The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
Opinion

කළු ජූලිය සැමරීම : වාමාංශික තක්කඩියන්ගේ දෙබිඩිකම

T

The Leader Desk

July 25, 2023 • 9:43 AM

කළු ජූලිය සැමරීම : වාමාංශික තක්කඩියන්ගේ දෙබිඩිකම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දෙවෙනි ලුතිනන් වාස් ගුණවර්ධන 1983 ජූලි 22 දින ගුරුනගර් කදවුරෙන් පිටත් වෙන්නේ රාත්‍රී ජංගම මුර සංචාරයකට.
  • LTTE ගරිල්ලන් විසින් තිරුනල්වේලිවල දී කරන රැක සිට පහර දීමකින් දෙවෙනි ලුතිනන් වාස් ඇතුඵ සෙබලුන් 13 දෙනෙක් මිය යනවා.
  • හුදෙකලා පහරදීම් නිසා එකිනෙකා, දෙදෙනා මරා දමා තිබෙන මුත් එය දකුණේ ජනතාව තුළ මේ තරම් කම්පනයක් ඇති කරන්නේ නෑ.
  • බොරැල්ලේ කනත්ත තුළ ඇතිවෙන ජනතාව ඒකරාශී වීමේ පුපුරා යාම දකුණ පුරා ගින්නක් සේ පැතිරෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

එයා එක්ක සොල්දාදුවෝ 13 දෙනෙකුත් එකතු වෙනවා. ජීප් රථයක හා ට්‍රක් රථයක මේ පිරිස තිරුනල්වේලි හරහා පලාලි කඳවුරට යන ගමන මග දී නතර වෙනවා. LTTE ගරිල්ලන් විසින් තිරුනල්වේලිවල දී කරන රැක සිට පහර දීමකින් දෙවෙනි ලුතිනන් වාස් ඇතුඵ සෙබලුන් 13 දෙනෙක් මිය යනවා. එක් සෙබලෙක් ජීවිතය ගලවා ගන්නවා.

මීට පෙර මෙතරම් හමුදා භට පිරිසක් උතුරේ මියගොස් නෑ. හුදෙකලා පහරදීම් නිසා එකිනෙකා, දෙදෙනා මරා දමා තිබෙන මුත් එය දකුණේ ජනතාව තුළ මේ තරම් කම්පනයක් ඇති කරන්නේ නෑ. මේ මල සිරුරු ඒවායේ ඥාතීන් වෙත බාර නොදී බොරැල්ල කනත්තේ දී භූමදානය කිරීමට ගන්නා තීරණයත් සමග ජාතිවාදී ගැටුම් ඇවිලෙනවා.

මහින්දත්, රනිලුත් එකඟනම් යුක්තිය මඟහැර යන තවත් කොමිසන් මක්කටෙයි -(ඥානසිරි  කොත්තිගොඩ)
බොරැල්ලේ කනත්ත තුළ ඇතිවෙන ජනතාව ඒකරාශී වීමේ පුපුරා යාම දකුණ පුරා ගින්නක් සේ පැතිරෙනවා. එය දෙමළ ජනයා සංහාරයක සිට සමූහ කොල්ලකෑමක් දක්වා වර්ධනය වෙන කොට ආරක්ෂක අංශ අහක බලාගෙන ඉන්නවා.

83′ දකුණේ සිට උතුරට සිය ඇදිවත සමග පිටුවහල් කෙරෙනා දෙමළ ජනතාව හරහා LTTE ය හා අනිකුත් සංවිධාන පිම්මක් පනිනවා. ඉන්දියාව ප්‍රසිද්ධියේ මේ සංවිධානගත වීමට මිලටරි සහය දෙනවා. ජාත්‍යන්තරය තුළ ලංකාව හුදෙකලා වෙන කොට 30 අවුරුදු සිවිල් යුද්ධයක දොරටු අපිට විවෘත වෙනවා. ඒක ආපසු හැරවිය නොහැකි අවසානවන්ත සිද්ධියක්.

87 ‘ දී ඉන්දියානු මැදිහත් වීමෙන් 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලංකාවට එනකොට ඒකට LTTE ය විරුද්ධ වෙනවා. තිලීපන්ගේ, සුප්‍රසිද්ධ නල්ලූර් උපවාසයෙන් පස්සේ LTTE ය නැවතත් කැලෑ වදිනවා. ඉන්දියානු විරෝධය ඉදිරියේ තබාගෙන ජ.වි.පෙ. සිය දෙවෙනි සන්නද්ධ නැගිටීම දකුණෙන් ආරම්භ කරනවා. ලංකාව දෙපැත්තෙන් ම ගිනි ඇවිලළන විලක්කුවක් වෙනවා.

image c8dc3f20c5

ඉන්දියානු මැදිහත් වීම රාජ්‍ය බලහත්කාරයක් බව පැහැදිලියි. හැබැයි ඒකට අවශ්‍ය පසුබිම හැදෙන්නේ අපේ දේශපාලනික බලය සිංහල අධිපතිවාදී කතිකාව ඇතුළේ තොරොම්බල් වෙන නිසා.

87 වෙනකම් ජාතික ගැටලුව කෙරෙහි වන දේශපාලන විසදුමක් කෙරෙහි සිංහල පාලකයන්ගේ තේරීම වන්නේ රැවටීම පමණයි. ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාවක විසදගන්න අවශ්‍ය වෙන ගැටලුවක් සන්නද්ධ ව්‍යාපාර අතට පත්වෙන්නේ, ඒ ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ප්‍රභූ- දේශපාලනයත් අවසාන කරමින්. 87′ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට දැන් අවුරුදු 36ක් පිරෙනවා. ඊට එරෙහි ව සටන් වැදුණු LTTE එක වෙල්ලමුල්ලිවයික්කාල්හි දී අවසන් වෙනකොට දකුණේ විරෝධය සංවිධානය කරපු ජ.වි.පෙ. පලාත් සභාවල ඉන්නවා.

ඉතාමත් සංකීර්ණ දේශපාලන ගැටලුවක සමතලා බිමකට අපි දැන් සේන්දු වී තිබෙනවා. එක් පැත්තකින් LTTE ය අවසන් වීමත් සමග දෙමළ ජනතාවගේ අරගලය තුළ තිබූ ගම්‍යතාවය අහෝසි වී තිබෙනවා. තව දුරටත් රාජ්‍යය ත්‍රස්ත්‍ර කර කේවල් කිරීමේ හැකියාවක් ඊට නැහැ. වඩා ප්‍රජාතන්ත්‍රවාදී නිමේශයන් බිහිවිය යුත්තේ මෙවැනි වටපිටාවකයි.

JaffnaFoD8

මෙය තවදුරටත් 80′ දශකය නොවෙයි. බලය බෙදීම පිළිබඳව හා දෙමළ ජනතාවගේ ගැටලු කෙරෙහි වන දේශපාලනික ව්‍යාපෘතියක අවශ්‍යතාවය මතුවිය යුත්තේ මෙවැනි තත්ත්වයක දී වීම 83′ කළු ජූලිය වෙත අපිට ලබාදිය හැකි ඉහළ ම සමාව ඇයදීම හා ශිෂ්ට සම්පන්න මැදිහත් වීමයි.

නමුත් අවාසනාවකට මෙන් බලය බෙදීම පිළිබඳ ව වන 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය (පලාත් සභා) පිළිබඳ ව ලංකාවේ රාජ්‍ය සහ ඉන්දියානු එකගතාවය නැවත මෙරට වාමාංශික දේශපාලනය තුළ ප්‍රශ්න කෙරෙමින් තිබෙනවා.

ජ.වි.පෙ. මෙන් ම පෙරටුගාමීන් ද මේ බලය බෙදීමට එකග නෑ. ඔවුන් බලාපොරොත්තු වෙන සමාජවාදී යුතෝපියාව තුළ පමණක් මේ ගැටලුවට විසදුමක් ඇතැයි සැලකීම තුලළ ම ඊට ඇති විරෝධය දකුණ ඇවිලිය හැකියි. එය බලය පිළිබඳ ව ජාතිවාදී ස්ථාවරයන්ගෙන් වෙනස් වෙන්නේ නෑ.

අපේ ම රටේ සහෝදර ජනතාවක් වෙත බලය බෙදා හැරීමෙන් අපිට අහිමි වන්නේ කුමක්දැයි ? යන ගැටලුවට වාමාංශිකයන්ට ඉතිරි ව ඇත්තේ පැවැත්ම පිළිබඳ ව ඇති පිළිතුරක්. එය න්‍යායික දුප්පත්කමේ පිළිබිඹුවක් මිස වෙනත් යමක් නෙමෙයි.

80′ දශකයේ සිට දෙමළ ජනතාවගේ අරගලය වෙනුවෙන් පැමිණි විරෝධයේ මුඛ්‍ය ප්‍රකාශකයා ජ.වි.පෙ. වීම එහි ඇති සංඝටකයක්. LTTE වෙත පැහැදිලි ව උතුර හා දකුණ වෙන් කිරීම පිළිබඳ ව වන ද්‍රැවීකරණය පහසු වෙන්නේ එතනින්,

දකුණේ සිංහල පාලකයන්ගෙන් තමන්ගේ ගැටලු කෙරෙහි වන විසදුමක් පිළිබඳ ව දෙමළ ජනයා අතර අවිශ්වාසය හා සැකය තහවුරු කිරීම සදහා මේ වාම-ජාතිකවාදී මතය ලොකු සේවයක් කරනවා. අදටත් එහි වෙනසක් නෑ.



83′ කළු ජූලියේ සැමරීමට පා-ගමන් සංවිධානය කිරීමෙන් ඊට විසදුම් නෑ. තමන්ට සිය ලේ තැවරුණු දෑත් සෝදා ගැනීමට 83′ කියන්නේ පිටුබලයක් නොවෙයි.

දෙමළ ජනයා වෙත බලය බෙදීමේ දේශපාලන ක්‍රියාවලියකට මාරාන්තික ලෙස එරෙහි වෙන ගමන් 83 කළු ජූලිය සිහිකිරීම මේ දෙබිඩ්ඩන්ගේ දේශපාලන නිරුවත හෙලිවෙනවා. 80 දශකයේ මෙන් ඉන්දියානු විරෝධයත් සමග කරලියට එන දෙමළ ජනයාගේ දේශපාලනික අභිලාශයන්ට විරුද්ධ මතවාදය දකුණ තුළ පැළ කරන ගමන් දෙමළ ජන සංහාරයක් සිහි කිරීම අපිට නම් අප්‍රසන්න යි.

(carbonnews.lk)


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...