The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
Opinion

කල්ට් අතිරේකය: ආර්ට් කරන්නෙ නරක අය ! - (චින්තන ධර්මදාස)

T

The Leader Desk

August 1, 2023 • 7:51 AM

කල්ට් අතිරේකය: ආර්ට් කරන්නෙ නරක අය ! - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කලාකාරයන් ගැන මතුවෙන කතාවලදි ගොඩක් තැන්වල පේන දෙයක් තමයි ඒ කලාකරුවාගේ දුර්ගුණ හුවා දැක්වීම.
  • මේ විවේචන මතුකරන ගොඩක් අය කලාකරුවන් යනු පිරිසිදු වර්ගයක් හෝ කලාව යනු උත්තරීතර දෙයක් හැටියෙන් විශ්වාස කරන බව පේනවා.
  • ඒ නරක ඇතුලෙයි ආර්ට් එක පවතින්නෙ.
  • කලාව සමග පාතාලයේ ඇති සම්බන්ධය සුප්‍රකට එකක්.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ අතර එයාගෙ මත්ද්‍රව්‍ය නැඹුරුව, ස්ත්‍රී හෝ පුරුෂ ලෝලීත්වය, වංචනිකබව ආදී දේ සුලබයි. මේ විවේචන මතුකරන ගොඩක් අය කලාකරුවන් යනු පිරිසිදු වර්ගයක් හෝ කලාව යනු උත්තරීතර දෙයක් හැටියෙන් විශ්වාස කරන බව පේනවා.

කලාව කියන්නෙ මට අනුවත් උත්තරීතර දෙයක්. උත්තරීතර වන්නේම එය සාමාන්‍ය සමාජයේ හොඳ- නරක හෝ සභ්‍ය- අසභ්‍ය ආදී දෙබෙදුම් ඉක්මවා යන නිසයි. ඒ පිළිගත් ඇගයුම්, ප්‍රතිමාන මත කලාවක් බිහිවෙන්නෙ නෑ. කලාව කියන්නෙම සීමාව ඉක්මවා යාම.

1 zh9sqb9L7U3IV3Y1LW3fKQ

කලාකරුවා කියන්නෙ කොහෙත්ම පිරිසිදු කෙනෙක් (සමාජය විසින් පිළිගත් ගුණධර්ම රකින) කෙනෙක් වෙන්නෙත් නෑ. එහෙම කෙනෙක් කලාකාරයෙක් නෙමෙයි කියලයි මගේ පිලිගැනීම. කලාකාරුවෙක් නැත්තං ආර්ටිස්ට් කෙනෙක් කියන්නෙම නරක මනුස්සයෙක්. ඒ නරක ඇතුලෙයි ආර්ට් එක පවතින්නෙ. ආර්ට් කවදාවත් ‘හොඳ’ වෙන්නෙ නෑ. (මේ කියන්නෙ හැම නරක මනුස්සයෙක්ම ආර්ටිස්ට් කෙනෙක් කියන එක නෙමෙයි)

මෙතනදි මට මතක් වෙනවා නීට්ෂ විසින් කිව්වා කියන, ගහක අතු ස්වර්ගය ස්පර්ශ කරන්නට නම් ඒ ගහේ මුල් අපාය දක්වා විහිදෙන්න ඕන කියන කතාව. ඒක ආර්ටිස්ට් කෙනෙක් සම්බන්ධයෙන් ගැඹුරු සත්‍යයක්. ෆේස්බුක් එකේ ඉන්න වර්ගයේ ‘පිරිසිදු’ මිනිස්සුන්ට ආර්ට් කරන්න පුළුවන්කමක් නෑ. ඒකට ‘නරක’ත් එකතු වෙන්න ඕන. හොඳ හෝ නරක යැයි වෙන් කළ නොහැකි කලාපයේ පවතින සෞන්දර්යයකට අපි කියනවා ආර්ට් කියල. හොඳ හෝ නරක යැයි සම්මත කලාප තුල පවතින ඒවා වැටෙන්නෙ එතික්ස් කාණ්ඩයට.

ලෝකෙ පුරාම කලාව පවතින්නෙ කලු සල්ලි එක්ක. කලාව සමග පාතාලයේ ඇති සම්බන්ධය සුප්‍රකට එකක්. කලාව ලෝකෙ පැවතුනේම මේ ‘කලු’ අනුග්‍රාහකයන් නිසා මිස රජයන්වල ආධාරයෙන් නෙමෙයි. රාම් ගෝපාල් වර්මා වගේ ඉන්දියානු අධ්‍යක්ෂවරු වගේම ස්කාර්ෆේස් වගේ සුවිශේෂ හොලිවුඩ් චිත්‍රපට එක්කත් පාතාලය සම්බන්ධයි.

artss
ඒ වගේම ආර්ට් සෙක්ස් ඉන්‍ඩස්ට්‍රි එකත් එක්කත් කිට්ටුවෙන්ම සම්බන්ධයි. ඉස්සර ලංකාවෙ චිත්‍රපටිවලට නිෂ්පාදකවරු ගෙනාවෙ නිළියන් විසින් කියලා ප්‍රසිද්ධ කතාවක් තියෙනවා. ඒ නිළියන් මුදල් හදල් ඇති තමන්ට ආශක්ත පිරිමින් චිත්‍රපට නිෂ්පාදනයට අරං එනවා. ඒක කොහෙත්ම නරක දෙයක් නෙමෙයි. සෙක්ස් කියන්නෙ මහා ලොකු දෙයක් විදිහට වෙනම සලකන කෙනෙකුට මේක විශාල අපචාරයක් විදිහට පේන්න ඉඩ තිබුනට මට හිතෙන්නෙ ඒක ලස්සන ඵලදායී සම්බන්ධයක් කියල.

ආර්ට්වලට මුදල් යොදවන්න කැමති සමහරක් ඒක කරන්නෙ ජනප්‍රිය අය සමග ළග ඇසුරක්, ෆොටෝ ගහලා ප්‍රසිද්දියක් වගේ දේවල් ලබාගන්න. ඒත් තව සමහරකට ආර්ට් එකකට මුදල් යෙදීමෙන් වෙන කිසිම ආකාරයකින් ලැබිය නොහැකි තෘප්තියක් ලැබෙනවා. ඒක කෙනෙකුට සරල ලෝක අර්ථයෙන් මෝඩකම කියන්න පුළුවන්. හැබැයි අපිට තෘප්තිය ළගා කරන ගොඩක් දේවල් බුද්ධිමත් දේවල් නෙමෙයි.

ආර්ට් කරන එවුනුත් එහෙමයි. සමහරකට ඕන සල්ලි කීයක් හරි හොයාගන්න. හැබැයි තව ගොඩකට ආර්ට් කරන්න ඇතිවෙන නොසන්සි‍දෙන ආශාවක් තියෙනවා. ඒක ඒ ක්‍රියාවේ පවතින ආධ්‍යාත්මික රමණයක් හා සමාන තත්වය හින්ද කියලයි මං හිතන්නෙ.

FN AN341 FN NFT M 20210420064119

ආර්ට් කියන දේ ආලෝකයට වඩා අඳුර එක්ක තියෙන සම්බන්ධය වැඩියි. ආර්ට්වල අරමුණ වෙන්නෙම අපේ අඳුරු පැත්ත, අපි විසින් යටපත් කළ පැත්ත, සංස්කෘතිය විසින් වාරණය කළ පැත්ත හොයාගෙන යන එක. ඒක යහපත් මාර්ගයේ ගමනක් නෙමෙයි. ඒක යහපත සහ අයහපත අතර මංමුලාවෙන ස්වරූපයේ එකක්. මං ආර්ට්වලට කැමතිම වෙන්නෙත්, ආර්ට් ගැන ආඩම්බර‍ වෙන්නෙත් ආර්ට් හැමතිස්සෙම පිටුවහල් ජීවිතය එක්ක පවත්වන රමනීය සබඳතාවය නිසා. මං කැමති ආර්ටිස්ට්ලා කවුරුවත්ම පාහේ හොඳ යැයි සම්මත ජීවිත ගත කළ අය නෙමෙයි. ආර්ට් කියන්නෙ හොඳ මිනිස්සු බිහිකරන විෂයක් නෙමෙයි. ඒක තාර්කික සමාජ සැකසුම (සෝෂල් ඕඩර්)  අභියෝග කරන අතාර්කික සෞන්දර්යයක්.

හොඳ ළමයින්ට එතන කරන්න වැඩක් නෑ.


රට ඇද වැටෙන්න මූලික හේතුව රාජ්‍ය සේවයයි' -(චින්තන ධර්මදාස)(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

 


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...