The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
Opinion

රනිල්, අනුර හා නිර්මාල් - (අජිත් පැරකුම් ජයසිංහ)

T

The Leader Desk

July 25, 2023 • 11:43 AM

රනිල්, අනුර හා නිර්මාල් - (අජිත් පැරකුම් ජයසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රනිල්ගේ ඉන්දීය චාරිකාව ගැන වෙනම සටහනක් ලියන්නට ඕනැ. ඒකෙන් පෙනෙන්නෙ රනිල් ලංකාවේ ධනේශ්වර ප්‍රතිසංස්කරණ සඳහා තිබෙන මේ
  • ටීඑන්ඒ එක එක්ක 13 ගැන කතා, ඉන්දියාව එක්ක කරන දේ, ආර්ථික ප්‍රතිසංස්කරණ, දේශපාලන ප්‍රතිසංස්කරණ ආදිය යන්නෙ අධි වේගයෙන්.
  • එහෙම වෙන්නට එක හේතුවක් වුණේ අරගලය එක්ක ඇති වුණ, තවමත් මිදෙන්න බැරුව ඉන්න ඊනියා ජන බලයේ සිහිනමය මතකය.
  • අරගලේ ඇතුළෙ රනිල් ලොකු භූමිකාවක් කර ඇති බව තමයි දැන් පෙනෙන්නෙ.
අකුරු ප්‍රමාණය (Font Size):

මොමන්ටම් එක උපරිමයෙන් පාවිච්චි කරන්නට උත්සාහ කරන බවයි.

ටීඑන්ඒ එක එක්ක 13 ගැන කතා, ඉන්දියාව එක්ක කරන දේ, ආර්ථික ප්‍රතිසංස්කරණ, දේශපාලන ප්‍රතිසංස්කරණ ආදිය යන්නෙ අධි වේගයෙන්. වෙලාවකට මේ අපි වගේ රනිල්ගෙ මොක්කුද එවුන් කියල කට්ටිය කියන අයට පවා හිතෙනවා ඒ ස්පීඩ් එක වැඩිද කියලා.



ඒක රනිල්ගේ මූලෝපායට අනුකූලයි. වේගවත් ආර්ථික වර්ධනයක් නැතුව ලංකාවට යන්න බැහැ කියන එක රනිල් එදා ඉඳන් කියපු එකක්. ඒ නිසා රනිල් ඒ සඳහා අවශ්‍ය පසුබිම වේගයෙන් නිර්මාණය කරනවා. ආයෝජනවලට, ව්‍යවසායකත්වයට නිදහස ලැබෙන පරිදි ඉදිරියේදී කරන කම්කරු නීති ප්‍රතිසංස්කරණ මෙහිදී ඉතා වැදගත් සන්ධිස්ථානයක් සලකුණු කරනවා.

ඒකට විකල්ප විදියට තෝරාගන්නට තියෙන්නෙ සමාජවාදයක් නෙමෙයි. එහෙම සමාජවාදී වැඩසටහනක් ගැන සාකච්ඡාවක්වත් මතු කරගන්නට බැරි වෙලා තියෙනවා. එහෙම වෙන්නට එක හේතුවක් වුණේ අරගලය එක්ක ඇති වුණ, තවමත් මිදෙන්න බැරුව ඉන්න ඊනියා ජන බලයේ සිහිනමය මතකය. දැන් හැමෝම චන්ඩි. හිටපල්ලකො උඹලට ජනතාවයි මායි කරන දේ කියල තමයි හැමතිස්සෙම කියන්නෙ. හැබැයි, මේ වෙනකොට සියලු උද්ඝෝෂණ අසාර්ථකයි. පොලිසිය නිසා තමයි මීඩියාවල නිව්ස් එකක් හෝ වෙන්නෙ. මිනිස්සු නැහැ. ඒ වුණාට, වාමාංශිකයන්ට තවමත් අරගල ආතල් එක. සංවාදයක් නැහැ.

අරගලේ ඇතුළෙ රනිල් ලොකු භූමිකාවක් කර ඇති බව තමයි දැන් පෙනෙන්නෙ. කොළඹ ලුම්පන් සෙට් ඔතනට බහින්නෙ එහෙමයි. උන් තමයි එතන ලැගගෙන ඒ වැඩේ ඇද්දෙ. පුළු පුළුවන් වෙලාවට ඇවිත් ගිය, ආවට වඩා ෆේස්බුක් එකේ ෆොටෝ දාපු මධ්‍යම පන්තිකයන් නෙමෙයි. ඒ බලවේගය දැන් උද්ඝෝෂණවලට එන්නෙ නැහැ. ඒ අය නැතුව වාමාංශිකයන්ට කරන්න පුළුවන්, අරගලේ අයිතිවාසිකමට ක්ලේම් කරමින් චන්ඩි ටෝක් දාන එක විතරයි.

මේ සංදර්භය ඇතුළෙ රනිල්ට විකල්පය වෙන්නෙ අනුරලා දම්පාට අලුත් දවටනයක ඔතලා ගේන මහින්ද චින්තනය. ඒ පාටයි, කුරහන් පාටය කියපු මහින්දලාගෙ පාටයි එක ළඟ යන ඒවා. ඒ මූලෝපාය අනුව කරන්න තියෙන්නෙ මේක යන්තං ගොඩදාගෙන, ජාතිවාදය හරි රාජ්‍ය සේවකයන් හරි පාවිච්චි කරලා රනිල් පන්නලා, අනුර හරි සජිත් හරි බැසිල් හරි බලයට අරගෙන ආයෙ පරණ විදියට ඇදි ඇදී යන රාජ්‍යයක් හදන එක. නැවත නැවතත් ඩිෆෝල්ට් වෙන එක.

anura basil sajith
රනිල්ගේ හා අනුර/සජිත්/බැසිල් පාර්ශ්වයේ මේ මූලෝපායන් දෙක අතරෙ සටනෙදි පිරිසක් කොහෙටවත් නැතුව අතරමං වෙලා. ඒ අයගෙ චර්යාවන් නිරීක්ෂණය කරන්නට හොඳ කීප දෙනෙකු ඉන්නවා. එක්කෙනෙක් විදර්ශන කන්නන්ගර. තමන්ගෙ නායකත්වයෙන් ලංකාවෙ බුද්ධිමය විප්ලවයක් කරන්නට සිහින දකින මෙතුමා අවසානයේදී යන්තම් මහජන සභාව හරහා ජන අරගල ව්‍යාපාරයේ මධ්‍යම කමිටුවට පැනගත්තා. මේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය නෙමෙයි. ඒක තමයි වැදගත් එක. ජන අරගල ව්‍යාපාරය කියන්නෙ ජවිපෙට මාලිමාව වගේ එකක්. කොහොම හරි විදර්ශන ෆුට්බෝඩ් එකක එල්ලුණා.

අනෙක් චරිතය තමයි නිර්මාල්. ඔහු හරි නම් ඉන්නට ඕනැ මාලිමාවෙ. ඒත්, ජවිපෙ නිර්මාල්ට ඉඩක් දුන්නෙ නැහැ. දැන් ඔහුට තැනක් නැහැ. මාර වැඩේ නිර්මාල්ට වුණේ.

මේ වෙනකොට මේ කොහෙටවත් නැති වම්මුන් ඉන්නෙ දැඩි කලකිරීමක, හෙම්බත් වීමක හා එපා වීමක. එහෙම නැතිනම් ෆ්‍රස්ට්‍රේෂන් එකක. මේ අය ගැන සහකම්පනයෙන් සිතීම හැර අපටත් මේ වෙලාවෙ මොකක්වත් කරන්නට පුළුවන්කමක් නැහැ සාන්ත.

මෝඩකම අයිතිවාසිකමක් නොවේ. සමාජවාදය ජීවන විලාසයකි.


අපේ පාරක යන්න දැන්වත් සූදානම් වෙමු - (අජිත් පැරකුම් ජයසිංහ)(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com


(මෙම ලිපිය praja.lk හි පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක)


JW


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...