The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
Opinion

කල්ට් අතිරේකය : ආර්ට් සහ ආර්ටිස්ට් දෙකට පලමු ද? - (චින්තන ධර්මදාස)

T

The Leader Desk

July 19, 2023 • 8:35 AM

කල්ට් අතිරේකය : ආර්ට් සහ ආර්ටිස්ට් දෙකට පලමු ද? - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආර්ට් එකක් ආර්ටිස්ට්ගෙන් වෙන් කරලා ගන්න පුළුවන්ද කියන එක ලෝකෙ ලොකු සංවාදයක් යන මාතෘකාවක්.
  • ඒවා නිසා අදහස් ප්‍රකාශනයේ නිදහසට බාධා කිරීමක් වෙනවා.
  • අපගේ විරෝධය වගේම විරෝධය එල්ලවෙන කෙනාගේ ප්‍රකාශනයේ නිදහසත් එකවිට පවතින්න අවශ්‍යයි.
  • බලය, බලහත්කාරය, අධිකාරිය පාවිච්චි කිරීම වෙනුවට යමකට ඇති ඉල්ලුම අඩුකිරීම ‍හේතුවෙන් නිර්මාණය හෝ නිෂ්පාදනය දුර්වල කිරීම ප්‍රජාතන්ත්‍රවාදී එළඹුමක් කියන්න පුළුවන්.
අකුරු ප්‍රමාණය (Font Size):



විශේෂයෙන්ම කැන්සල් කල්චර් එක විසින් අතීතයේ ළමා අපචාර කරපු අයගෙ, නැත්තං මිනිස් ඝාතනවලට වචනවලින් හෝ සහයෝගය දක්වපු අයගෙ, අතීත වහල් හිමියන් වුනු අයගෙ ආදී වශයෙන් විශාල ප්‍රමාණයක ආර්ටිස්ට්ලාගෙ ආර්ට් කැන්සල් කරන්න ගත්තා. මේ අතර හිටිය සමහරු මේ දේශපාලන නිවැරදිභාවය යැයි සළකන සම්මතයන්ට පිටින් වැඩ කරපු අය. කෙවින් ස්පේසි, ජේකේ රෝලින්ග්ස්, ලුවී සීකේ වගේ මං ඉතා කැමති ආර්ටිස්ට්ලා ගොඩකටත් මේ කැන්සල් කල්චර් එකෙන් වාරණ පැනවුනා. මාර්ටින් හයිඩගර් වගේ සුවිශේෂ දාර්ශනිකයන්ව කැන්සල් කරන්න කට්ටිය  ඉදිරිපත් වුනා. ආර්ට් සහ ආර්ටිස්ට් වෙන් කළ නොහැක කියන එක කැන්සල් කල්චර් එක නිසා අලුත් විදිහෙ අර්ථයක් ගත්තා. ආර්ටිස්ට් වැරදි කළ නිසා ආර්ට් එක තහනම් විය යුතුයි කියන එකයි මේ woke කට්ටියගෙ අදහස වුනෙ.

cc
මේ කැන්සල් කල්චර් එක ගැන නම් මගේ කිසිම එකගතාවයක් නෑ. ඒක හුදු තමන්ගේ දේශපාලන අදහසට විරුද්ධව යන අයගෙ නිර්මාණ නිෂ්පාදන තහනම් කිරීමේ බොළඳ ප්‍රවණතාවයක් විදිහටයි මං දකින්නෙ. අපි එකඟ දේශපාලන අදහස පමණක් පැවතිය යුතුයි කියල හිතන එක තරම් ෆැසිස්ට්වාදයක් තවත් නෑ.

නමුත් කෙනෙක් තමන් නොපිලිගන්නා ආර්ට් එකක් හෝ ප්‍රොඩක්ට් එකක් ප්‍රති‍ක්ෂේප කිරීම, එයට එරෙහිව ජනමතයක් ගොඩනැගීම වැරැද්දක් නෙමෙයි. ඒක වැදගත් අයිතියක් වගේම අවශ්‍ය ප්‍රතිචාරයක්. කෙනෙකුගේ පොතක, නිර්මාණයක, නිෂ්පාදනයක අළෙවිය බිඳවැටීම වගේ දෙයක් එතනදි වෙන්න පුළුවන්. නමුත් තමන් සතු දේශපාලන බලය හෝ සමාජ බලය පාවිච්චි කරලා යම් කෙනෙකුට තමන්ගේ නිර්මාණ එළිදැක්වීමට ප්ලැට්ෆෝම් අහිමි කිරීම බලහත්කාරයක්. ඒ අයගෙ පොත් මුද්‍රණය නොකරන මෙන් බලකිරීම හෝ ඒ අයව චිත්‍රපටවලට නොගන්නා මෙන් බලය පෑම ආදිය එකග වෙන්න පුළුවන් ආකාරයේ ප්‍රතිචාර දැක්වීම් නෙමෙයි. ඒවා නිසා අදහස් ප්‍රකාශනයේ නිදහසට බාධා කිරීමක් වෙනවා. අපගේ විරෝධය වගේම විරෝධය එල්ලවෙන කෙනාගේ ප්‍රකාශනයේ නිදහසත් එකවිට පවතින්න අවශ්‍යයි.

බලය, බලහත්කාරය, අධිකාරිය පාවිච්චි කිරීම වෙනුවට යමකට ඇති ඉල්ලුම අඩුකිරීම ‍හේතුවෙන් නිර්මාණය හෝ නිෂ්පාදනය දුර්වල කිරීම ප්‍රජාතන්ත්‍රවාදී එළඹුමක් කියන්න පුළුවන්. එතනදි වෙළඳපොල තුල තමන්ගේ ප්‍රතික්ෂේප කිරීමේ අයිතියත්, අනෙකාගේ ප්‍රකාශනයේ අයිතියත් එකවිට තරගකාරීත්වය ඇතුලෙ ආරක්ෂා වෙනවා. බලය පාවිච්චි කරමින් කැන්සල් කිරීම හරියට මොනොපොලියක් වගේ තත්වයක්.

ආර්ට් රස විඳිද්දි එක එක ආර්ට්වලට එක එක තත්වයන් පවතිනවා. අපි ජනකවියක් රස විඳින්නෙ එහි කර්තෘ ගැන දන්නෙවත් නැතුව. නමුත් කර්තෘ කෙනෙක් එහි තමන්ගේ මුද්‍රාව නොතැබීම දේශපාලන කාරණයක්. ඒ කියන්නෙ කර්තෘ විසින් එහි නිර්මාණ අයිතිය බැහැර කරලා තියෙනවා. ඒ නිර්මාණයට නිර්මාණකරුවා විසින් ලබා දුන් සවිඥාණක සහ අවිඥාණක ශ්‍රමයට බරක් නොතබා බැහැර කිරීමේ ප්‍රවේශයක් තමයි කර්තෘව නිර්මාණයෙන් ඉවත් කිරීම කියන්නෙ. මේක ගීතයකට, කවියකට කරන්න පුළුවන් වුනත් ස්ටෑන්ඩප් කොමඩියකට වගේ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපිට ස්ටෑන්ඩප් කොමීඩියන්ව බැහැර කරමින් කොමඩිය රස විඳින්න පුළුවන්ද කියන කාරණය ගැටලුකාරීයි.

රන්ජන්ට මැතිවරණවලට තරඟ කරන්න බැහැ - අලුත් තනතුර බාර ගනී !

සමහර ආර්ටිස්ට්ලා ඉන්නවා ඒ අය ‍මොන ආකාරයක දේශපාලනයක් කළත් ඒ අයගෙ ආර්ට් එක ඊට වඩා ලොකුවට පේනවා. දේශපාලන කොටස පුංචියි.  ඒ වගේම සමහර ආර්ටිස්ට්ලාගෙ දේශපාලනය ආර්ට් එකට වඩා ලොකුවට එලියට පනිනවා. තව සමහරු ඉන්නවා දේශපාලනයත් ආර්ට් එකක්ම කරනවා. දැන් රංජන් වගේ කෙනෙක් ගත්තොත් එයා කොතන හිටියත් ඉන්නෙ වන්ෂොට්. ගොඩක් වෙලාවට ප්‍රේක්ෂක ප්‍රතිචාරය පදනම් වෙන්නෙ වඩාත් එලියට ප්‍රකාශමාන වෙලා තියෙන්නෙ කවුද කියන කාරණය මත. ආර්ට් එකද ආර්ටිස්ට්වද වැඩියෙන් මිනිස්සු දන්නෙ, මිනිස්සුන්ට වැඩියෙන් දැනුනෙ කියන කාරණය එතනදි මූලිකයි.

ජාතිවාදය ආගම්වාදය වගේ කාරණා මුළුමනින්ම බැහැර කළත් මං නලින්ද සිල්වා ලියන දේවල් කියවනවා. නලින් ස්ටෑන්ඩප් ‍කොමඩියක් කළොත් බලන්න යනවා. නලින්ගේ මතවාදයට සිතීමට කොයිතරම් ප්‍රතිපක්ෂ වුනත් මං නලින් නිර්මාණකරුවෙක් විදිහට බාරගන්නවා. එතනදි මට වැදගත් වෙන්නෙ ඒ නිර්මාණකරුවා තමන්ගේ නිර්මාණය සමග ඇති අවංක සම්බන්ධයයි. ජාතිවාදියෙක් වුනත් තමන්ගේ නිර්මාණයට, තමන්ගේ සිතීමට අවංකව වැඩ කරගෙන යනවා නම්, තමන්ගේ අදහස් වෙනුවෙන් විවෘතව පෙනී ඉන්නවා නම්, ඒ සම්බන්ධයෙන් එන ප්‍රතිචාරවලට නොසැලී බාරගන්නවා නම් ඒ පුද්ගලයා ගැන මට තියෙනවා ගෞරවයක්.



Gnaw Their Tongues Issei Sagawaඉසෙයි සගාවාඒ නිසා කර්තෘ කෙනෙක් තමන්ගේ බිරිදට පහර දෙන්නෙක්ද, ළමා අපචාරිකයෙක්ද, ඝාතකයෙක්ද යනාදී ප්‍රශ්න මට නිර්මාණ රස විඳීමට බලපාන්නෙ නෑ. සමහර විට ඒ වගේ ආන්දෝලනාත්මක, ප්‍රතිකේෂපයට ලක්වෙන කාරණා නිසා මම ඒ නිර්මාණවලට වඩාත් බැ‍දෙන්න පුළුවන්. උදා විදිහට ජපානයේ ජීවත්‍ වෙන ඉසෙයි සගාවා කියන මිනීමස් කන කොමික් ආර්ටිස්ට් මං ඉතා කැමති කෙනෙක් වෙනවා.

ඒ කවුරු වුනත් තමන්ගේ අදහස, මතවාදය වෙනුවෙන් පෙනී ඉන්න හින්දයි. තමන්ගේ ආර්ට් එක වෙනයි, දේශපාලනය වෙනයි කියන ආර්ටිස්ට් කෙනෙකුගෙ නිර්මාණ රස විඳින්න මට පුළුවන්කමක් නෑ. එතනදි ඒ ආර්ටිස්ට් නැති කරගන්නෙ ඉන්ටග්‍රිටිය. ආර්ට් එක සහ ජීවිතය අතර සම්බන්ධය. මං රස විඳින්නෙ මනුස්ස ජීවිතයක් මිස හුදු ප්‍රකාශනයක් නෙමෙයි.

AI ආර්ට්වලින් කවදා හරි ඇතිවේ යැයි උපකල්පනය කරමින් බයවෙන ආර්ටිස්ට් අතුරුදන් වීම කියන කාරණය ගැන මට සාංකාවක් නැත්තෙ මේ හින්දයි. මං රස විඳින්නෙ ආර්ටිස්ට්ගෙ මානුෂික පැවැත්මයි. ඒක AI එකකට ගේන්න බැරි දෙයක්. ආර්ටිස්ට් කෙනෙක් තමන්ගෙ ඇතුලෙ අවංකව පවත්වාගෙන යන කැරැල්ලයි මට ආර්ට් එකක් වෙන්නෙ. ආර්ට් කියන්නෙ රැස්වෙන පිරිස, එකතු වෙන මුදල, ලැබෙන ප්‍රසිද්ධිය ආදී වශයෙන් හිතන කෙනෙකුගේ ආර්ට් මට තේරුමක් නෑ.

ඒ කියන්නෙ අපිට අහම්බෙන් මුනගැහෙන සිංදුවක්, ඒ ආර්ටිස්ට් ගැන කිසි දෙයක් නොදැන රස විඳින්න බැරිද? අපි ජීවිතේ එහෙම දේවල් කොයිතරම් රස විඳලා තියෙනවද? අපිට එහෙම හුදකලා කරලා ආර්ට් එකක් විඳින්න පුළුවන්. එතනදි අපි ආර්ට් එක වෙනුවට රස විඳින්නෙ අපිව. ඒ ආර්ට් එක අපේ කරගෙන. ඒක හරියට ස්වයං වින්දනයක් වගේ. නියම ආර්ට් එකක් රස විඳීම හරියට සංසර්ගයක් වගේ වෙන්න ඕන. අපි තවත් කෙනෙකුගේ මනස් කලාපයක සංචාරය කරනවා වගේ වැඩක්.

ආර්ටිස්ට්ගේ සිතීම, එයාගෙ ජීවිතය, ඒ ජීවිතය දරන දේශපාලනය ‍ආදී කාරණාවලින් අපි ආර්ටිස්ට්ගෙ ආත්මයට සමීප වෙනවා. ඒ ආර්ටිස්ට් එක්ක රමණය කරනවා. එතන ආදරය උපදිනවා. අපි නිකං කඩෙන් ගන්න බඩුවක් වගේ නැතුව අපේ පෙම්වතියක් විසින් නිර්මාණය කර දුන් යමක් වගේ ඒ දේ විඳිනවා. මං හිතන්නෙ ආර්ට් එකක පූර්ණ තෘප්තිය ලැබෙන්නෙ එතකොට කියල. ඒත් ස්වයං වින්දනය කියන්නෙ කොහෙත්ම නරක දෙයක් නෙමෙයි.

ewscripps.brightspotcdn
අරක්කු බෝතලයක් ගන්න. අරක්කු මොන බෝතලේක තිබිලා කවුරු බිව්වත් මත්වෙනවා. ඒත් අරක්කු ඊට අදාල බෝතලයක, ඒ අරක්කු පෙරන ලද වට්ටෝරුව සහ එහි ඉතිහාසය එක්ක බොද්දි අපි මත්වීමට වඩා දෙයක් එතන විඳිනවා. මං හිතන්නෙ අපි මත්වීමට ආර්ට් එකක් ගේනවා. ඒකට අපි වැලියු නැත්තං වටිනාකම කියලා කියනවා.

නිකමට හිතන්න. අපි ඉස්සරහ ගී කියන ගායකයා මේ රටේ සුළු ජාතීන්ට, වෙනත් ලිංගික අනන්‍යතා ඇති අයට පීඩා කරන, අශිෂ්ටයෙක් කියලා අපි දන්නවා. ඉදිරිපත් කිරීමකින් පස්සෙ අපිට හදවතට එකගව ඒ ගායකයාට අත්පොලොසන් දෙන්න බැර වෙන්න පුළුවන්. අපි ටිකට් එකක් අරගෙන ඒ අශිෂ්ටත්වය නඩත්තු කරනවා, නැත්තං අනුමත කරනවා කියලා ගිල්ටියක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා කෙනෙක් යම් ප්‍රසංගයකට යාම ප්‍රති‍ක්ෂේප කිරීම අතිශය සාධාරනයි.

ඒ වගේම ඒ අශිෂ්ටත්වය ශිෂ්ට විදිහට දකින කෙනෙකුට එහෙම ප්‍රසංගයක් රස විඳින්න, ඒ වෙනුවෙන් ප්‍රීතිගෝෂා නගන්නත් පුළුවන්. ඒකත් සාධාරණයි.

එතනදි ආර්ට් සහ ආර්ටිස්ට් වෙන් කරලා ගන්න වගේ කතා කියන එක නං අසාධාරණයි.

රට ඇද වැටෙන්න මූලික හේතුව රාජ්‍ය සේවයයි' -(චින්තන ධර්මදාස)(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - faculty of sex

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කල්ට් අතිරේකය : ආර්ට් සහ ආර්ටිස්ට් දෙකට පලමු ද? - (චින්තන ධර්මදාස) | The Leader