හැබැයි සිංගප්පුරුව කරපු ප්‍රයෝගික හැදෑරීම් කිසිදෙයක් අපි කළේ නැහැ. එයාල ප්‍රශ්න විසඳා ගත්ත ප්‍රයෝගික ආකාරයට අපිට අපේ ප්‍රශ්න විසඳාගන්නත් බැරිවුණා. අපි විධායක බලතල ගත්තට අපි ඒ බලතල එක්ක යම් යම් නිශ්චිත ප්‍රශ්න විසඳාගන්න ඕනි උපක්‍රමික ක්‍රමවේද ගැන අවධානය යොමු කලේ නැහැ.
ලී ක්වාන් යූ කියන්නේ ප්‍රයෝගිකවාදියෙක්. න්‍යායවාදියෙක් නෙවෙයි. හරියට බෲස් ලී වගේ. බෲස් ලී හිතුවේ න්‍යාය ගැන නෙවෙයි. සටන ගොඩ දා ගන්න හැටි ගැන. අතින් ගහන්න ඕනි තැන එයා අතින් ගැහැව්වා. කටින් හපන්න ඕනි තැන එයා කටින් හැපුවා.
ලී ක්වාන් යූ හොඳින් හැදෑරුවා එංගලන්තේ ඉගෙනගෙන ආපු න්‍යායවාදීන් ගැන. එයාල ඉන්දියාව. ලංකාව, පකිස්ථානය වගේ රටවල් වල ආර්ථිකය අනාගත්ත හැටි.
ඒ නිසා ඒ වැරදි එයා සිංගප්පුරුවට වෙන්න දුන්නේ නැහැ. වගකීම එයා ගත්ත. අනික් අයට බණින්න දුන්න. ප්‍රශ්න ඉවරකළා. ඒ එක්කම කොහේවත් තිබ්බේ නැති සිංගප්පුරුව කියල රටක් හැදුණා.
මේ වීඩියෝව බලන්න. බලල බණින්න. රට හදාගන්න. වරදකාරී බව මම ගන්නම්!
'මේ වීඩියෝව බලන්න. බලල බනින්න. රට හදාගන්න. වරදකාරී බව මම ගන්නම්!' - ආචාර්ය මහේෂ් හපුගොඩ
T
The Leader Desk
July 31, 2023 • 4:47 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- අපේ හැමදාම හීනෙ උනේ සිංගප්පුරුව වෙන එක. අවම වශයෙන් 1978න් පස්සේ.
- අතින් ගහන්න ඕනි තැන එයා අතින් ගැහැව්වා.
- හැබැයි සිංගප්පුරුව කරපු ප්‍රයෝගික හැදෑරීම් කිසිදෙයක් අපි කළේ නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



