The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
Opinion

බෞද්ධයෙක් නම් නිරාගමිකයි - (චින්තන ධර්මදාස)

T

The Leader Desk

July 14, 2023 • 11:12 AM

බෞද්ධයෙක් නම් නිරාගමිකයි - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සමාජ මාධ්‍යවල නිරාගමික යනුවෙන් අපහාසාත්මකව පාවිච්චි කරන ගොඩක් සිංහල බෞද්ධයන් නිරාගමික කියන එකේ තේරුම පටලවාගෙන
  • බුදුන්ගෙ කාලෙ ආගම විසින් ඒ භාරත සමාජයේ කුල- වර්ණ වශයෙන් බෙදීම් ඇති කරලා තිබුන.
  • එහෙම සම්බන්ධ වීම කියන්නෙම රාජ්‍යය විසින් මිනිස් නිදහස බාධාකිරීමක් වෙනවා.
  • අවසානයේ ආගම් යනු මාෆියාවක් නැත්නම් හිංසන යාන්ත්‍රණයක් බවට පත්වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

හෝ නොදන්නා බවක් පේනවා. ඒ හින්දම ඒ වචනෙ ඉබාගාතෙ තේරුමක් නැතුව පාවිච්චි වෙනවා. රැඩිකල් කියන වචනෙටත් මේ වගෙම දෙයක් සිද්ද වෙනවා. කිසි වෙලාවක ගූගල් කරලාවත් ඒ වචනවල තේරුමක් හොයන්න උත්සාහ නොකරන මේ පිරිස් මේ වචන කුණුහරුප විදිහට පාවිච්චි කරනවා.

නිරාගමික කියන එක පිරිසක් තමයි අදේවවාදීන් කියන්නෙ. ඒ අයට ඉංග්‍රීසියෙන් Atheist කියලා කියනවා. බුදුන් කියන්නෙත් අදේවවාදියෙක්. බුදුන් දේශනා කළ මග යන නියම බෞද්ධයෙක් කියන්නෙත් අදේවවාදියෙක්. තමන් පාලනය කරන දෙවි කෙනෙක් නෑ කියන ඉගැන්වීම තමයි බුදුන්ගේ දේශනාවෙ එන්නෙ. ඒක බ්‍රාහ්මණ මැවුම්කාර ආගම්වලට අභියෝග කළ දහමක්.

කිසිම ආගමක් පිළිනොගන්නා කෙනෙකුට නිරාගමිකයෙක් කියලා කියන්නත් පුළුවන්. ආගමක් කියන්නෙ සංස්ථාපිත ආයතනයක්. අධිකාරියක්. මිනිසාව බියවැද්දීමෙන් සහ දණ්ඩනයෙන් පාලනය කරන පීඩාකාරී යාන්ත්‍රණයක්. බුදුන්ගෙ කාලෙ ආගම විසින් ඒ භාරත සමාජයේ කුල- වර්ණ වශයෙන් බෙදීම් ඇති කරලා තිබුන.

ආගමානුබද්ධ පූජනීය වස්තු ගැරහීම හා ආගමට ගැරහීම පිළිබඳ බෞද්ධ ආකල්පය - (කපිල  අභයවංස)

ඒ අර්ථයෙනුත් බුදුන් කියන්නෙ නිරාගමිකයෙක්. ගෞතම බුද්ධ සංස්ථාපිත ආගම් පිලිගත්තෙ නෑ. ආගමක් දේශනා කලේ නෑ. ජාති ආගම් කුල ආදී සියලු බැඳීම් වලින් නිදහස් වීමයි බුදුන්ගෙ දේශනාව වෙන්නෙ.  ඒක පුද්ගලයා විමුක්තිය ලබන මාර්ගයක්. ඉතිං බෞද්ධයෙක් කියන්නෙ නිරාගමිකයෙක් තමයි.

නිරාගමික කියන වචනෙට දේශපාලන අර්ථයක් තියෙනවා. ඒ තමයි secular නැත්තං ලෞකික රාජ්‍යය කියන එක. අර්ථයෙන්. ඉන්දියාව ගත්තොත් ඒ රට නිදහස ලබපු දවසෙ ඉඳන් නිරාගමික රාජ්‍යයක්. ඒ කියන්නෙ රාජ්‍යය සහ ආගම වෙන්ව පවතිනවා කියන එක. ලෞකික රාජ්‍යයට බලපෑම් කරන්න ආගමට බෑ කියන පිලිගැනීම. මේක රාජ්‍යයේ පැවැත්මටත් ආගම්වල පැවැත්මටත් යන දෙකටම අත්‍යාවශ්‍ය කාරණයක් වෙනවා. ආගම කියන්නෙ පුද්ගලයෙක් හෝ පිරිසක් විසින් පවත්වාගෙන යන විශ්වාස පද්ධතියක්. රාජ්‍යය ඒකට සම්බන්ධ වෙන්න උවමනා නෑ. එහෙම සම්බන්ධ වීම කියන්නෙම රාජ්‍යය විසින් මිනිස් නිදහස බාධාකිරීමක් වෙනවා.

hgj

ඒ වගේම ආගමක් ලෞකික රාජ්‍ය පාලනය විෂයෙහි මැදිහත් වීමෙන් ආගමක ආධ්‍යාත්මික අර්ථයන් විනාශ වෙනවා. ඒ පූජ්‍ය පක්ෂය දුස්සීල වෙනවා. අගතිගාමී වෙනවා. ආගමක විනාශයත් එතනින්ම සිද්ද වෙනවා. අවසානයේ ආගම් යනු මාෆියාවක් නැත්නම් හිංසන යාන්ත්‍රණයක් බවට පත්වෙනවා. කෙනෙකුට මේ තත්වය තේරුම් ගන්න පුළුවන් අරාබි රටවල් දිහා බැලුවම.

ආගම් කියන්නෙ මානව ශිෂ්ටාචාරයේ දියුණුවට විශාල බාධාවක් කළ ආයතන. විද්‍යාව නිර්මාණය වුනේම ආගමට අපහාස කිරීමෙන්. ලෝකය පැතලි තැටියක් වශයෙන් හෝ පෘතුවිය වටේ සියලු ග්‍රහයන් ගමන් කරමින් තිබෙන හැටියෙන් හෝ විශ්වාස කළ ක්‍රිස්තියානි පල්ලිය විද්‍යාත්මකව එය එසේ නොවේ යැයි ප්‍රකාශ කිරීම සැලකුවේ ආගමික අපහාසයක් හැටියෙන්. ආගම් කියන්නෙ ශිෂ්ටාචාරයක් ඉදිරියට පරිණාමය වීම වළක්වන තිරිංගයන්.

මේක සිද්ද වෙන්නෙ ආගම ආයතනගත වීමෙන්. එය පුද්ගල විමුක්ති මාර්ගයක් කියන තැනින් බලය සම්බන්ධ තැනකට විතැන් වීමෙන්.

අද ලංකාවෙ ගත්තොත් බුදුන්ගේ දහම පවා සිංහල බෞද්ධයන්ට ආගමික අපහාසයක් හැටියෙන් පේන්න පටන් අරගෙන තියෙනවා. කාලාම සූත්‍රය ගැරඩින්ට බූමිතෙල් වගේ වෙලා තියෙනවා. තමන් බුද්ධ දේශනාව පිලිගන්නා බෞද්ධයන් වශයෙන් පෙනී සිටීමත් සිංහල බෞද්ධ හැටියෙන් පෙනී සිටීමත් එකිනෙකට ප්‍රතිවිරුද්ධ වෙලා තියෙනවා. මේ අර්ථයෙන් ලංකාවෙ සිංහල බෞද්ධයාගේ පෞර්ෂය දෙකට පැලිලා, දෙබිඩි, කුහක බවට පත්වෙලා තියෙනවා.

බුදුන්ගේ දහම අනුව යන බෞද්ධයෙකුට තමන් සිංහල බෞද්ධ හැටියෙන් පෙනී ඉන්න පුළුවන්කමක් නෑ. බෞද්ධ කියන්නෙ විශ්වීය දැනුම් පද්ධතියක්. ඒක ජාතිය, ආගම, ලිංගිකත්වය ආදී සීමාවන් ඉක්මවා යාමම අරමුණු කරගන්නා අනාත්ම දහමක්. ඒ වගේම විචාර බුද්ධිය, සිතා බැලීම, ප්‍රශ්න කිරීම මත පවතින දහමක්. ඉතින් ‍සිංහල බෞද්ධයෙක් හැටියෙන් කෙනෙක් තමන්ව සලකුනු කරද්දීම ඒ තැනැත්තා බුදුන් දෙසූ දහමට විරුද්ධව යනවා. බුද්ධ දේශනාව අවභාවිතා කරනවා. බුදුන්ට අපහාස කරනවා.

230208 monks

බුදුන්ගේ චීවරය හැඳගෙන පුද්ගලයන් සි‍රගත කරන්න වෙහෙසෙන, ජාති ආගම් භේද නිර්මාණය කරන්න වෙහෙසෙන, මිනිසාගේ නිදහස් සිතීම සීමා කරන්න වෙහෙසෙන සියලු භික්ෂුන් කරන්නේත් බුදුන්ට අපහාස කිරීම. මේ අය බෞද්ධයන්ට පෙනී පෙනීම බුදුන් දෙසූ දහම වනසනවා.

දැන් ඇත්ත ගැටුම තියෙන්නෙ සිංහල බෞද්ධයා සහ බෞද්ධයා අතරයි. බෞද්ධයාට නිරාගමිකයා වශයෙන් අපහාස කරමින් සිංහල බෞද්ධයා කරන්නෙ බෞද්ධකම නූතන ලෝකය විසින් පිළිකුල් කරන, දේව-ආගම් පරිදි ජන පීඩක යාන්ත්‍රණයක් බවට පෙරලීමයි.


රට ඇද වැටෙන්න මූලික හේතුව රාජ්‍ය සේවයයි' -(චින්තන ධර්මදාස)(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex


vyadhadeva@gmail.com

(උපුටා ගැනීම - Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...