The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
Opinion

පුදුමයන් හැමවිටම අදෘශමානය...- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

August 4, 2023 • 8:53 AM

පුදුමයන් හැමවිටම අදෘශමානය...- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යම් කෙනෙක් මොකක්හරි අළුත් සමාජයක් හදන්න සිහින දකිනවා (utopia) නම් ඒ සිහිනය හරි කියල අනුමත කරන්න අපිට ඉහලින් දෙවි කෙනෙක් නැහැ.
  •   දැනට කියන්න පුළුවන් එකම දේ තමයි මොකක් හරි අපි නොසිතන ''හදිසි දෙයක්'' (contingency) විසින් යම් පුදුමයක් සිද්ද කරන්න පුළුවන් කියන එක.
  • වෝල් ස්ට්‍රීට්වල, අරාබි වසන්තයේ, ග්‍රීසියේ, ටියුනිසියාවේ ඇතිවෙච්ච හැම නැගිටීමක්ම අපිට පෙන්නන්නේ තව ටික කාලෙකින් සිද්ද වෙන්න නියමිත ''මොකක්දෝ දෙයක්'' ගැන අනාගත සංඥා වගයක්.
  •   ඇත්තම කියනවා නම් න්‍යායක් හෝ මතවාදයක් නැතුවත් පුදුමයන් සිද්ද වෙන්න පුළුවන් (miracles without doctrines).
අකුරු ප්‍රමාණය (Font Size):

වෙනත් නිලධාරී තන්ත්‍රයකුත් නැහැ. මධ්‍යම කාරක සභාවේ අනුමැතිය ගන්න ඕනි කියල එකකුත් නැහැ. අපිට ඉහළින් තියෙන්නේ හිස් අහස විතරයි.

ඒ කියන්නේ කොටින්ම අපිට ඉහලින් කිසිම දෙයක් නැහැ. වෙනත් විදියකට කිව්වොත් මහා අනෙකෙක් නැහැ (There is no Communist Big Other).

පණිවුඩ කරුවෙක්වත් (no messenger), හෙළිදරව් කරන්නෙක්වත් නැහැ (no revelation). ඒ වගේම අපි කරන දේ හරිද වැරදිද කියල අවසන් තීන්දුවක් දෙන්න කෙනෙකුත් නැහැ.
 
Picture 59
මොකක්ද මාර්ගය, මොනවද නැවතීමේ සලකුණු, කොතැනින්ද හැරෙන්නේ වගේ කිසිම දෙයක් මීට කලින් කවුරුත් කොහේවත් ලියල කරල නැහැ. ඒවා ඔක්කොම තීරණය කරන්න වෙන්නේ අපිටමයි.

ඒ වගේම මීට කලින් ලියවිච්ච පොත්වල ඒ සලකුණු තියනවා කියල හිතන්නත් බැහැ. කොමියුනිස්ට් මැනිෆෙස්ටෝව කියවල බලල අදහසක් ගන්නත් බැහැ.
අර කලින් කියල තියනවා වගේ මොකක් හරි ඓතිහාසික අවශ්‍යතාවක් මතින් එවන් සමාජයක් බිහි වෙන්නෙත් නැහැ (There is no historical necessity).
 
දැනට කියන්න පුළුවන් එකම දේ තමයි මොකක් හරි අපි නොසිතන ''හදිසි දෙයක්'' (contingency) විසින් යම් පුදුමයක් සිද්ද කරන්න පුළුවන් කියන එක. වෝල් ස්ට්‍රීට්වල, අරාබි වසන්තයේ, ග්‍රීසියේ, ටියුනිසියාවේ ඇතිවෙච්ච හැම නැගිටීමක්ම අපිට පෙන්නන්නේ තව ටික කාලෙකින් සිද්ද වෙන්න නියමිත ''මොකක්දෝ දෙයක්'' ගැන අනාගත සංඥා වගයක්.
tahrirsquareprotestonfacebook
 
අර ඩෙලූස් කියනවා වගේ අපි ඔක්කොටම කළින් අධ්‍යයනය කරන්න ඕනි ඒ සංඥා තේරුම් ගැනීමේ කලාව. මෙච්චර කල් අපි ඒ සංඥා තේරුම් ගැනීමේ නොහැකියවකින් පීඩාවින්ද. ඉස්සරහටත් ඒවා අපිට තේරුණේ නැත්නම් සියල්ල අපේ ඇඟිලි අස්සෙන් ආයෙත් රූටල යාවි.
 
ඇත්තම කියනවා නම් න්‍යායක් හෝ මතවාදයක් නැතුවත් පුදුමයන් සිද්ද වෙන්න පුළුවන් (miracles without doctrines).
 
පුදුමයන් හැමවිටම අදෘශමානයි. භක්තිමත්ව මඟබලාගෙන ඉන්න අයට ඉඳහිට වගේ පේන්න ගන්නවා. ගෝෂා කාරයන්ගේ ඇඟිලි අස්සෙන් රූටා බහිනවා.
ජනතාව මොකක්ද හිතන්නේ කියන එකනම් එච්චර වැඩක් නැහැ. මොකද ජනතාව ගොඩක් ම ග්‍රීකයෝ හින්ද....
 

ආදරය ජයගනු ඇත... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)

සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

365390971 10227592793459938 1178680920644387422 n


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...