The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
Opinion

සිවුරක් ඇඳන් ඕනම දෙයක් කිරීමේ නිදහස නොහොත් ආගම ඇදහීමේ නිදහස - (චින්තන ධර්මදාස)

T

The Leader Desk

July 12, 2023 • 8:56 AM

සිවුරක් ඇඳන් ඕනම දෙයක් කිරීමේ නිදහස නොහොත් ආගම ඇදහීමේ නිදහස - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කතා කිරීමේ නිදහසට වඩා ඉහලින් ආගම ඇදහීමේ නිදහස පවතිනවා කියල රනිල් වික්‍රමසිංහ කියනවා.
  • රංචුවක් විසින් කරන ඇදහිල්ලක බලය ගැන ප්‍රකාශයක්.
  • ස්වීඩනය ඇතුලු බොහෝ බටහිර රටවලට ඉස්ලාම් ආගමික විශ්වාසයන් කරදරයක් වෙලා තියෙනවා.
  • ඒ වෙනුවෙන් තනි පුද්ගලයෙකුට හෝ තමන්ගේ වේදනාව පිටකළ නොහැකි බවයි රනිල් වික්‍රමසිංහගේ යෝජනාව.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ අතරෙම එයා කියනවා, කතා කිරීමේ නිදහස තමයි පළවෙනි වගන්තිය කියලත්. ඒත් දෙවෙනි වගන්තිය විසින් පළවෙනි වගන්තිය යටපත් කරන්නෙ කොහොමද කියන එක ගැන රනිල්ට ප්‍රශ්නයක් නෑ. එයා මේ නොකියා කියන්නෙ අන් සියලු අයිතිවාසිකම්වලට වඩා ඉහළින් ආගම ඇදහීමේ නිදහස පවතිනවා කියලයි.

මේ කතාව එයා කියන්නෙ ස්වීඩනයේ පල්ලියක් ඉස්සරහ කුරානයක් පුළුස්සා දැමීමේ ක්‍රියාව මුල්කරගෙන. එතනදි විමල් වීරවංසගෙ ස්ථාවරයට රනිල් යනවා. බටහිර විසින් පිළිගන්නා වටිනාකම් අපි විසින් පිළිගන්නෙ නෑ කියල කියනවා. ඒ වෙනුවට රංචුව, ‍ගෝත්‍රය, වර්ගය මූලික කරගත් ආගම ඇදහී‍මේ නිදහස ඉස්සරහට ගන්නවා.

 

 

රනිල් මේ කියන්නෙ පුද්ගලයෙක් විසින් තමන්ගේ ආගම ඇදහීමේ පුද්ගලික අයිතිය ගැන නෙමෙයි. රංචුවක් විසින් කරන ඇදහිල්ලක බලය ගැන ප්‍රකාශයක්. මේ ස්වීඩනයේ සිදුවීමෙදි පුද්ගලයෙක් විසින් කුරානය පුළුස්සා දමනවා. ඒකෙන් කොහොමද තව කෙනෙකුගේ ආගමක් ඇදහීමේ නිදහසක් බාධා වෙන්නෙ? ඒකෙන් කොහොමද තව පිරිසකගේ ආගමකට තර්ජනයක් වෙන්නෙ? එහෙම තාර්කික සිතීමක් රනිල්ට අවශ්‍ය වෙන්නෙ නෑ. ඒ වෙනුවට එයා රංචුව පැත්තෙ හිටගන්නවා.

quran

ස්වීඩනය ඇතුලු බොහෝ බටහිර රටවලට ඉස්ලාම් ආගමික විශ්වාසයන් කරදරයක් වෙලා තියෙනවා. ඒ ඉස්ලාමීය විශ්වාසයන් විසින් ඔවුන් පිළිගන්නා නිදහස පිළිබඳ වටිනාකම් බාධා කරන නිසයි. ඉස්ලාමය මිනිස් නිදහස පිළිගන්නා දහමක් නොවන නිසයි. වෙන විදිහකින් කිව්වොත් ඉස්ලාමීය ව්‍යාප්තිය විසින් බටහිර මිනිසාගේ ආගමික විශ්වාසයන් රිදවමින් තියෙනවා. ඒ වෙනුවෙන් තනි පුද්ගලයෙකුට හෝ තමන්ගේ වේදනාව පිටකළ නොහැකි බවයි රනිල් වික්‍රමසිංහගේ යෝජනාව.

මානව අයිතිවාසිකම්, ලිබරල් වටිනාකම් කියන්නෙත් එය පිලිගන්නා මිනිසුන්ට ආගමක්. ශාස්තෘ කෙනෙක් හෝ දෙවියෙක් හෝ විශ්වාස කරනු වෙනුවට ලිබරල් දහම විශ්වාස කරන්නේ පුද්ගල නිදහස. එය කිසිසේත්ම සමූහයක් වෙනුවෙන් පාවා දීමට නොහැකිය කියන එකයි එහි පදනම. රනිල්ගේ ආගම ඇදහීමේ නිදහස විසින් බාධා කරන්නේ තව කෙනෙකුගේ ආගම ඇදහීමක් කියල රනිල්ට කල්පනා වෙන්නෙ නෑ. නෑ, එහෙම නෙමෙයි, රනිල්ට ඕන ඒක අමතක කරන්න.

ආගම ඇදහීමේ නිදහසට වඩා ඉහළින් කතා කිරීමේ නිදහස පවතිනවා. ඒකට හේතුව සියලු ආගම් උත්පාද වෙලා තියෙන්නෙ කතා කිරීමේ නිදහස තුලින් නිසයි. කතා තිරීමේ නිදහස වෙනුවට ආගම ඇදහීමේ නිදහස ඉහළින් තිබුනා නම් අපිට විද්‍යාව, තාක්ෂණය, ප්‍රජාතන්ත්‍රවාදය  ආදී අද බුක්ති විඳින සියලු මානව වත්කම් අහිමි වනු ඇති. රනිල්ගේ යෝජනාව අපිව නැවත ඒ වත්කම් අහිමි වූ යුගයකට දැක්කීම බව පැහැදිලියි.

ලංකාව බුදු දහමෙන් පෝෂණය වුනු රටක්. බුදු දහමේ ඇදහිල්ලක් නෑ. එහි පවතින්නෙ විචාරය කිරීමක්. රනිල් විසින් ආගම ඇදහීමේ නිදහස, කතා කිරීමේ නිදහසට ඉහළින් තබනවා කියන්නෙම බෞද්ධයන්ගේ සිත් රිදවීමක්. බුදු දහමට අපහාස කිරීමක්. බුදු දහම අපේ උරුමය වෙනවා කියන්නෙම කතා කිරීමේ නිදහස අපේ උරුමයක් කියන එක. රනිල් විසින් කරන්නෙ බුදුදහම ඉස්ලාමීයකරණය කිරීමට අනුබල දීමක්. නිදහස සීමා කරන දහමක් බවට පත් කිරීමක්. රනිල් බෞද්ධයෙක් නෙමෙයි.

දේශපාලන‍යේ ගේම්කාරයෙක් වුනු රනිල් මේ කරන්නෙ මොකක්ද කියන එක ටිකක් වෙලා ඉවසිල්ලෙන් බලන් ඉන්න කෙනෙකුට පැහැදිලියි. රනිල් ජනාධිපති වෙලා ඉන්නෙ පොහොට්ටුවෙ බලයෙන්. ඒ කියන්නෙ ජනතාව අතින් ප්‍රතික්ෂේපිත පිරිසකගේ බලයෙන්. ඒකෙ වරද රනිල්ට විතරක් පවරන්න බෑ. ඒ වෙලාවෙ රනිල් සමග එකතු වී හෝ, තම තමන් එකතු වී හෝ ආණ්ඩුවක් පිහිටුවීමට මැදිහත් නොවූ හැම කෙනෙක්ම ඒකට වග කියන්න ඕන. දැන් රනිල් කරන්නෙ තමන්ගේ බලය ආරක්ෂා කරගැනීමට ගේමක් සැලසුම් කරන එක.

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය ඇතුලෙ තමන්ගේ බලය ගොඩනගා ගන්න අසීරු තැනදි රනිල් රාජපක්ෂ ක්‍රමයට මාරු වෙනවා. වැඩවසම් ආගමික බලය තමන්ගේ පැත්තට හරවගන්නවා. ඒ හරහා බහුතර සිංබෞවන් පිරිසක් තමන්ගේ පැත්තට ගන්නවා. ආගම්වාදය නිර්මාණය කරන්නෙ රනිල්.

විවිධ ආකාරවලින් බුද්ධාගමට විශාල හානියක් වෙනවා කියලා අදහසක් සැලසුම්සහගතව නිර්මාණය වෙමින් යනවා. ඒ නිර්මාණය කරන්නෙ දෙරණ සහ හිරු කියන මාධ්‍යයත් ඒවායින් පාලනය වෙන සෝෂල් මීඩියාත් හරහා. ඒවා ගැන කරන පැමිනිල්ලක් හෝ විභාග වෙන්නෙ නෑ. ඒ කියන්නෙ ඒ දේවල් සිද්ද වෙන්නෙ රජය‍ේ අනුදැනුම මත.

D9ZElAxW4AAWC5y

මේ අතරෙ බුද්ධාගම බේරගන්න රනිල් වික්‍රමසිංහ ඉස්සරහට එනවා. ආගම ඇදහීමේ නිදහස ඒ කියන්නෙ, සිවුරක් පොරවාගෙන ඕනෑම දෙයක් කිරීමට ඇති නිදහස මූලිකම මිනිස් අයිතිය විදිහට ප්‍රකාශ කරනවා. භික්ෂුන් වහන්සේලා පිනා යනවා. සිංබෞවන් ආහ්ලාදයට පත්වෙනවා.

බුදු දහමට හානියක් සිද්ද වෙනවා කියන එකත් බුදු දහම බේරාගැනීමේ වීරයා තමන් කියන එකත් දෙකම නිර්මාණය කරන්නෙ රනිල් වික්‍රමසිංහ. ඒක කොයිතරං බාල පීචං වැඩක් වුනත් බලය ගැන විතරක් කල්පනා කරන මැකියාවෙලි කෙනෙකුට නොවරදින සැලසුමක්.

අපි බලන් ඉමු බුදු දහම බේරාගන්නා වීරයා රනිල් වික්‍රමසිංහ ‍කොයිතරං කාලයක් මේ රට පාලනය කරයිද කියල. මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුව බිඳ වැටෙද්දි මං කිව්වා මින් ඉදිරියට කිසිම විධායක ජනාධිපති කෙනෙක් සිරිසේනට වඩා හොඳ වෙන්නෙ නෑ කියල. නැත්තං අවසාන වෙන්නෙ සිරිසේනට වඩා විකාරයක්, විහිලුවක් බවට පත්වීමෙන් කියල. මේ වෙද්දි රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව කියන්නෙ විහිලුවක් කළත් මිනිස්සු හිරේ දාන විහිලු ආණ්ඩුවක්. රනිල් නික්ම යන්නෙ සිරිසේනටත් වඩා ජෝකර් කෙනෙක් විදිහට කියන එක මගේ අනාවැකියක්.


රට ඇද වැටෙන්න මූලික හේතුව රාජ්‍ය සේවයයි' -(චින්තන ධර්මදාස)(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - faculty of sex

vyadhadeva@gmail.com


(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)


සබැඳි පුවත් :
ස්වීඩනයේ කුරාණය ගිනි තැබීම : ජනාධිපතිගේ කතාව සහ වෙනත් කතා !


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...