The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
Opinion

ගමන ආරම්භ කළ යුත්තේ ඔබ විසින් ම ය...- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

July 23, 2023 • 5:35 AM

ගමන ආරම්භ කළ යුත්තේ ඔබ විසින් ම ය...- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • Image@Rob Pope/Real-Life Forrest Gump Run
  • ඉන් එකක් තමයි එකොළහ වසර (11) වෙනකම් ඉන්නේ නැතුව දහය වසරෙන් අධ්‍යාපන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) පැවැත්වීම.
  • අනික තමයි ඒ විදියටම දොළහ වසරෙන් (12) උසස් පෙළ සඳහා දරුවන් වාඩිකරවීම.
  • ඉගෙන ගන්න තරම් දේවල් තවත් තියනවා නම් ඊට පස්සේ යෙදෙන අධ්‍යයන කාලය (academic time) ඇතුලේ හරි වෘත්තීය කාලේ (professional time) ඇතුලේ හරි එයාලට ඒවා ඉගෙනගන්න අවකාශ දෙන එක තමයි කරන්න ඕනි.
අකුරු ප්‍රමාණය (Font Size):

විජේදාස රාජපක්ෂ ඇමතිවරයාගේ සභාපතිත්වයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ඉදිරිපත් කරලා තියන තේරීම් කමිටු යෝජනාවල සැලකිය යුතු ලෙස සාකච්චාවට භාජනය වියයුතු කරුණු කිහිපයක්ම තිබෙනවා.

ඉන් එකක් තමයි එකොළහ වසර (11) වෙනකම් ඉන්නේ නැතුව දහය වසරෙන් අධ්‍යාපන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) පැවැත්වීම. අනික තමයි ඒ විදියටම දොළහ වසරෙන් (12) උසස් පෙළ සඳහා දරුවන් වාඩිකරවීම.

සා/පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

ඒ අනුව අවුරුදු දෙකක් ළමයින්ගේ ජිවිතයෙන් ඉතුරු වෙනවා. මේ වයසට සාපේක්ෂව ඒක විශාල කාලයක්. ඉගෙන ගන්න තරම් දේවල් තවත් තියනවා නම් ඊට පස්සේ යෙදෙන අධ්‍යයන කාලය (academic time) ඇතුලේ හරි වෘත්තීය කාලේ (professional time) ඇතුලේ හරි එයාලට ඒවා ඉගෙනගන්න අවකාශ දෙන එක තමයි කරන්න ඕනි.

ඔය සිලබස්වල (syllabi) තියන ඔක්කොම ඉගෙන ගෙන කැම්පස් ගිහිල්ල වුණත් මහලොකු දෙයක් වෙලත් නැහැනේ. කාලේ කනවා ඇරෙන්න. කැම්පස් සිලබස්වල තියන ඔය ඔක්කොම ඉගෙන ගත්තත් ඔච්චරම තමයි.

IMG 1183 e1466856591759

මේකට එකතු වෙන්න ඕනි තවත් දෙයක් තමයි විශ්ව විද්‍යාල මූලික උපාධිවල (basic degrees) කාලය පවා හැකිතාක් අඩුකරන එක. විශේෂයෙන් වෛද්‍ය, ඉංජිනේරු සහ තොරතුරු තාක්ෂණ වගේ උපාධි ගැන එතරම් දෙයක් කියන්න මට විශේෂඥ බව නැති වුනත් මානව ශ්‍රාස්තවල (humanities) නම් මේ දේ කරන්න හැකියාව තියෙන්න ඕනි.

ගොඩක් වෙලාවට මානව ශාස්ත්‍රවල උගන්වන දේශපාලන විද්‍යා, ආර්ථික විද්‍යා, සංඛ්‍යාන විද්‍යා, සමාජ විද්‍යා, භූගෝල විද්‍යා වගේම සිංහල, ඉංග්‍රීසි, දෙමල, හින්දි, ජපන් සහ තවත් ගොඩක් භාෂා විෂයන් සඳහාත් මේ කාලය අඩුකිරීම සාධාරණයි.

දැනට එම පාඨමාලා වලින් එළියට එන දරුවන් කරන රැකියා සඳහා අවශ්‍ය වෘත්තිමය, න්‍යායික සහ ප්‍රයෝගික දැනුම දෙන්න අවුරුදු තුනක පාඨමාලාවක් හොඳටම ඇති.

prof

හැබැයි ඊටත් වඩා න්‍යායික දැනුමක් අවශ්‍යයි කියල හිතෙනවා නම් ඒ දරුවා ඊළඟ අදියරට යවන්න පුළුවන්. ඒ තමයි පශ්චාත් උපාධි මට්ටම. ඒ වගේම අර අවුරුදු තුනේ කාලය ඇතුලේ ස්වයං අධ්‍යනයන් කරන්නේ (self-studies) සහ ස්වයං ගවේෂණය (self-explorations) කරන්නේ කොහොමද කියන එකත් උගන්වන්න ඕනි, නෝට් ලියනවාට අමතරව.

මානව ශාස්ත්‍ර පාඨමාලාවල කාලය වෙනස් කරන්න ගොඩක් විරුද්ධ වෙන්නේ ශිෂ්‍යයින්ටත් වඩා ඒ ඒ විෂයන්වල ආචාර්යවරු. එයාල කියන්නේ ඒ ''දැනුම'' ග්‍රහණය කරගන්න කාලය ඕනි කියන එක සහ අවශ්‍ය විෂය බර (credits) වෙනුවෙන් අච්චර කාලයක් යනවා කියන එක.

විෂය නිර්දේශවල තියන දේවල් ගිල්ලනවා වගේම ඒ දරුවන්ගේ ජීවිතය විකසිත වීම ගැනත් අපි බලන්න ඕනි. විශේෂයෙන් අපි පරම්පරාවක් හැටියට කාල වෙනසත් (time difference) බලන්න ඕනි. විසි එක් වෙනි සියවස වෙනුවෙනුත් අපි උගන්වන්නේ විසිවෙනි සියවසේ විෂය නිර්දේශ. සමහර විෂය කරුණු සර්වකාලීන උනාට සමහර දේවල් යාවක්කාලීන වෙන්න ඕනි.

Untitled design 19 1
මොකද අපේ කාලයට වඩා වේගෙන් මේ පරම්පරාවේ කාලය ඉගිළයනවා. අපිට වඩා තාක්ෂනය හරහා ඉගෙන ගන්නවා. මේ පරම්පරාව අපිට වඩා වේගවත්. අපිට වඩා වේගෙන් දේවල් වෙනස් කරන්න බලනවා. නැත්නම් බලාපොරොත්තු රහිත බවට පත්වෙනවා. අපේ පරම්පරාව විසින් එයාලගේ පරම්පරාව වෙනුවෙන් තීරණ ගනිද්දී පරිස්සම් වෙන්න ඕනි.

ඉනුත් විශේෂයෙන් කොළඹින් ඈත විශ්ව විද්‍යාලවල අවුරුද්දක් වැඩියෙන් ඉන්නවා කියන්නේ වෙනම ගේම් එකක්.

ආයතනික අධ්‍යාපනය කියන්නේ ගොඩක් වෙලාවට අන් කිසිම තැනකින් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. එකේ ඉතාම සුවිශේෂ දේවල් තියනවා. හැබැයි අතිශයින්ම නිර්මාණශීලි යව්වනය කියන්නේ හැකිතරම් ඉක්මනින් ආයතනයෙන් ඉවත් වෙලා තමන්ගේම චාරිකාවක් අරඹන්න ඕනි කාලයක්. ඒක ආයතනයක් අස්සේ රඳවා ගන්න හදන එක අපරාධයක්. මිනිස්සු ගොඩක් දේවල් එයාලගේ ගමන ඇතුලේ ඉගෙනගන්නවා කියල මට හිතෙනවා. බලෙන් උගන්වනවට වඩා.

ඒ නිසා මම කියන්නේ නිර්භයව අභිනිෂ්ක්‍රමණය කරන්න කියල. ඔබ ගමන් කරන මාර්ගය විසින්ම බොහෝ දේ ඔබට උගන්වනු ඇති කියල. දේවල් ආයේ ආයේ යාවක්කාලීන කරගන්න අවශ්‍ය නම් ආයෙත් ආයතනය වෙත එන්න. හැබැයි ආයෙත් ඉක්මනට ගමන් ආරම්භ කරන්න.

ඔබ ආරම්භ කරන චාරිකාව විසින් බොහෝ දේවල් ඔබට කියාදෙනු ඇත.

නමුත් ගමන ආරම්භ කළ යුත්තේ ඔබ විසින්ම ය... (ගෞතම බුද්ධ).



යක්ෂයාගේ ක්‍රිකට් ගහමු... - මහේෂ් හපුගොඩ(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව පහතින්

සිංහල

ඉංග්‍රීසි


සබැඳි ලිපි :

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉවරයි ද? - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම අහෝසි කෙරේ !

අධ්‍යාපනයට විතරක් බැහැ මිනිස්සු වෙනස් කරන්න - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

අධ්‍යාපන ප්‍රතිසංස්කරණය : 'පිස්තෝලේ තිබ්බනම් වැඩේ වෙනවා'- දීප්ති කියයි (වීඩියෝ)

අධ්‍යාපනය කියන්නේ දැනුම වගේම කුසලතා වලත් එකතුවක් - (ආචාර්ය මහේෂ් හපුගොඩ)



JW


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...