The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
Opinion

සිංහල-බෞද්ධ සංස්කෘතියේ පරස්පරය ; රාම රාජ්‍යයේ අවසානය.

T

The Leader Desk

July 9, 2023 • 4:07 PM

සිංහල-බෞද්ධ සංස්කෘතියේ පරස්පරය ; රාම රාජ්‍යයේ අවසානය.

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • '' Spring, Summer, Fall, Winter... and Spring'' චිත්‍රපටිය kim-ki-duk විසින් අධ්‍යක්ෂණය කර තිරගත වෙන්නේ
  • මේ ප්‍රතිවිරෝධය අතර ඇති ගැටුම සමාජයක් ඉදිරියට ගමන් කිරීමේ ගාමක බලය වන්නේත් එම නිසාමයි.
  • ලාංකීය සමාජය තුල “ලාංකිකභාවය” තුළ ඇති ප්‍රතිවිරෝධය “දෙමළා” ලෙසින් මතුවන විට ඒ අතර ඇති ගැටීම ලාංකීය සමාජය ලෙස වර්ධනය වෙනවා.
  • ලංකාවේ බෞද්ධාගමික සංඝ සංස්ථාව රැකගැනීමේ උදාර වගකීම තමන් මත පැටවී ඇතිබව මේ දායකයන් කල්පනා කිරීම හරහා එහි දයලෙක්තික තර්කනය අපිට මගහැරෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

2003 වසරේදී. ඈත පිටිසරට වෙන්නට තියෙන පන්සලකට පැමිණෙන තරුණයෙක් එහිදී පැවිදි ජීවිතයට ඇතුලත් වෙනවා. එහි සිටින වයෝවෘද්ධ ස්වාමීන් වහන්සේ සමග මේ තරුණ හිමිනමත් වැඩ වසනවා. පවතින සාමකාමී තත්ත්වය වෙනස් වෙන්නේ තරුණියක් මේ පන්සල වෙත පැමිණීමත් සමග.

මේ තරුණ භික්ෂුව, මේ තරුණියත් සමග ලිංගික සම්බන්ධයකට යන අතර පසුව ඇයත් සමග උපැවිදිව මෙයින් පලා යනවා. අපට අවසානයේ පෙන්වන්නේ මේ තරුණියව ඝාතනය කරන මේ තරුණයා නැවත ලේ තැවරුණු පිහියක් සමග පන්සල වෙත පැමිණෙන දර්ශනයකිනුයි.

මෙතරම් ජීවිතය පිළිබඳව අවබෝධයක් ලැබීමට ධර්මය පිළිබඳ හැදෑරීමට පැවිදි වෙන කෙනෙකු අවසානයේ මිනීමරුවෙක් වෙන්නේ කෙසේ ද?

 

 ජර්මානු දාර්ශනික හේගල්ට අනුව “යමක අභ්‍යන්තරයේ ම එහි පරස්පරය ද තිබෙනවා”. දයලෙක්තිකය යනු එයයි. ඒ අනුව අපි ආදරය පිළිබඳව සංකල්ප ගොඩනංවන විට වෛරය ද ඒ තුළ ම වනවා. අපි ආදරය කරන කෙනෙකුට යම් මොහොතකදී අපි ම වෛර කිරීමට පෙළඹෙන්නේත් ඒ නිසාමයි. මේ ප්‍රතිවිරෝධය අතර ඇති ගැටුම සමාජයක් ඉදිරියට ගමන් කිරීමේ ගාමක බලය වන්නේත් එම නිසාමයි. ලාංකීය සමාජය තුල “ලාංකිකභාවය” තුළ ඇති ප්‍රතිවිරෝධය “දෙමළා” ලෙසින් මතුවන විට ඒ අතර ඇති ගැටීම ලාංකීය සමාජය ලෙස වර්ධනය වෙනවා.

 

බෞද්ධ භික්ෂුවක් සමග ලිංගික සම්බන්ධයකට යන කාන්තාවන් දෙදෙනෙකුට සිංහල-බෞද්ධ පිරිමින් පිරිසක් විසින් දෙන හිංසනය සමාජ මාධ්‍ය මත මේ දිනවල වෛරල් වීඩියෝවක් වී තිබෙනවා.

ලංකාවේ බෞද්ධාගමික සංඝ සංස්ථාව රැකගැනීමේ උදාර වගකීම තමන් මත පැටවී ඇතිබව මේ දායකයන් කල්පනා කිරීම හරහා එහි දයලෙක්තික තර්කනය අපිට මගහැරෙනවා.

තමන් විසින් රැකගැනීමට වෙර දරන බෞද්ධාගමික සංස්ථාපිතය ඉදිරියේ මේ ප්‍රකට කරවන හිංසනය මගින් ඔවුන් එහි අනිත් අන්තය ද අපිට පෙන්වනවා.



බෞද්ධාගම මෛත්‍රිය, කරුණාව පිරුණු අවිහිංසාවාදී දහමක් වන විට, ඒ තුළ ශික්ෂණය ලැබූවන් මේ ප්‍රකට කරන හිංසනය හරහා එහි අනිත් අන්තය එනම් බෞද්ධාගමේ ප්‍රතිවිරෝධතාවය ම ඒ තුළ ම දැකිය හැකියි. එය වෛරය, කෝපයේ සිට ලිංගික හිංසනයක් දක්වාම ගමන් කරනවා. මනුෂ්‍යයාගේ ජීවිතවල ඇති මේ එකිනෙකට නොපෑහෙන අන්ත දෙක හරහා මනුෂ්‍ය විෂය ව්‍යුහගත වෙනවා.



බෞද්ධාගම තුළ විලිවසා ගන්නා ඇදුම ගැන ඇත්තේ ඉතා අල්පේච්ඡ අදහසක්. තනිරෙද්දකින් නිමවුනු රෙදි කඩකින් විලිවසා ගැනීම හරහා භික්ෂුව සිය ආශාවෙන් විතැන් වෙනවා. පැරණි ලෝකය තුළ සිංහල බෞද්ධයා ද විලි වසාගන්නේ මීට අනුලෝමවයි. එය ඉතා සරල ඇඳුමක් (සරම,චීත්තය). සමකාලීන යුගය තුළ විලිවසා ගැනීම වෙළඳපොල සම්බන්ධ වෙන්නේ ඇඳුම් මෝස්තර නිර්මාණය ප්‍රාග්ධන සමුච්ඡනයට සම්බන්ධ කරමින්. එය තව දුරටත් විලිවසා ගැනීමට සම්බන්ධ නෑ.

ලංකාවේ සියලුම සිවිල් යුධ තත්ත්වයන් වලදීත් (87/89,83-2009) හා නිමාවූ අරගල සමයේත් ඝාතන හා පහරදීම් අතර පුද්ගලයින් නිර්වස්ත්‍ර කිරීම දකින්නට පුලුවන්. එක් අතෙකින් නිරුවත් මිනිස් ශරීරය ලාංකිකයන්ට තවමත් අර්ථයකට ගේන්න නොහැකි යථක් (Real).



තවමත් අඳුරේ ලිංගික සම්බන්ධතා පවත්වන ලාංකිකයන්ගේ මේ යථමය ශරීරය පූර්ණ වශයෙන් නැරඹීම ලාංකිකයන්ගේ ආශාවක්. අනිත් අතින් විලිවසා ගැනීම සංස්කෘතික කාරණාවක් හැටියට නොව සදාචාරවාදය හා බද්ධව තේරුම් ගැනීමට යාම ද පරස්පරයි. ලංකාව තුළ කාන්තාවන් කලිසම් ඇඳීමට ගත් මුල් යුගයේ ඊට පැමිණි විරෝධය මතක් කරගැනීම වැදගත්.

 

මෙම වෛරල් වූ සිද්ධියේදී තවත් වැදගත් කාරණාවක් ද තිබෙනවා. සිය පුද්ගලික වාසස්ථානයේදී මෙම භික්ෂුවට අවශ්‍යනම් වෙනත් ඇඳුමක් ඇදිය හැකියි. නමුත් මේ භික්ෂුව ලිංගික සම්බන්ධය සඳහා “සිවුර” තෝරාගෙන තිබෙනවා. මෙතනදී භික්ෂුව සිය “විනෝදය” ලබාගැනීමට ඊට බාධාකරන උපරිම තහනම කඩනවා. (හෙල්මට් නොමැතිව යතුරු පැදියකින් පොලීසියක් ඉදිරියෙන් යෑම) භික්ෂුවට විනෝදය ලැබෙන්නේ ලිංගික සම්බන්ධයෙන් පමණක් නොවෙයි. ඊට සිවුර හැඳ සිටීමත් වැදගත්. වැඩි ම විනෝදය ලැබෙන්නේ වැඩි ම තහනම කැඩූ විටයි. නාමල් රාජපක්ෂ නුවර දළදා මාළිගාව වටා කාර් රේස් සංවිධානය කරන්නේ ඇයි ද යන්න ඔබට දැන් පැහැදිලි ඇති.

මේ සමකාලීන යුගය යනු නොනවතින විනෝදය තහවුරු කරන යුගයක්. අපේ ජීවිත යම් අර්ථයක් මත පිහිටුවනු ලබන සියලු ම පරමාදර්ශ කඩා වැටෙන යුගයක්. එහිදී අපිත් අහිංසක නෑ. සමාජයක් ලෙස වෙනස් වෙනවා වෙනුවට පුද්ගලික අභිලාෂයන් ඉටු කරගැනීමට උත්සාහ කිරීම හරහා අපිට බේස් විය හැකි ලෝකය අපි අහිමි කරගන්නවා.


හේගල්, ආගමට ඉහළින් දර්ශනය තැබීමට උත්සාහ කරන්නේ මිනිස් ජීවිතය පිළිබඳ ගැටලුව විසඳීමට මැදිහත් වීමෙන්. සමකාලීන යුගයේ ආගමට ඉහළින් නීතිය ද බලගැන්විය යුතුයි. අශිෂ්ට මිනිස් වර්ගයා ශිෂ්ට කිරීමට ගොඩනගාගත් ශිෂ්ටාචාරයේ අනිත් අන්තය ලාංකිකයන්ට අභිමුඛ වී තිබෙනවා. මේ දයලෙක්තිකය තුළ එය විසඳන, පහදන දේශපාලන චින්තනමය වෙනසක් කෙරෙහි අප යොමුවිය යුතුයි.



මිනිස් ජීවිතයේ අර්ථය පිළිබඳව ප්‍රශ්න කෙරෙනා දේශපාලන ව්‍යාපෘතියක් පිළිබඳව ලාංකිකයාට ඇති ආශාව මොට කරන ලද යථාර්ථය වෙනස් කිරීමේ වාමාංශික ලාලසාව වෙනුවට අපේ ම ආත්මීය ගැටලු කෙරෙහි යොමුවෙන දේශපාලන භාවිතාවක් කෙරෙහි යොමුවීම මේ යුගයේ අනිවාර්‍යතාවයක්.

තමන් වෙනස් නොවී ලෝකය වෙනස් කිරීමට යාම තුළ බිහිවීමට නියමිත වන්නේ මෙවැනි විපරීත රංගනයන් පමණයි.


(carbonnews.lk)

 

Screenshot 2023 07 07 at 12.18.55 PM


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...