The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
Opinion

සමගි ජන බලවේගයේ 'අතිරික්තය' ; නොහොත් සරත් ෆොන්සේකා නැවත හමුවීම

T

The Leader Desk

August 25, 2023 • 8:33 AM

සමගි ජන බලවේගයේ 'අතිරික්තය' ; නොහොත් සරත් ෆොන්සේකා නැවත හමුවීම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සරත් ෆොන්සේකා විසින් කොළඹදී පවත්වනු ලැබූ උද්ඝෝෂනයත්, පාගමනත් හරහා නව පක්ෂයක් බිහිකිරීම පිළිබඳව වූ අදහසක් ඔහු තුල ඇතිවී තිබෙන බව පෙනෙන්නට තිබෙයි.
  • 2005 වර්ෂයේදී ජාතිවාදය වටා ජනතාව සංවිධානය කරමින් රාජපක්ෂලා වෙත බලය ලබාදීමට කැපවූ ජ.වි.පෙ.
  • 2009 මැයි මසදී අවසන් වූ උතුරේ සිවිල් යුද්ධයේ ජයග්‍රහණයෙන් පසු ඔජ දමමින් තිබූ දේශප්‍රේමයේ කොඩිය රාජපක්ෂ රෙජීමය විසින් පහසුවෙන් ඩැහැගත් නිසා එහි විෂ විෂෙන්ම නැසීමේ ක්‍රමෝපායක් ලෙස ෆොන්සේකා කරලියට ගෙනෙන නමුත් එය අවසන් වෙන්නේ පරාජයකිනි.
  • ෆොන්සේකා තුල බලය කෙරෙහි ඇති ආශාව එවැනි පක්ෂයක රැදී සිටීමෙන් ඉටුකරගත හැකි යැයි සිතීම තර්කානුකූල නැත.  ඊට ඕනෑ තරම් බාධා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ෆොන්සේකා ලංකාවේ දේශපාලන භූමිය තුල මතුවන්නේ 2010 වර්ෂයේදී රාජපක්ෂ රෙජීමයට විකල්පයක් ලෙස ගොඩනැගුණු පොදු සංවිධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙසිනි. 2005 වර්ෂයේදී ජාතිවාදය වටා ජනතාව සංවිධානය කරමින් රාජපක්ෂලා වෙත බලය ලබාදීමට කැපවූ ජ.වි.පෙ. ෆොන්සේකා ආගමනයේත් පෙරගමන්කරුවන් විය.

659273b0fbfc9b178f2aad081a77e5fa54aea22d

2009 මැයි මසදී අවසන් වූ උතුරේ සිවිල් යුද්ධයේ ජයග්‍රහණයෙන් පසු ඔජ දමමින් තිබූ දේශප්‍රේමයේ කොඩිය රාජපක්ෂ රෙජීමය විසින් පහසුවෙන් ඩැහැගත් නිසා එහි විෂ විෂෙන්ම නැසීමේ ක්‍රමෝපායක් ලෙස ෆොන්සේකා කරලියට ගෙනෙන නමුත් එය අවසන් වෙන්නේ පරාජයකිනි. ඊට හේතුවූ කරුණු ගණනාවක් තිබුනද, ෆොන්සේකාගේ පැත්තෙන් ඔහු විසින් පෙන්වන ලද මිලිටරිමය ගතිය හා විරුද්ධවාදීන් කෙරෙහි පෙන්වන ලද පලිගැනීම් සුළුභාවය ඒ පරාජයේ ප්‍රධාන සාධකයක් බවද අමතක නොකල යුතුය. 

sarath fonseka unp

ඒ පරාජයෙන් පසු ෆොන්සේකා එ.ජා.ප.ය තුලට පැමිණිය ද ඔහුට එහි ඉහලට නැගීමට ඉඩ ලැබුනේ නැත. රනිල් විසින් දැනුවත්වම ෆොන්සේකාව එක්තරා දුරකින් පසු සීමාකිරීමකට ලක්කර අතර එය රනිල් සමග ෆොන්සේකාගේ බැඳීම අවසන් වීමටද බලපෑවේය.

සජිත්, රනිල්ට වෙනස්ව ෆොන්සේකාට නිදහසේ වැඩෙන්නට ඉඩ දුන් නමුත් එහි වූයේ රනිල්ට එරෙහි යුධකාමී සිංහල බෞද්ධ ජන්ද පදනමේ ආකර්ශනයක බලාපොරොත්තුවක් පමනි. ඉන් එහා ගිය නායකත්වයක් සදහා වන එසැවීමක් පිළිබඳ අදහසක් ස.ජ.බේ තුල තිබිය නොහැක. තරුණ නායකයන් ගණනාවක් එහි පෝලිමේ සිටියදී ෆොන්සේකාට පෝලිම් පනින්නට ඉඩ ලැබෙතැයි සිතීම විකාර අදහසකි.

ෆොන්සේකා තුල බලය කෙරෙහි ඇති ආශාව එවැනි පක්ෂයක රැදී සිටීමෙන් ඉටුකරගත හැකි යැයි සිතීම තර්කානුකූල නැත. 

ඊට ඕනෑ තරම් බාධා තිබේ. අලුත් පක්ෂයක් හරහා නායකයෙකු ලෙස මතුවෙමින් පොදු සන්ධානයක් සෑදීම පිළිබඳ අදහස ෆොන්සේකාට මතුවන්නට ඇත්තේ ඒ පිළිබඳව ඇති අවසාන අන්තය වෙත ගමන් කිරීමෙන් පසු බවද පැහැදිලිය.

ෆොන්සේකා දකුනේ යුධ වීරයා හැටියට ගෞරවයට ලක් වුවද ඒ තුලම දේශපාලන නොගැලපීම්ද පෙනෙන්නට තිබේ.

sarath fonseka

අන්‍යන්ගේ මත නොඉවසීම මෙන්ම සිය දේශපාලන විරුද්ධවාදීන් වෙත කෙරෙන විවේචන තුලද ඇත්තේ මිලිටරිමය මානයකි. එය කිසිසේත්ම පසමිතුරුතා කලාපක් තුල ස්ථාන ගතකරලීමට නොහැකි අතර අයත් වන්නේ සතුරා පිළිබඳ වූ අදහසකටය. 

ස.ජ.බ.හි ඇති දේශපාලනය තුල ඇත්තේ පසමිතුරුතා පිළිබඳ අදහසකි. රනිල් සම්බන්ධයෙන් පමනක් නොව පොහොට්ටුව සම්බන්ධයෙන්ද සජිත්ට ඊට එරෙහි මතවාදය සතුරාගේ (විනාශ විය යුතුයි යන අදහස) අන්තයට ඌනනය කල නොහැක. පංති පදනමෙන්ම ඊට එරෙහි බාධාව ඇත්තේ සජිත් තුලමය. රනිල් වෙත නැවත ගමන් කිරීම කාලය පිළිබඳ ගැටලුවක් පමනක් බව ස.ජ.බේ.නොදන්නවා නොවේ. එහිදි බාධා වන ඉත්තන් ඉවත් කිරීම පිළිබඳව ඔවුහූ සතුටු වනවා ද ඇත.

ෆොන්සේකාගේ දේශපාලනය පංති පදනමෙන් කිරා බැලීම විකාරසහගතය.

Screenshot 2023 08 25 at 13.54.44

එහි මානයන් ලකුනු වෙන්නේ යුධවාදී උන්මාදය ද සමගය. සටන් කිරීමට බාහිර සතුරෙකු නොමැති විට (දෙමළා ,මුසල්මානුවා) සිය ආසන්න අනෙකාව සතුරු ස්ථානයේ තැබීම එහි ආත්මීය ආකෘතියට තුල්‍ය වෙයි. ෆොන්සේකාගේ ආසන්න අනෙකා රනිල් නොව සජිත් ය. විරෝධයයේ ආරම්භය බියවැද්දවීමෙන් ආරම්භ වී වෙන්වීම දක්වා ගමන් කිරීමට ගත වන්නේ ඊට ලැබෙන අනෙකාගේ ප්‍රති ප්‍රහාරයට සාපේක්ෂවය. 

කෙසේ නමුත් මිට වාමාංශික “දේශප්‍රේමී දේශපාලනය ද “ එකතු වූ විට සිදු විය හැකි දේ අරුමයක්ද නොවේ. භූ-දේශපාලනික මානයේදී ඉන්දියානු විරෝධයත් සමග හා බටහිර අධිරාජ්‍ය පිළිබඳව වන අදහසත් සමග මෙය ඉදිරියට වර්ධනය වීමේ ඉඩකඩ වැඩිය. වාමාංශික දේශපාලනයේ වඩා ශුද්ධ ස්ථානය කෙරෙහි ඇති අරගලයේ හැඩය මෝල්ටාව හරහා මාරු විය හැක්කේ දේශප්‍රේමී පෙරමුනක සටන් පාට වලටනම් ඒ පිළිබඳවද පුදුම නොවිය යුතුය.


(carbonnews.lk)


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...