The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
Opinion

ගිය තැන කොහේ උනත් එතන අලුත් ලෝකයක් හදන්න.. - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

July 23, 2023 • 10:02 AM

ගිය තැන කොහේ උනත් එතන අලුත් ලෝකයක් හදන්න.. - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගෘහසේවය කියන්නේ පහත් රැකියාවක් නෙවෙයි. ලංකාවේ කාන්තාව අරාබි ගෘහසේවයට යන්නේ අද ඊයෙක ඉඳලත් නෙවෙයි.
  • ඇත්තටම ලංකාව එක වෙලාවක දිව්වේ එයාලගේ ශරීර මතින්.
  • ඒ කියන්නේ පාසල් අධ්‍යාපනය ඇතුලේ එයා කළේ ක්‍රීඩා විතරනම් එතන එයා නිවැරදි වෙන්න පුළුවන්.
  •     හැබැයි නිකම් හිතන්න ක්‍රීඩා එක්ක යන වෙනත් කුසලතාවක් (skills) තිබ්බ නම් එයාට මේ තැනට එන්නේ නැතුව යම් වෙනත් නිපුණතා කලාපයක් ඇතුලේ වැඩ කරන්න තිබ්බ කියල හිතෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):
මීට වඩා ආර්ථිකය හොඳ අවධියක තියෙද්දිත් කාන්තාවෝ ගෘහසේවයට ආව. ඊට පස්සේ යුරෝපය වගේ ඉන් එහාටත් ගියා. ''ආර්ථිකය මීට වඩා හොඳ'' යනුවෙන් යෙදුම යොදන්නම එයාලගේ ශ්‍රමය අතිශයින් ලංකාවට බලපෑවා. ඇත්තටම ලංකාව එක වෙලාවක දිව්වේ එයාලගේ ශරීර මතින්.
 
ජාතික රිටි පැනීමේ ශුරිය සචිනි පෙරේරා අරාබි රටේ ගෘහසේවයට පැමිණීම ගැන මට තියෙන්නේ තරමක වෙනස් හැඟීමක්. ඒක එයා එයාගේ අම්ම වෙනුවෙන් කරන ලද කැපකිරීමක් වගේම අතිශයින් අමාරු තේරීමක්. ටිකක් වගේ බලහත්කාරී තේරීමක් (forced choice). ඒ දුප්පත්කම නිසා.
 
d 38 Sri Lanka s Vaulting Queen works as Dubai housemaid to support family at home
 
ප්‍රධාන දේ තමයි එයා ලංකාවේ ජාතික ශුරිය නම්, තවත් ඉස්සරහට යන්න සිහිනයකුත් තියනවා නම්, තව ටිකක් ඉස්සරහට යන්න අපි රජයක් හැටියට උදව්කරන්න ඕනි. මොකද එයා සුවිශේෂී දක්ෂතා දක්වන නිසා. රැකියාවක් සඳහා අරාබියේ යන්නයි ජාතික සහ අන්තර්ජාතික තරඟ සඳහා පුහුණුවෙන්නයි කාලය මදි නිසා. ඒ නිසා ඒ වගේ අය වෙනුවෙන් වැඩපිළිවෙලක් තියෙන්න ඕනි.
තවත් දෙයක්. ජාතික මට්ටමේ තරඟ වැදුණු ක්‍රීඩිකාවක් හැටියට ඇයට ගෘහ සේවය ඇරුනම වෙනත් කුසලතාවක් තිබුනෙම නැද්ද කියන ප්‍රශ්නයත් මට එනවා. ඒ කියන්නේ පාසල් අධ්‍යාපනය ඇතුලේ එයා කළේ ක්‍රීඩා විතරනම් එතන එයා නිවැරදි වෙන්න පුළුවන්.
 
 
හැබැයි නිකම් හිතන්න ක්‍රීඩා එක්ක යන වෙනත් කුසලතාවක් (skills) තිබ්බ නම් එයාට මේ තැනට එන්නේ නැතුව යම් වෙනත් නිපුණතා කලාපයක් ඇතුලේ වැඩ කරන්න තිබ්බ කියල හිතෙනවා. ඒ මේක පහත් නිසා නෙවෙයි. ක්‍රීඩාව සඳහා අවශ්‍ය කාලය හොයාගන්න ඕනි නිසා.
 
මම මේ කියන්න හදන්නේ අධ්‍යාපනයේ තියන ගැඹුරු ගැටළු ගැන. කුසලතා සංවර්ධනයේ තියෙන්න ඕනි පැතිමාන ගැන.
 
 
වෙනත් රටකනම් අනුග්‍රාහකයෙක් සොයාගන්න තිබ්බ. ක්‍රීඩා සමාජ වලින් උදව් කරනවා. උන්ට ඇතිතරම් සල්ලිත් තියනවා. ජීවිකාව ගැන වදවෙන්න ඕනි නැහැ. ඒ නිසා අපේ රටවල් වලට සිද්ද වෙනවා මේ වගේ විශේෂ අය රැකබලා ගන්න. ඒ රටේ ක්‍රීඩාවේ අනාගත ආයෝජනයක් හැටියට. මේ වගේ අය තව ගොඩක් ඇති.
මොකක් හරි තරඟයකට ගිහිල්ල එතනින් හොරෙන් පැනල යන්නේ නැතුව සචිනි පෙරේරා මෙහෙම ගිය එක නම්බුකාරයි. ඒ නිසාම තමයි අපි ඇයට උදව් කරන්නත් ඕනි. ඒ නිසාම තමයි ඇය සුවිශේෂ වෙන්නෙත්.
 
 
ගිය තැන කොහේ උනත් කමක් නැහැ එතන අලුත් විශ්වයක් හදාගන්න. ඒ අළුත් විශ්වය නිසාම දැනටත් ඔයාට ගෝලීය අවධානය ලැබෙමින් පවත්න්නේ.
 
ඔයාගේ සිහිනය තවත් ඉස්සරහට අරන් යන්න..
 

යක්ෂයාගේ ක්‍රිකට් ගහමු... - මහේෂ් හපුගොඩ(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
 
 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...