The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
Opinion

මංගලගෙ අන්තිම ප්‍රෙස් එක

T

The Leader Desk

July 25, 2023 • 9:38 AM

මංගලගෙ අන්තිම ප්‍රෙස් එක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද ජුලි 25, මේ පොටෝ එක ගන්නෙ මීට අවු 02කට කලින් , 2021 ජුලි 25 හරියටම අද වගේ දවසක.
  • අවු 32 ක පක්ෂ හා පාර්ලිමේන්තු දේශපාලනයෙන් ඉවත් වෙලා , දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම වෙනුවෙන් , මංගලගෙ මූලිකත්වයෙන් හදපු අලුත් වැඩපිළිවෙළ සහ වේදිකාව ජනගත කෙරුණෙ එදා.
  • සාම්ප්‍රදායික පක්ෂ දේශපාලනය, නූතන පරම්පරාව තව දුරටත් ඒ ආකාරයෙන්ම වැළඳ නොගන්නා බව මංගල කල්තියා තේරුම් ගත්තා.
  • ඒ වගේම දූෂණයෙන් , වංචාවෙන් , ජාතිවාදයෙන් , ආගම්වාදයෙන් අරාජිකව පැවති රට , ඉන් මුදා ගැනීමට නම් පාර්ලිමේන්තුවෙන් පිටත බිම් මට්ටමේ විශාල වැඩ කොටසක් කළ යුතුම බව මංගල අවබෝධ කර ගත්තා.
අකුරු ප්‍රමාණය (Font Size):

 

මේ තමයි මංගලගෙ ජීවිතයෙ , ඔහු කරපු අවසන් මාධ්‍ය සාකච්ඡාව.

අවු 32 ක පක්ෂ හා පාර්ලිමේන්තු දේශපාලනයෙන් ඉවත් වෙලා , දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම වෙනුවෙන් , මංගලගෙ මූලිකත්වයෙන් හදපු අලුත් වැඩපිළිවෙළ සහ වේදිකාව ජනගත කෙරුණෙ එදා.

සාම්ප්‍රදායික පක්ෂ දේශපාලනය, නූතන පරම්පරාව තව දුරටත් ඒ ආකාරයෙන්ම වැළඳ නොගන්නා බව මංගල කල්තියා තේරුම් ගත්තා.

ඒ වගේම දූෂණයෙන් , වංචාවෙන් , ජාතිවාදයෙන් , ආගම්වාදයෙන් අරාජිකව පැවති රට , ඉන් මුදා ගැනීමට නම් පාර්ලිමේන්තුවෙන් පිටත බිම් මට්ටමේ විශාල වැඩ කොටසක් කළ යුතුම බව මංගල අවබෝධ කර ගත්තා.

ඒ නිසා පාර්ලිමේන්තුවත් , පක්ෂයත් පැත්තකින් තියලා, බිමට බැහැලා අලුත් පරම්පරාව එක්ක මේ ආකාරයෙන් උඩුගම් බලා පිහිනන්න මංගල එදා තීරණය කළා.

මිනිස්සුන්ට විහිළුවක් වගේ පෙණුනට , TikTok generation එක ( Z පරපුර ) එක්ක ගනුදෙනු කරන පළමු ලාංකීය දේශපාලන චරිතය බවට මංගල එදා පත්වුණා.

51 බණ්ඩාරනායක එජාපයෙන් එළියට බැහැලා අලුත් ගමනක් පටන් ගත්තා වගේ, පකිස්තානෙ ඉම්රාන් කාන් , තායිලන්තයේ පිටා ලිමිජාරඔන්‍රාට් කළා වගේ මංගලටත් ඕනෙ උනා සම්ප්‍රදායට අභියෝග කරන්න. පුද්ගල / ඒකාධිපති වාදයෙන් පිරිච්ච පරිදිය පුපුරුවා හරින්න. 2025 ලංකාව තුළ නිර්මාණය වන,
නව දේශපාලන විභවය කල්තියා කියවගෙන, ඊට අදාල උත්තරය හදන වැඩේ , මේ විදියට මංගල අපි එක්ක එදා පටන් ගත්තා.

රටට අවශ්‍ය විකල්පයක් මිස, ආදේශකයක් නොවේ - මංගල

වැදගත් ම දේ තමයි , මෙතන ඉඳ ගන්න කලින් මංගලට තිබුණා තමන්ගේ ඉතිහාසය ගැන පශ්චාත්තාපයක්. තමන්ගේ පම්පෝරිය දිග හරිනවට වඩා තමන්ට වැරදුණු , මග හැරුණු තැන් ගැන පසුතැවීමක්. ඒවා ප්‍රසිද්ධියේ පිළිගන්න ගමන් මංගලට පුළුවන් උනා , අපේ පරම්පරාවෙන් මංගලගෙ දේශපාලන ඉතිහාසයේ ඇතැම් පරිච්ඡේද වලට එල්ල වුණු විවේචනයන් නිහතමානීව බාර ගන්න.

මංගලට ඇත්තටම ඕනෙ උනා අලුත් වෙන්න.

2021 ජුලි 25 කියන්නෙ මංගලගෙ ජීවිතයෙ වගේම , ලාංකීය දේශපාලනයෙත් අලුත් පිටුවක් සහ පරිච්ඡේදයක්.

උතුර , දකුණ , වතුකරය , සංක්‍රාන්ති ලිංගික , ආබාධිත , කාන්තා පිරිමි , බෞද්ධ , ඉස්ලාම් , කිතුණු , හින්දු , මැලේ , බර්ගර් සියළු දෙනා "මිනිසුන් ලෙස" එකම වේදිකාවක සිට ,  ඒ අලුත් පරිච්ඡේදය ලිවීමේ වගකීම "අපි" එදා බාර ගත්තා.

සියළු ජාතීන් , ආගම් , වෘත්තිකයන් , ජන කොටස් ,  දේශපාලන මතවාද , එකතු කරන් , මෙවැනි වේදිකාවක් , මෑත ඉතිහාසයේ ලංකාව තුළ නිර්මාණය උනේ , මගේ දැනුම අනුව පළමු වතාවට.

අවුරුදු දෙකකට කලින් මංගල ඒ දැකපු දේශපාලන යථාර්ථය අද මහ පොළවෙ ඇත්තක් වෙලා. සියළු දෙනා "මිනිසුන්" ලෙස පිළිගැනීමේ වැදගත්කම අද අන් කවරදාටත් වඩා දැනෙන්න පටන් අරන්.

ඒ නිසා , "මංගල අද හිටියා නම්" කියා සන්තාප වනු වෙනුවට , මංගල වෙනුවෙන් පිදිය හැකි ලොකුම උපහාරය, ඒ පරිච්ඡේදය හිස්තැනක් නොකර , නැවත ලිවීමට මුල පිරීමයි.

මංගලගෙ ආදරණීයයන් ලෙස , ඒ වගකීම අපිට අදටත් වලංගුයි.

 

smg ss-ශෙහාන් මාලක ගමගේ-
 25.07.2023

 


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...