ප්‍රාග්ධන එක්රැස් කිරීමේ ක්‍රියාවලියේ වැඩියෙන්ම හිටපු පක්ෂය වෙච්ච එක්සත් ජාතික පක්ෂයට කියල තියෙන්නේ එකම එක ආයෝජනයයි. ඒ තමයි කොළඹ බුහාරි හෝටලේ. එකත් තියෙන්නේ මම හිතන විදියට එයාලගේ පක්ෂේ වෘත්තීය සමිතියකට.
හැබැයි ප්‍රාග්ධන සමුච්චනය සහ ලාභය නයාට අඳුකොළ වගේ වෙච්ච ඉස්සර මාක්ස්වාදී ජනතා විමුක්ති පෙරමුණ අක්වෙරළ ගිණුමක් මෝල්ටාවල හරි, සොලමන් අයිලන්ඩ්වල හරි, වර්ජින් අයිලන්ඩ් වල පටන් ගත්ත කියල කිව්වම කට්ටියගේ ඇස් උඩගියා.
මොකද ඒක අංශක තුන්සිය හැටක කැරකීමක් හින්ද.
වැඩේ හොඳයි. බය වෙන්න ඕනිත් නැහැ. හැබැයි ඩබල් පොකට් ඇන්ද වගේ වෙනස්කම වෙච්ච මුල්‍ය සඟවන්නේ නැතුව මේකත් ඉස්සරහට අරන් ගියානම් හොඳයි. අඩුම තරමේ ලංකාව ඇතුලේ ආයෝජනයක්වත් වෙනුවෙන්..




