The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
Opinion

මාලිමාව කම්මැල්ලවීර සහ රටේ අර්බුදය

T

The Leader Desk

August 23, 2023 • 3:58 PM

මාලිමාව කම්මැල්ලවීර සහ රටේ අර්බුදය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර ගම්පහ ජාජබ රැස්වීමේදී, හොර පාරෙන් බලයට ආ රනිල් කළේ කුමක්දැයි විමසයි.
  • 2015-19 කාලයේ විදේශගත වීමට ලාංකිකයන්ට විවිධ බාධා පැවතුණා මිස, මෙසේ රංචු පිටින් රට හැර ගියේ නැත.
  • අර්බුදය මතු වුණේ රටේ ඩොලර් සහ රුපියල් සංචිත හිඟවීම නිසා වුවද, ජනාධිපති රනිල් 2021දී බංගලිදේශයෙන් ලබා ගත් ඩොලර් මිලියන 200න් කොටසක් ලංකාව ආපසු ගෙවීමට සමත්වීම සු විශේෂි තත්වයකි.
  • 2020දී බලයෙන් විසිවුණ රනිල් අසීරු මොහොත, රට භාර ගැනීමේදී ජනවරම හෝ පාර්ලිමේන්තු බලය හෝ නො පැවයතියද, ඔහුට තිබුණේ දැඩි ආත්ම විශ්වාසයක් පමණකි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමට ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ තරඟ කළ අවස්ථාවේ වැඩි ඡන්දයෙන් රනිල් රටේ ජනාධිපති ලෙස තේරී පත්වීමට එරෙහිව කිසිවෙකු උසාවි හෝ නො ගිය පසුබිමක, රනිල් සමග තරග කළ අපේක්ෂකයෙකු වේදිකාවේ තියාගෙන හොර පාරෙන් ආ බවට කරන චෝදනාව සදාචාර සම්පන්නදැයි කම්මැල්ලවීර සිතිය යුතුවේ.



වෘත්තිකයන් රට හැර යාම කම්මැල්ලවීරට අනුව, රනිල්ගේ එක් අවුරුදු පාලනයේ ප්‍රතිපලයකි. 2015-19 කාලයේ විදේශගත වීමට ලාංකිකයන්ට විවිධ බාධා පැවතුණා මිස, මෙසේ රංචු පිටින් රට හැර ගියේ නැත. ඉන්න හිතෙන රටක් අපේක්ෂාවෙන් රනිල් වික්‍රමසිංහ ගෙදර යැවූ හැට නව ලක්ෂයක දෙනාට, ගෝඨා අවුල් කළ රටේ පාලනය රනිල්ට පැවරීම අවුලක් නො වීම අනුව ජන වරම කා සමගදැයි පැහැදිලි ය. රට භාර ගත් රනිල්, දෙ දිනක් තුළ ඉන්ධන පෝලිම් අවසන් කිරීම, වසර තුනක් වසා තිබුණ පාසල් විවෘත කිරීම සහ රාජ්‍ය සේවය යථාවත් කිරීම ඉන්න හිතෙන රටක් පිළිබඳ අපේක්ෂා දැල්වීමකි. අද පවත්නා නියඟයෙන් වගා පාලු වීම දේශ ගුණික හේතුවකි. ඉන්ධන පෝලිම්වල මිනිසුන් මියයාම රාජ්‍ය කළමනාකරණය බිඳ වැටීමකි.

අර්බුදය මතු වුණේ රටේ ඩොලර් සහ රුපියල් සංචිත හිඟවීම නිසා වුවද, ජනාධිපති රනිල් 2021දී බංගලිදේශයෙන් ලබා ගත් ඩොලර් මිලියන 200න් කොටසක් ලංකාව ආපසු ගෙවීමට සමත්වීම සු විශේෂි තත්වයකි. 2020දී බලයෙන් විසිවුණ රනිල් අසීරු මොහොත, රට භාර ගැනීමේදී ජනවරම හෝ පාර්ලිමේන්තු බලය හෝ නො පැවයතියද, ඔහුට තිබුණේ දැඩි ආත්ම විශ්වාසයක් පමණකි. ලේඛකයෙකු වන කම්මැල්ලවීර, 2022 ජූලියට වඩා පසුගිය ජූලියේ මුද්‍රණ කර්මාන්තය යහපත්ව ඇති බව දැන සිටිය යුතු වේ.


zxdfsdfdf
රනිල් වික්‍රමසිංහට පෙර අගමැති ජනාධිපති වීමේ ව්‍යවස්ථානුකූල අයිතිය තිබුණේ සජිත්ට හෝ අනුර කුමාර දිසානායකට මිස රනිල්ට නොවේ.

වගකීම මට දීපල්ලා.....” කියා ගෝඨා ගෝ ගම පෙරටු කොට, රටේ පාලනය අතට ගැනීමට හැකිව තිබුණද, අනුරලා සීරු මාරුවට ලිස්සා යාමෙන් ලක්ෂ ගණන් කොළඹට කැඳවා ආණ්ඩු බිය ගැන්වන මාලිමා වික්‍රමාන්විතය, ප්‍රහසනයක් නොවේදැයි කැම්මැල්ලවීර සිතිය යුතු වේ. හාල් මිල සත ගණනකින් ඉහළ දැමීමට එරෙහිව 1953දී හර්තාල් කළ ඇන්.ඇම්.පෙරේරා 1973දී මුදල් ඇමති වී බත්කෑම තහනම් කිරීමේ පාපය 1977දී පඩිසන් දුන් බව දනී නම් කම්මැල්ලවීර ගම්පහ දී අරගල හර්තාල් එපා කියන්නේ රනිල්ගේ දෙපා මිරිකන අය බව කියන්නේ නැත.



පීඩනයක් දුටු වහා දියව් කරව් මරව් කියා රට ගිනි තැබීම ලංකාවේ වමේ ව්‍යාපාර මානසික ව්‍යාධියකි. 1935 සිට 2023 තෙක් ගත වූ අසූ අට වසර පුරාම රටේ සිදු වූ හැම යහපතම විනාස කළේ සමසමාජ, කොමියුනිස්ට්, ජවිපේ ආදි වාමාංශික ව්‍යාපාර බව පිළිගත යුතු වේ. මාලිමාව විශ්වාස කරන ආර්ථික න්‍යාය කිසිදු රටක ක්‍රියාත්මක නොවේ. කියුබාව සිටින්නේද ජැක්සන් ඇන්තනී මෙන් දැඩි සත්කාර ඒකකයේ ය.ගෝඨා ගෝ ගම ජෙප්පන්ට තහනම් වුණේ වාමාංශික ව්‍යාපාර මානසික ව්‍යාධියක් නිසා ය. ආහාර පිසීම, ගමනාගමනය වැනි මූලික අවශ්‍යතා අවුල් වූ රෝගින්, සිසුන් අතරමං වූ ඒ අසීරු අවස්ථාව කොළඹ හන්දි ගානේ කෑ ගැසීම පිළියමක් නොවේ. විශ්වවිද්‍යාල ් වෘත්තිකයන්ගේ බදු විරෝධයට නායකත්වය දුන් මාලිමාව හිතුවේ ප්‍රතිපල පමාවීම නිසා උසස්පෙළ දරුවන්ද රනිල්ට එරෙහිව පාරට එනු ඇත කියාය.

සුනාමි ව්‍යසනය සමග අඩපන වූ රාජ්‍ය තන්ත්‍රයට වඩා කඩිනමින්, ස්වේච්ඡාවෙන් විපතට පත් අයගේ සියළු අවශ්‍යතා ඉටු කළ ලාංකිකයන් එදා ලෝකයේම ප්‍රසංසාවට ලක් විය. එදා කිසිවෙකු ආණ්ඩුවට එරෙහිව පෙළපාලි ගියේ නැත. ඉතිහාසයේ මුල් වරට පාලකයා පළවා හරින තම් දැඩි වූ රට බිලි ගත් පීඩනය, වෙරළ ප්‍රදේශයට කඩා වැදි සුනාමියට වඩා බරපතල ඛේදවාචකයක් නොවේදැයි කම්මැල්ලවීරගෙන් අසනු කැමැත්තෙමි. ඉන්ධන පෝලිම්වල මරණ වැඩිවීම ඛේදවාචකයක් මිස ඡන්ද ඉල්ලන තත්වයක් නොවේ. රනිල් එදා පාර්ලිමේන්තු බහුතරය හෝ ජන වරම සැලකිල්ලට නො ගත්තේ මේ නිසා ය. එහෙත් බලය සඳහා මිනි මැරු ජවිපෙය, ඡන්ද පොළට එන මුල් දස දෙනාට වෙඩි තැබීමට වඩා බල්ලන් බළලුන් මෙන් ඉන්දන පෝලිම්වල මිනිසුන් මිය යාම බලය ඇල්ලීමට පහසුවක් ලෙස සැලකුවා විය හැකි ය.



එදා ඉන්ධන ලීටරයක් ගෑස් ටැංකියක් පරිත්‍යාග කළ නො හැකි තරමට රටම අසරණ විය. එකම පිළියම ආර්ථීකය ශක්තිමත් කොට, ජන පීඩනය අවම කිරීමය. ඒ සඳහා විවෘත ඍජු මැදිහත් වීමේ ඉඩකඩ කාටත් විවෘතව තිබිණ. රනිල් ඒ සහාය අදටත් අපේක්ෂා කරයි. ආරම්භයේදී රාජපක්ෂලා කෙරෙහි පැවති වෛරය නිසා ගිනි ගත්තාවේ කියා බලා සිටියා විය හැකිය. එහෙත් ගෝඨා නික්ම ගිය පසු අරාජිකවූ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රින්ට ගෙදර යාමට නො දෙන බවට හඳුන්නෙත්ති ලාල් කාන්ත පොල්දූවේ හන්දියේදී තර්ජනය කළහ. ජනාධිපති ලෙස තේරී පත් වූ රනිල්, කඩිනමින් පොලිසියටත් දෙවනුව හමුදා කඳවුරටත් ගියේ රටේ ආරක්ෂාව වෙනුවෙනි. එහෙත් ජවිපෙය පීඩිත ජනතාව වෙනුවෙන් කඳුළක් නො හෙලීමෙන් අදහස් වන්නේ බලය නැතිනම් උදව් සුම්මා යන්න බව මේ සංවේදී සාහිත්‍ය වේදියාට නො සිතේ ද?



රාජපක්ෂලා ප්‍රතික්ෂේප වීමෙන් මැයි 9 - 13 අතර, දින තුනක් රටට අගමැති කෙනෙකු නොවූ තැන, සැඟවී සිටි ගෝඨාභය, තනි රනිල් නම් කළේ විකල්පයක් නැතිම තැන ය. 1971දී බණ්ඩාරනායක අගමැතිනිය නිවෙස වටලා අල්ලා ගැනීමට සැලසුම් කළ ජෙප්පන් මැයි 9 සහ 13 දින බකන් නිලා සිටීම, ඓතිහාසික පසුබෑමකි. කම්මැල්ලවීර මේ සිද්ධි අළලා, ආචාර්ය සරච්චන්ද්‍රගේ හෙට එච්චර කළුවර නෑ නවකතාවේ දෙවන කොටස ලියා පළ කරයි නම් මාලිමා රැස්වීම් වලට යනවාට වඩා යහපත් ය.

XZCFGET

මේ තීරණාත්මක සංසිද්ධියේදී හැත්තෑ තුන් හැවිරිදි රනිල්ට පැවති ශක්තිය මේ විප්ලවවාදින්ට තිබුණේ නැත. එහෙත් දෙ කෝටි විසි ලක්ෂයක් ජනතාව වෙනුවෙන් රටේ ආරක්ෂාව කරට ගත් තනි මිනිසාට සහාය නො දුන්නේ ඇයි? මේවා දේශපාලනික නොව මානුෂික විමසීම් වේ. ජවිපේ යනු අනෙක් දෙ සිය විසි පස් දෙනා අතර, වසර තිස් ගණනක් පාර්ලිමේන්තු කැන්ටිමෙන් පින් බත් ගිලිමින්, ලැබූ මන්ත්‍රි වැටුප් සහ වරප්‍රසාදවල ණය ගෙවෙන්නට හෝ ඒ අසීරු අවස්ථාවේ යමක් කළ යුතුව තිබිණ. එයත් පසෙක තිබියේවා. අඛණ්ඩව මැතිවරණ ඉල්ලන ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදි අතීතය කුජිත මෙන්ම පිළිකුල් සහගත ය. ඡන්ද පොළට එන්නන්ට වෙඩි තැබූ මේ කණ්ඩායම ඉල්ලන ප්‍රජාතන්ත්‍රවාදය නැති කැවුම් කතාවට සමාන ය. වැටුප් ගෙවීමට රුපියල් සත නො පැවති ඒ අසීරු මොහොතේ රටට අවශ්‍ය මැතිවරණ හෝ අරගල නොවන බව බංගලාදේශ් ණය කොටසක් ගෙවීමෙන් පැහැදිලි වේ. ජවිපෙය ඉතිහාසය පුරා වගකීමෙන් මග හැරියා මිස කිසිදු කැප කිරීමක් කර නැති බව කම්මැල්ලවීර අධ්‍යයනය කළ යුතු වේ.


2005දී ප්‍රභාකරන් සමග එක්ව පත් කරගත් මහින්ද රාජපක්ෂට හෝ එවැනි සහායක් නො දුන් කුහක කණ්ඩායමක් රනිල්ට සහාය නො දීම ගැන කම්මැල්ලවීර පුදුම විය යුතු නැත. මේ මතක් කරන්නේ සුනාමි සහන මණ්ඩල පත් කිරීමේදී ආණ්ඩුවෙන් ඉවත් වූ දේශපාලන තීන්දුව ගැන ය. සුනාමියෙන් ඇද වැටුණ ජීවිත කඩිනමින් ගොඩ නැගීමට යෝජිත රාජ්‍ය යාන්ත්‍රණය සිය දේශපාලන වාසිය තකා ජාතිවාදි උගුලක සිර කළ නින්දිත උත්සාහය ගැන මානව හිතවාදි කම්මැල්ලවීරගේ කියවීම කුමක්ද? කුරුන්දි පුදබිම සිද්ධිය ගැන මාලිමාව නිහඬ ය. එහෙත් උතුරු නැගෙනහිර සංඝනායක සියඹලාගස්වැවේ රතනසාර හිමි පුරාවිද්‍යා ඉඩම් වලින් බෞද්ධ භික්ෂුන් ඉවත් කළ යුතු බවට කළ ප්‍රකාශය ගැන කම්මැල්ලවීරගේ ප්‍රතිචාරය කුමක්ද? විශ්‍රාමික හමුදා සාමාජිකයන් ඒකරාශි කරමින් මහින්දලාගේ ඡන්ද පදනම ආකර්ශණය කර ගැනීමේ කෑදර දේශපාලනය හැර අනුර කුමාරලාට වෙන විකල්පයක් ඇත්තේ නැත. ඔවුන් 13 සංවාදය මග හැර යමින් සිටින්නාහ.

zdfsdf



බුද්ධි ගලනය, රනිල්ගේ තනි අවුරුද්දට බැර කරන කම්මැල්ලවීර වෘත්තිකයන් විදේශ ගතවීම නො දියුණු කොයි රටේත් ප්‍රශ්නයක් බව දන්නෙහිද? යම් විදේශ විනිමය ප්‍රමාණයක් විදේශගත ශ්‍රම බලකාය හරහා ලබා ගැනීම රටේ සැලසුම් ගත ඉලක්කයකි. රනිල් ජනාධිපති වූ සැනින් මාලිමා ආණ්ඩුවක් එන තෙක් ඩොලර් ලංකාවට එවන්න එපා කීවේ මාලිමාව මිස ද්‍රවිඪ සංධානය නොවේ. පොත් මුද්‍රණය කරන කරදාසි සඳහාත් ඩොලර් අවශ්‍ය බව දන්නා ග්‍රන්ථ කතුවර කම්මැල්ලවීරගේ මතවාද, 88-89 යුගයේ විදුලි සැපයුම් කුළුණු පොදු ප්‍රවාහන ගිනි තබා විනාස කළ අරගල මානසිකත්වයෙන් මිස, මානව හිතවාදි සද්භාවයෙන් වර්ණ ගැන්වී නැත.

වෘත්තිකයන්ට රට එපා වුණේ බදු ප්‍රතිපත්තිය නිසා නම්, ක්‍රියාත්මක බදු ක්‍රියාවලියට එරෙහි මොවුන් නිදහස් අධ්‍යාපනයෙන් ගොඩ ගිය ලාංකිකයන් වෙති. අවශ්‍ය අවස්ථාවක තම වගකීම ඉටු නො කිරීම ද්‍රෝහිකමක් බව කම්මැල්ලවීර තේරුම් ගත යුතුවේ. වෘත්තිකයන්ට පමණක් නොව විදේශගතව රැකියා කළ හැකි රාජ්‍ය සේවයේ කාටත් වැටුප් රහිත නිවාඩු ලබා දීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2022දී ගත් ප්‍රතිපත්ති තීරණයකි.

 

රට හැර යන නිදහස් අධ්‍යාපන ප්‍රතිලාභී වෘත්තිකයන් මාලිමා ආණ්ඩුවත් එන තෙක් ඩොලර් ලංකාවට එවන්න එපා කී කතාවේ දෙවන ජවනිකාව නො වේද? සමෘධිලාභි පවුල්වල වකුගඩු රෝගින්, කිරි දරුවන්, ගර්භණීන් අඛණ්ඩව ප්‍රතිකාර ලබන රෝහල් පද්ධතින් හිස් කර රට හැර යාම මාලිමා දේශපාලන ව්‍යාපෘතියට කම්මැල්ලවීරත් සහාය පළ කරමින් සිටියි.



මේ ගහන්නේ කාටද? වසර 15කට පෙර මෙසේ පාසල් වැසුණා නම් මේ හපනුන් අද කොහේද? මේ මොහොතේ රට හැර නොයා අඩු ආදායම් ලාභී රෝගින් වෙනුවෙන් සේවය කරන්නැයි ඉල්ලා සිටිය යුතු වේ. පේරාදෙණි සරසවියේ පමණක් අවසර නොගෙන විදේශ ගතවූ වෘත්තිකයන් එක් වසරක් තුළ රටට නො ගෙවූ මුදල, රුපියල් දෙ කෝටි පනස් ලක්ෂයකට වැඩිය. ඩෙංගු කොඩිඩ් රෝගීන්ගේ වර්ධනය වාර්තා කරන්නා සේ රටින් පිටව යන වෘත්තිකයන්ගේ ඉලක්කම් කියවන කම්මැල්ලවීර, රටෙ හැර යන වෘත්තිකයන්ට තහංචි දැම්මොත් ලාල් කාන්තලා සමග පාරට බසිනවා නියතය.

රනිල්ගේ හිතවතුන් රෝහල් වැහුණාවේ කුඹුරු පාලු වුණාවේ ආදි ලෙස ප්‍රකාශ කරතී කියන කම්මැල්ලවීර, වෘත්තිකයන් රට හැර යාම වැළැක්වීමට කළ මැදිහත්වීමක් හෝ අස්වැන්න විකුණා ලාභ ලැබිය හැක්කේ කෘෂි නිෂ්පාදන වියදම අඩු කිරීමෙන් මිස නාමල් කරුණාරත්න සමග උද්ඝෝෂණ කිරීමෙන් නොවන බව තේරුම් ගත යුතුව තිබේ. මම ලේඛකයෙක් මිස දේශපාලකයෙක් නොවේ යයි උත්තරයක් දීමට හදිසි නොවී කම්මැල්ලවීර කියවා ඇති අක්කර පහ නව කතාවේ දැක්වෙන ශක්තිමත් කෘෂි ජීවිතය පිළිබඳ කියා දුන් පණිවිඩය හා යාපනේ ගොවීන් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ගොම පොහොර ගෙන්වා තම කෘෂිකාර්මික ක්‍රියාවලිය අඛණ්ඩව සිදු කරන බව හැදෑරිය යුතු වේ. ඊට අමතරව අද රටට බත සපයන ගොවි ජනපද ආරම්භයේ ඩී.එස්. සේනානායකට එරෙහිව වාමාංශිකයන් කපුටන් තරම් විශාල මැලේරියා මදුරුවන් ගැන කියා ගොවින් බිය වැද්දූ කතා ඉතිහාසය පෙරළා කියවිය යුතු වේ. ජවිපේ සැලසුම් කළ පන්තිවල ඉන්දිය ව්‍යාප්තවාදය ගැන මිස ලාංකේය කෘෂිකර්මයට නවමාන ගැන කිසිවක් නැත.

JHZDKLF



අක්කර දෙ හමාරකින් පවුලක් යැපුණ වසර පනහකට පෙර අවදියේය. දූපතක් වූ රටේ ලියැදි දෙක තුනකට සීමා වූ කෘෂිකර්මාන්තය ට්‍රැක්ටර් යොදා කළ නො හැකි බව දන්නා තඹුත්තේගම උපන් අනුර කුමාර ජවිපෙය උද්ඝෝෂණ හරහා කරන්නේ ගොවි පවුල් සමෘද්ධි පවුල් බවට පත් කර ඡන්ද පොළට දැක්කීමට ය.



සමනල වැවෙන් වතුර නොදීමත් කම්මැල්ලවීරගේ චෝදනාවකි. විදුලි බල පද්ධතියට අයත් ලක්ෂපාන, කැනියොන්, වික්ටෝරියා, රන්දෙනිගල සමනල වැව ආදි ජලාශවල දියවර කුඹුරු ගොවිතැනට යොදා ගැනීමට කැබිනට් තීරණ අවශ්‍ය බව කම්මැල්ලවීර නො දනිතත් කලක් කෘෂිකර්ම ඉඩම් හා වාරිමාර්ග ඇමතිව සිටි අනුර කුමාර දිසානායක හොඳින් දනී. වර්ෂාපතනය අඩු කාලවල රටේ ක්‍රියාත්මක බෙත්ම ක්‍රමය දේශපාලන වාසි සඳහා උවමනාවෙන් ව්‍යර්ථ කළ අවස්ථා ගැන වියලි කලාපයේ ගැමියන් සාක්ෂි දරති. යායක මුල් කොටසේ කුඹුරු කරලින් බරව බිම වැටුණ පසුබිමක යායේ පහළ කොටසේ සමහර ගොවීන් බණ්ඩි ගොයමට වතුර ඉල්ලන්නේ නාමල් කරුණාරත්නගේ නායකත්වයෙන් නොවේදැයි කම්මැල්ලවීර විමසා බැලිය යුතුවේ.

chandrasiri senevirathne(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
sugathcb@gmail.com

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මාලිමාව කම්මැල්ලවීර සහ රටේ අර්බුදය | The Leader