The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
Opinion

ජවිපෙ ආයෝජන දේශපාලනය - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

August 17, 2023 • 6:04 PM

ජවිපෙ ආයෝජන දේශපාලනය - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • “ටිරාන් එක්ක යුරෝපයේ දූපතකට සල්ලි ආයෝජනය කරන බිස්නස් එක ගැන පුළුවන් නම් රටට කියන්න!”
  • මේ දිනවල විශාල ආන්දෝලනයක් ඇතිකරමින් තිබෙන මෙම සිදුවීම දෙස අපි තාර්කිකව බලමු.
  • ඔහු 2015 ජනපතිවරණයට එම පක්ෂයෙන් ඉදිරිපත්ව ලබාගත් ඡන්ද සංඛ්‍යාව 9,941 කි.
  • ලියනගේට ඡන්ද 14,351 ලැබී ඇත… දුමින්ද කියන යුරෝපයේ දූපත “මෝල්ටාව” යැයි ඉක්මණින් සමාජ මාධ්‍යයේ කියවෙන්නට විය.
අකුරු ප්‍රමාණය (Font Size):

දුමින්ද නාගමුව (2023) මේ ආකාරයට ප්‍රසිද්ධියේ අභියෝග කරන්නේ සමාජවාදී ශිෂ්‍ය සංගමයට සහ එය මෙහෙයවන පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණටත් එහි නව දේශපාලන ව්‍යාපාරය වන ජාතික ජන බලවේගයටත්ය. මේ දිනවල විශාල ආන්දෝලනයක් ඇතිකරමින් තිබෙන මෙම සිදුවීම දෙස අපි තාර්කිකව බලමු.

දුමින්ද නාගමුව යනු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම්ය. ඔහු 2015 ජනපතිවරණයට එම පක්ෂයෙන් ඉදිරිපත්ව ලබාගත් ඡන්ද සංඛ්‍යාව 9,941 කි. එම වරණයේදී ඒ. එස්. පී. ලියනගේට ඡන්ද 14,351 ලැබී ඇත…



දුමින්ද කියන යුරෝපයේ දූපත “මෝල්ටාව” යැයි ඉක්මණින් සමාජ මාධ්‍යයේ කියවෙන්නට විය. එම නාමකරණය කිසිවෙකු විසින් ඕනෑකමින් කළාදැයි සැකයක් ඇතිවේ. මන්ද දුමින්ද නාගමුව ඉහත ප්‍රකාශය සිදුකරන මාධ්‍ය සාකච්ඡාවේ පිටුපසින් සිටි සමාජ ක්‍රියාකාරී සහ අරගල නායක විදර්ශන කන්නන්ගර පසුව කියන ආකාරයට අදාළ දූපත “බ්‍රිටිෂ් වර්ජින් දුපත්ය”. ඔහු එය කියන්නෙත් එතරම් විශ්වාසයකින් නොවේ. අනෙක ඒ දුපත් තිබෙන්නේ යුරෝපයේ නොවේ. ඒවා තිබෙන්නේ කැරීබියානු මුහුදේය.

කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාසය උගන්වන මහාචාර්ය නිර්මාල් දේවසිරි පවසන ආකාරයට ඉහත ආයෝජනය සිදුවන්නේ මෝල්ටාවේය. මෝල්ටා දූපත නම් තිබෙන්නේ යුරෝපයේය. ඒ අනුව දැනටමත් මේ ප්‍රකාශයේ ප්‍රබල පරස්පරයක් ඇතිව තිබේ. මෙය හිතාමතා සිදුකළ ජනතාව නොමග යැවීමක්ද නැත්නම් නිර්මාල්, විදර්ශන, දුමින්ද වැනි අය නිතර පෙන්වන කරුණුමය නොදැනුවත් බව නිසා සිදුවන්නක්ද කියා පැහැදිලි නැත.



ඒ අතර ටිරාන් අලස් CID යට ඉහත ප්‍රකාශය පිළිබඳව පැමිණිලි කර ඇත. අනුර කුමාර එම ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වීම ප්‍රතික්ෂේප කර ඇත. නමුත් අදාළ චෝදනාව ප්‍රතික්ෂේප කර නොමැත. ජවිපෙ නලින්ද ජයතිස්ස සහ පෙසප දුමින්ද නාගමුව අභිමුඛ වුණු කොටිසිරස සංවාදයේදී දුමින්ද ප්‍රශ්නයෙන් පලා යන ස්වභාවයක් පෙනිණි. නලින්දගේ හැසිරීමෙන් පෙනුනේ දුමින්ද කියන කාරණය පිළිබඳව සත්‍යය නිසියාකාරව දුමින්ද නොදන්නා බව නලින්ද දන්නා බවය. මාධ්‍ය සාකච්ඡාවේ පෙන්වූ නිර්භීතකම දුමින්දගෙන් එහිදී පෙනුණේ නැත. අනෙකාට බළලුන් කීවාට නලින්ද ඉදිරියේ පූස් පැටියෙක් වුණේ දුමින්දය.



දුමින්දට කිව හැකි වූයේ ඔවුන් CID යට සාක්ෂි දෙන බවය. මැතිවරණ සහ පවතින ප්‍රජාතාන්ත්‍රික ව්‍යුහයන් අභියෝගයට ලක්කරමින් පොරටෝක් දෙන පෙරටුගාමීන්ට තමන්ගේ සාක්ෂි දෙන්නට විතරක් CID ය හොඳය. තමන් සටන් කරනවා යැයි කියන ජනතාවට එම සාක්ෂි විවෘතව ඉදිරිපත් කිරීමට බයද කියා අප පෙරටුගාමීන්ගෙන් ඇසිය යුතුය.



නිර්මාල් දේවසිරි පවසන ආකාරයට මේ කියන ව්‍යාපාරික ගනුදෙනුව සත්‍යයකි. ඔහුට අනුව ජවිපෙට අතිවිශාල මුදල් සංචිත තිබේ. නිර්මාල් කියන ආකාරයට එම මුදල් දේශීය සහ විදේශීය ව්‍යාපාරවල ආයෝජනය කර තිබේ. මෙය සත්‍යයක් නම් එය අතිශය බරපතල තත්ත්වයකි. ලංකාවේ ලියාපදිංචි දේශපාලන පක්ෂයක් සිය සුවිසල් මූල්‍ය සම්පත් කුප්‍රකට විදෙස් රටවල කුප්‍රකට පුද්ගලික ව්‍යාපාරවල ආයෝජනය කර එමගින් ප්‍රතිලාභ ලැබීම අතිශය භයානක තත්ත්වයකි. මන්ද එවිට ජවිපෙ විසින් මෙරට සිදුකරන දේශපාලනයට එම විදෙස් රාජ්‍යයන්ට සහ ප්‍රබල ව්‍යාපාරිකයන්ට ඍජුව බලපෑම් කළ හැකි බැවිනි. ඒ අනුව මෙතැනදී මතුවන වැදගත්ම ගැටලුව වන්නේ ජවිපෙ වැඩකරන්නේ කාටද යන්නයි?



නිර්මාල් දැන හෝ නොදැන මේ අනාවරණය කරන්නේ අතිශය භයානක අර්බුදයකි. මෙය කිසිසේත්ම සුළුවෙන් තැකිය නොහැකිය. ජවිපෙ යනු මෙරට දේශපාලනයට තීරණාත්මක වෙනස්කම් සිදුකරන පක්ෂයකි. එබැවින් එම මැදිහත්වීම් වෙන්නේ කාගෙ කුමන උවමනාවටද යන්න පිළිබඳව බරපතල ගැටලුකාරී තත්ත්වයක් මේ හරහා මතුවේ. උදාහරණයක් ලෙස මෙරටට වසවිස සහිත කෘත්‍රිම පොහොර ආනයනය කරන සමාගම්වල ජවිපෙ සිය මුදල් තැන්පත් කර තිබෙනවා නම්, එම පොහොර ආනයනය නැවැත්වීම ජවිපෙ ආයෝජනයට පාඩුය. එබැවින් ඔවුන් එම තීරණයට එරෙහිව දේශපාලනය කළේදැයි සාධාරණ සැකයක් ඇතිවේ. මේ ආකාරයට ජවිපෙ ආයෝජන ආරක්ෂා කරගැනීමට ඔවුන් සිය දේශපාලන බලය භාවිතා කරනවා නම් එය ශ්‍රී ලංකා ජනරජයේ ස්වෛරීත්වයට බරපතල තර්ජනයකි.



එබැවින් ඉහත ප්‍රකාශය බැරෑරුම් ලෙස සලකා අදාළ සියලු පාර්ශව පූර්ණ විමර්ශනයකට ලක් කර ජනතාවට සත්‍යය හෙළිදරව් කළ යුතුය. විශේෂයෙන්ම නිර්මාල් දේවසිරි මහතා සිදු කර තිබෙන බිහිසුණු අනාවරණය පිළිබඳව CID ය ඔහුගෙන් ප්‍රශ්න කළ යුතුය. එමෙන්ම ජවිපෙ/ජාජබ සිය ආයෝජන සිදු කර ඇති මෙරට සහ පිටරට ව්‍යාපාර වහාම ජනතාවට ප්‍රසිද්ධ කළ යුතුය. ස්වාධීන මැතිවරණ කොමිසම ඒ සඳහා වහාම විමර්ශනයක් සිදු කළ යුතුය.


eranda. ginige(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක

eranda.ginige@gmail.com

2023 අගෝස්තු 17

සබැඳි ලිපි :

ධනවාදය ඇත්තේ කොහේද ?- ජ.වි.පෙ. හා පෙරටුගාමීන් තොත්ත බබාලා වීම !

ජවිපෙ ගත්තු ස්ටාන්ස් එකත් මරු - (චින්තන ධර්මදාස)

ජවිපෙ, පොහොට්ටුවේ බෝට්ටුවේ නැගීම !

පෙරටුගාමීන් කියන 'දූපත' ගැන හොයන්න! - පොලිස් ඇමැති CID යයි!

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...