The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
Opinion

නූතන දේවදත්තලාගේ උදහසට ලක්වූ පොදුජන කවියා පී. මලල්ගොඩ

T

The Leader Desk

August 5, 2023 • 4:01 PM

නූතන දේවදත්තලාගේ උදහසට ලක්වූ පොදුජන කවියා පී. මලල්ගොඩ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • “මලල් ”ය යනුවෙන් සමකාලීන කාව්‍යක්කාර සගනින් විසින් හඳුන්වනු ලැබූ, ඇමතු “පී. මලල්ගොඩ ” කවියා
  • “පුංචි මලල්ගොඩ ” මහණ වෙද්දි හරියටම වයස අවුරුදු 13 කි.
  • බෞද්ධ ආශ්‍රම පරිසරය ඇතුලත ජීවත්වන අතරේ ඉගෙන ගනිමින් සිටි මේ තරුණ තෙරුන් වහන්සේ බොහෝ විනය ගරුක සිසුවෙකු බවටද පත්වූයේය.
  • සිංහල, පාලි සහ සංස්කෘත යන භාෂාවන් පිළිබඳ පරිණත භික්ෂුවක් බවට පත්වූ සුමනවංශ හාමුදුරුවෝ 1950 වසර ලබන විට අධ්‍යාපන කටයුතු සම්පුර්ණ කළහ.
අකුරු ප්‍රමාණය (Font Size):

සහ ලේඛකයාගේ “සැර බස්වහරින් ” සුපෝෂිත වූ අසිරිමත් පන්හිඳ සාමාන්‍ය පන්හිඳකට වඩා තියුණු අසිපතක් ලෙස හඳුන්වන්නට මා කැමැත්තෙමි.
“පුංචි මලල්ගොඩ ” මහණ වෙද්දි හරියටම වයස අවුරුදු 13 කි. බෞද්ධ වත් පිළිවෙත්වලට අනුව මලල්ගොඩ දරුවා මහණ වුයේ “මලල්ගොඩ සුමනවංශ” යන නාමයෙනි.

ඒ පුංචි මලල්ගොඩ දරුවා මහණ කරවීමට ඇල්ගිරියේ ශ්‍රී සුමේධ නායක හාමුදුරුවන්ට නිමිත්තක්ද තිබුණේය. ඒ නිමිත්ත නම් පුංචි මලල්ගොඩ දරුවාට සහජයෙන්ම පිහිටා තිබූ කවි ගායනා හැකියාවයි. ඒ කවි ගායන හැකියාවේ මධුර ස්වරය පිළිබඳව පැහැදුනු ශ්‍රී සුමේධ නායක හාමුදුරුවෝ මලල් දරුවා “මලල්ගොඩ සුමනවංශ” යන නමින් ඇල්ගිරිය පන්සලේ මහණ කරවුයේය.



බෞද්ධ ආශ්‍රම පරිසරය ඇතුලත ජීවත්වන අතරේ ඉගෙන ගනිමින් සිටි මේ තරුණ තෙරුන් වහන්සේ බොහෝ විනය ගරුක සිසුවෙකු බවටද පත්වූයේය. සිංහල, පාලි සහ සංස්කෘත යන භාෂාවන් පිළිබඳ පරිණත භික්ෂුවක් බවට පත්වූ සුමනවංශ හාමුදුරුවෝ 1950 වසර ලබන විට අධ්‍යාපන කටයුතු සම්පුර්ණ කළහ. විද්‍යෝදය පිරිවෙණින් “ශාස්ත්‍ර විශාරද පණ්ඩිත” ගෞරව නාමයෙන්ද පිදුම් ලදහ.

සුමනවංශ හාමුදුරුවන්ට ප්‍රබල සමාජ සහ දේශපාලන හෘදය සාක්ෂියක් තිබූ නිසා උන්වහන්සේගේ අවධානය යොමුවූයේ එවකට පැවැති ප්‍රබල වාමාංශික ව්‍යාපාරයටයි. එබැවින් ප්‍රබලම වාමාංශික දේශපාලන පක්ෂ 2 ක් වූ ලංකා සමසමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය හා සමීප සම්බන්ධතාවක් ද පවත්වාගෙන යනු ලැබූහ.



උන්වහන්සේ සතුව තිබූ කාව්‍යමය ලුහුබැඳීම් වර්ධනය කරගනු ලැබුවාසේම ස්වකීය දේශපාලන චින්තනය මුවහත් කරගත්හ. උන්වහන්සේ සිය පළමුවන කාව්‍ය සඟරාව “අමාව” වගේම සම සංස්කරණයෙන් දොරට වැඩිය පොතක් වූ “බෞද්ධ බාලිකාව” 1948 වසරේදි පාඨකයින්ට තිළිණ කරණු ලැබූහ.

ඒ කාලය වනවිට සුමනවංශ හාමුදුරුවෝ ක්‍රියාකාරී දේශපාලනයටද සම්බන්ධ වූහ. 1953 වසරේදි “හර්තාලය”ට සම්බන්ධ වීමේ චෝදනාව මත උන්වහන්සේට බන්ධනාගාර ගත වීමටද සිදුවිය.

එවකට පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට එරෙහිව උන්වහන්සේ කටයුතු කරණු ලැබීය. බන්ධනාගාරගතව සිටියදී උන්වහන්සේ එ.ජා.ප. පාලනයට එරෙහිව සිය පන්හිඳ මෙහෙයවමින් කාව්‍යකරණයේ නිරත වූහ.

nzklsdf



උන්වහන්සේගේ කවි පළකරන්නට “සිංහලේ ” පත්තරය හැරුණුවිට වෙනත් කිසිදු පත්තරයක් ඉදිරිපත් නොවීය.

එවකට පැවැති සමාජ සහ දේශපාලනික ව්‍යාපාරයට සක්‍රීයව ක්‍රීයාකාරි වීමේ අවශ්‍යතාව මත මලල්ගොඩ සුමනවංශ හාමුදුරුවො චීවරයට සමුදුන්නේය.
1953 වර්ෂයේ සිට “පියදාස මලල්ගොඩ” යන නාමයෙන් සමාජයට පිවිසියේය.

පී. මලල්ගොඩ කවීන්ද්‍රයානන්ගේ ලේඛකයාගේ ජීවිත කාලයෙන් ගෙවී ගිය දශක හතරක කාලය තුළ ඔහු පොත් 20 කටත් වඩා ලියා තිබෙන අතර සඟරා පත්තර රාශියකටම සම්බන්ධ වී තිබේ. ඔහු පුවත්පත් කිහිපයකම ප්‍රධාන කර්තෘවරයා ලෙසද සේවය කර තිබේ.

ඔහුගේ පන්හිඳෙන් විවේචනයට ලක්වූ ආණ්ඩු සහ ඒ ආණ්ඩු කරපු නායකයින් රාශියක්ම දැඩි විවේචනයටද ලක්වූයේය.

ඔහු ලියූ දෑ ‘කොපමණ සැර” දැයි කිවහොත් ඔහු ලියූ සමහර කෘතීන් තහනම් කරණු ලැබීය. නැතහොත් පුළුස්සා දමනු ලැබීය. අවසානයේ දී “හතරවන තට්ටුව” ටත් යන්නට සිද්ධ විය.

1960 බණ්ඩාරනායක ඝාතන නඩු විභාගයේ දවස් 21 ක දීර්ඝතම සාක්‍ෂි දෙන්නට සිද්ධ වුනෙත් මලල්ගොඩ කවියාටමය, ලේඛකයාටමය.



ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ දික්කුඹුර මලල්ගොඩ පිටියේ ඩබ්ලිව්.ඩී. සාමෙල් සිල්වා සහ එම්.එම්. බබුන්හාමි යුවළට දාව 1921 ඔක්තෝම්බර් 11 වැනිදා උපන් ඔහු පවුලේ දරුවන් පස් දෙනා අතරින් තුන්වැනි දරුවා වූයේය.

ඔහුට දෙමාපියන් නම තැබුවේ “පියදාස” ලෙසය. ඔහු ඉගෙනුම ලැබුවේ දික්කුඹුරේ ශ්‍රී සිද්ධාර්ත විද්‍යාලයෙනි. “පියදාස මලල්ගොඩ” දරුවා පුංචි සන්ධියේ සිටම ගමේ පන්සල එක්ක ඇසුරු කළේය.

lzkjdf

පොදුජන අරගලයට සිය දිවිය කැපකළ මලල්ගොඩ කිවිඳුන් වයස අවුරුදු 63 ලබනවිට 1985 සැප්තැම්බර් මාසයේ 19 වැනිදා සදහටම දෙනෙත් පියා ගත්තේය. එක් පුත්‍රයෙකුගේත්, දූවරුන් හතර දෙනෙකුගේත් දයාබර පියෙකු වූ මලල්ගොඩ ශූරින්ගේ බිරිඳ “ශ්‍රියා” නම් වූවාය. “මලල්” ගේ “කවිය” පුවත්පත කැපවූයේ ඔවුන් වෙනුවෙනි.



සදය උපහාසාත්මක බසින් දේශපාලනඥයින් නිර්දය ලෙස විවේචනය කිරිමට කවි බස යොදාගත් පී. මලල්ගොඩ කිවිඳුන්ගේ උපහාසාත්මක කවිපද හතරකින් මේ ලිපිය සමාප්ත කරමි.

කතකුයි මහළු ඇමතියෙකුයි ගොස් රවුම
ගෙහිමිට අහුවෙලා හොඳටම බැවුම
අතකින් බොඩිය අතකින් ගෙන යට ගවුම
යන්තම් එතන වහගෙන ලතවුනි කැවුම


mahima sujeewa gamage(මහිම සුජීව ගමගේ)
නිදහස් මාධ්‍යවේදී

mahimasgamage@gmail.com

 

 

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...