The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
Opinion

අපි දීප්තිට කුකුල්ලු කීයක් ණය ද? - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

August 1, 2023 • 4:18 PM

අපි දීප්තිට කුකුල්ලු කීයක් ණය ද? - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කිහිප දෙනෙක් දීප්ති දැන් නිරතවෙන දේශපාලන භූමිකාව ප්‍රශ්න කරමින්
  • නිරීක්‍ෂණ හැටියට මේ කියන දේවල් වල යම් ප්‍රමාණ සත්‍යයක් ඇති.
  • ඇත්තටම වෙනස් වෙලා තියෙන්නේ දීප්ති නෙවෙයි ඔය රැඩිකල් කියන කොටස්.
  • පොඩි පොඩි දේවල් ටිකක් වෙනස් වෙලා ඇති හැබැයි මූලික හරය එහෙමමයි.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙහෙම ලියල තියනවා දැක්ක. ''මාතොට'' කරන කාලේ දීප්ති කියන්නේ අපිට පට්ට පොරක්. ඒ කාලේ දීප්තිලා මීටින් එකක් කරනකොට ජේ. ආර්. ජයවර්ධන සෙන්ටර් එක පුරෝලා යන්න සෙනඟ ආව. ඒ වුනාට දැන් දීප්ති අයි.ටී.එන්. එකේ කරන දේශපාලනය පට්ට අවුල්. ඒ නිසා මට දීප්ති ගැන තිබ්බ ෆැන්ටසි එක දැන් නැහැ.

සමහරු තවත් ඉස්සරහට ගිහිල්ල කියල තිබ්බ දීප්ති මැරිලා ඉවරයි. දැන් මේ කථාකරන්නේ අවතාරයක් කියලත්.

නිරීක්‍ෂණ හැටියට මේ කියන දේවල් වල යම් ප්‍රමාණ සත්‍යයක් ඇති. දීප්ති කරන ''දේශපාලනය'' අද දවසේ රැඩිකල් යනුවෙන් සිතන මතවාදය නියෝජනය කරන කට්ටිය එක්ක එකට එකේ පිහිටුමක් නැහැ තමයි. හැබැයි ඔහු අදටත් කියන දේ එදා කිව්ව දෙයින් ලොකුම ලොකු වෙනසක් සලකුණු කරන්නෙත් නැහැ.



ඇත්තටම වෙනස් වෙලා තියෙන්නේ දීප්ති නෙවෙයි ඔය රැඩිකල් කියන කොටස්. ලාංකික සමාජයේ වෙනස් වෙනස් තැන්වල හිටපු පිරිස් සමකාලීන අර්බුද ගණනාවකට පස්සේ එදා දීප්ති හිටිය තැනට දැන් ඇවිල්ල. දැන් අද එහෙම ඇවිල්ල බලනකොට දීප්ති මතවාදීව එතනම ඉන්නවා. හැබැයි ඒ සමාජය බලාපොරොත්තු වෙන ආකෘතියෙන් නෙවෙයි.



ඒ අලුත් සමාජය මෙහෙයවන්න ඕනි අයට අවශ්‍ය විදියට හසුරුවන්න දීප්ති කෙනෙක් දැන් එතන නැහැ. ඒකයි අවුල. කුමන ආකෘතියකින් හරි එයා පවතින නිසා (දීප්ති තවම ජීවමානව ඉන්න නිසා) අලුත් අවකාශය නිර්මාණය කරගන්න දීප්ති ඉන්න එක තරමක ගැටළුවක්.

උතුරේ විමුක්ති අරගලය සහ බලය බෙදීම ගැන දීප්ති හිටිය තැන වෙනසක් නැහැ. එයා අදත් එතැනමයි. සිංහල බෞද්ධ වටිනාකම් වෙනුවට ලන්ඩන් ෆැන්ටසි එක ගැන කියපු දේවල් එයා වෙනස් කරලත් නැහැ. ඒවත් එහෙමමයි. ජේ ආර් ට පසු ලංකාවක් ගැන කියද්දී එයාගේ ආර්ථික මතවාදයේ වෙනසකුත් නැහැ. සංස්කෘතික කතාවත් ඒකමයි. පොඩි පොඩි දේවල් ටිකක් වෙනස් වෙලා ඇති හැබැයි මූලික හරය එහෙමමයි.  



නමුත් අනික් ඔය අද රැඩිකල් කියන අය එදා හිටියේ අවසන් කොටියත් මරණ තැනක. සිංහල බෞද්ධ සංස්කෘතිය - දෘෂ්ටිවාදය අධිනිශ්චය කරගත්ත තැනක. දේශපාලන අත්හදා බැලීම් ගොඩක් කරලා වරද්දාගත්ත තැනක. බටහිර සංස්කෘතිය ගැන අඩමාන තැනක. වෙළඳපල ගැන සැකසහිත තැනක. ඇඳුම් පැළදුම් ගැන අවිනිශ්චිත තැනක.


දැන් මේ අලුත් රැඩිකල් අය ඒ පරණ හැව ඇරලා ඩබල් පොකට් දාල, රැවුල ට්‍රිම් කරලා, බ්‍රෑන්ඩඩ් ඩෙනිම් ඇඳලා, දීප්ති දැන් දශක දෙකකට කලින් හිටපු තැනට ඇවිල්ල බලනකොට දැන් දීප්ති එතන නැහැ.  

දීප්ති බ්‍රෑන්ඩඩ් ඩෙනිම් අඳින්න ආස කළේ දැන් දශක ගාණකට කලින්. නමුත් කීයෙන් කී දෙනෙක් එයාට බ්‍රෑන්ඩඩ් ඩෙනිමක් අරන් දීල ඇත්ද?

නිකම් හිතන්න මාතොට කාලේ ඉඳන් ලංකාවේ මිනිස්සුන්ට අලුත් දෙයක් දුන්න, අලුත් ෆැෂන් එකක් කියල දුන්න, අලුත් දාර්ශනිකයෙක්ගේ නමක් කියල දුන්න, අලුත් විශ්ලේෂණයක් කියල දුන්න දීප්ති ඇත්තටම ජිවත් උනේ කොහොමද කියල කීයෙන් කී දෙනෙක් හොයන්න ඇත්ද? දැන් දීප්ති වෙනස්වෙලා කියන අය ඇත්තටම දීප්ති අපිට ඕනි තැන තියාගන්න මොකක්ද කළේ? එදා කවුරුහරි දීප්ති ගැන ෆැන්ටසි එකකින් හිටියනම් ඒ ෆැන්ටසි එක නඩත්තු කරන්න මොකද කළේ?

අපිව විවේචනය කළත් කමක් නැහැ අපි ඒ යකාව බලාගමු කියල අරමුදල් තියන, රට වැහෙන්න පෝස්ටර් ගහන්න පුළුවන් පක්ෂ කීයක් කතාකරන්න ඇත්ද? කවුරුත් නැහැ. ඇත්තටම එයාව බලාගත්තේ, පොතක් පතක් අරන් දුන්නේ, වමේ ප්‍රගතිශීලි කියන අය නෙවෙයි වමේ නොවන කිහිප දෙනෙක්. ගොඩක් වෙලාවට නම් සමාජයේ නරකයි කියල කියන අය.



සොක්‍රටීස් වහ බීල මැරෙන්න කලින් ක්‍රීටෝට කියනවා ''ක්‍රීටෝ මම ඇක්ලිපියෝස්ට කුකුළෙක් ණයයි බං. මතක ඇතුව ඒක ගෙවල දාපං'' කියල. ඒක ණය ගැන කතාවක් නෙවෙයි කියල ශ්‍රේෂ්ට ජර්මන් දාර්ශනිකයෙක් වෙච්ච නීට්ෂ කියනවා. නීට්ෂ කියන්නේ අච්චර දේවල් සමාජයට දායාද කළ සොක්‍රටීස් බලා කියා ගන්න ග්‍රීක සමාජයක් තිබිල නැහැ කියන එක. ඒ නිසා සමාජය (ප්‍රජාව) කියන්නේ සත පහකට වැඩක් නැති එවුන්ගෙන් සැදුම්ලත් විශ්වයක් කියන එක. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙත් මෙලෝ රහක් නැති දෙයක් කියන එක.



දීප්තිට අරක උණා මේක උණා කියල නාහෙන් අඬන්න කලින් බලපල්ලා ඌ කුකුල්ලු කීයක් ණයට අරන් තියනවද කියන එක. එහෙම ණයට අරන් නේද ඔය කියපු ටිකවත් කියල තියෙන්නේ කියල.

එයා කියපු දේවල් වලින් අපේ පැවැත්මේ මොකක් හරි අංශුවක් වෙනස් වෙලා ඇති. ඒ නිසා අපි ඇත්තටම ඌට ණයයි බං...

 
Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...