The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
Opinion

සජිත් ප්‍රේමදාස ; පොඩි එකාගේ දේශපාලනය

T

The Leader Desk

July 17, 2023 • 4:40 PM

සජිත් ප්‍රේමදාස ; පොඩි එකාගේ දේශපාලනය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්නා ඕනෑම රටක “විපක්ෂ නායක” ධුරය යනු විකල්ප ආණ්ඩුවේ කේන්ද්‍රය වන විට
  • එහි නිල බල රටාව මෙන්ම ඊට දී ඇති රාජ්‍ය පහසුකම් හා සේවාවන්ද, බලතලද කැබිනට් ඇමතිවරයෙකුටත් වඩා වැඩිය.
  • යමෙකු එම තනතුරේ ඇති බලය රාජ්‍යයේ මූලික පාලන ව්‍යුහය කෙරෙහි විරුද්ධව යොදාගැනීමක් ඉන් අපේක්ෂා නොකෙරේ.
  • ඉන් අදහස් කරන්නේ රාජ්‍යයක් පාලනය කරනා ආන්ඩුවක ඇති ප්‍රතිපත්ති විවේචනය කරන්නේ නම් ඊට එරෙහි විකල්ප ප්‍රතිපත්ති හදුන්වා දීමත්, ඒවා පාර්ලිමේන්තුව තුලදී ඉදිරිපත් කිරීමත්, ජනතාව සමග ඒවා සාකච්ජා කිරීමත් ය.
අකුරු ප්‍රමාණය (Font Size):

එම ධුරය සදහා රාජ්‍ය තුල ඇති ප්‍රොටෝකෝලයේද ප්‍රධාන ස්ථානයක් වෙන්කර තිබේ.



ලංකාවේ නම් විපක්ෂනායක කම දෙවෙනි වන්නේ ජනාධිපති, අගමැති, කථානායක හා අග්‍රවිනිශ්චයකාර පදවි වලට පමණි. එහි නිල බල රටාව මෙන්ම ඊට දී ඇති රාජ්‍ය පහසුකම් හා සේවාවන්ද, බලතලද කැබිනට් ඇමතිවරයෙකුටත් වඩා වැඩිය.



මේ සියල්ලෙන් රාජ්‍ය බලාපොරොත්තු වන්නේ තමන්ගේ ඊලග පාලකයා විය හැකි, විකල්ප ආණ්ඩුවක් නිර්මාණය කරගැනීම පිණිස වන බලය එම තනතුර වටා ගොඩනැගීමයි.

යමෙකු එම තනතුරේ ඇති බලය රාජ්‍යයේ මූලික පාලන ව්‍යුහය කෙරෙහි විරුද්ධව යොදාගැනීමක් ඉන් අපේක්ෂා නොකෙරේ.

ඉන් අදහස් කරන්නේ රාජ්‍යයක් පාලනය කරනා ආන්ඩුවක ඇති ප්‍රතිපත්ති විවේචනය කරන්නේ නම් ඊට එරෙහි විකල්ප ප්‍රතිපත්ති හදුන්වා දීමත්, ඒවා පාර්ලිමේන්තුව තුලදී ඉදිරිපත් කිරීමත්, ජනතාව සමග ඒවා සාකච්ජා කිරීමත් ය.



ලංකාවේ වර්තමාන විපක්ෂ නායකවරයා වන සජිත් ප්‍රේමදාස විසින් පෙන්නුම් කරමින් සිටින්නේ එවැනි දියුණු දේශපාලන භූමිකාවක් නොවේ. එදිනෙදාට මහජනයා අතර “මවාපාන යථාර්තයක්” වන මාධ්‍ය විසින් නිර්මාණය කෙරෙනා ප්‍රවෘත්තියක් සිය “එදා වේල දේශපාලනය” වෙත යොදාගැනීමයි. මාධ්‍ය මත පරායත්ත වන මේ දේශපාලනය මගින් සජිත් පෙන්නුම් කරමින් සිටින්නේ රාජ්‍ය පාලනය පිණිස තමන් විකල්පයක් නොවන බවයි.



විශේෂයෙන්ම ආගම විෂයෙහි සජිත්ගේ හැසිරීමේ දක්නට ලැබෙන අතිශයින්ම වැඩවසම්වාදී ලක්ෂණ විහිලුවක තත්ත්වයෙන් එහා ගිය ඛේදවාචකයක් බවට පත්වී තිබේ.

නුවර දළදා පෙරහැරේ විදුලි බිල සම්බන්ධයෙන් නුවර විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන ඉංජිනේරුවරයා විසින් කරනු ලැබූ දැනුම් දීම ඒ සදහා උදාහරණයකි. තමන් බලයට පත්වුවහොත් දිස්ත්‍රික්ක 24හිම චෛත්‍යයන් ඉදිකරන බවට වන ප්‍රකාශයත්, මිහින්තලා පොසොන් කලාපයේ රාජ්‍ය අනුග්‍රහය පිළිබඳව ඇතිවූ විවාදයේදී සජිත්ගේ හැසිරීමත් ඊට උදාහරණ සපයයි.



ඕනෑම ආගමික උත්සවයක් සදහා රාජ්‍ය සිය අනුග්‍රහය දැක්වීම එහි නිල මට්ටමෙන් නොසැලකීම වැරදි සහගත චිත්‍රයක් මවයි. පොලීසිය ඒවායේ ආරක්ෂක කටයුතු සදහා මැදිහත් වීමේ සිට විදුලිය, ජලය, සනීපාරක්ෂාව, කැළි කසල දක්වා වන පුළුල් පරාසයක් නියෝජනය වන්නේ රාජ්‍ය මැදිහත් වීම නිසාය. ඒවා රාජ්‍ය යාන්ත්‍රනය තුල පද්ධතියක් සේ ක්‍රියාත්මක වීම කෙනෙකුට නිරීක්ෂණය කල හැකි වුවද, ඒ රාජ්‍ය බලය සාමාන්‍යකරණයක් වීම නිසා සුවිශේෂී වන්නේ නැත.

අනිත් අතින් මේ ආගමික සංස්ථාපිතය මුල්‍යමය අතින් දුගී ආයතනද නොවේ. වාර්ෂිකව ලැබෙන පඬුරු වල සිට ලැබෙන දෙස්, විදෙස් ආධාර වලින් ඊට අඩුවක් නැත. ඒවා විගනනය නොකෙරෙනවා මෙන්ම කිසිදු බදු අයකිරීමකට යටත්ද නැත. මේ සියල්ලක් සජිත් ප්‍රේමදාස නොදන්නවා නොවේ. එසේනම් ඔහු මෙසේ හැසිරෙන්නේ ඇයි. ?



මේ සදහා ලබාදිය හැකි ජනප්‍රිය පිලිතුර වන්නේ සිංහල-බෞද්ධ ජන්ද කෙරෙහි ඇති නැමියාව ඊට බලපාන බවයි. මෙය ඇත්තක් වුවද, ඉන් වැසීයන, වසා දමන කලාපයක්ද තිබේ.

සජිත්ගේ පියා වන රණසිංහ ප්‍රේමදාස මහතා සිය ජනාධිපති පදවි ප්‍රාප්තික දිවුරුම් දීම සදහා නුවර දළදා මාලිගාවේ පත්තිරිප්පුව තෝරාගැනීම එක්තරා යුගයක ඛන්ඩනයක් පෙන්නුම් කරයි.

කුලවාදය පිළිබඳව අදහසේ දී බුදුන් වහන්සේ සිටියේ ඊට විරුද්ධ මතයක වනවිට බුද්ධ ආගමික සංස්ථාපිතය තුල එය එසේ නොවේ.



උදාහරණයකට අස්ගිරි-මල්වතු මහාවිහාර පාර්ශවයන්හි ගොවිගම කුලයෙන් පිට වෙනත් කුලයක කෙනෙකු පැවිදි කරගන්නේ නැත. ඒ මහාවිහාර සම්ප්‍රදායන් තුල උඩරට නිලමේවරුන් සතුව පැවති වැඩවසම්වාදී ලක්ෂණ හා ආගම එහිදී සමතැන් ගනී. ආර්.ප්‍රේමදාස මහතා මේ දිවුරුම්දීම හරහා එක් අතෙකින් දළදා වහන්සේ රාජ්‍යයේ උරුමයක් ලෙස ලකුණු කරන අතරම තමන් සියල්ලට ඉහලින් සිටින “රජු” බවට ද මේ වැඩවසම්වාදී රදල-ආගමික සංස්ථාපිතයන්ට මතක් කර දෙයි.



අනිත් පැත්තෙන් ආර්.ප්‍රේමදාස විසින් මහා විහාරයට පිටින් ප්‍රාදේශීයව විශාල ආගමික සංස්ථාපිතයන් වැඩෙන්නටද රාජ්‍ය අනුග්‍රහය ලබා දෙයි. ගංගාරාම වැනි විහාරස්ථ සංස්ථාපිතයක් ගොඩනැගෙන්නේ ඒ අනුග්‍රහය මත පදනම්ව වන විට ඒවා සාමාන්‍ය ජනයා වෙත විවෘත කරන ලද හා සේවා සපයන ස්ථාන වශයෙන්ද වැඩෙන්නට ඉඩ හරියි.

සිය දේශපාලන අභිලාෂයන් වෙනුවෙන් භාවිතා කල හැකි ආගමික ස්ථානයන් වෙත කරනු ලැබූ මේ ප්‍රවර්ධනය නිසා මහා විහාරයන් සංඛේතීය බලයක් මත කොටුකරන අතර ඒවායින් අනිකුත් ස්ථාන වෙන්කෙරෙයි.



සජිත් ප්‍රේමදාසට, සිය පියා වෙත ඒ යුගයේ තිබූ මේ අගමික කුලවාදී පීඩනය පිළිබඳ අදහසක් නොමැති විය හැකි වුවද, එහි ඇති බලපෑම් සහගතභාවය පිළිබඳව නොදැනීමේ හේතුවක් නැත. ආර්.ප්‍රේමදාස මහතා ආගමික සංස්ථාපිතයන් කෙරෙහි දක්වන ලද දැඩි අනුග්‍රයත්, ඒවා අස්ගිරි-මල්වතු මහාවිහාර පාර්ශව වෙත ඇති සීමා වලින් ඉවත් කිරීමත් හරහා තමන් ලංකාවේ ප්‍රධානියාය යන පණිවිඩය ලබා දෙන විට හා එහි ඇති වැඩවසම්වාදී රාමුවට පහරදී බිදහෙලන විට එය සජිත්ගේ ක්‍රියාව මෙන් සරල නැත.



පීඩිත කුලයක තරුණයෙකු ගංගාරාමයේ කාර්මික පාඨමාලාවක් හැදෑරීම මල්වතු -අස්ගිරි විහාරයේ පැවිදි වීම හා සමපාත නැත. පලමු අවස්ථාව ආර්.ප්‍රේමදාස විසින් ආර්ථිකයට ගැට ගහන විට දෙවන අවස්ථාව සංස්කෘතිය තුල ගිලී යයි.

බටහිර මිනිසාගෙන් ලාංකිකයා වෙනස් වෙන මූලයක්ද මෙතැන තිබේ. බටහිර මිනිසා “සාරය” ඇත්තේ තමන්ගෙන් බාහිරව බව වටහා ගන්නා විට එය සොයා බාහිරට යන චාරිකාව අරඹයි.

ඇපලෝ වික්‍රමය මගින් සද තරණය කරන ඔවූහූ, ටයිටැනික් නැරඹීමට හෝ එවර්ස්ට් නැගීමට හෝ උත්සාහ කර ජීවිතය වුවත් පූජා කරයි.



ලාංකිකයා “සාරය” ඇත්තේ තමන් තුලම වන බවට වන ආස්ථානයේ සිටින විට එය සොයා තමන් තුලම ගිලී යයි. එවිට “කුලය” වැනි සාධකයක් තමන් සමාජය මත පිහිටුවනු ලබන ඛන්ඩාංකයක් බව වටහා ගනී. තමන් වෙත සංඛේතීයව ලැබෙන බලය වැනි සාධකයක් හරහා කුලය වසා ගැනීමට උත්සාහ කරයි. ආගම වැනි සංස්ථාපිතයන් කෙරෙහි වැඩි අනුරාගයක් දක්වන කෙනෙකු යනු සිය ආත්මීය අඩුව පුරවා ගැනීමට උත්සාහ කරන “සාරය” පිළිබඳ අදහසේ තදින් බැදී ඇති වුන්‍ ය.

අවශ්‍ය වන්නේ තමන්ගේ “සාරය” ඇත්තේ බාහිරින් බව අවබෝධ කරගැනීමෙන්, තමන් හිස් බව වටහා ගැනීමයි. තමන් වෙත ලැබී ඇති සංඛේතීය බලය (විපක්ෂ නායක කම) රාජ්‍ය පිලිබදව අදහසේ ව්‍යතිරේකයක් නොවේ. එය ද තමන්ට බාහිරින් ලැබූ දෙයක් බව වටහා ගෙන එහි ඇති වගකීම් ඉටු කිරීමයි.



එසේ නොකර ඒ සංඛේතීය බලය සිය සාරය පිළිබඳ ඇති ගැටලුවට ලැබුනු පිළිතුරක් හැටියට බාරගැනීම හරහා සිදුවන්නේ විපක්ෂ නායක ධුරය පොඩි දරුවෙකුගේ සෙල්ලම් භාණ්ඩයක් බවට පත්වීම පමණි.


(carbonnews.lk)

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සජිත් ප්‍රේමදාස ; පොඩි එකාගේ දේශපාලනය | The Leader