The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
Opinion

ජාතික ගැටලුව ; බෝලය පාස් කිරීමේ ක්‍රීඩාවක් ද ?

T

The Leader Desk

July 31, 2023 • 10:55 AM

ජාතික ගැටලුව ; බෝලය පාස් කිරීමේ ක්‍රීඩාවක් ද ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාවේ ජාතික ගැටලුව විසදීමේ මාවතක් කෙරෙහි වන එලඹීමකට ප්‍රථමව ලංකාවේ ජාතික ගැටලුවක් ඇති බවට වන පිළිගැනීමක් තිබීම පූර්ව
  • අධිරාජ්‍යවාදී පාලන තන්ත්‍රයක් තුලදී (බ්‍රිතාන්‍ය) සියලුම ජාතීන්ගේ පොදු සතුරා බවට බ්‍රිතාන්‍යයන් වර්ණ ගැන්වෙන මුත් එයින් ස්වායත්‍තව දේශීය පාලන තන්ත්‍රයක් පිළිබඳ අදහසට එන විට මේ අදහස විපර්‍යාසයකට ලක්වේ.
  • බ්‍රිතාන්‍යයන් පාලකයන් වශයෙන් සිටින විට සිංහල-දෙමළ ජනතාවගේ “පාලකයා” අධිරාජ්‍ය වන විට නිදහසින් පසු සිංහල ජනතාවට එය “සිංහල” ලෙසත්, දෙමළ ජනතාවටද එය ” සිංහල” ලෙසත් සංජානනය වේ.
  • තමන් සුලු ජන වර්ගයක් ලෙස හා ඒ නිසාම තමන්ගේ අයිතිවාසිකම් පිළිබඳව වන ගැටලුවක් දෙමළ ජනතාව කෙරෙහි පැනනගින්නේ මේ පැවැත්මේ ගැටලුව නිසාය.
අකුරු ප්‍රමාණය (Font Size):

කොන්දේසියකි.

එසේ එලැඹුමකින් තොරව ඒ පිළිබඳව කතාකරන්නට යාම නිරර්ථක අදහසක් වනවා පමනක් නොව එයම සිංහල අධිපතිවාදය තුලම ගිලී යන අදහසක් බවට පත්වෙයි.

අධිරාජ්‍යවාදී පාලන තන්ත්‍රයක් තුලදී (බ්‍රිතාන්‍ය) සියලුම ජාතීන්ගේ පොදු සතුරා බවට බ්‍රිතාන්‍යයන් වර්ණ ගැන්වෙන මුත් එයින් ස්වායත්‍තව දේශීය පාලන තන්ත්‍රයක් පිළිබඳ අදහසට එන විට මේ අදහස විපර්‍යාසයකට ලක්වේ. බ්‍රිතාන්‍යයන් නිදහස ලැබෙන විට එය බහුතර සිංහල පාලනයක් කෙරෙහි බරවීම තර්කානුකූලව නිවැරදිය. නමුත් ඒ හරහා පාලකයා සිංහල වන විට දෙමල ජාතියේ අධිරාජ්‍යය ද සිංහල වෙයි.

SL Independence

වෙනත් වචන වලින් කියන්නේ නම් අපේ පාලන බලය නැමැති කේන්ද්‍රය බ්‍රිතාන්‍යයන් පිටමං වීමෙන් පසු ” හිස්” වෙයි. ඊට ආදේශ වන්නේ සිංහල, මහජාතිය විනා පුලුල් අරුතින් ලාංකික යන අදහස නොවේ. බ්‍රිතාන්‍යයන් පාලකයන් වශයෙන් සිටින විට සිංහල-දෙමළ ජනතාවගේ “පාලකයා” අධිරාජ්‍ය වන විට නිදහසින් පසු සිංහල ජනතාවට එය “සිංහල” ලෙසත්, දෙමළ ජනතාවටද එය ” සිංහල” ලෙසත් සංජානනය වේ.

තමන් සුලු ජන වර්ගයක් ලෙස හා ඒ නිසාම තමන්ගේ අයිතිවාසිකම් පිළිබඳව වන ගැටලුවක් දෙමළ ජනතාව කෙරෙහි පැනනගින්නේ මේ පැවැත්මේ ගැටලුව නිසාය.

1983 rioters fire 1 0

අවාසනාවකට මෙන් සිංහල පාලක පංතියේ හැසිරීම ඊට තීව්‍රතාවයක් එක් කිරීමේ ඉඩ නිර්මාණය කරන අතරම දෙමළ දේශපාලනය ඊට එරෙහි දේශපාලනයක් උතුරේ අරඹයි. මේ යුගය තුල මෙය සිංහල-දෙමල ප්‍රභූ දේශපාලනය ඇතුලේ තොරොම්බල් වන විට දෙපැත්තේම ප්‍රජාතන්ත්‍රවාදී සීමාවන් ඊට දශක කිහිපයකට පසු මැකී යයි.

දකුණේ මැදමුලනින් මතු වෙන මහින්ද රාජපක්ෂ සේම උතුරේ වැල්වැටිතුරෙන් මතුවෙන වේලුපිල්ලේ ප්‍රභාකරන්ද මෙම ප්‍රභූ-දේශපාලන තොරොම්බල් කිරීමේ අවසන් තර්කානුකූල ප්‍රතිඵලය වන විට එය අවසන් වෙන්නේ ලේ වැකුනු ඉතිහාසයකිනි.

refugees srilanka
අතීතය කෙරෙහි වන “පාලනය” පිළිබඳ අදහස පංතිමය අදහසකින් ජාතිය වෙත විතැන් වන විට එහි නිර්මාපකයා වාමාංශිකයින් වීම අවාසනාවකි.

දැන් එලඹී ඇත්තේ එහි අලුත් තත්ත්වයක් වන විට නැවතත් අලුත් වටයකින් ජාතික ගැටලුවේ තොරොම්බල් වීම ඇරඹී තිබේ.

රනිල් හෝ වෙනත් ඕනෑම පාලකයෙකුට මේ තත්ත්වය මගහැරයාමේ සීමාවන්  භූ-දේශපාලනය විසින් වලක්වා තිබේ. ඉන්දියානු සාධකය මේ මොහොතේදී ක්‍රියාකරනු ඇත්තේ තමන්ටද හිසරදයක් බවට පත්වී ඇති මේ ගැටලුව කෙරෙහි පීඩනයක් එල්ල කෙරෙනා අන්තයකටය. එහි උපාය මාර්ගය 80 දශකය කෙරෙහි වෙන අන්තයක් කෙරෙහි තල්ලු නොකිරීමට වගබලා ගතයුතුය.

රනිල් - මෝදි හමුවෙන් ලංකාවට ප්‍රතිලාභ රැසක්

දැනට යෝජිත පලාත් සභා ක්‍රමයේම ඇති ඇතැම් ගැටලු නිසි පරිදි විසදා ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක අවසන් උත්සාහය වන්නට ඉඩ තිබේ.

ඉන්දියානු සාධකයේ සීරු-මාරුවීම් පිලිබඳ  අනාගතය පුරෝකතනය කිරීම දුෂ්කරය. එය දැනට තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයේදී භාවිතා කිරීම වැදගත් වන්නේ එම නිසාය.

(carbonnews.lk)


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...