The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
Opinion

ජවිපෙ, පොහොට්ටුවේ බෝට්ටුවේ නැගීම !

T

The Leader Desk

August 16, 2023 • 7:10 AM

ජවිපෙ, පොහොට්ටුවේ බෝට්ටුවේ නැගීම !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජ.වි.පෙ. විසින් යුරෝපීය දූපතක එහි පක්ෂ අරමුදල් මහජන සාමය හා නීතිය පිළිබඳ රාජ්‍ය ඇමති ටිරාන් අලස් සමග එකතුව ආයෝජනය කර ඇති බව
  • නමුත් මේ සදහා ඊට එරෙහි ව නගන හඩ තුළ ඇත්තේ ජ.වි.පෙ.
  • විසින් පසුගිය දශක තුනක පමණ කාලයක් තුළ ලංකාව තුළ බිහිකර ඇති විජේවීරවාදී දෘෂ්ටිවාදය පිළිබඳ වන කැඩපතක්.
  • බාහිර භෞතික තලයේ දී ඔවුන් විසින් ම ඇති දැඩි කරන ලද සමාජවාදී ශරීරයෙන් ඉවත් ⁣වනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

පෙ.ස.පෙ. දුමින්ද නාගමුව විසින් කරන ලද චෝදනාව සම්බන්ධයෙන් ජ.වි.පෙ. පිළිතුරක් බොහෝ දෙනෙකු බලාපොරොත්තු වෙතත්, ජ.වි.පෙ. ඒ සදහා නිශ්චිත පිළිතුරු දැක්වීමක් කර නැහැ.



ජ.වි.පෙ. වැනි විශාල අරමුදල් සහිත පක්ෂයක් සිය මුදල් යම්කිසි ලාභයක් සදහා ආයෝජනය කිරීම පිළිබඳ ව මට නම් ගැටලුවකුත් නැහැ. එය ඔවුන්ගේ වැඩක්. නමුත් මේ සදහා ඊට එරෙහි ව නගන හඩ තුළ ඇත්තේ ජ.වි.පෙ. විසින් පසුගිය දශක තුනක පමණ කාලයක් තුළ ලංකාව තුළ බිහිකර ඇති විජේවීරවාදී දෘෂ්ටිවාදය පිළිබඳ වන කැඩපතක්.

එක්තරා විදිහකට ජ.වි.පෙ. බාහිර භෞතික තලයේ දී ඔවුන් විසින් ම ඇති දැඩි කරන ලද සමාජවාදී ශරීරයෙන් ඉවත් ⁣වනවා.

356135253 825065782317178 8876644860315324580 n

අලුත් ඇදුම් පැළඳුම් හා රථවාහන ද, ඔවුන්ගේ වේදිකා ද ප්‍රචාරක ව්‍යාපෘතියේ ඇති පෝස්ටර්, කටවුට්, තොරන් වැනි දේවල් ද, නවීන ලෙස හැඩ ගැහෙනවා. අනිත් පැත්තෙන් එම නවීන ශරීරය දරාගෙන සිටින ග්‍රාමීය මනස් සහිත ආත්මීයභාවයක් නඩත්තු කරනවා. ඔවුන් බාහිරින් ධනවාදය තුළ ඇති නූතන සංඥා වැළද ගන්නා මුත් එහි මෙහෙයුම් කාර්‍ය ඉටුකරන ආත්මීය කොටස තවමත් පැරණි දේවල් මත ,ඊට අනුරාගී ව පවතින්නට ඉඩ දෙනවා. දුමින්ද ,ජ.වි.පෙ. ප්‍රශ්න කරන තැන ධනවාදී මොඩලයක් තුළ අලුත් හෝ පුදුම වන්නට දෙයක් නොවුණත් එය ආත්මීය තලයේ දී ජ.වි.පෙ. වෙත විෂ සහිත වෙන්නේ මෙතනින්.

ජ.වි.පෙ. පසුගිය දශක කිහිපය තුළ කරන ලද දේශපාලනය පිළිබඳ තියුණු නිරීක්ෂනණයක් කලහොත් සිය කාඩර් එක තුළ හෝ ඉන් පිටත න්‍යායික තලයේ කළ මැදිහත් වීම් දකින්නට ලැබෙන්නේ නෑ. ඔවුන්ගේ න්‍යායාචාර්‍යවරුන් විසින් ඉදිරිපත් කළ මැදිහත් වීමක් හෝ ඛණ්ඩනයක් ලකුණු නොවෙන බැවින් එහි මූලික උපාය ජනතාව වෙත සතුරෙකු හදුන්වා දීමෙන් ඔබ්බට ගමන් කොට නැහැ.

2005 දී ප්‍රභාකරන් සහ LTTE ය සිංහල ජනතාවගේ සතුරා ලෙස පෙන්වා දී සමාජය ජාතිවාදය වටා සංවිධානය කරන විට, 2023 දී රාජපක්ෂවරුන් හා ඊට ළබැදි පුද්ගලයන් මෙම සතුරු ස්ථානයේ තබා සමාජය සංවිධානය කරනවා. දෙමළ ජනතාවගේ අරගලය කුඩුපට්ටම් කිරීමෙන් පසු සිංහල ජනතාවට සිය ජීවිතයේ දියුණුව නොලැබුණා මෙන් ම මෙවර ද එය නොලැබෙනු ඇති.

සිය ජීවිතය තුළ ඇති ගැටලුව ඇත්තේ තමන් තුලමයි යන ප්‍රවාදයට සතුරුව ජ.වි.පෙ. විසින් ඉදිරිපත් කරන ප්‍රවාදයෙහි ඇත්තේ තමන් වෙනස් නොවී බාහිර ලෝකය වෙනස් කළ හැකියි යන ප්‍රවාදයයි.

 84705170 gettyimages 463761112

එය විජේවීරවාදය බවට ලකුණු වන විට ඒ හරහා ලංකාවේ ග්‍රාමීය ජනයා සංවිධානය කිරීම අපහසු නැහැ. මැතිවරනයක දී රත්‍රං මුදු පැළඳි අත්වලින් ටොකු කෑමේ ග්‍රාමීය විදවීමේ ආකෘතිය මින් වෙනස් වනවා යැයි අදහස් නොකෙරුනත් ඉන් කෙරෙන බලපෑම එකතැන පල්වීමක් කෙරෙහි රට යොමු කිරීමක්. මෙය පොහොට්ටු දේශපාලනය කෙරෙහි ඥාතීත්වය දක්වන්නේ එතනින්.

පොහොට්ටු දේශපාලනය තුළත් බාහිර ලෝකය වෙනස් කිරීමක් පිළිබඳ ව වන අදහස තුළ ම තමන්ගේ වෙනස් වීමක් ලකුණු කෙරෙන්නේ නෑ.

මූලික වශයෙන් රාජපක්ෂවරු ද ධනවාදය තුළ එහි ඇති සංඥා සිය දෛනික ජීවිතය තුළට උරා ගත්තත් ආත්මීය ව මැදමුලනින් එලියට ආවේ නැහැ. ඒ නිසා ම පොහොට්ටු ව්‍යාපෘතිය තුළ ඔවුන් සිය ආශාව අනෙකාගේ ආශාව මත රදා පැවතීමට ඉඩ දුන්නා.

වෙනත් වචනවලින් කියන්නේ නම් පොහොට්ටුව ජනතාවාදී වෙන්නේ එහි බාහිර කවරයෙන්. එය කුරහන් සාටකයේ සිට ආගම් වන්දනාව දක්වා පුළුල් පරාසයක ජනතා ආශාව වෙනුවෙන් ඉදි වූ තොරණක්. මහින්ද රාජපක්ෂ ඉතා ශූර ලෙස සිය විනෝද ජීවිතය වසා දැමූ අතර ඒ සදහා ආගම හා සිය බාහිර ශරීරය නඩත්තු කිරීමට මහින්ද සමත් වුණත් රාජපක්ෂ පුතුන්ගේ ඒ ශූරභාවය තිබුණේ නෑ.

ඔවුන්ගේ විනෝදය දළදා මාලිගාව වටා කාර් රේස් පැදීම දක්වා සමාජයට නිරාවරණය වුණා. මහින්ද විසින් තමන්ගේ විනෝදය පැහැරගත් බවට වන අදහසක් සාමාන්‍ය මිනිසුන් තුළ පැළ කිරීම අපහසු වුණත් රාජපක්ෂ පුතුන් අරබයා එය එසේ නොවෙයි.

ජනතාව වෙත සිය ඇස යොමු කරමින් නඩත්තු කරන මේ මොඩලය ජ.වි.පෙ. මොඩලයක් වන විට ඉන් ප්‍රයෝජන ගෙන ඇත්තේ ජ.වි.පෙ. පමණක් නොවෙයි. රණසිංහ ප්‍රේමදාසගේ සිට මහින්ද රාජපක්ෂ දක්වා යුගය තුළ මේ ජනතා ඇස වෙනුවෙන් කරන ලද රගපෑම බලවත්.

අරගලය තුළින් නව ජනරජයක සිහිනය කරා.. - (සුමිත් චාමින්ද)

මෙය අනෙකාගේ ආශාව රගදැක්වීමක්. මනෝවිශ්ලේෂණය අනුව අනෙකාගේ ආශාව රගදැක්වීම අයිති වන්නේ විපරීත තත්ත්වයේ ආකෘතියකට. නමුත් මෙහි ඇති සංකීර්ණ ගැටලුව වන්නේ මේ උපකල්පනය කරන අනෙකාගේ ආශාව, අනෙකා විසින් ද නොදැන සිටීමයි. එය අවසන් වන්නේ කෙසේද යන්න ගාලුමුවදොර දී පෙන්වා තිබෙනවා.

ජ.වි.පෙ. මේ ව්‍යාපෘතිය තුළ ම එහි ප්‍රතිවිරෝධය ද අඩංගුයි. දුමින්ද ඊතලය එවන්නේ එතැනට. කිසිදු බුද්ධිමය මැදිහත් වීමකින් තොරව ගොඩනගන සංවිධාන ආකෘති අයිති වන්නේ අනෙකාගේ ආශාව රගදැක්වීමකට. රාජපක්ෂ හොරු ඇල්ලීම පිළිබඳ වන අදහස ධනවාදය හා කිසිදු සම්බන්ධයක් නෑ.

අනෙකාගේ ආශාව රගදැක්වීම වෙනුවෙන් මුහුද මැද නැවක සිටින විට රාජපක්ෂවරුන් අවබෝධ කරගත් දෙය ඔවුන් කිසිම දවසක නොපවසන බව විශ්වාස මුත් ජ.වි.පෙ. අරබයා එය එසේ නොවේ. සමහර විට අලුත් දේශපාලනික ලෝකයක් උපදින්නට හැකි වෙන්නේ ද එතැනින් වන්නට පුළුවන්.

(carbonnews.lk)

සබැඳි පුවත් :
පෙරටුගාමීන් කියන 'දූපත' ගැන හොයන්න! - පොලිස් ඇමැති CID යයි!


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...