චලනයෙන් කොච්චර වේගවත්ද මේ සමාජ චලනය? කොච්චර සංකීර්ණ සමාජයක් ද මේක?

ආශාව කියන එක කොච්චර පැටව් ගහලද මේ සමාජය ඇතුළේ? මම කියන්නේ මේ සමාජ චලනය එක්ක භික්ෂුවගේ කාර්යය සහ පැවැත්ම ඉතාම සංකීර්ණ වෙලා කියල.

කේ. එෆ්. සී. ඉස්සරහින්, පීසා හට් ඉස්සරහින්, මැක්ඩොනල්ඩ් ඉස්සරහින්, වන් ගෝල් ෆේස් ඉස්සරහින් එයාලත් අපි වගේම යන්න ඕනි. එයාල ළඟට බණ අහන්න එන්නේ බුදුන්ගේ කාලේ ස්ත්‍රිය නෙවෙයි. ඉතාම වසඟකාරී ස්ත්‍රීන්. සහ තවත් දේවල් බොහෝයි.

මිනිස් පරිභෝජනයට ඇවිල්ලා තියන දහසකුත් එකක් දේවල් දැක දැක මම හිතන්නේ භික්ෂූ ජීවිතය ගතවෙන්නේ ඉතාම ආතතිගත තැනක.


කෙනෙකුට කියන්න පුළුවන් එහෙනම් සිවුරු ඇරලා නිකම් ඉඳපල්ලා කියල. ඔව් ඒකත් උත්තරයක් තමයි. හැබැයි මම හිතන්නේ මේ අධිවේගී පරිභෝජන ධනවාදය ඇතුලේ සංඝ සමාජය ඇතුලෙන්ම කතිකාවක් එනවා නම් හොඳයි එයාලගේ කාර්යය ගැන. අනාගතය ගැන. පැවැත්ම ගැන. විපරීත යුගයක විපරීත නොවී ඉන්නේ කොහොමද කියන එක ගැන.


විශේෂයෙන් නිදහස සහ විමුක්තිය ගැන අලුත් කතාවක් එන්න ඕනි. ගල් කණු අල්ලාගෙන ඉන්නේ නැතුව නව යුගයක අධ්‍යාත්මික බව ගැන එයාල කතා කරන්න ඕනි. නිකම් හිතන්න ඉන්දියාවේ සද්ගුරු වගේ කෙනෙක්ගේ ගෝලීය චලනය ගැන. බෞද්ධ අධ්‍යත්මික කතිකාව ලෝකයේ ගිහිල්ල තියෙන දුර ගැන. අපි තාම එකතැන.

ගිහි මිනිස්සුත් මේ කතාබහට එකතු වෙන්න ඕනි. සාවධාන වෙන්න ඕනි. යම් විදියකට සාසනේ කියන එක පවත්වා ගෙන යන්න නම් අපිත් යම් වෙනස් භික්ෂූත්වයක් අත්විඳින්න හිත හදාගන්න ඕනි.

ගුටි දෙන එක ලේසියි. හැබැයි මේ මම කියන වැඩේ ටිකක් අමාරුයි.


Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)



සබැඳි ලිපි :

 

 

 

 

Screenshot 2023 07 07 at 12.18.55 PM

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...