The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
Opinion

බැරිකේඩ් සටන්කාමිත්වය හා මාධ්‍යවේදය - (කුසල් පෙරේරා)

T

The Leader Desk

July 29, 2023 • 10:45 AM

 බැරිකේඩ් සටන්කාමිත්වය හා මාධ්‍යවේදය - (කුසල් පෙරේරා)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තරිඳු උඩුවරගෙදර පුද්ගලයෙකු හැටියට මතභේදාත්මක චරිතයකි. එය ඔහු රාවයේ වාර්තාකරුවකු වූ කාලයේ සිටම එසේය.
  • එය පාතාලයින්ගේ ඇණකොටා ගැනීමක් ලෙස සමාජය හමුවේ ප්‍රදර්ශනය නොවන්නක් විය යුතුය.
  • ගාලුමුවදොර #GotaGoHome විරෝධය කාලයේ සිට තරිඳුගේ මා දුටු අවුල වූයේ, ඔහු සිද්ධි ආවරණය කිරීමේ මාධ්‍ය වගකීම හා තමන් නොපිළිගන්නා, තමන් විරුද්ධවන කාරණයකදී පුරවැසි මැදිහත්වීම අතර පැහැදිලි වෙනසක් ඇතැයි නොපිළිගැනීමය.
  • එයට ඇති අයිතිය මාධ්‍ය ආවරණයකදී මාධ්‍යවේදියෙකුට ඇති අයිතිය නොවේ.
අකුරු ප්‍රමාණය (Font Size):


නමුත් මෙදා ඔහුගේ ඒ ආවේනික අවුල ගැන කතා කිරීමට පෙර, පොලීසිය ඔහුව අත් අඩංගුවට ගැනීම හා අත් අඩංගුවට ගත් අකාරය ගැන නිශ්චිත කරුණක් කිව යුතුය. කවර හේතුවක් සඳහා වූවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේ විනයානුකූල පිළිවෙතක් පොලීසියට තිබිය යුතුය. අත්අඩංගුවට ගනු ලබන්නාට සැළකිය යුතු ශිෂ්ට, විනීත පිළිවෙතක් පොලීසියට තිබිය යුතුය. එය පාතාලයින්ගේ ඇණකොටා ගැනීමක් ලෙස සමාජය හමුවේ ප්‍රදර්ශනය නොවන්නක් විය යුතුය.

තරිඳු අත්අඩංගුවට ගැනීම විශේෂයෙන් හෙළා දැකිය යුත්තේත්, ඊට විරුද්ධ විය යුත්තේත් එවැනි කිසිත් නොවුනු නිසාය.

තරිඳුගේ මාධ්‍ය භාවිතය හා දේශපාලන සටන්කාමිත්වය ගැන මගේ කියවීම කෙටියෙන් මෙවැනිය.

ගාලුමුවදොර #GotaGoHome විරෝධය කාලයේ සිට තරිඳුගේ මා දුටු අවුල වූයේ, ඔහු සිද්ධි ආවරණය කිරීමේ මාධ්‍ය වගකීම හා තමන් නොපිළිගන්නා, තමන් විරුද්ධවන කාරණයකදී පුරවැසි මැදිහත්වීම අතර පැහැදිලි වෙනසක් ඇතැයි නොපිළිගැනීමය.
348242528 569209235282391 8760110182305582584 n

 ඔහු එවැනි විරෝධයන්හි අනෙකුන් ඉදිරියේ වඩාත්ම ගෝසාකාරී විරෝධයේ නියෝජිතයෙකු වීමේ උත්සාහයක් පෙන්වන්නෙකි. එයට ඇති අයිතිය මාධ්‍ය ආවරණයකදී මාධ්‍යවේදියෙකුට ඇති අයිතිය නොවේ. එයට ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කෙරෙන මූලික මානව හිමිකම් වන සංවිධානයවීමේත් තනිව හෝ සාමුහිකව අදහස් ප්‍රකාශ කිරීමේත් අයිතිය ය.

එහෙත් තරිඳු හැමවිටම උත්සාහ කරන්නේ ඒ මූලික අයිතිය වෙනුවෙන් දැඩිව සිට ගැනීම වෙනුවට, ඔහු මාධ්‍යවේදියකු යැයි සිද්ධි ආවරණය කිරීමේ නිදහස යටතේ ආරක්ෂාවීමට ය. එය විරෝධතාවලට හවුල්වන, යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් තම ආරක්ෂාව කැප කරන අනෙක් සටන්කාමීන්ට නොමැති ආවරණයකට මුවා වෙන දෙබිඩි, වංක පිළිවෙතකි.

එසේ වූවත් විරෝධතාකරුවකු අත් අඩංගුවට ගත යුත්තේ තරිඳු අත් අඩංගුවට ගත් අශිෂ්ට ක්‍රමයට නෙවෙන්නේ යැයි මම නැවත කියමි. එනිසා මේ අත් අඩංගුවට මා විරුද්ධ වන්නේ තරිඳු වෙනුවෙන් නොව, බැරිකේඩ් ඉදිරියේ වුවද අදහස් ප්‍රකාශ කිරීමට, පුරවැසියනට ඇති අයිතිය වෙනුවෙනි.


kusal perera
(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

 

 

 



(උපුටා ගැනීම - කුසල් පෙරේරාගේ ෆේස්බුක් ගිණුමෙන් )
2023 ජූලි 29

සබැඳි ලිපි :

ඔබ මාධ්‍යවේදියෙක් නම් ඔබ මාධ්‍යවේදියෙක් යැයි කියන්නේ ඇයි? - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

අත්අඩංගුවට ගත් තරිඳු ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට


තරිඳු උඩුවරගෙදර බැලීමට විපක්ෂ නායක රාත්‍රීයේම පොලීසියට

තරිදු අත්අඩංගුවට ; මුදලිගේට ඇප ; දුමින්දට ආඥාවක් !

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...